කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය
ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි
විවිධ හේතු කාරණා පෙරදැරි කරගෙන පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය , මානව
ඉතිහාසයේ ඈත අවධියකදි ඇරඹුණකි. විශේෂයෙන් ම පෙරදිග ජනයා පෙරහර
පැවැත්වීමට මහත් අභිරුචියක් දක්වති.
පෙරහර යනු ශිෂ්ට සමාජයක දක්නට ලැබෙන උත්කර්ෂවත් සංසිද්ධියක් ලෙස
හැඳින්විය හැකිය. විනෝදය, ගෞරවය, භක්තිය, සාමුහිකත්වය හා අනන්‍යතාවය
නිරූපණය කැරෙන පෙරහර බුදුදහම සමගද ඉතා සමීප බවක් පෙන්වයි.
බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා වලට මෙන් ම ශාසන ඉතිහාසයේ බොහෝ අවස්ථාවලට ද
පෙරහර සම්බන්ධය . සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ මහාමායා දේවිය
කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට පෙරහරෙන් ගමන් කරමින් සිටියදීය.
සිදුහත් තවුසාණන්ට සුජාතා සිටු දේවිය කිරි පිඬු රැගෙන ආවේ පෙරහරකිනි.
බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම පරිදි ජේතවනාරාම භූමියෙහි රෝපණය කළ
ආනන්ද බෝධිය වඩමවන ලද්දේ පෙරහරකිනි. බුද්ධ චරිතයේ අවස්ථා කීපයකට ම
පෙරහර සම්බන්ධය.
ධර්මාශෝක අධිරාජයා, පෙරහර පැවැත්වීමට මහත් උද්‍යෝගයක් දැක්වූවෙකි.
එතුමාගේ සාංචි ස්තූපයෙහි කැටයම් අතර පෙරහර දර්ශන ඇතුළත්ය.
ලංකාව සම්බන්ධයෙන් සලකා බලන විට , ප්‍රථම වරට පෙරහරක් පිළිබඳව වාර්තාගත
වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දීය.සංඝමිත්තා මෙහෙණිය විසින්
භාරතයේ සිට වැඩමවාගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව සහිත පිරිස ලක්දිවට ගොඩ
බැස්සේ දඹකොළ පටුනෙනි. එතැන් සිට අනුරාධපුරයේ මහ මෙව්නා උයන දක්වා බෝධි
ශාඛාව සහිත දූත පිරිස කැඳවා ගෙන ආයේ විසිතුරු පෙරහරකින් බව මහාවංසයෙහි
සඳහන් ව ඇත.
ලංකාවේ පෙරහර සම්ප්‍රදාය ජනපි‍්‍රය වන්නට ඇත්තේ මහායානිකයන් නිසා බව
පිළි ගත හැකිය. ථේරවාදී භික්‍ෂූන් සමාජයෙන් ඈත්ව විමුක්ති කාමීන් ලෙස
ධර්මානුකූල සහ භාවනානුයෝගී ජීවිත ගත කරන්නට නැඹුරුව සිටියදී බෞද්ධ
ඉගැන්වීම් ජනපි‍්‍රය කරන්නට මහන්සි ගත්තේ මහායානිකයන් ය.
ඔවුහු වඩාත් සමාජශීලි ලෙස ජනතාව අතරට යමින් ආමිස පුජාවන්ට ප්‍රමුඛත්වය
දුන්හ. පුද පූජා පෙරහර ප්‍රදර්ශන, උත්සව බෞද්ධ ජනතාව අතර ව්‍යාප්ත වුයේ
ඒ මගිනි. පසු කාලය වන විට ථේරවාදීහු ද මේ නව සම්ප්‍රදායට අනුගත වූහ.
වර්තමානයේ අපේ රටේ මහායාන නිකායන් නැතත්, මහායාන සම්ප්‍රදායට අයත්
ක්‍රියාකාරකම්වලට මුල් තැනක් ලැබී ඇත්තේ ඒ අනුවය. මුල් බුදු සමයට අනුව
සියලු ආකාරයේ ආමිස පූජා, ඇගයීමට ලක්වන්නේ නැත.
