දොරටු හයෙන්
‘නිවසට’ එන
හය දෙනා ගැන....
ශාස්ත්‍රවේදී
ආර්. ඒ. පේමරත්න
මිනිසුන් ඉගෙන ගන්නවා, රස්සා කරනවා, විවාහ වනවා, දරුවන්
හදනවා, දික්කසාද වනවා, ගෙවල් හදනවා, වාහන ගන්නවා කොච්චර දේවල් සංසාර
ජීවිතයේ කරනවද? පටිච්ච සමුප්පාදයේ ඒවා එකින් එක කියල නෑ. එතන කියල
තියෙන්නේ එහි නියාම ධර්මය. මනුෂ්‍යයාගේ සංසාර ජීවිත පද්ධතියේ
පැතිකඩක්, හරස් කඩක් කපල බැලුවොත් පේන ටික තමයි මේ පටිච්ච
සමුප්පාදයෙන් පැහැදිලි කරන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ, දැකිය යුතු,
අවබෝධ කරගත යුතු දෙයක්. අවබෝධ කර නොගත් නිසායි, සත්වයා කෙළවරක් නැතිව
සංසාරයේ සැරිසරන්නේ.
මිනිස් ලොව අපට අත් දකින්නට සිදු වී ඇති දේ නිසා අප විවිධ වූ වින්දන සහ
හැඟීම් අත්දකිනවා. විඳීම් - විඳවන්නට ලැබෙන්නේ මොකක් හරි අත්දැකීමක්
නිසාමයි. වැස්ස නමැති අත්දැකීම නිසා සීතල විඳිනවා. අව්ව නමැති අත්දැකීම
නිසා උණුසුම විඳිනවා. අත්දැකීමකින් තොරව වින්දන ලබන්න බෑ.
හිතලත් වින්දන ලබන්නට පුළුවන්. භය වෙන දෙයක් ගැන හිතුවොත් භය දැනෙනවා.
මේක වැදගත් සිතීම කියන්නෙත් අත්දැකීමක්. මේ අනුව සකල විධ අත්දැකීම්
සම්භාරය දහමේ කාණ්ඩ 06 කට වෙන්කරල ගොනු කරල තියෙනවා. ‘ආයතන’ කියල. තමන්
ලැබූ ලබන ඕනෑම අත්දැකීමක් මතක් කර ගන්න. එය එක්කො ඇහැ හරහා ලැබූවක්.
නැත්නම් කන හරහා ලැබූවක්. නැතිනම් නාසය, දිව හෝ ශරීරය හරහා. එහෙම
නැත්නම් සිතීමක් හරහා ලැබු අත්දැකීමක්. ඒ නිසා කොපමණ පුරසාරම් දෙඩුවත්,
කොපමණ වියදම් කළත් කොපමණ කාලය වැය කළත් අන්තිමට ලබල තියෙන්නෙ, එක්කො
මොනව හරි බලල අහළ කෑම සුවඳ ස්පර්ෂය නැතිනම් කල්පනාව. ඔයින් පිට කිසිම
අත්දැකීමක් ලබන්නට බෑ.
මේ කාරණය තේරුම් නොගැනීම නිසා අපි අගක් නොපෙනෙන, නිමාවක් නොදකින,
නිමාවක් හිතාගන්නට බැරි මහා ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා. මේ ගමනේදී අපි
බලාපොරොත්තු වන්නේම මෙතෙක් ආකාරයක් අත්දුටු හොඳ දේවල්. තව තවත්
අත්දකින්නට යි. නරක දේවල් අත්නොදැක ඉන්නටයි. මේ අරමුණු, ඉලක්ක සම්පූර්ණ
කර ගන්නට තමයි, මේ සංසාරයේ ඇවිදින්නේ.
කවද්ද මේ ඉලක්ක සපුරා ගන්නේ?
