ජීවිතය ජය ගත යුතු නිවැරැදි පිළිවෙත
පැපිලියාන සුනේත්‍රා මහා දේවි
පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය,
ශාස්ත්‍රවේදී
නිදන්වල සීලාධාර හිමි
සසර සැරි සරන සත්වයනට මිනිසත් බව ලැබීම යනු ඉතාම දුර්ලභ දෙයකි.
(දුල්ලභංච මනුස්සත්තං) මිනිසෙකු ලෙස උපදින ඇතමකුගේ ඇස් අන්ධ ය. තවෙ
කෙකුගේ කන් නෑසේ. අනෙක් ඉන්ද්‍රියවල හා අවයවන් වල අඩුපාඩු දුර්වලතා
සහිත අවස්ථා ද හමුවේ. ඇතැම්හු දුප්පත්ව උපදිති. තවත් සමහරු අවලස්සන ය.
මන්ද මානසික පුද්ගලයෝ ද මේ අතර වෙති. ඇතැම්හු බරපතල රෝගාබාධයන්ගෙන්
පෙළෙමින් උපතේ සිට මරණය දක්වාම දුක් විඳිති. මේ සියල්ල සිදු වන්නේ තම
තමා විසින්ම අතීත භවයන්හිදී කරන ලද පාප කර්මයන්ගේ (අත්තනාව කතං පාපං)
අයහපත්, කටුක විපාක වශයෙන් ය. ගැල බැඳී ගොනුගේ පාද අනුව රියසක ගමන්
ගන්නාක් මෙන් (චක්කංච වහතෝ පදං) පව් කළ තැනැත්තා පසු පස පවෙහි විපාකය
ගමන් කරයි. එබැවින් අයහපත් සිතිවිලි, අයහපත් වචන, අයහපත් ක්‍රියා දුක්
විපාක දායාද කර දෙන බව සිහි තබා ගත යුතු ය. කඳුළු පිරි මුහුණින් යුතුව
කටුක විපාක විඳීමට සූදානම්ව (යස්ස අස්සුමුඛෝ රොදං විපාකං පටිසේවතී) පව්
කම් කළ යුතු ය. අහසෙහි හෝ මහ සමුදුර මැද හෝ පර්වත කුහරයක් තුළ හෝ සිටිය
ද පව්කම් වල විපාකයෙන් ගැලවීමක් නම් නොලැබේ.
න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣි න පබ්බතානං විවරං පවිස්ස
පෙර කරන ලද පින් ඇති අය (පුබ්බේච කත පුඤ්ඤතා) යහපත් ජීවිත ලබති.
ඉඳුරන්ගේ හා ශරීර අවයවන්ගේ දුබලතා නැති, රෝග පීඩා අනු නිරෝගී ජීවිත
උරුම වන්නේ එවන් අයට ය. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදිය සෙවණැල්ලක්
මෙන් (ඡායාව අනපායිනී) පින් කරන තැනැත්තා පසුපස ගමන් කරයි.
සෙසු මොන දේ නොමැති මුත් කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාව
කෙනකුට තිබිය යුතුමය. නුවණ මද කල්හි සිදුවන්නේ රූපය, ධනය, බලය, උගත්කම
ආදී සෑම දෙයක්ම තමාගේ මෙන්ම අනුන්ගේ ද අයහපත පිණිස (නේව අත්තහිතාය
පටිපන්නෝ පරහිතායව) යෙදවීමයි. එබැවින් ඥානවන්තභාවය කෙනෙකුට ශ්‍රේෂ්ඨ
ජීවිතයක් ගොඩ නඟා ගැනීමට මහෝපකාරී වේ. ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට
නැගගත් කල්හි (පඤ්ඤා පාසාද මාරුයිහ) කළ යුතු, නොකළ යුතු සියලු දේ
හොඳින් අවබෝධ වේ. ප්‍රඥාව යනු පුද්ගලයාගේ දිවිපැවැත්ම ඔපවත් කරන
මැණිකකි. (පඤ්ඤා නරානං රතනං) කෙනකුගේ කාලය, ධනය, ශ්‍රමය, බලය හා උගත්කම
තමාගේ මෙන්ම අනුන්ගේ ද යහපත පිණිස යෙදවීමට පසුබිම ගොඩනඟා දෙන්නේ (අත්තා
හිතාය පටිපන්නෝ පරහිතායව) ප්‍රඥාව හෙවත් ඥාණවන්තභාවයයි.
