වංගීස සංයුත්තයෙන් ප්‍රකට වන
වංගීස තෙරුන්ගේ
ආශ්චර්යවත් ප්‍රතිභානය
කොබෙයිගනේ පුබ්බලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය, ගලේවෙල පුවක්පිටිය බෝධිරාජාරාමවාසී
ගලගෙදර
රතනවංස හිමි
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් දීඝ, මජ්ජිම , සංයුක්ත , අඞගුත්තර ,ඛුද්දක
වශයෙන් කොටස් 5 ට බෙදීමට පුළුවන. ඒ අතුරින් සංයුක්ත නිකාය වග්ග වශයෙන්
සගාත, නිදාන, ඛන්දක, සළායතන මහා ආදි වශයෙන් නැවත කොටස් 5 කට බෙදා දක්වා
ඇත. ඒ අතරින් සගාත වග්ගය කොටස් 11 කට නැවත නැවතත් බෙදා දක්වා ඇති අතරම
එම කොටස් 11 අතර වඞගීස සූත්‍ර හෙවත් වඞගීස වග්ගය යනුවෙන්ද ඉදිරිපත් කොට
ඇත. “වඞගීස සූත්‍රය” සංයුක්ත නිකායේ සගාත වග්ගයට අයත් සූත්‍රයක් හැටියට
හැඳින්වීමට පුළුවන. මෙම වඞගීස වග්ගය තුළ කුඩා සූත්‍ර 12 ක් අන්තර්ගතව
පවතී.
වඞගීස සූත්‍ර සියල්ලම සමස්තයක් වශයෙන් ගත් කළ වඞගීස තෙරුන්ගේ
ප්‍රතිභානය කියාපාන බව නිසැකවම කීමට පුළුවන. ප්‍රතිභානය යනුවෙන් අදහස්
කරන්නේ යම් කිසි කාරණයක් ඉක්මනින්, වහා අවබෝධ කර ගැනීමේ ශක්තියයි. ඒ
අනුව වඞගීස තෙරුන්ට අනර්ථය සිදුවන්නට පෙර එහි ඵලවිපාක අවබෝධ වූ ආකාරය
මෙම සූත්‍රාශිත කරුණු තුළින් අනාවරණය වේ.
ඇත්තෙන්ම යම්කිසි පුද්ගලයකුට තමාගේ ජිවිතයට විනාශයක් සිදුවීමට යන
අවස්ථාවක නැත්නම් තමාගේ ජීවිතය අයහපතට , අකුසලයට යොමුවීමට යන අවස්ථාවක
තමාගේ සිතටම මෙය අයහපතක් අනර්ථකාරි බවක් කියා වැටහේ නම්, එය සුවිශේෂ
ගුණංගයක් මෙන්ම ඥානවන්ත ක්‍රියාවක් වශයෙන් දකින්නට පුළුවන. වඞගීස
තෙරුන් එවැනි අනර්ථවලින් මිදුණු ආකාරය සූත්‍රාශ්‍රයෙන් කරුණු පරීක්‍ෂා
කර බැලීම ඉතා වැදගත්වේ. නික්ඛන්ත සූත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේදි
වඞගීස හිමියන්ගේ වහා වටහා ගැනීමේ (ප්‍රතිභානය) ශක්තිය හොඳින් විදහා
දක්වයි.
“අථ ඛො අයසමතෝ වඞගීස ඒතද හෝසි, අලාභා වත මෙ, න වත මෙ ලාභා දුල්ලද්ධං වත
මෙ න වත මේ සුලද්ධං , යස්ස මේ අනභි රති උප්පන්නා රාගෝ චිත්තං
අනුදධංසෙති. තං කුනෙත්ථ ලභහා යමේම පරො අනභිරතිං විනෝදෙත්වා. අභිරතිං
උප්පාදෙය්‍ය යනනුනාහං අත්ථනාව අත්තනො අනභිරතිං උප්පාද්‍යෙයන්ති.”
නික්ඛන්න සූත්‍රයෙ මෙම පාලි පාඨයට අනුව අවබෝධ වන්නේ එක් අවස්ථාවක වඞගීස
හිමියන්ට රාගයක් හෙවත් තෘෂ්ණාවක් හිතට එයි. ඒ ෂගසම එහි අනිසි ප්‍රතිඵලය
වැටහී යයි. රාගයක් සිතට ඒම කොතරම් විනාශකාරිද? රාගය සිතින් ඉවත්
කිරීමෙන් කොතරම් අර්ථාන්විතද? යන වග වඞගීස හිමියන්ට වහා වැටහී යයි.
