වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
එක්තරා මහරහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිච්ච
සමුප්පාද ධර්මය විචක්‍ෂණ ලෙස සාරංශකර සිව්පද ගාථාවකින් දේශනා කළහ. ඒ
මහරහතන් වහන්සේගේ නම කුමක්ද? එම ගාථාව කුමක්ද?
පිළිතුර
අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවජ්‍රියාට (පරිබ්‍රාජක) දේශනා කළ
ගාථාවයි.
‘යෙ ධම්මා හේතුප්පභවා තෙසං හේතුං තථාගතො ආහ තෙසං ච යො නිරෝධො ඒවං වාදී
මහා සමණො යන්න එම ගාථාවයි.
ප්‍රශ්නය
ගිරග්ග සමජ්ජ, නම් වූ (කඳු මත පැවැත්වුණු සැණකෙළියක් නැරඹූ තරුණ
දෙපලක්) දොම්නස් මුහුණෙන් ආපසු පැමිණ එක් මහරහතන් වහන්සේ නමක් මුණගැසී
පැහැද බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූහ. මේ දෙදෙනා කවුද? එසේ
හමු වූ රහතන් වහන්සේගේ නම කුමක්ද?
පිළිතුර
කෝලිත හා උපතිස්ස යන ගිහි නමින් පෙනී සිටි මේ තරුණ දෙපල පසුව සැරියුත්,
මුගලන් යන පැවිදි නාමයද අග තනතුරු ද ලැබූහ. අතර මඟ හමු වූ රහතන් වහන්සේ
අස්සජි මහරහතන් වහන්සේ ය.
ප්‍රශ්නය
“ආදිත්ත පරියාය සුත්‍රය අසා සියල්ලෝම රහත් ඵලයට පත්වූහ. මේ සියල්ලෝ
යනුවෙන් සඳහන් වන්නේ කවුරුන් ගැනද?
පිළිතුර
උරුවෙල් කස්සප – නදී කස්සප – ගයා කස්සප නම් වූ තුන් බෑ ජටිලයෝ ය.
ප්‍රශ්නය
සත්වහිංසාව සොරකම පරදාර සේවනය, බොරුකීම යන මේවා යම්කිසි පවක් කරමියි
කරන කරවන කිසිවෙකුට පවක් නැත. මුවහත් ආයුධයකින් සියලු සතුන් මරා
මස්ගොඩක් කළත් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් සිදුවීමෙකුත් නැත. යමෙක් දෙන
දානයකින් යාගයකින් යාග කරවමින් උතුරු ගංතෙර දක්වා ගියත් ඒ හේතුවෙන්
සිදුවීමක් නැත. දානය ඉන්ද්‍රිය දමනය සීල සංයමය සත්‍ය වචනය මේවාට කිසිදු
යහපත් ප්‍රතිවිපාකයක් නැත. මේ පැරැණි දඹදිව එක්තරා ශාස්තෘවරයෙකුගේ
දහමකි. බුද්ධ කාලීන වූ මෙ තැනැත්තා කවරෙක්ද?
පිළිතුර
මේ දහම පූර්ණ කාශ්‍යපගේ ඉගැන්වීමයි. පූර්ණ කාශ්‍යප එක්තරා කුලයක
දාසයන්ගේ සියය සම්පූර්ණ කිරීම සඳහා උපත ලත් තැනැත්තා වූ නිසා පූර්ණ නම්
විය. ඔහුගේ ගෝත්‍රය කාශ්‍ය නම් විය. මේ නම් දෙක එක්ව පූර්ණ කාශ්‍යප නම්
විය. මොහුද වස්ත්‍රභාවිතයක් නැති තවුසෙකි.
ප්‍රශ්නය
පංචස්ඛන්ධ විභාගයෙහි දැක්වෙන සඤ්ඤා විඤ්ඤාණ යන දෙක්හි වෙනස පෙන්වා
දෙන්න.