වර්තමාන සමාජය පෙරහර සම්ප්‍රදායට මහත් ලැදියාවක් දක්වනු පෙනේ. රට පුරා
ආගමික, ජාතික කරුණු මුල් කරගනිමින් සිය ගණන් පෙරහර පැවැත්වීමෙන් ඒ බව
තහවුරුවෙයි. එබඳු බොහෝ පෙරහර අඛණ්ඩවත් , වාර්ෂිකවත් මහත් උද්‍යෝගයෙන්
හා උදාරත්වයෙන් පැවැත්වෙනු ද පෙනේ. කතරගම මහා දේවාලය , කිරි වෙහෙර
චෛත්‍ය රාජයාණන් වහන්සේ, කිරි විහාරය සහ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ
ආශි‍්‍රත ව වාර්ෂිකව පැවැත්වෙන කතරගම ඇසළ මහා පෙරහර අපේ රටේ පෞරාණික
පෙරහර අතර ප්‍රමුඛත්වයක් ලබයි.
ජන ප්‍රවාද වලට අනුව, කතරගම ඇසළ පෙරහර ආරම්භ වන්නේ දුටුගැමුණු
(ක්‍රි.පූ. 161 -137 ) රාජ්‍ය සමයේ දී ය. කතරගම සුරිඳුන්, එළාර හා කළ
සටනේ දී තම ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දැක්වූ දේව අනුග්‍රහයට කෘත ගුණ
සැලකීම් වස් මෙම දේවාලය ඉදිකරවන ලදැයි පුරාවෘත්තයන් හි සඳහන්ය. හියු
නෙවිල් ගේ කවි එකතුවෙහි එන ‘’කන්දමාලය’’ , “ කඳ කුමරු සිරිත “, “ වල්ලි
මාතා කථාව “ වැනි කාව්‍ය ග්‍රන්ථවලද මේ පුවත දැක්වෙයි. එහෙත් ඒ සියලු
ග්‍රන්ථ 17 - 18 වන සියවස් තරම් මෑත අවදියට රචනා කළ ඒවා බැවින්,
ඉතිහාසඥයෝ එම විස්තර පිළිබඳ සැක පහළ කරති. එහෙත් ඒවා හුදු මනඞ කල්පිත
ප්‍රබන්ධ ලෙස බැහැර කිරීම ද යුක්ති යුක්ත නොවන්නේ ජන ශ්‍රැති විද්‍යාවට
අනුව, ජනශ්‍රැතියක ද ඓතිහාසික පදනමක් ඇතැයි සැලකෙන බැවිනි.
දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා ඒ හා සම්බන්ධ දෛනික හා වාර්ෂික පුද
පූජා විධි පිළිබඳවද සම්මතයක් ඇති කළ බව පැවසේ. දේවාලයේ තේවා මඬුල්ල
දේවාල පරිපාලනය , නඩත්තුව , අධීක්‍ෂණය වැනි සියලු කාරණා පිළිබඳව ද,
එතුමාගේ අවධානය යොමු වූ බව පෙනේ. බස්නායක නිළමේ තනතුර, දේවාලයේ නිලතල ,
නින්දගම් ආදිය ද ස්ථාපිත කරන ලද්දේ රාජ නියෝගයෙනි.
