|
|
මහාබෝධි සමාගමේ
නිර්මාතෘ අනගාරික ධර්මපාලතුමන්ගේ 145 වැනි
උපන් දින උත්සවය ඉන්දීය මහාබෝධි සමාගමේ
සාරානාත් ආයතනය මගින් එතුමාගේ ජීවිතයේ
අවසාන කාලය ගත කළ බරණැස ඉසිපතන මිගදායේ
එතුමා විසින් ගොඩනගන ලද මූලගන්ධකුටි
විහාරයේ දී අත්‍යාලංකාරයෙන් පැවැත්විණි.
මෙම වසරේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස
සහභාගි වූ ලංකාවේ නාගරික සංවර්ධන අමාත්‍ය
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
රෝහණ කුමාර දිසානායක මහතා, එම උත්සව සභාවේ
මුලසුන හෙබවූ බරණැස සංස්කෘත
විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය
කුටුම්බ ශාස්ත්‍රී සහ බරණැස ඉසිපතන
මිගදායේ මූලගන්ධකුටි විහාරාධිපති හා
ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහා ලේකම්
ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් සමග
ධර්මපාල තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර
දැක්වූ අවස්ථාව. |
|
|
අධිකරණ ලේඛකාධිකාරී ධූරයට
දෙපානම සුගතබන්දු හිමි
අධිකරණ ලේඛකාධිකාරී තනතුර සඳහා
නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී මෙන්ම වැඩ බලන අධිකරණ
ලේඛකාධිකාරී තනතුර හොබවන දෙපානම සුගතබන්ධු මාහිමියන් ඉක්තු
26 වන දා පත් කරන ලදී.
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර
භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.
මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය. |
|
|
|
|
|
|