එබැවින් මහ පිනැත්තෝ තම අතීත කෘත පුණ්‍ය මහිමයෙන් මිනිසත් බව ලබන්නේ ද
රූපය, ධනය, බලය, උගත්කම, සිල්වත්කම, මෙන්ම නැණවත්කම ද හිමි කර ගනිති.
එවන් උතුම් මිනිසකුගේ පහළ වීම අතිශයින් දුර්ලභ ය. යම් විටක පහළ වන්නේ ද
එය මුළු ලොවටම මහත් ආදර්ශයකි.
දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ
නසෝ සබ්බත්ථ ඡායාතී
යත්ථ සො ඡායතී ධීරො
තං කුලං සුඛ මේදති
ගස්, වැල් ඵල දරන්නේ තමා පිණිස නොව අනුන්ගේ ප්‍රයෝජනය සඳහාය (පරෝපකාරය
එලන්ති රුක්‍ෂ) ගංගා දිය ඇළි ගලන්නේ බොහෝ දෙනාගේ පවස සංහිඳවීමට ය.
(පරෝපකාරාය වහන්ති නද්‍ය) දෙනුන්ගේ කිරි එරෙන්නේ තමාගේ කුසගින්න
සංසිඳවා ගැනීමට නොව අනුන්ගේ කුසගිනි නිවීමට ය. (පරෝපකාරය ධුවන්ති ගාවඞ)
උතුම් ගුණැති සත්පුරුෂයන්ගේ පහළ වීම සිදුවන්නේ ද, පරෝථකාරය සඳහාම ය.
(පරෝපකාරාටි මිදං ශරීරං) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ නැණවතා
පරාර්ථය පිණිස යොමු වන්නේ ආත්මාර්ථය වසාගෙන නොවේය යන්නයි. තමාගේ යහපත
අන්සියල්ලන්ගේම යහපතෙහි පදනම වන බව ඔහු දනී. බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රේෂ්ඨ චරිතයෙන් ද මේ සඳහා ආදර්ශ උකහා ගත හැකි ය.
“බුද්ධෝ සො භගවා බෝධාය ධම්මං දේසේති”
උන්වහන්සේ අන්‍යයන්ගේ අවබෝධය පිණිස දහම් දෙසුවේ තමා මනාව එය අවබෝධ කර
ගැනීමෙන් අනතුරුව ය.
“දන්තො සො භගවා දමතාය, ධම්මං දේසති”
ඉඳුරන් දමනය කළ උන්වහන්සේ ඉඳුරන් දමනය පිණිස දහම් දෙසූහ.
“සන්තෝ සො භගවා මසථය ධම්මං දේසේති”
සැනසීම ලද උන්වහන්සේ සැනසීම පිණිස දහම් දෙසූහ.
“පරිනිබ්බුතෝ සො භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති”
ක්ලේශ නිවාරණය කළ උන්වහන්සේ ක්ලේශ නිවාරණය පිණිස දහම් දෙසූහ.
මේ අනුව පළමුව තමා තමාට පහනක් වීමට (අත්තදීපා විහරථ) ආලෝකයක් වීමට වග
බලා ගත යුතු ය. තම යහපත මෙන්ම අන් යහපත ද සම සමව සලකා කටයුතු කිරීම ද
සියලු දෙනා කෙරෙහි මෙත් සිත පතුරුවාලීම ද කළ යුතු ය. එවිට දෙලොව යහපත
උදා කර ගැනීම අපහසු නොවේ.