ඇත්තෙන්ම රාගය යනු කෙළෙස් සමුදායකි. එය බුදු දහමට අනුව ඉතාම විනාශකාරි
අයහපත කැඳවන දෙයකි. සත්ත්වයා සසර සැරිසරන්නේ රාගය, ආශාව හෙයිනි. එනිසාම
බුදු හිමි දේශනා කරන්නේ,
තණ්හාය ජායති සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කූතෝ භයං
රාගය ඇති වීමෙන් භය ශෝකය ඇතිවීමත්, එය දුරු කිරීමෙන් ශෝකයත්, භයත් නැති
බවත් බුදු හිමියන් දේශනා කර ඇත. චතුරාර්ය සත්‍ය තුළින්ද දේශනා කරන්නේ
දුක ඇති වීමට හේතු වන්නේද රාගය බවයි. නික්ඛන්ත සූත්‍රයේම මෙලෙසම දේශනා
කර ඇත.
නිකඛන්තං වත මං සන්තං
අගාරස්මානගාරීයං
විතකකා උපධාවන්ති
පගබ්භා කණ්හතො ඉමෙ
යන ගාථාව තුළින් ගිහිගෙයින් නික්ම සසුන් ගත වූ මා කරා රාගය පැමිණීම
මාරයා කරා ළඟාවීමට ආරාධනාවක් බඳු විය. එනම් මරණය නැමැති රකුසාට
බිලිවීමට රාගය ප්‍රධාන ඇමක් බඳු යැයි කීම සාධාරණ ය. වඞගීස හිමියන්ගේ
සුවිශේෂත්වය නම් කුමන හෝ අදහසක් සිතට නැගුණු විගස එය සිතේ තද කරගෙන
නොඉඳ එය ගාථාවකින් පිටතට එළිදැක්වීම සිදුකිරීමයි.
එවඤෙච මං විහර්නතං
පාපිමා උපගච්ඡසි
තථා මච්චු කරිස්සාමි
නමෙ මග්ගම්පි දක්ඛසිති
ආදී වශයෙන් එම අදහස දක්වයි.”පවිට ඉදින් මෙසේ වසන්නා වූ මා කරා
පැමිණෙහිද මරුව ? (තෝ යම් සේ ) මා මඟක් නොදන්නෙහිද? එසේ කරන්නෙමි.
“උප්පාදෙත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි “ මෙම පාලි පාඨය තුළින්
ගැඹුරු අර්ථයක් නිරූපණය වෙයි.
වංගීස හිමියන්ට එක් අවස්ථාවක, මෙලෙසින් කල්පනාවට නැගේ. “ මම මගේ
ප්‍රතිභානය තුළින් අන්‍ය භික්‍ෂූන්ට අවමන් කරනවානම් එයින් මට අලාභය මිස
ලාභයක් වන්නේ නැත. එලෙසම මම එයින් නපුරක් ලැබූවෙකු මිස හොඳ නොලැබූවෙකුද
වෙමි” යනාදී වශයෙන් තමා තමාටම අවවාද කරගන්නා ආකාරයක් දක්නට ලැබේ. එලෙසම
ඒ සිතිවිලි ගාථා තුළින් ද ඉදිරිපත් කිරීමට උත්සාහ කරනු ලැබේ.
“ මංකෙඛන මකඛිතා පජා
මානහතා නිරයං පප්තන්ති
සොවන්ති ජනා චිරරතතං
මානහතා නිරයං උප්පන්නා
මානං පජහස්සු ගොතම
මානපථඤ්ච ජයසසු
අසේසං මාන පථසමි සමුච්ඡිතො
විප්පටිසාරහුවා චිරරත්තං
ගෞතමය, මානය දුරුකොට , මානාරම්මණයද, බැහැරකරව , මානාරම්මණයහි
නිර්වශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙකු විය.
ආනන්ද හිමියන් සැවැත් නුවර අනේපිඬු සිටාණන් කළ ජේතවනාරාමයෙහි සිටින කල
වංගීස හිමියන් සමඟ සැවැත්නුවරට පිඩුසිඟා ගිය වග දැක්වෙන සූත්‍රය, ආනන්ද
සූත්‍රයයි. එම සූත්‍රයට අනුව වංගීස හිමියන්ට ඇති වූ අනභිරතිය හා
සම්බන්ධ අදහසක් මෙලෙස සිතට නැගුණු බවක් දක්වා ඇත.
