ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම මගින් මිහින්තලා රජමහා
විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක
නාමල්වැවේ ධම්මකීර්ති ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි
මිහින්තලා ආලෝක පූජාව ඉකුත් 6, 7, 8 යන තෙදින පුරා 47 වන වරටත්
පැවැත්විණි. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දැක්වීය. |
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අතින්
06 වන දා ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ සමාරම්භය සනිටුහන් කෙරුණු
අවස්ථාව. අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, තිස්ස කරලියැද්ද,
දුමින්ද දිසානායක යන මහත්වරු ද ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති
පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා ඇතුළු ආරාධිත
අමුත්තෝද සේයාරුවේ වෙති. |
මිහින්තලා ආලෝක පූජාව 07 වන දා විවෘත කරමින් ඊට සහභාගි වූ උතුරු මැද
පළාතේ ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය
බර්ටි ප්‍රේමලාල් දිසානායක, ඇමැති ආර්.එම්. පී.බී. රත්නායක, ඛනිජ තෙල්
සම්පත් සංවර්ධන ඇමැති දුමින්ද දිසානායක, මහා භාරකාර එන්.එස්.ඒ.එස්.
සෙනෙවිරත්න, ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ නීති හා
පරිපාලන අධ්‍යක්‍ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල්
දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරුන් ඇතුළු සම්භාවනීය
අමුත්තන් .... |
මිහින්තලා ආලෝක පූජාව 08 වන දා අනුරාධපුර දිසා ලේකම් එච්.එම්.කේ. හේරත්
මහතා විසින් විවෘත කළ අවස්ථාව.මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න,
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය
අමරදාස, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරු ද මිහින්තලේ
ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද ඊට සහභාගි වු අයුරු. |