පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති
සාලිය කුලරත්න
සිංහලයේ අවසන් රාජ්‍යයවූ සෙංකඩගල නගරයට දළදාව සැපත් වූයේ දහසය වැනි
සියවසේදීය. එදා සිට අද දක්වාත් වාර්ෂිකව ඇසළ පෙරහර පැවැත්වෙන්නේ බුදුන්
හා දෙවියන්ගේ බල මහිමයෙන් හා ආශිර්වාදයෙන් වැස්ස ලබා ගැනීමේ
අපේක්ෂාවෙනි”
යනුවෙන් 2007 අගෝස්තු 26 සිළුමිණේ ඇසළ පෙරහර කලාපයට ලියූ, පේරාදෙණිය
විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, හරියට ම මෙයින්
වර්ෂ දෙකකට පමණ පෙර, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඇසළ මහපෙරහර පිළිබඳ
විස්තර විවරණය කරමින් සිටියදී අසනීප වූයේය. එලෙස ගිලන් වීමට පෙර එතුමා
දළදා වහන්සේත්, ඇසළ පෙරහරත් පිළිබඳව විවිධ සඟරා, පුවත්පත් ඔස්සේ සිය
ගණනක් ලිපි ලියන්නට ඇත. 1990 දී එතුමා අතින් ලියවුණු දළදා මැදුර
ග්‍රන්ථයේ දළදා ඉතිහාසයත්, දළදා මැදුරු පරිශ්‍රයන්හි වාස්තු
විද්‍යාත්මක ඉතිහාසයත්, වත්මන් දළදා මැදුරත් පිළිබඳ විස්තරාත්මක
තොරතුරු වර්තා කරයි.
දළදා වහන්සේ තරම් ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ අනන්‍යතාව තහවුරුකළ වෙනත්
පූජනීය වස්තුවක් නොමැත. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සිය
The Kandy Asala Perahara කෘතියේ මෙවන් අදහසක් පළ කරයි.
“සිංහල මිනිසුන් අතර වර්ධනය වූ පිළිගැනීමක් නම්, දළදාව යම් කෙනෙකු සතුව
පවතීද ඔහු සිංහල රාජ්‍යයේ උරුමක්කාරයෙකි” දළදා වහන්සේ වටා ගොනුවුණු මේ
සමස්ත පුද පිළිවෙත් රටාව, සොබාදහමෙහි සැඟව ඇති ගුප්ත හා පූජනීය ශක්ති
විශේෂයක් අවදි කරවීම කෙරේ එල්ල වී පවතී.
දළදා හිමි සතුව ඇති මෙම බලය, හිරුගේ ශක්තියට උපමා කිරීමට, එඩ්වඩ්
සැම්සන් ( Edward Samson ) නම් යුරෝපීය ලේඛකයා සිය
Holy Tooth නම්
ග්‍රන්ථයේදී උත්සුක වී ඇත. ආර්යයන්ගේ පුරාණෝක්තිවේදයේ සූර්යයා අසුන්
බැඳි රථයක ගමන් කරන ආකාරය නිරූපණය විණි. හිරු කරණ කොටගෙන සොබා දහම
උත්තේජනය වෙයි. එඩ්වඩ් සැම්සන් මේ නියාමය සමග තුලනය කරන්නේ දළදාව,
සිංහල සංස්කෘතිය තුළ ක්‍රියාකරන ආකාරය සමගය. ‘දළදා හිමි, සිංහල
සංස්කෘතිය නම් වූ සොබාදහමට උඩින් විරාජමාන වූ සූර්යයෙකි’ යන්න ඉන්
අවධාරණය වේ. එඩ්වඩ් දක්වන අන්දමට, සූර්යයා රථයක ආරූඪව යන්නාක් සේ
දළදාවද ගජ කුඹුතලයක් මත ආරූඪකර ඇත. හස්තියා යනු රාජකීය යානයකි. දළදාව,
කවර ආකාරයකින් හෝ හිරුට පර්යාය වස්තුවක් විය හැකි බවට මහාචාර්ය අනුරාධ
සෙනෙවිරත්නගේ “දළදා මැදුර” කෘතියේ සාක්ෂි හමුවේ. දළදා මැදුරේ පැරණි
උළුකැටවල සිංහ රූප කොටා තිබේ.