කතරගම යනු, බෞද්ධ පූජනීය සිද්ධස්ථානයකි. ධාතුවංසයෙහි සඳහන් වන අන්දමට
බුදුරජාණන් වහන්සේ ස්වකීය දෙවන ලංකා ගමනයේ දී චාරිකා කළ , සමවත්
සුවයෙන් වැඩ සිටි ධර්ම දේශනා කළ ස්ථාන අතරින් කතරගම ද එකකි. ඒ අවස්ථාවේ
ධර්ම ශ්‍රවණය කොට සෝවාන් ඵලයෙහි පිහිටි මහාඝෝෂ නම් ග්‍රාම නායකයා
මරණින් මතු මහසෙන් දෙවියන් නමින් දේවත්වයෙන් පිදුම් ලබන්නට විනැයි
මතයක් පවතී. එතුමා කතරගම දෙවියන් නමින් හැදින්වෙන්නට වූයේ කතරගම
වාසස්ථානය වූ බැවිනි. වර්තමාන කිරිවෙහෙර ....ස්තූපය ඉදිකර ඇත්තේ
බුදුරදුන් වැඩ සිටි ස්ථානයෙහි බව සැළකේ.
සංඝමිත්තා මෙහෙණිය විසින් භාරතයේ සිට මෙරටට .....වඩමවාගෙන එන ලදුව
අනුරාධපුරයේ මහ මෙව්නා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධියෙන් හටගත් ඵල
අටකින් පැන නැගුණු එක් අංකුරයක් රෝපණය කර ඇත්තේ කතරගමයි. අනුරාධපුරයේ
පැවැති බෝධි ප්‍රතිෂ්ඨාපණ රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ කතරගම
ක්‍ෂත්‍රියයන්ට ලැබුණු රාජකීය පරිත්‍යාගයක් ලෙස සඳහන් වන එම අෂ්ට ඵල
රුහ බෝධිය කතරගම පූජා භූ®මියෙහි දැනුදු විද්‍යාමාන වෙයි. මේ
ප්‍රවෘත්තිය මහා වංසයෙහි සඳහන් ව තිබේ.
සම්බුද්ධාගමනය, කිරිවෙහෙර චෛත්‍ය ස්ථාපනය, අෂ්ටඵල රුහ බෝධි රෝපණය යන
කරුණු නිසා පරම පූජනීය බෞද්ධ පූජා භූ®මියක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ
කතරගම පුජා භූමියට කතරගම දේවාලය එකතු වන්නේ පසු කාලයේදීයි. ඉහත සඳහන්
කළ පරිදි දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ය.
බෞද්ධ පුජා භූමියක් වීම, කතරගම දෙවිඳුන් සම්‍යග් බෞද්ධ දේවතාවකු ලෙස
පිළිගැනීම, ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙස සැලකෙන දුටුගැමුණු
රජතුමන් විසින් කතරගම සුරිඳුන් උදෙසා ඉදි කළ දේව මන්දිරයක් වීම යන
කරුණු නිසා කතරගම දේවාලය ආශි‍්‍රත පුද සිරිත් බොහොමයක් ම බෞද්ධ
මුහුණුවරක් ගෙන තිබේ. කතරගම සුරිඳුන්ට අයිතිවාසිකම් කියූ හින්දු
භක්තිකයන් විසින් පසු කාලයේදී ආරෝපණය කරන ලද හින්දු චාරිත්‍ර විධි
දක්නට ලැබෙතත්, සමස්තයක් වශයෙන් ගත් කළ ප්‍රමුඛත්වය ලබන්නේ බෞද්ධ
චාරිත්‍ර විධීන්ය.
කතරගම මහා දේවාලයේ තේවා මඩුල්ල පාරම්පරික සිංහල බෞද්ධයෝ වෙති. දේවාලයේ
දෛනික හා වාර්ෂික පුද පූජා වලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ ත්‍රිවිධ
රත්නයටය. ඒ වෙනුවෙන් ම දේවාලය සමීපයේ ම කිරි විහාරය නමින් හැඳින්වෙන
බුද්ධ ප්‍රතිමා මන්දිරයක් ද වෙයි. මහා දේවාලයේ බෞද්ධ චාරිත්‍ර විධි ඉටු
කිරීම සඳහා ‘පිරිත් නිලය’ නමින් තනතුරක් අතීතයේ සිට ස්ථාපිතව පවතී. එකී
නිලය වෙනුවෙන් වෙන ම නින්දගම් ද පවරා දී ඇත. මේ පසුබිම යටතේ කතරගම
දේවාලය ආශි‍්‍රත ව පුළුල් අන්දමින් නිරූපණය වන්නේ බෞද්ධ මුහුණුවරයි.
