අධිකරණ ලේඛකාධිකාරී ධූරයට
දෙපානම සුගතබන්දු හිමි
අධිකරණ ලේඛකාධිකාරී තනතුර සඳහා
නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී මෙන්ම වැඩ බලන අධිකරණ
ලේඛකාධිකාරී තනතුර හොබවන දෙපානම සුගතබන්ධු මාහිමියන් ඉක්තු
26 වන දා පත් කරන ලදී.
ඉතිරිය»
ඓතිහාසික ලේඛනවලින් හෙළිවන
යාපනයේ බෞද්ධ උරුමය
මහින්දාගමනයට පෙර සිටම බුදුදහම පිළිබඳව ලක්වැසියන් දැනසිටි බව විවිධ
ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වී ඇත. මහියංගන දාගැබ් වහන්සේ
පිහිටුවීම, තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ගිරිහඬු සෑය ගොඩනැගීම,
බද්ධකච්ඡායනා කුමරිය හා රෝහණ ශාක්‍ය කුමාරයා වැනි බෞද්ධයන් යැයි සිතිය
හැකි පිරිසගේ පැමිණීම එම සිදුවීම් අතර වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ
දෙවැනිවර නාගදීපයට වැඩම කළ සේක. එමෙන්ම මහින්දාගමනයෙන් පසු සඟමිත්
මහරහත් තෙරණිය ශ්‍රීමහා බෝධි ශාඛාව වැඩමවාගෙන දඹකොල පටුන වෙත
සපැමිණියාය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දහමෙහි අගය
විවිධ විසමතා වලින්
නූතන සමාජය සංකීර්ණව ධර්මයේ අවශතාව තව තව ද වැඩි
වෙමින් පවතින බව නොරහසකි. ධර්මයෙන් තොරවෙත්ම ජීවිතයේ, හා ලෝකයේ ඇති
නිස්සාරත්වය, අස්ථිර බව, වෙනස්වන
සුළු බව ආදිය නොවැටහෙයි. සම යථාත්ථිවබෝධය
නැති වීම නිසා, කුඩා කුඩා ගැටලු වලට ද ඔරොත්තු නොදෙන බවක් ඇති වෙයි.
දුර්වල මනසක්
ඇති වෙයි. දිනෙන් දින ඇති වන විවිධ අභියෝගවලට ශක්තිමත් මනසකින් මුහුණ
දීමට
හැකි වන්නේ ද ධර්මයෙන්
පදම් වූ මනසක්
ඇති විටෙකයි.
ඉතිරිය»
|