ජීවිත දිනපොතේ පිටු ඉවර උනත් සංසාරික දින පොතේ පිටු ඉවර වන්නේ නෑ. හැම
මොහොතකම අලුත් පිටුවක්, හිස් පිටුවක් දෛනික දින පොත් වල ලියල
තියෙන්නෙත්, සලායතන වලින් ලද අත්දැකීම් තමා.
මිරිසට කෑවත්, තෙලට කෑවත්, කිරට කෑවත්, උයල කෑවත්, රෝස් කරල කෑවත්,
අමුවෙන් කෑවත්, අන්තිමට රසක් තමයි ලියලා තියෙන්නෙ. ඒ සියල්ල රස
මාතෘකාවට ඇතුළත්. ඒ වගේම සජීවීව බැලුවත්, පටිගත කරල බැලුවත් වී.සී.ඩී.
බැලුවත් අන්තිමට රූප තමයි බලල තියෙන්නෙ. අපි මේව පස්සෙ යන්නේ අලුත්
අලුත් අද්දැකීම් සොයාගෙන. අලුත් වින්දන ලබා ගන්නට. අත්දැකීම් ඕන නිසා
නොවෙයි වින්දන ඕනෑ නිසයි.
අපි සංසාරය සාගරයක් ලෙස හිතුවොත් සංසාරය නමැති සාගරයේ බිලී කොකු තමා මේ
සලායතන හරහා ලබන අත්දැකීම්. අත්දැකීම් නමැති බිලි කොකු වල අමුණන ඇම තමා
විඳීම් කියන්නේ. වින්දන ලබන්න ඕන කෙනා අත්දැකීම් බිලි කොකු ගිලිනවා. ඒ
නිසා අපි අත්දැකීම් වල ඇමිනි ඇමිනී පටලැවි පටලැවි යන්නේ. වින්දනය නමැති
ඇම නිසා. අත්දැකීමකටත් අහුනොවී වින්දන ගන්න බෑ.
මේ සංසාරේ, අප ලද අත්දැකීම් සම්භාරය, කන්දරාව මෙපමණයි කියන්න බෑ.
අත්දැකීම් එක්කම වින්දන. වින්දන එක්කම හැඟීම්.
තමන් වින්දන ලබනකොට සලායතන හරහා කැමැති රස ලැබුණොත් සතුටට පත්වෙනවා.
අකමැති රස විඳගන්න ලැබුණොත් අසතුටට පත් වෙනවා. වින්දන ඔස්සේ ලැබෙන සතුට
අසතුට අපි තක්සේරු කරනවා. තක්සේරු කරන්නේ කෑදරකමයි. කෑදරකම කියන්නේ
තණ්හාව. තණ්හාව තමයි වින්දනයන්ගේ තක්සේරුකරු. කෙනෙකුට වටින වින්දන තව
කෙනෙකුට නොවටින්න පුළුවන්. තණ්හාව තමා තීරණාත්මක සාධකය. වටිනාකම තීරණය
කරන අත්දැකීමක් සමග වින්දන. වින්දන සමගයි හැඟීම් ඇතිවන්නේ.
උදාහරණයකට ගත්තොත් මදුරුවෙක් කනකොට වේදනා විඳීම සමග තරහ හැඟීම.
අමිහිරි නළා හඬ ඒ සමඟම තරහ හැඟීම එනවා. කෑමක් කනව කටේ තියන්න බෑ ලුණු
රසයි. ඒ රස විඳීමක් එක්කම තරහක් එනවා. සිද්ධියක් මතක් වෙනවා. ඒ
මතක්වීමත් එක්කම ඇතිවෙනව අසහනයක්. ඒ සමඟම තරහක් එනවා. සලායතන වලින් ලබන
අත්දැකීම් වලින් ලබන වින්දන වලින් දුක හා සතුට ඇතිවෙනවා. සතුට වින්දන
වල අප ඇලෙනවා. බැඳ තබා ගන්නට නොයෙක් උපක්‍රම යොදනවා. ඒ වින්දන නැවත
නැවත ලබන්නට, ඒ පුද්ගලයා නැවත නැවත දකින්නට ප්‍රාර්ථනා කරනවා. සැලසුම්
කරනවා. සියලු උපක්‍රම යොදනවා. සිහින දකිනවා.