කතරගම ඇසළ පෙරහරෙහි විද්‍යාමාන වන බෞද්ධ ලක්ෂණ මොනවාදැයි මීළඟට විමසා
බලමු. දේවාලයේ පෙරහර පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ශාසන ඉතිහාසයේ ඉතා ම
වැදගත් පොහොය දිනයක් ලෙස සැළකෙන ඇසළ පුර පසළොස්වක් පොහොය යෙදෙන
වකවානුවය. වර්ෂයේ පුන් පොහෝ දිනයන් අතර වෙසක්, පොසොන් පෝය හැරුණු විට
වැදගත්ම පොහොය ඇසළ පෝය යි.
බුදුරජාණන් වහන්සේ ස්වකීය මංගල ධර්ම දේශනය පැවැත්වූයේත්, බුදු දහම අනුව
ප්‍රථම මාර්ගඵලලාභියා මිනිස් සමාජයට එක්වූයේත්, ඇසළ පොහෝ දිනක බව ශාසන
ඉතිහාසයෙන් පෙනේ.
වෙසෙක්, පොසොන් දිනයන් විශේෂිත උත්සව හා පින්කම් සඳහා යොදාගෙන තිබුණු
බැවින් ඊළඟට යොදාගත හැකි වටිනා ම පොහොය ආශි‍්‍රත සමය කතරගම ඇසළ පෙරහර
සඳහා යොදාගෙන ඇති බව සිතිය හැකිය. ඇසළ මාසය ම යොදා ගැනීමට තුඩු දුන්
වෙනත් කිසිදු හේතුවක් කතරගම සුරිඳුන්ගේ චරිතාපදානයෙන් හෝ පාරිසරික
තත්ත්වයන් තුළින් හෝ හමු නොවේ.
කතරගම ඇසළ පෙරහර ඇරඹෙන්නේ නියමිත දිනට දින 44 කට පෙරාතුව කරන කප්
සිටුවීමේ සාම්ප්‍රදායික චරිත්‍රයෙනි. එහිදී දේව විශ්වාස හා නක්‍ෂත්‍රය
හා බැඳුණු ක්‍රියාවලියක් දක්නට ලැබුණත්, එය ‘බෞද්ධ ඉන්ද්‍රඛීල සංකල්පය’
පදනම් වූවක් බව සිතිය හැකිය. ඉන්ද්‍රඛීලය යනු අෂ්ට ලෝක ධර්මයෙහි
අකම්පිතව, උට්ඨාන වීර්යයෙන් යුතුව, අපේක්ෂිත අරමුණු කරා ගමන් කොට අර්ථ
සිද්ධිය උදා කර ගැනීම කියාපාන සංකේතයකි.
කප් සිටුවන්නේ පෙරහර පැවැත්වීමේ අරමුණෙනි. කවර බාධක පැමිණියත් නියමිත
දිනයට පෙරහර ආරම්භ වේ.’’ඉන්ද්‍රඛීල සංකල්පය’’ ඊට අනුරූපය.
පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම පූර්ව කෘත්‍ය වශයෙන් සිදුවන පෞරාණික
චාරිත්‍රය වන්නේ, පිරිත් නිලය භාර කිරි වෙහෙරවාසී භික්ෂූන් මහා දේවාලයට
වඩමවා සෙත් පිරිත් සජ්ක්‍ධායනා කිරීමයි. එහිදී ලැබෙන පිරිත් පැන්
දේවාලයේ සියලු නිලයන් විසින් පරිභෝග කිරීමෙන් අනතුරුව දේව මන්දිරය
පුරා ඉසිනු ලැබේ. ඉතිරි වන පිරිත් පැන් දේවාලයෙහි තැන්පත් කිරීමෙන් පසු
පෙරහර පිටත්වීමට සූදානම් කෙරේ. මෙම චාරිත්‍රය අඛණ්ඩව ඉටු වන්නකි.