පිළිතුර
‘ස්කන්ධ’ යන වචනයෙහි සරල අර්ථය ‘ගොඩ’ – ‘කොටස’ යන්නයි. ඒ අනුව ශරීරයෙහි
ස්කන්ධ හෙවත් කොටස් පහක් දැක්වෙයි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර,
විඤ්ඤාණ නම් වෙයි. පංචස්කන්ධයෙහි තුන් වැන්න සංඤ්ඤාස්කන්ධයයි. වේදනාව
මෙන් සංඥාවද ඉන්ද්‍රියසයට ගෝචර වන අරමුණු සය අනුව සවදෑරුම් වෙයි. වේදනා
සංඥා දෙකම හටගන්නේ ඉන්ද්‍රිය සය බාහිර ලෝකය සමඟ ස්පර්ශයට පැමිණීම නිසා
ය. කායික හෝ මානසික අරමුණු හඳුනාගන්නේ සංඥාවයි. වේදනාව හෝ සංඥාව
සචේතනික ක්‍රියාවක් නොවේ. එයින් කර්මඵල ඇතිනොවේ. පස්වැන්න
විඤ්ඤානස්කන්ධයයි. විඥානය වූ කලි ඇස, කන, නාසය, දිව, කය, මනස යන
ඉන්ද්‍රිය සය ආශ්‍රය කොට ගෙන රූප, ශබ්දය, ගන්ධය, රසය ස්පර්ශය ධර්මය යන
අරමුණු සය විෂයකොට ගෙන ඇතිවන පුනරාවර්තනයකි. (දැකීම පමණකි) අරමුණු
හඳුනානොගනී. ඒ නිසා ප්‍රතිග්‍රහණයක් වැනි යෙදුමක් නොගැලපේ. චක්කංච
පටිච්ච රූපෙච උප්පජ්ජති එක් වූ විඤ්ඤාණය ඇස හා රූප මුල් කොටගෙන එක් වූ
විඤ්ඤාණ පහළ වෙයි. අනෙක් අරමුණු හා ඉන්ද්‍රියන් ද මෙසේමය. මෙයින්
පෙනෙන්නේ විඤ්ඤාණය ඉන්ද්‍රියයන් හා සමඟ බැඳී පවත්නා බවයි. විඤ්ඤාණය
අරමුණ හඳුනා නොගන්නා බව පැහැදිලිවම අවබෝධ විය යුතු ය. විඤ්ඤාණය කාර්ය
වන්නේ අරමුණ ඇති බව දැනගැනීම පමණකි. නිදසුනක් බැලුවොත් ඇස නිල්පාට හා
ගැටෙයි. මෙහිදී පහළවන චක්ෂු විඥාණය පාටක් ඇතිබව දැන ගනී. එහෙත් එය
නිල්පාට බව හඳුනානොගනී. අවස්ථාවෙහි දී අරමුණ හැඳින ගැනීමක් නැත. එය
නිල්පාට බව හඳුනා ගන්නේ තුන්වන ස්කන්ධය වන සංඥාවයි. ‘චක්ඛු විඤ්ඤාණ’
යන්න දැකීම යන දාර්ශනික යෙදුම හා සාමාන්‍යයෙන් ගැලපේ. යමක් දැකීම හඳුනා
ගැනීම නොවේමය.
ප්‍රශ්නය
කෝසල ජනපදය සොළොස් මහා ජනපද අතුරින් දියුණුවෙන් අගතැන්පත්ව තිබිණ.
බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය වූ ලුම්බිණියද කෝසල රාජ්‍යයට නතුව
පැවතුණි. බුදුසිරිතට ආසන්න තොරතුරු ද සටහන් කරමින් කෝසල රාජ්‍යය
පිළිබඳව විමසීමක් කරන්න.
පිළිතුර
උතුරින් - නේපාල කඳුවැටියටත් දකුණින් ගංඟා නදියත්, නැගෙනහිරෙන් ගණ්ඩකී
නදියත් බටහිරින් පංචාල රටත් මායිම්ව කොසොල් රට පිහිටියේ ය. ශාක්‍යයන්ගේ
ශාක්‍ය ජනපදය පිහිටියේ ද කොසොල් රටට ඇතුළත් වනසේ ය. බුද්ධ කාලයෙහිදී
කොසොල් රටේ මහා නගර තුනෙක් විය. ශ්‍රාවස්තිසාකෙත අයෝධ්‍ය යනු ඒ තුනයි.
බුද්ධකාලයෙහි කොසොල් රටේ අගනුවර ශ්‍රාවස්තියයි. වර්තමාන රජතී නමින්
හඳුන්වන අචිරවතී නදී තීරයෙහි පිහිටා ඇත. බුදුන් වහන්සේ තුදුස්වන වස 21
ක් වසේ සිට 44 වැනි වස දක්වා වස් කාලද සැවැත්පුර ඇසුරු කොට වැඩවිසූහ.
බුදුරදුන්ගේ අග්‍රදායක අනේ පිඬු මහ සිටානන්ද ප්‍රධාන දායිකා විශාඛා මහා
උපාසිකාවන් ද වාසය කළේ සැවැත් නුවරය. අචිරවතී නදියෙන් එගොඩ ජේතවනාරාමය
පිහිටා ඇත. සැවතට නැගෙනහිරින් පූර්වාරාමයද වෙයි. ඒ අසළ කොසොල්
රජුවිසින් කරවන ලද රාජකාරාමය පිහිටා ඇත.