ඵස්ස පච්චයා වේදනා (වින්දන, විඳීම්)
‘වේදනා පච්චයා තණ්හා’
අත්දැකීම් වලින් විඳීම් හට ගත්තම හැඟීම් ඇතිවන්න පටන් ගන්නවා. ඒ
කියන්නේ තණ්හාව, ආශාව, ඇලීම එහෙම තමයි, මේ ගමන යන්නේ.
ස්වභාවයෙන්ම වින්දනයක් පසුපසද එන්නෙ තණ්හාවක්. එහෙම ආවහම අපි
උප්පරවැට්ටි දානවා. කල්පනා කරනවා. මේ සතුටු විඳීම් නිසා ඇතිවන තණ්හාව
ඇද බැඳගෙන ලබාගන්නට අසතුටු විඳීම් වලින් බේරෙන්නට. ඔබත් මාත් මෙපමණ
කාලයක් ජීවත් කරල තියෙන්නෙ මෙම තණ්හාව. මුදල් හම්බ කරනවා, වියදම්
කරනවා, ඉතිරි කරනවා, ණය වෙනවා, මෙච්චර දේවල් කරන්නෙ වින්දනය සඳහාමයි.
මනුෂ්‍යයා තමන්ගේ සම්පූර්ණ කාලයම කැප කරල තියෙන්නෙ වින්දන සඳහාමයි.
සකල විධ ශක්තීන් (ශ්‍රමය, බුද්ධිය) යොදල තියෙන්නේ සුවදායක වින්දන
සඳහාමයි. සැම මිනිසෙක්ම කරල තියෙන්නේ ඒකයි. මේ තමයි පටිච්ච සමුප්පාදයේ
ජීවිත චක්‍රය. මිනිසුන් ඉගෙන ගන්නවා, රස්සා කරනවා, විවාහ වෙනවා, දරුවන්
හදනවා, දික්කසාද වෙනවා, ගෙවල් හදනවා, වාහන ගන්නවා කොච්චර දේවල් සංසාර
ජීවිතයේ කරනවද, පටිච්ච සමුප්පාදයේ ඒවා එකින් එක කියල නෑ. එතන කියල
තියෙන්නේ එහි නියාම ධර්මය. මනුෂ්‍යයාගේ සංසාර ජීවිත පද්ධතියේ පැතිකඩක්
හරස් කඩක් කපල බැලුවොත් පේන ටික තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි
කරන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ, දැකිය යුතු අවබෝධ කරගත යුතු දෙයක්.
අවබෝධ කර නොගත් නිසායි, සත්වයා කෙළවරක් නැති ව සංසාරයේ සැරිසරන්නේ.
ආශාවට දෙන්න එපා සමාජ වටිනාකමක්. සමාජ වටිනාකම් සමාජ තත්ත්ව ආරූඪ
කරපුවම ඒක අමුතු දෙයක් බවට පත්වෙනවා. රූප බලන්න ආශාව අපට කෑගහල කියනවා.
ශබ්ද අහන්න, නැත්නම් සුවඳ ආඝ්‍රාණය කරන්න, රස විඳින්න, ස්පර්ෂ කරන්න,
එසේ නැත්නම් කල්පනා කර කර ඉන්න කියල ආශාව අපට කියනවා.