අත් වැඩ පරවැඩ සමව සිතන්නේ
මෙත් සිත සවිසත කෙරෙහි කරන්නේ
එත් බැරිනම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ
බොහෝ දෙනා ගත කරන ජීවිත හරයක් නොමැති බව වැටහෙන්නේ මෙවිට ය. ඛ්රවත්
ජීවිතයකට පදනම සකසා දෙන්නේ කෙනෙකු ගොඩනඟා ගන්නා ආකල්පයි. පිරිසුදු
මානසිකත්වයක් සහිත නිවැරැදි ආකල්පයන්ගෙන් සමන්විත තැනැත්තාට නිවැරැදි
පිළිවෙත කුමක් ද යන්න හඳුනා ගැනීම පහසු ය. එසේ නොමැති උදවිය යහපත,
අයහපත, වරද, නිවරද, හොඳ, නරක, කළ යුත්ත, නොකළයුත්ත, සාරය, අසාරය,
පටලවා, ගනිති. ඔවුහු යහපත් ලෙස තෝරාගන්නේ අහයහපත් දෙයයි. සාරවත් ලෙස
දකින්නේ, නිසරු, වටිනාකමින් තොර දෙයයි. එබැවින් කිසිදාක ඔවුනට යහපත
උදාකර ගත නොහැකි ය.
අසාරේ සාර මතිනෝ
සාරේ වාසාර දස්සිනො
තේ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා
නුවණැත්තාගේ ස්වභාවය එසේ නොවේ. ඔහුට යහපත් දෙය යහපත් ලෙසද අයහපත් දෙය
අයහපත් ලෙස ද හොඳින් වැටහේ. දියෙන් කිරි වෙන් කොට ගන්නට සමත් හංසයන්
මෙන් ඔවුහු අසාරයෙන් සාරය වෙන් කොට ගනිති. ශ්‍රේෂ්ඨ ජීවිත වලට උරුමකම්
කියන්නේ, එවන් උදවියයි.
සාරංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා
පුහුදුන් සත්වයාගේ ස්වභාවය නම් තමා සතුව ඇති කිසිම දෙයකින් සෑහීමකට පත්
නොවීමයි. කහවනු වැස්සකිනිඳු හෙතෙම තෘප්තිමත් නොවේ. (න කහාපණ වස්සේන
තිත්ථි කාමේසු විජ්ජති) ඉඳුරන් පිනවීම පමණක් ජීවිතයේ එකම අරමුණ කොටගත්
බොහෝ දෙනා නිස්සාර ජීවිත ගත කරති.
කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අභරණ නිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහු රූ කෝලම්
රසමුසු බොජුන් වැළඳීම, සුවඳ ද්‍රව්‍ය ගැල්වීම, ආභරණ වලින් සැරසීම පමණක්
උතුම් කොට සළකන අයගේ ජීවිත දෙස බැලීමේ දී ගත හැකි සාරයක් නොමැත. විවිධ
සත්ව කොට්ඨාස අතර මිනිසා උසස්ම සත්වයා යැයි සැළකෙන්නේ, උසස් මනසක් ඇති
නිසා ය. මිනිසුන්ට මෙන්ම තිරිසනුන්ට පොදු වූ අවශ්‍යතා සළකා බලන කල්හී,
ආහාර නිද්‍රා භය මෛථුනංච
සාමාන්‍ය මේතත් පශුභිර්නරානාමි
ආහාර ගැනීමේ, නිදා ගැනීම බියට පත්වීම, මෛථුන සේවනය මිනිසුන්ට මෙන්ම
තිරිසනුන්ට ද පොදු ය. කෑම ගැනීම, නිදා ගැනීම, ඉඳුරන් පිනවීම සඳහා පමණක්
ජීවත් වන මිනිසුන් තිරිසන් සත්වයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැක්කේ
රූපයෙන් පමණි.
අසීමිත ආශාවන් පසුපස යෑම පහත් පිළිවෙතකි. (හීනො) එය නොදියුණු අයගේ
ක්‍රියාවකි. (ගම්මෝ) නොමේරූ නුවණ ඇත්තෙන්ගේ ස්වභාවයකි. (පෝථුජ්ජනිකෝ)
උතුම් අයගේ වැඩපිළිවෙළක් නොවේ. (අනරියෝ) ඒ තුළින් සිදුවන්නේ මහත්
අනර්ථයක්ම පමණි. (අනත්ථ සංහිතෝ)
කයෙන් වචනයෙන් හා මනසින් සංවර වීම යහපත් පිළිවෙතයි. සහනදායී නිවී
සැනහුණු දිවියක් උරුම වන්නේ සියලු අන්දමින් සංවර වූ තැනැත්තාට ය. සියලු
දුකින් නිදහස් වන්නේ ද සියලු ලෙසින් සංවර වූ පුද්ගලයායි.