උළුකැට අතරැති ආයත චතුරාශ්‍රකාර ඉඩ ප්‍රමාණයෙහි හිරු සඳු රූප සිතුවම්
කර තිබේ. සිංහ සංකේතය හිරුට පර්යාය බව මහාචාර්ය විනී විතාරණ පවසයි.
දළදාව හිරුට සමාන කිරීමේ මානව විද්‍යාත්මක පුරාණයක්ද පවතී. හිරුගේ
ශක්තිය අත්පත් කරගත් තැනැත්තා පාලකයෙකුගේ තත්ත්වයට පත්වන බව බටහිර
පැසිෆික් වෙරළ තීරයේ Vlithi නම් දිවයිනේ ඇති
Discoverer of The Sun ඉභද යන
පුරාණෝක්තියෙන් හෙළිවේ. “දළදා වහන්සේගේ අයිතිය රාජ්‍ය පාලනයට
සුදුසුකමක් වීම පොළොන්නරු යුගයේ ආරම්භයත් සමගම සිදු වූ ඓතිහාසික
සිද්ධියකි. එවක් පටන් ලක් කිරුළ දැරීමට ඉදිරිපත් වූ සෑම රජ කෙනෙකුම
පාහේ උත්සාහ ගත්තේත් සටන් කළේත් දළදා හිමි තමන් අතට පත් කර ගනිමින්
රජකමට උරුමකම් කීටමය’’ යයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සිය ඥාන දර්ශන
(2006) කෘතියේ සඳහන් කරයි.
දළදා වහන්සේත්, දළදා පෙරහරත් පිළිබඳ අතීතයේ සම්පාදනය වූ කෘති හැරුණු
විට, මෑත භාගයේ දළදාවහන්සේ වටා ගොඩ නැගුණු ශාස්ත්‍රීය සාහිත්‍යයේ
පුරෝගාමියා වන්නේ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ය. ඔහු 1990 දී
සම්පාදනය කළ දළදා මැදුර, 1993 දී සැකසූ ‘ Kandy ‘ කෘතිය, 1977 දී
පළමුවත් 2008 දී තුන්වන වරටත් කලඑළි දුටු ‘ The
Kandy Asala Perahara ‘ කෘතියත්, 1973 අගෝස්තු 5 වනදා රිවිරැසේ පළ වූ මහනුවර
දළදා හෙරහැර, 1974 ජුලි මාසයේ ලංකාදීපයේ පළ වු ‘දළදා පෙරහැරේ කලා
කරුවෝ’1974 නවදිල්ලයේ පළ වූ ‘ Sangeetnatak
‘ සඟරාවේ අපේ‍්‍රල් ජුනි
කලාපයේ පළ වූ ‘ Kandyan dance , 1974 ජුලි 9 වනදා සිළුමිණේ පළ වූ
“රටේ නව රටාවයි - මහනුවර පෙරහැරයි” , 1975 නව දිල්ලියේ පළ වූ
Sangeet Natak සඟරාවේ ගැබ් වූ ‘
Musical rituals of Dalada Maligawa ‘
යනාදී ලිපි ලේඛන, ඔහු දළදා පෙරහර හා දළදාව පිළිබඳව සම්පාදනය කර ඇති සිය
ගණනක් වූ ලිපි අතරින් මගේ මතකයේ ඇති කිහිපයකි.
වර්ෂ 2009 අපේ‍්‍රල් මාසය වන විට මේ සංස්කෘතික විශේෂඥයාගේ කායික මානසික
තත්ත්වය කෙමෙන් කෙමෙන් පිරිහී යන්නට වූයේ ය. එතුමාගේ ශිෂ්‍ය ප්‍රජාවේ
සිටි දහස් ගණනක් වූ ශිෂ්‍යයන් අතුරින්, එතුමාට අතිශයින් සමීප වීමේ
භාග්‍යය මට හිමිව පැවතියේ කලකට පෙර සිටය. මහැදුරු සෙනෙවිරත්න රෝගාතුරව
සිටිමින්ම, මා කැඳවා ඔහු ලියු Kandy Asala perehara කෘතිය මට දෙමින්
එය පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලීය.