අරමුණු කියන්නේ අපි වටේට ම තියෙන බිලී කොකු, රූප විදියට, ශබ්ද විදියට
ආදී වශයෙන්. රූපයේ ඇමිණුනේ නැත්නම්, ශබ්දයේ බිලී කොකු වල ඇමිණෙනවා. මේ
ආයතන හයේ මොකක් හරි බිලී කොක්කක ඇමිණෙනවා. මොකක්වත් නැතිනම් සිතිවිලි
වල හරි ඇමිණිලා විඳිනවා. ඇම ගිලපුවහම ඇමිණුන මොහොතේ විඳින්නේ සැපක්. ඒ
සැප සුළු මොහොතයි. ඊට පස්සේ දැනෙන්නෙ දුකක්. පළමු වටයේ අමුණා ගන්න,
ගිලින්න පොරකනවා. මේ රූපය නැත්නම් වැඩක් නෑ. මේ කෑම බීම කෑවෙ නැත්නම්
වැඩක් නෑ කියලා. පළමු වටයෙ මෙසේ පොර කෑවට, දෙවන වටයේ වමාරන්න දඟලනවා.
ගිලපු ඇම ඉක්මනින් වින්දනයක් එක්ක ඉවර උනාම අත්දැකීම් නැමැති බිලී කොකු
ඇමිණිලා තියෙනවා.
දැන් දුකයි. කෝ අර සැප වින්දනය? දියවෙලා ගිහින්. මේ සැප විඳින්න ගිලපු
ඇම නිසා දුක දැනෙන විට මුළු ජීවිත කාලයේදීම උත්සාහ කරනවා ඒ දුක
වමාරන්න. සංසාරය කියන්නෙ ඕකට. සැප විඳින්නට ගිලපු ඇම නිසා දුක දැනෙන
විට ඉන් මිදෙන්න කොච්චර අමාරු ද?
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පුරන්න වෙලා. මේක තමා ඇත්ත. මේ ඇත්තට කවුරුත්
කැමැති නෑ. කැමැති අර සැප වර්ණනා කරනවට. ලස්සන සුවඳ එහි රසය, මිහිර එහි
තියෙන මනරම් සෞන්දර්යය ශෝභාව වර්ණනා කරනවට. දැන් අපි මේ වින්ඳන දිහා
වෙනත් විදියකට බලන්න හැඩ ගැහෙන්න ඕන. ආශාව කෑගහල, මොරගාල අපිව පොළඹවන
කොට අලුත් දෙයක් නැතිව බෑ. හැමෝම හොඳයි කියනවා.
මේක නැත්නම් සමාජ තත්ත්වයක් නෑ. අපි මේවට දෙනව සමාජ වටිනාකමක්. මේ ගැන
විනිවිද බලන්න. මේක රූප බැලීමක්. මේක ශබ්ද ඇසීමක්. සලායතනයෙන් එක
ආයතනයකට වෙන්කර බලන්න.
එහෙම නියමිත වගුවකට, නියමිත තලයට නියමිත පවුලට දාපු ගමන් ඒකෙ සැර බාල
වෙනවා. එහෙම හිතපු ගමන් තණ්හාව සම්පූර්ණ නැති වෙන්නේ නෑ. නමුත් එහි
වේගය අඩුවෙනවා.
එවිට, මෙහෙමත් හිතන්න ආශාව මට මෙච්චර වියදම් කරන්න කියන්නේ. මේ රූපයක්
, පාටක් බලන්න ද? මේ ශබ්ද තරංගයක් අහන්නද කියලා. මේ තප්පර ගණනකට දැනෙන
රහක් සඳහා ද මේ පොළඹවන්නෙ කියලා.
එහෙම වගුවකට දාල බලපු ගමන් තණ්හාවෙ 80% පමණ අඩුවෙනවා. මහා මුහුදේ දිය
කළ තීන්ත බිංදුවක් වගේ. තනුක වෙලා, තනුක වෙලා අන්තිමට දුර්වල වෙලා
යනවා. ඒ නිසා මේ සලායතන මගින් ලැබෙන අරමුණු ගැන එහෙම වෙන වෙනම මෙනෙහි
කරන්න. සලායතන පිළිබඳ භාවනා කරන්න. මේ සලායතන දකින්න. මේ සලායතන තමා
ජීවිතය කියන්නෙ තණ්හාවෙ සැර බාල කරන්න හැකි හොඳම භාවනාව මෙයයි. රූපයට,
ශබ්දයට, බලන්න එකිනෙකට වින්දන උපදින හැටි. වින්දනයේ උපත දකින්නට ඕනෑ
උපත දකින්නට තමා සිහියෙන් සිටින්නට ඕනෑ. උපන්නා වූ වින්දන ක්‍රමයෙන්
වැඩිවෙන හැටි ජව සම්පන්න වන හැටි බලන්න.
