චක්කවත්ති සීහනාද සූත්‍රයෙන්...
කලක් ගත වන විට මිනිසාට තමන්ගේ වැරැදි ක්‍රියා කලාපය වැටහී යෑම නිසා
යළි ක්‍රමයෙන් සකස් වන්නට වෙයි. පරමායුෂද ක්‍රමයෙන් වර්ධනය වන්නට වෙයි.
යළි ක්‍රමයෙන් පැරැණි තිබූ තත්ත්වයට මඳක් නැඹුරුවන කාලයක් උදාවෙද්දී “
දඹදිව“ , “කේතුමතී” , නම්
රාජධානියක් ඇතිවෙයි. එහි කලකදී “සංඛ” නමින් සක්විති රජ කෙනෙක්ද පහළ
වෙයි. දඬුවමින් තොරව වැරැදි නිවැරැදි කර ගැනීමේ කාලය උදාවන හෙයින් යළි
මිනිසුනට ධාර්මික හැඟීම්, ධාර්මික චර්යා පුරුදු
පුහුණුවීම ක්‍රමයෙන් වර්ධනය වෙයි.
කලල්පිටියේ අමර හිමි
ස්වකීය චක්‍රරත්නය තිබුණු තැනින් මඳක් සෙලවී ඇති බව සේවකයකු මගින්
දැනගත් පෙර “දළ්හනේමි “ නම් චක්‍රවර්ති රජතුමෝ රජය දරුවනට පවරා දී
පැවිදි බිමට පත් වූහ. ඔහුගේ රජයට පූර්ව විදේහය, අපර ගෝධානය, උතුරුකුරු
දිවයින, දඹදිව යන සතර මහා දිවයින්ද අයත් විශාල පෙදෙසක් අයත් විය.ඔහු
පැවිදිවී සත් දිනක දී චක්‍රරත්නයද නොපෙනී යන තැනට පත්විය. “ දළ්හනේමි”
සක්විති රජුට පුතුන් දහසකි. එවකට මිනිස් ලොව පරමායුෂ අවුරුදු හතළිස්
දහසකි. රජු පුතුනට අවවාද කළේ චක්‍ර රත්නය දැනට අතුරුදන් වී ඇතත් “ දස
සක්විති වත් “ පුරන්නට පටන් ගත් කල එය යළි ප්‍රාදුර්භූත වන බව ය. ඔවුන්
දස සක්විති වත් සපුරන්නට වී නොබෝ කලකින් යළි සරුසාර රාජ්‍යයක් උදාවන්නට
විය.ඔවුන් නොපිරිහෙළා සම්පූර්ණ කළ යුතු සම්පූර්ණ කරන ලද “ දස සක්විති
වත්” නම්
1. රට වැසියන් ආරක්ෂා කිරීම
2. රටේ බල සේනාව ධර්මයෙහි පිහිටුවීම
3. රජ පර පුරේ අය ධර්මයෙහි පිහිටුවීම
4. රාජ්‍ය තන්ත්‍රයේ පිරිස ධර්මයෙහි පිහිටුවීම
5. රාජ්‍ය තුළ බ්‍රාහ්මණ ජනයා ධර්මයෙහි පිහිටුවීම
6. සියලු ජානපදිකයන් ධර්මයෙහි පිහිටුවීම
7. රාජ්‍යයෙහි මහණ, බමුණන් ආරක්‍ෂා කිරීම
8. දිළින්දන්ට ධනය බෙදාදීම
9. සිව්පාවුන් හා පක්‍ෂීන්ද ආරක්‍ෂා කිරීම
10. සිල්වත් මහණ බමුණන්ගේ අවවාද උපදේශ පිළිගෙන දැහැමිව රාජ්‍ය පාලනය
කිරීම
දස සක්විති වත් මෙසේ සපුරා ගත වූ කාලය යළි චක්‍ර රත්නය ඇතුළු සියලු
සම්පත් පහළව දැහැමෙන් සෙමෙන් රජය පාලනය වන්නට විය. 7 වැනි රජතුමා දක්වා
සියලු දෙන පංචශීලය මුල්කොට ඇති යහපත් පිළිවෙතින් රට පාලනය කරන අයුරු
ඉගෙන එසේ කළද, 8 වන සක්විති රජු විසින් සක්විති වත් 10 න් එකක් කඩ කරන
ලදී. එනම් දුගී දුප්පතුනට නැති බැරි අයට, ධනය බෙදාදීම අත්හැර දමන ලදී.
එතැන් පටන් යළි රජයේ පරිහානියද වේගවත් වන්නට විය. රජතුමාගේ අනුවණ
පිළියමද ඊට රුකුලක් විය.