කායේන සංවරෝ සාධූ
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සම්බත්ථ සංවරෝ
බුදුරජාණන් වහන්සේ දේශනාව නම් ජීවිත මනසේ පිළිපැදිය යුතු බවයි. ශිෂ්‍ය
අවධිය, තරුණ අවධිය හා මහලු අවධිය යන තුන් කාලයේදීම ජීවිත ඒ ඒ අවධියට
අදාළ පරිදි හොඳින් ගත කළ යුතු ය. තමාගේ ජීවිතයේ යහපත පි‍්‍රය කරන
නුවණැත්තෝ, එසේ පිළිපදිති.
අත්තානං වෙ පියං ඡඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්න මඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ
අංගුත්තර නිකාය පුද්ගලයන් සතර දෙනෙක් පිළිබඳ කරුණු දක්වයි. ඒ අනුව
මුලදී අයහපතෙහි යෙදී කටයුතු කරන යමෙක් පසුව එහි නොවැදගත්කම වටහා ගෙන
යහපතෙහි හැසිරෙයි. ඔහුගේ ජීවිතය සමාන කර ඇත්තේ අඳුරෙහි සිට ආලෝකය කරා
යන්නකුට ය.
තමෝ ජෝති පරායනෝ
යහපත් ජීවිතයක් ගත කරන ඇතැමෙක් අවාසනාවන්ත ලෙස ජීවිතය පාපයට නැඹුරු කර
ගන්නා අවස්ථා තිබේ. ඔහු ආලෝකයෙන් අඳුර කරා යන්නෙකි.
ජෝති තමෝ පරායතෝ
පාපයෙන් ඇලී ගැලී නිස්සාර ජීවිත ගත කරන ඇතැම්හු පාපය මී පැණි කන්නාක්
මෙන් (මධූව මඤ්ඤාති ඛාලො) රසවත් දෙයක් කොට සළකා, එහිම ඇලී ගැලී තවතවත්
පව්කම් ම කරති. එවැන්නන්ගේ ජීවිත අඳුරින් අඳුර කරාම යොමු වන ඒවා ය.
තමෝ තමෝ පරායනෝ
නිවැරැදි ජීවිත ගත කරන උදවිය ජීවිතයට තවතවත් වටිනාකම් එක් කර ගනිති.
තණකොළ නොබුදින සිංහයන් මෙන් කටයුතු කරති.
ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති
කොතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිඟුම් කුලෙන් යුතු උතුමෝ අබිම නැති
දිවිහිමි කොටත් නොතරම් කම් නොම කරති
ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ එවන් පුද්ගලයන් ය. එවැනි පුද්ගලයෝ
ආලෝකයෙහි සිට තව තවත් ආලෝකය කරාම යති.
ජෝති ජෝති පරායනෝ
මිනිසත් කමෙන් සැබෑම ප්‍රයෝජන ගන්නෝ ඔවුහු ය. මිනිසත් බවෙහි සැබෑම අරුත
විය යුත්තේ එයම ය.කරුණු එසේ හෙයින් පව්කම් වල නිතර වෙමින් නිසරු ජීවිත
ගත කරන උදවිය යහපතට නැඹුරු වීමට උනන්දු විය යුතු ය. යමෙක් අඳුරින් මිදී
ආලෝකයට එන්නාක් මෙන් පව්කම් හා නිසරු දෑ බැහැර ලා යහපත්ව කටයුතු කරන්නේ
නම් වලා ගැබකින් මිදුණු සඳක් මෙන් (අබිහා මුත්තෝච චන්දිමා) ඔහුට මේ
ලෝකය ආලෝකවත් කළ හැකි යි.