මහා පෙරහර ආරම්භ වන්නේ මුල් දින කීපයේ කුඩා පෙරහර කීපයක් පැවැත්වීමෙන්
අනතුරුවය. මුල් දිනවල පෙරහර ගමන් කරන්නේ මහා දේවාලය වටාය. මහා පෙරහර
ආරම්භ වූ පසු එය දේවාලය ඉදිරිපිට පිහිටි වීදියෙහි සංචාරය කිරීම
සම්ප්‍රදායයි. මහා පෙරහර ගණ දේවාලය හා වල්ලිඅම්මා දේවාලය යන ස්ථානවල මද
වේලාවක් නැවතීම පෞරාණික සම්ප්‍රදායකි.
කතරගම ඇසළ පෙරහරෙහි බෞද්ධ මුහුණුවර ඉස්මතු වන වැදගත් අවස්ථාවක් මේ අතර
යෙදේ. එනම් දේවාලයේ ප්‍රධාන දොරටුවෙන් මහ පෙහෙර පිටත්වීමෙන් පසු,
දේවාලයේ පසු පස දොරටුවකින් නිල පිරිස ඇතුළු සම්භාවනීයයන් කිරි විහාරය
බලා පිටත්වීමයි. එහිදී එම පිරිස තිසරණ පන්සිල්හි පිහිටා බුද්ධ පූජා
පවත්වා කිරිවෙහෙරවාසී භික්ෂූන්ගේ ආශිර්වාදය ලබා ගනිති. එම පිරිස මහ
පෙරහරට එක් වන්නේ ගණදෙවි කෝවිල සමීපයේ දී ය.
මහ පෙරහර පහක් පැවැත්වීමෙන් පසු එළැඹෙන දිනයෙහි, දේවාලයට නුදුරින්
පිහිටි බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයෙහි දී සංඝගත දක්ෂිණාවක්
පිරිනමනු ලැබේ. මෙම පුණ්‍ය කර්මයට බස්නායක නිලමේ ප්‍රමුඛ සියලු නිල
දරන්නවුන් සහභාගී වීම සම්ප්‍රදායයකි. ඉන් පසු එළැඹෙන රාත්‍රී කාලයේදී
යළිත් සුපුරුදු පරිදි මහ පෙරහර පැවැත්වේ. පෙරහර අතරතුර මේ අන්දමින්
දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමේ අරමුණ දෙවියන්ට පින්දීම සහ පෙරහර
කාර්ය මණ්ඩලයට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා දීමයි.
කතරගම ඇසළ මංගල්‍යයේ උච්චතම අවස්ථාව අවසාන මහා පෙරහරයි. උඩරට, පහරතරට
නැටුම්, ප්‍රාදේශීය නර්තන, බාරහාර වූවන්ගේ පූජෝපහාර සංදර්ශන, කාවාඩි
නැටුම් සහිත ව ඇලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන
අවසාන පෙරහර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උත්කර්ෂවත් ස්වභාවයක් උද්වහනය
කරයි. අති විශාල මුදලක් මෙන් ම අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්
පැවැත්වෙන අවසාන පෙරහර සැබවින් ම අති මහත් ශ්‍රී විභූතියක් ප්‍රදර්ශනය
කරයි. වසරින් වසර එක්වන නවාංග නිසා එහි අලංකාරයද දෙගුණ, තෙගුණ සිව්
ගුණයෙන් ඉහළ යමින් තිබේ. අනික් අතට අවසාන පෙරහර බෞද්ධ මුහුණුවර කුළු
ගන්වන අවස්ථාවක් ද වෙයි.