“කාමරාගේන ඩයහාමි
චිත්තං මේ පරිඩයහති
සාධු නිබ්බාපනං බ්‍රෑහි
අනුකම්පාය ගොතමාති “
මෙම ගාථාවට අනුව අදහස් වන්නේ කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින්
දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවීමේ උපායක් වදාළ
මැනවි. ඇත්තෙන්ම කාමයන් නිසා පුද්ගලයා නිතර දැවේ. ගින්නෙකින් දැවෙනවා
සේම සසර බැඳ තබමින් දහසක් දුක් පීඩාවලට ඇද දමමින් එයින් පීඩාවට
පත්කිරීමට කාමය නැමැති ගින්නට පුළුවන. කාම ඕඝ , භව ඕඝ, දිට්ඨී ඕඝ
යනුවෙන් ගලාගෙන යන සැඩ පහරවල් වලට හසුවීමෙන් දුකට පත්වේ. ආරති
සූත්‍රයේ දි අලව් නුවර අග්ගාළව චේතිය විහාරයෙහි නිග්‍රෝධකප්ප තෙරුන්
සමඟ වාසය කල වංගීස හිමියන්ට අනභිරතියක් ඇති වු අයුරු චමත්කාරයෙන් පද
සංකලනයෙන් දේශනා කර ඇත. මෙම සූත්‍රය ඉතා රසවත් සේම අර්ථ සම්පිණ්ඩිත
සූත්‍රයක් වශයෙන් සැලකීමට පුළුවන. නිදසුනක් පරීක්‍ෂා කර බැලීම තුළින් ඒ
බව ස්ඵුට වේ.
“අරතිඤ්ච රතිඤ්ච පහාය සබ්බසො
ගෙහසිතඤ්ච විතක්කං
වනථං න කරෙය්‍ය කුහිඤ්චි නිබ්බනථො
අරථො සභි භික්ඛු
යමිධ පුථු විඤ්ච වෙහාසං
රූප ගතඤ්ච ජගතොගධං
කිඤ්චි පරිජීයති සබ්බමනිච්චං
එවං සමෙච්ච චරන්ති මුත්තතා
යම් පැවිද්දෙකු (ශාසනයෙහි) ඇලීමද (පස්කම් වල ) ඇලීම ද ගෙහනි ශි‍්‍රත වූ
පාපවිතර්කද මුළුමනින්ම නැතිකර කිසිම අරමුණක කෙලෙස් සිත ඇති කරනොගනීද,
තෘෂ්ණා රති නැති හෙතෙමේ භික්‍ෂු නම් වේ. එසේම අහස පොළව සම්බන්ධ රූප
යම්තාක් රූප වෙත් නම්, ඒ සියල්ලද විනාශ වෙයි. එනම් අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම වූ ත්‍රිලක්‍ෂණයට පත්වෙයි.
මේ සූත්‍රය ආශ්‍රයෙන් කීමට උත්සාහ කරන්නේ භික්‍ෂුවකගෙ ආකල්ප සමුච්චයකි.
ඒ අනුව භික්‍ෂුවකට පැවිදි ජීවිතයක් සාර්ථකව ගතකිරීමට නම් ඇලීම, ගැටීම
නැති කළ යුතු වේ. ඇස, කණ, නාසය, දිව , ශරීරය කියන්නා වූ පංචේන්ද්‍රි
පිනවමින් සිතින් අකුසල් සිතිවිලිවල ගැලෙමින් සිටීම නොහොබිනා
ක්‍රියාවකි. එසේම ලෝකයේ සත්‍ය හා අසත්‍ය පිළිබඳ අවබෝධය ද
ත්‍රිලක්‍ෂණවාබෝධය ද, සහමුලින්ම පැවිදි ජීවිතයක් ගතකරන්නකුට අවශ්‍ය
ගුණාංගයෝ වෙති. වංගීස හිමියන්ට මෙම ගුණ වහා වැටහුණු බව මෙවැනි සූත්‍ර
ආශ්‍රයෙන් අනාවරණය වේ.
පෙසල අතිමඤ්ඤාතා සූත්‍රය ගත්කල එහි සඳහන් “අථබෝ ආයස්මතො වංගීසස්ස
එතදගෝසි අලාභාවත මෙ න වත මේ ලාභා, දුල්ලද්ධං වත මේ න වත මෙ සුලද්ධං
යවහං අත්තනො පටිභානෙන අඤේඤ පෙසෙලෙ භික්ඛු අතිමඤ්ඤොමිති, අථ ඛො ආයසමා
වඞගීසො අත්තනාව අත්තනො විප්පටිසාරං යන්නෙන් කාමය අර්ථ විවරණය කර ඇත.