පුද්ගලයා නිරන්තරයෙන්ම උනන්දු විය යුත්තේ වැරැදි කරන්නන් අතර හොඳ දේ
කරන්නකු වීමට ය. මසුරු කළ ඇත්තවුන් අතර ත්‍යාගවන්තයෙකු වීමටය. ද්වේශ
කරන්නන් අතර මෛත්‍රී විහරණ ඇත්තකු වීමට ය. කරුණු තේරුම් නොගෙන කටයුතු
කරන්නන් අතර විමසා බලා කටයුතු කරන්නකු වීමට ය. ඉවසීමෙන් කටයුතු
නොකරන්නන් අතර ඉවසීම ඇත්තකු වීමට ය. ප්‍රමාදව හැසිරෙන්නන් අතර
නොපමාවෙන්නකු වීමට ය. එබඳු තැනැත්තන්ගේ ජීවිතය නෙළුම් මලකට, මහනෙල්
මලකට, හෙළ පියුමකට උපමා කළ හැකි ය. මන්ද යත් මඩගොහුරුවක පිපෙන පියුම
මඩෙහිද, ජලයෙහි ද, නොගෑවේ. ජලයෙන් මඩෙන් ද ඉහළට එසවී පරිසරය ලස්සන
කරයි. පරිසරය සුවඳවත් කරයි. බොහෝ අයහපත් ගති පැවතුම් ඇත්තවුන් අතර
ගුණවතාගේ ජීවිතය පියුමක් හා සමාන වන්නේ, ඒ නිසා ය.
සත්පුරුෂයාගේ හෙවත් ගුණවතාගේ ස්වභාවය නම් තමා කොතරම් වෙහෙසට පත්වූවත්
සමාජයට තමාගෙන් ඉටුවිය යුතු මෙහෙය නොපිරිහෙළා ඉටු කිරීමයි. හරියට සඳුන්
කඳක් මෙනි.
අසීමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොමවෙති දුගඳ
දිගත විකළ සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිති මසිත එකලෙස පැතිරෙයි සුවඳ
සඳුන් කඳ කපන කළත් කුඩුකරන කළත් වෙනසක් නොවී එක ලෙසම සුවඳ පතුරවාලයි.
ගුණවතා ද, ලාභ, අලාභ, අයස, යසස, නින්දා, ප්‍රසංසා, සැප, ජක යන අටලෝ
දහමින් කම්පා නොවේ. ඒ සියල්ල උපේක්‍ෂාවෙන් දරා ගෙන තම යුතුකම් හා
වගකීම් මනාව ඉටු කරයි.
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්
ඉවසීම යනු උදාර ජීවිතයක වටිනාකම වඩ වඩාත් ඉස්මතු වීමට විශේෂයෙන් පුහුණු
කළ යුතු ගුණධර්මයකි. සැනසීම ගෙන දෙන්නේ, ඉවසීමයි, එමෙන්ම ඉවසීම විටෙක
පුද්ගලයා උවදුරු වලින්, විපත් වලින් ගලවාලන මහා බලඇණියක් බවට පත්වේ.
තවද කෝප වූ කල්හි කෙනෙකුට කළ යුත්තේ කුමක්ද?, නොකළ යුත්තේ කුමක් ද යන්න
වටහා ගත නොහැක. (කුද්දෝ) අත්තං න ජානාති) ඔහුට ධර්මය ද නොපෙනේ. (කුද්දෝ
ධම්මං න පස්සති) කිසියම් නුවණැත්තෙක්, උගතෙක්, කෝපගන්නේ නම් එය ඔහුගේ
උගත්කමට කැළලකි. (යො පණ්ඩිතෝ කෝධනෝ තං න සාධු) බුදු වීමට පෙරුම් පුරන
බෝසතුන් ඉවසීම කොතරම් ඉහළ මට්ටමකින් දියුණු කරගෙන තිබුණේ ද යන්න
ඛන්තවාදී ජාතකය ආදී ජාතක කථාවන්හි මනාව නිරූපනය වේ. මිනිසුන් විවිධ ය.
කොපමණ ගුණ කළත් යහපත් වචනයක් හෝ ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි ය.
ඔවුහු ලද උපකාර ක්ෂණයකින් අමතක කරති. එය ලෝක ස්වභාවයයි. එනමුදු කළගුණ
දන්නා සත්පුරුෂයන් ද ලෝකයෙහි වසන බව අමතක නොකළ යුතු ය.
නැණැති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ
එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද
ලෝක ස්වභාවය මෙය නම්, එයට අප මුහුණ දිය යුතු ය. කුමන කරදර බාධක දුක්
කම්කටොළු නින්දා අපහාස ලැබුණ ද ඒවායෙන් නොසැලිය යුතු ය. මිනිස් ගුණධර්ම
තව තවත් ඉස්මතු වන අන්දමින් ජීවත් විය යුතු ය. තම යහපත මෙන්ම අන් යහපත
පිණිස ද කටයුතු කොට දෙලොව ජයගත යුතු ය. |