හොඳට රහ දැනිල උපරිම මට්ටමට ඇවිත් ක්‍රම ක්‍රමයෙන් එය මහලු වන හැටි
දකින්න. එහෙම ගොසින් වින්දනයේ නිරෝධය දකින්න. එහෙම දැක්කෙ නැත්නම් අර
ටික තමයි වෙන්නේ, එසේ නොකළොත් අපි රැවටීමකට ලක් වෙනවා. වින්ඳන
සදාකාලිකයි කියලා. මේ විදිහට වින්ඳන විග්‍රහ කරල විභාග කරල හඳුනා ගන්න
පුළුවන්. ඒ නිසා වේදනානුපස්සනාව ඉතා වැදගත්. භාවනාවක් සංසාරික ගමන
නවත්වන්නට. මේ කියන වින්ඳන විග්‍රහ කරන කොට අපි යොමු වෙනවා තවත් කාරණා
දෙකකට. ඒ තමා ඔය කියපු වින්ඳන. අපි මීට කලින් ලබලා නැද්ද කියන එක.
බලන්න, එහෙම නෑ වගේ නේ පේන්නේ? නමුත් ඔය පැණි රස මීට කලින් ලබල නැද්ද?
ඔය වැනි රූප මීට කලින් දැකල නැද්ද? එහෙම බලපුවාම මීට කලින් මේ හැම
වින්දනයක්ම ලබලා තියෙන බව පේනවා. අයෙත් ඒකමනෙ මේ එන්නේ.
ඊළඟට යොමු විය යුතු දෙවන පැත්ත තමයි වින්දනයක් කොපමණ කාලයක් පවතිනවාද
කියන එක. වින්ඳනීය ආයු කාලය බලන්න. ඒකට ඉතා අවශ්‍ය දෙයක් තමයි සිහි
නුවණ. අවසිහියෙන් සිටින තෙක් අපට හිතනේනේ වින්ඳන සදාකාලිකයි කියලා. මේ
සදාකාලික වින්ඳන නැමැති සිහිනය, අසිහිය නැමැති නිද්‍රාව තුළ දකින
දෙයක්. සදාකාලික කියල කිසිම දෙයක් නෑ. මේක වචන දෙකක එකතුවක් පමණයි.
කිසියම් කාලයක් තුළ පමණක් පවතින දෙයක් කොහොමද සදාකාලික වෙන්නේ? ධර්මයේ
‘උප්පාද ඨිති භංග‘ යනුවෙන් සඳහන් වන්නේ මේකයි. මේ අනුව දකින්න, සලායතන
අත්දැකීම් තුළින් ලබන වින්ඳනයත් ක්ෂය වී නැති වී යන හැටි. අවදිබව තුළ
කෙරෙන නිරීක්ෂණයක් බවට පත්කර ගන්න. එතකොට පෙනේවි වින්ඳනයක් නැතිව තිබූ
තැනකින් වින්ඳනයක් ඇතිවන්නට පටන් ගන්නා හැටි.
සිහියෙන් මෙය නිරීක්ෂණය කරන්න. ඉපදීම ස්වභාවය කරගෙන තියෙන කිසිම දෙයක්
සදාකාලික නෑ.
සලායතන වලින් ලැබෙන අරමුණු පිළිබඳ සිහියෙන් විසීම සංසාරික ඇමෙන්
ගැලවීමට තියෙන ඉතා අගනා භාවනාවක්. ඒ නිසා බලන්න ඔබ තුළ අරමුණු අනුව
ඇතිවන වින්දන දෙස බලන්න. ඒ පිළිබඳ ඔබේ සිතෙහි ඇතිවන ආශාදෙස. |