රජයෙන් ධනය නොලැබෙන නිසා නිර්ධනීහු සොරකම් කරන්නට පටන් ගත්හ. මුලදි
සක්විති රජතුමා සොරුන් ගෙන්වා සොරකම් කළේ ධනය නැති නිසා ඔවුනට ධනය බෙදා
දෙන්නට විය. මෙසේ සොරකම ධනය ලැබීමේ මඟක් වග වටහා ගත් බොහෝ දෙනා ඉන් පසු
සොරකමට ඇබ්බැහි වූහ. රජයෙන් මුදලක් ලබාගැනීමේ උපාය මාර්ගය ලෙස බොහෝ දෙන
සොර වූහ. සොරුන් වැඩිවන්නට වූ හෙයින් රජතුමා සොරුන් අල්වා හිස ගසා
දමන්නට පටන් ගත්තේය. මෙය රටේ මහත් කලබලයකට හේතු විය.
ක්‍රමයෙන් සොරකම පමණක් නොව රජයට විරුද්ධ කැරලි කෝලාහලද පටන් ගත් අතර
සොරකම, ප්‍රාණඝාතය පමණක් නොව බොරුකීම, පරදාරසේවනය, අධර්ම රාගය, විෂම
ලෝභය ආදි දුශ්චරිත ද වැඩිවිය. මේ හේතුන් නිසා ඉතා වේගයෙන් ආයුෂ
පිරිහෙන්නට විය. මුලදී 40 දහසක්ව තිබූ ආයුෂ වහ වහා 20 , 10 ආදී වශයෙන්
අඩුවෙමින් පරමායුෂ අවුරුදු 10 ක් විය.
සියලු රසනීරස විය. අග්‍රභෝජනය කුරක්කන් පමණක් විය. මිනිසාගේ ආයුෂ 10
පමණ වූ කාලයේ මෘග සංඥාව ඇතිවී ශස්ත්‍ර අන්තර කලාපයද බිහිවී (ආයුධයෙන්
ඇන කොටා ගන්නා කාලය) පරිහානියේ පත්ලටම මිනිසා කිඳී යන්නට විය.
අග්‍රභෝජනය කුරක්කන් වුව ද එයත් කලක් යන විට නැතිවන්නට විය.
මෙසේ කලක් ගත වන විට මිනිසාට තමන්ගේ වැරැදි ක්‍රියා කලාපය වැටහී යෑම
නිසා යළි ක්‍රමයෙන් සකස් වන්නට වෙයි. පරමායුෂද ක්‍රමයෙන් වර්ධනය වන්නට
වෙයි. යළි ක්‍රමයෙන් පැරැණි තිබූ තත්ත්වයට මඳක් නැඹුරුවන කාලයක්
උදාවෙද්දී “ දඹදිව“ , “කේතුමතී” , නම් රාජධානියක් ඇතිවෙයි. එහි කලකදී
“සංඛ” නමින් සක්විති රජ කෙනෙක්ද පහළ වෙයි. දඬුවමින් තොරව වැරැදි
නිවැරැදි කර ගැනීමේ කාලය උදාවන හෙයින් යළි මිනිසුනට ධාර්මික හැඟීම්,
ධාර්මික චර්යා පුරුදු පුහුණුවීම ක්‍රමයෙන් වර්ධනය වෙයි.
කේතුමතී රාජධානිය බබුළුවා, නව අරහාදී බුද්ධ ගුණයෙන් පරිපූර්ණ දෙව්
මිනිසුනට ශාස්තෘ වන ද්විපදෝත්තම “මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේ “ පහළ
වන්නේ මේ අවධිය වන විටය. යළි සිය දහස් ගණනින් භික්‍ෂු පිරිස්ද වර්ධනය
වෙමින් ලොව සංඝ ශාසනයද පැතිරෙන්නට පටන් ගනී.
මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්ය ඇති භික්‍ෂුව කායනුපස්සනා, වේදනානුපස්සනා,
චිත්තානුපස්සනා , ධම්මානුපස්සනා යන සිව් සීවටන්ද (සතිපට්ඨාන) ඡන්ද,
විත්ත, වීර්යය, විමංසා යන සතර ඍද්ධිපාදද, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය
ඉන්ද්‍රිය සංවර, සීලය, ආජීව පාරිසුද්ධී සීලය , ප්‍රත්‍ය සන්නිශි‍්‍රත
සීලය යන චතුපාරිශුද්ධි සීලයන්ද, ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථි යන
චතුර්විධ ධ්‍යානද , මෙත්තා , කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම
විහාරණද වඩමින් ශාසනික බ්‍රහ්මචරියාවේ යෙදෙයි. ඒ මගින් මාරයාගේ බලය ද
මැඩ පැවැත්වෙයි. රහත්ඵල ලාභය ලබන උතුමන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන්
වැඩිවෙයි.
මේ චක්කවත්ති සිංහනාද සූත්‍රයේ (දීඝනිකාය ) අන්තර්ගත යයි. බුදුන්
වහන්සේ මේ දේශනය කරන ලද්දේ මගධ රට “ මාතුලා “ නම් ගමදී භික්‍ෂු පරිසක්
අමතමින්ය.
|