වංගීස හිමියන්ට කාමය ඇතිවීම තුළින් දැවීමේ ක්‍රියාවද සිදුවන බව දක්වා
ඇත. මේ තුළින් සඳහන් වන්නේ සිත දැවෙන පිච්චෙන බවයි. වංගීස හිමියන්ට ඒ
අයහපත්, අකුසල සිත වැටහීයාම ප්‍රතිභානය වේ. බහුතරයකට තමා කාමයෙන් දැවෙන
බව දැනුණත් එහි ඇලී ගැලී සිටීමට උත්සාහ කරනවා මිස ඉන් මිදීමට උත්සාහ
නොකරීම අභාග්‍ය සම්පන්න ක්‍රියාවකි. සුභාෂිත සූත්‍රය පිළිබඳ අවධානය
යොමුකිරීම තුළින් අවධාරණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වංගීස
හිමියන්ට වැටහී උදම් ඇනූ බවයි. බුදු හිමියන් පවසන්නේ හොඳ බුද්ධාදී
සත්පුරුෂයන් උතුම් සුබ හොඳ වචන කතා කරන අතර, අවැඩ පිණිස පවතින අකුසල
වචන කථා නොකරන බවයි. එවිට වඞගීස හිමියන් තමාට වැටහුණු බව “ පටිභාති මං
භගවා පටිභාති මං සුගතාති “ ආදි වශයෙන් දක්වන අතරම වඞගීස හිමියෝ සුදුසු
ගාථාවකින් බුදුන් වහන්සේට ප්‍රශංසා කරති.
“තමේච වාචං භාසෙය්‍ය
යායත්තානං න තාපයෙ
පරෙච න විහිං සෙය්‍ය
සො වෙ වාචා සුභාසිතා
මේ වදන කරණකොට ගෙන තමාත් නොතවන්නේ ද , මෙරමාරත් නො වෙහෙසන්නේද ඒ වදන
ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වදනම බෙණෙන්නේ ය. සාරිපුත්ත සූත්‍ර
තුළින් සැරියුත් හිමියන් පරිපූර්ණ අනර්ථ රහිත නිදොස් නොගිලිහුණු, පද
ව්‍යඤජන ඉදිරි පත් කර ඇත.
අරුත් හැඟවීමට සමත් දැහැමි කතා භික්‍ෂූන් වහන්සේට දේශනා කරන බව, ඒ කථා
වඞගීස හිමියන්ට හොඳ හැටි අවබෝධ වූ ආකාරයත් හද පිරි සතුටින් වඞගීස
හිමියෝ ගාථා මගීන් සජ්ක්‍ධායනා කරති.
“ගම්භිරපඤේච මේධාවි මග්ගා මග්ගස්ස කොවිද්‍රෙ
සාරිපුතෙතා මහා පඤෙඤෙ ධම්මං දෙසෙති භික්‍ඛුනං
සඞචිතෙතන පි දෙසෙති විත්‍ථාරෙන පි භාසති
සාළිකායිව නිගෙඝා සො පටිභානං උදිරයි
තස්සතං දෙසයනතස්ස සුණනති මධුරං ගිරං
සරෙන රජනියෙන සවණීයෙන වගගුනා
උදග්ගවිත්තා මුදිතා සොතං ඔධෙන්ති භික්ඛවොති “
දක්‍ෂ, ප්‍රඥාවන්ත , සැරියුත් හිමියෝ ගැඹුරු ප්‍රශ්න ඇති යායුතු මඟ නො
යායුතු මඟ වශයෙන් ධර්මය සැකවින්ද විතර විසින්ද දෙසති. එම කටහඬ
සැළලිහිණියකුගේ මෙනි. වැටහීම (මුහුදු රළ මෙන් පැන නගී) මිහිරි කණ් කලු
නාදයෙන් දෙසන නිසා භික්‍ෂූන් ඒ ධර්මය අසනු ලැබේ. ඔද වැඩි සිත් ඇත්තාහු
ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කරත්.
සමස්තයක් වශයෙන් මෙම සියලු සූත්‍ර සම්පිණ්ඩනය කොට ගත් කළ ප්‍රධාන
වශයෙන් අවබෝධ වන්නේ වඞගීස හිමියන්ගේ ප්‍රතිභාන ශක්තියයි. ඊට අමතරව
පුද්ගල විමුක්තිය සාධනයෙහිලා මාර්ගෝපදේශකත්වයක් පෙන්නුම් කරනු ලබයි.
සත්‍ය අසත්‍ය විමුක්තිය කැටිකොට ගත් කරුණු සමුදායකින් හෙබි මෙම සූත්‍ර
වංගීස සංයුක්තයට අන්තර්ගත වේ. සංයුක්ත ඬකායේ අන්තර්ගත මෙම සූත්‍ර
තුළින් සමාජ යථාර්ථය කීමට උත්සාහ කර ඇත. වඞගීස හිමියන් රහත් බව ලබා
විමුක්ති සුවය ලැබූ ආකාරයත් වඞගීස සූත්‍රාශ්‍ර තුළින් දක්නට ලැබේ. ඒ
අනුව වඞගීස හිමියන්ගේ ප්‍රතිභානය සමස්ත භික්‍ෂු ප්‍රජාවටම යථාර්ථය
දැකීමට කරන උත්සාහයක් බඳු යැයි පෙන්වා දීමට පුළුවන.
|