මම, මධ්‍යම රාත්‍රිය පවා වැය කරමින් එය ඉටු කළෙමි. පරිගණක ගත කරන ලද
සිංහල පිටපත එතුමා කියවූයේ, මහනුර මහාරෝග්‍ය ශාලාවේ, සයනයක වැතිර
සිටිමිනි. එතුමා අතින් ඒ කෘතියේ ඇතැම් ස්ථාන නිවැරදි විණි. ඒවාද සකස්
කොට එය ප්‍රකාශන ආයතනයට යැවීමේ වගකීම මට භාර ගැනීමට සිදුවිණි. මේ
කාර්යයෙන් සතියක් ඉකුත්ව ගියේය. ඒ අතර තුර එතුමාගේ, තත්ත්වය වඩාත් නරක
අතට හැරිණි. හදිසියේ දිනෙක මම මහාචාර්යවරයා බැලීමට රෝහලට ගියෙමි. ඔහු
හොඳ කල්පනාවෙන් හා සතිසම්ප්‍රයුක්තව සිටි බව, ඉඳහිටක සාත්තු සේවකයන්
අමතා නිකුත් කළ වචන වලින් වැටහිණි. එහෙත් එතුමා මා සමඟවත්, සිය පුතුන්
හා බිරිඳ සමඟවත් කථා නොකළේය.
එය අපට බලවත් වේදනාවට කරුණක්ව තිබියදී, හරියටම 2009.7.9 වනදා අළුයම්
යාමෙයේදී මේ මහරු වියතා ජීවිතයෙන් සමු ගත්තේය. මහැදුරු සෙනෙවිරත්න අප
හා කථා නොකිරීමේ හේතුව ගැන සිත මෙහෙය වූ මාහට 2009.02.08 දින සිළුමිණ
පුන්කලසේදී එතුමා මා සමඟ කළ පිළිසඳරේ ඇතැම් ස්ථානයක් සිහිවිණි. එහි
මෙසේ සටහන් විය.
“මහැදුරු සෙනෙවිරත්න - තායිලන්තයේ සිටි ආචාන්චා හිමි මෙසේ කියා
තිබෙනවා. ‘අත්හැර දැමීම සඳහා සූදානම් වූ මනසින් යුතුව හැම දෙයක්ම
කරන්න. ස්වල්පයක් අත්හැර දැමීමෙන් සැනසිලි සුවයක් දැනේනම් මුළුමනින්ම
අත්හැර දැමීමෙන් සම්පූර්ණ විමුක්තිය ඔබ වටහා ගන්නෙහිය’.
මහාචාර්ය සෙනෙවිරත්න මේ කථා නොකිරීමේ තත්ත්වය තුළ ගැඹුරු දෙයක් පැනවී
යැයි මා තේරුම් ගත්තේ පසුවය. එතුමා වනාහි, සංස්කෘතිය, ජනශැතිය,
සාහිත්‍යය, පමණක් නොව බෞද්ධ දර්ශනය, ජෛන හා හින්දු දර්ශන පිළිබඳ පෘථුල
අවබෝධයක් ඇත්තෙකි. ආත්මයේ නික්මයෑම පිළිබඳ එතුමා ගැඹුරු මතවාද
දැරුවෙකි.
1961 දී ප්‍රථම වරටත් 2007 දී දෙවන වරටත් මුද්‍රණය වූ උපනිෂද් කෘතියේ
මහාචාර්ය සෙනෙවිරත්න මෙසේ දක්වයි. ‘ඥානාන්විතයෝ තම චිත්තයන් දමනය කොට
තම හෘදයන් ඒ සියල්ල ව්‍යාප්ත කරන්නා වූද අධිපතිවූද සර්වදෘෂ්ටි වූ
අනන්තය සමග එක්සත් කරන්නෝය’ මෙයට සමානව ධම්මපදයේ ‘යෙ චිත්තං
සංයමෙස්සන්ති, මොක්ඛන්ති මාරබන්ධනා’ යි දැක්වේ.
මේ රටේ ශාස්ත්‍ර සම්ප්‍රදායටත්, වෙසෙසින් දළදා හිමි වෙසෙන කන්ද උඩ
රටටත් නොමැකෙන සේවයක් කළ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් හට නිවන් සුව
පතමි.
|