සාකේත, බුද්ධකාලීන යුගයට අයත්, මහ නගරවලින් එකකි. සිදුහත් කුමරා බුදු
බව ලැබීමට ආසන්න කාලයක මේ නගරය ඉදිවූ බවත් ඒ අසළ කාලකාරාම, කණ්ඩකී වන
අංජනවන, යනුවෙන් ආරාම තුනක් ද විය.
හිමාලය කඳුවැටියෙන් දකුණු දෙස පිහිටි බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදය
නමින් හැඳින්වේ. කපිලවස්තු (කිඹුල්වත් නුවර) එහි අගනගරය විය. ශාක්‍ය,
කෝළිය, වාස භූමි රෝහිණී නදිය දෙතෙර පිහිටියේ ය. ශාක්‍යයෝ වඩා බලවත් වූ
හෙයින් කොළියයෝ ශාක්‍යයන් යටතේ විසූහ.
සුද්ධෝදන රජු කපිලවස්තු නුවර රාජ්‍ය විචාලේ ය. දේවදහ නුවර රාජධානිය කර
කෝලිය වංශික සුප්පබුද්ධ රජු වාසය කළේ ය. සුප්පබුද්ධ රජුගේ දියණිය
යසෝදරා දේවිය සිදුහත් කුමරුට විවාහ කර දුන්හ.
කපිල වස්තු පුර නිග්‍රෝධාරාමයෙහි ශාක්‍ය ජනපදයට වැඩිගමනෙහිදී බුදුන්
වහන්සේ වැඩ වාසය කළහ. කපිල වස්තු පුරයටත් දෙව්දහ නගරයටත් අතර
ලුම්බිණිගම පිහිටා ඇත. සිදුහත් කුමරු උපන්නේ ලුම්බිණි සල් උයනෙහිදීය.
‘රුම්මෙන්දෙයි’ යනු වර්තමාන ලුම්බිණියට ව්‍යවහාර නාමයයි.
ප්‍රශ්නය
මිනිසාගේ ලෞකික සමෘද්ධියේ එක් අංශයක් නම් ආර්ථික සමෘද්ධියයි. බාහිර
කරුණු සියල්ල අතර වැදගත් සාධකයක් වන්නේ ‘අත්තසම්ම පණිධි’ නම් තමා
මැනවින් පිහිටුවා ගැනීමයි. පැහැදිලි කරන්න.
පිළිතුර
අත්ථස්සද්වාර ජාතකය දියුණුවේ දොරටුහයක් ගැන සඳහන් වෙයි. පුද්ගල පෞරෂය
සඳහා බෙහෙවින් ඉවහල් වන මෙම කරුණු ඉතා ළාබාල අවදියේ සිට පාසලෙන්
අධ්‍යාපනය හා ආරම්භ කළ යුතු ය. පාලි දේශනා පාඨය මෙසේ ය.
ආරෝග්‍ය මිච්ඡෙපරමංච ලාභං
සීලංච ව්‍රද්ධානුමතං සුතංච
ධම්මානු වත්තී ච අලීන තාච
අත්ථස්ස ද්වාරා පම්‍රඛා ජලෙතෙ
1. ආරොග්‍යය හෙවත් සෞඛ්‍ය
2. ආචාර ශීලය
3.වෘද්ධානුමතය හෙවත් වැඩිහිටි උපදේශනය
4.බහුශ්‍රැත බව හෙවත් උගත්කම, අධ්‍යාපනය
5. ධාර්මික බව
6. අලීන තාව හෙවත් කටයුතු වලදී අලස නොවීම.
මෙහි එන සිව්වැන්න බහුශ්‍රැත බව හෙවත් උගත්කම පෙළ දහමෙහි (අලංකාතුං අලං
සංවිධාතුං) කටයුතු සංවිධානය සංවිධාන කරවීම, මෙලොව පුද්ගල දියුණුවෙහි දී
වඩා වැදගත් වෙයි. පස්වැන්න වෘද්ධානු මතයයි. බුදුදහමට අනුව ‘වෘද්ධයා’
වියපත් තැනැත්තාම නොව දැනුම හා හැසිරීම අනුව ඤණ වෘද්ධ, ගුණවෘද්ධ
තපෝවෘද්ධ යනුවෙන් වෙන් වෙන්ව හඳුනාගත හැකි ය. මොවුන්ගේ ප්‍රවීනත්වය
පුද්ගල පෞරුෂය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් ය. |