|
සිරිලක පොබ කළ මහින්දාගමනය
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම
අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.
මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ
ප්‍රථම වචනයයි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ.
මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම
විජය පිළිබඳ අනගිතම පණිවුඩය මුර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන්
ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ.
ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර
මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණ මහා වෙනස මෙනෙහි
කිරිම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳම පොසොන් භාවනාවයි. මහා මහේන්ද්‍ර
මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ධර්මය
ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත්විය.
ඉතිරිය»
|
|
පසළොස්වක පෝය
පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග
9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය. |
|
|
|
|
|
|