ආරම්භයේ සිට, අවසාන දිනය දක්වා ම පෙරහරෙහි වඩමවනු ලබන්නේ දේවාභරණ සහ
දේව ප්‍රතිමාවන් ය. එකී හැම පෙරහරක් ම මහා දේවාල භූමියෙහි සහ දේවාල
වීදියෙහි පමණක් සංචාරය කරනු ලබයි. එහෙත් අවසාන මහ පෙරහරෙහි සධාතුක
සර්වඥ ධාතු කරඬුවක් වඩමවනු ලැබීම සුවිශේෂත්වයක් වන්නේය. බස්නායක
නිලමේවරයා විසින්, කිරි වෙහෙර විහාරවාසී භික්ෂූන් වෙතින් ලබා ගන්නා
සධාතුක කරඬුව, දේවාභෙරණ රැගත් කරඬුව රැගෙන යන හස්තියාට ඉදිරියෙන් වෙනත්
හස්තියකු පිට තැන්පත් කොට වඩමවනු ලැබේ. මේ අවස්ථාවේදී එය දේව පෙරහරකට
වඩා සර්වඥධාතු පෙරහරක ස්වභාවයක් උසුලයි.
අවසාන මහා පෙරහර මහා දේවාල භූමියෙන් පිටත් ව, දේවාල වීදයෙහි සංචාරය
කිරීමෙන් පසු කිරි වෙහෙර සෑ රදුන් දක්වා ම ගමන් කරනු ලබයි. එය
දුටුගැමුණු රජුගේ නියෝගය පරිදි සිදුවන්නක් ලෙස දේවාල භාරකරුවෝ පවසති.
කිරි වෙහෙර සෑ මළුවේ දී රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව,
පෙරහරට දායක වූ සියලුම දෙනාට ස්තුති කිරීමත්, පෞරාණික සම්මතයන්ට අනුව
තෑගි බෝග දීමත්, දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත්, සිදුවේ. කතරගම මහා
දේවාලයේ ‘පිරිත් නිලය’ වෙනුවෙන් කිරි වෙහෙර භික්ෂූන්ට පුද පඬුරු
පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කරනු ලැබේ. රාජ නියෝගය අනුව
කිරිවෙහෙර වාසී භික්ෂූන්ට ඇතෙක් බරට වස්තුව පිදිය යුතුය. එම පැරණි පූජා
චාරිත්‍රය දැනුදු නියමිත අන්දමින් සිදුවන බව බොහෝ දෙනා නොදනිති. මේ
සියලු කාර්යයන් නිම වීමෙන් පසු, සිරිත් පරිදි වල්ලිමාතා දේවාලයට යන
පෙරහර, ආපසු මහා දේවාලයට පැමිණීමෙන් නිමාවට පත්වෙයි. කතරගම ඇසළ පෙරහරේ
ඇතුළාන්තය නොදන්නා, නොදුටු බොහෝ අය සිතා සිටින්නේ එය හුදෙක් දේව
පෙරහරක් ලෙසය. එය සපුරාම සාවද්‍ය මිථ්‍යා මතයකි. විමසුම් සහගතව මෙම
පෙරහර අධ්‍යයනය කරන්නකුට එහි පදනම සපුරා ම බුදු දහම හා බෞද්ධ ඉගැන්වීම්
මත ගොඩනැගී ඇති ආකාරය ඉතා පැහැදිලිව හඳුනා ගන්නට හැකිවෙයි. අපේ
අත්දැකීම් අනුව, ලංකාවේ බොහෝ බෞද්ධාගමික පෙරහර වලට වඩා කතරගම ඇසළ පෙරහර
තුළ බෞද්ධාගමික ලක්ෂණ අන්තර්ගත ව තිබේ. හින්දු ආගමික ලක්ෂණ විද්‍යාමාන
වන්නේ් එහි මතුපිටින් පමණි. ඒවා පසු කාලයකදී කතරගම සුරිඳුන්ට
අයිතිවාසිකම් කියූ හින්දු දේව භක්තිකයන් විසින් ඊට එකතු කරන ලද ඒවා ය.
කතරගම ඇසළ පෙරහරේ හරයට ඉන් හානියක් සිදු වී නොමැති බවද සඳහන් කරනු
කැමැත්තෙමි. |