නෝර්වේ භූමිකාව
දේ වානම්පියතිස්ස රාජසමය දක්වා දිවෙන රාජ තාන්ත්‍රික සබඳතා
පිළිබඳ ඉතිහාසයක් අප සතු ය. එදා අශෝක අධිරාජයා ගේ පුත්‍රයා හා
දියණිය රාජ තාන්ත්‍රික නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකාවට එවීමෙන් මේ
කුඩා දිවයින කෙ තරම් සුවිශේෂ ස්ථානයක් ද යන්න පැහැදිලි වේ.
ශ්‍රී ලංකාව සතු ව පැවැති එම සුවිශේෂී වැදගත්කම විසි එක්වන
සියවසේ දී වඩාත් ඉහළ ගොස් ඇති බවට කිසිදු සැකයක් නොමැත.එහි ඇති
වෙනස නම්, ධර්මාශෝක රජු වෙනුවට එ බඳු ධාර්මික පදනමකින් තොර
බලවත් රාජ්‍යයන් සමඟ ගනු දෙනු කිරීමට අද අපට සිදු වී තිබීම ය.
එම තත්ත්වය පසුගිය සතියේ මෙහි පැමිණි එක්සත් ජාතීන්ගේ
සංවිධානයේ විශේෂ නියෝජිත විජය නම්බියාර් මහතා ගේ දූත මෙහෙවර
දෙස බැලූ විට අපට වටහා ගැනීමට පුළුවන.
විදේශීය රාජතාන්ත්‍රික කටයුතු ශ්‍රී ලංකාවට කෙ තරම් අහිතකර ලෙස
බලපා තිබේ දැයි නෝර්වේ රාජ්‍යයේ අගනුවර වන ඔස්ලෝහි පිහිටි මෙ
රට තානාපති කාර්යාලයට පසුගිය 12 වන දා කොටි හිතවාදීන් පිරිසක්
එල්ල කළ මැර ප්‍රහාරයෙන් පැහැදිලි කැරේ. එම තානාපති කාර්යාලය
වෙත ලබාදුන් ආරක්‍ෂාව ප්‍රමාණවත් නො වන බව මෙ රට තානාපති ඇසළ
රුවන් වීරකෝන් මහතා විසින් නෝර්වේ රජයට නිල වශයෙන් දැනුම් දී
තිබුණ ද ඊට නිසි ප්‍රතිචාර නො දැක්වීම පිළිබඳ ව අප ගේ විශේෂ
අවධානය යොමු විය යුතු ය. එම ප්‍රහාරය එල්ල කළ දින ඔස්ලෝ නුවර
තානාපති කාර්යාලය අබියස කොටි සංවිධානයට පක්‍ෂපාතී රැස්වීමක් හා
උද්ඝෝෂණයක් පවත්වා තිබිණ. එ දින සවස තානාපති කාර්යාලයට ප්‍රහාර
එල්ල කළ පිරිස එම උද්ඝෝෂකයන් අතර සිටි විසිපස් දෙනකු යැයි
නෝර්වේ පොලීසිය විසින් ම කළ පරීක්‍ෂණ අනුව තහවුරු වූ කරුණකි.
එම ප්‍රහාරය සිදු කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවා තිබිය දී
දහසය හැවිරිදි තරුණයකු පමණක් අත්අඩංගුවට ගැනීමෙන් මීට ඇති
රාජ්‍ය අනුග්‍රහය හොඳින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ නෝර්වේ
තානාපති ට්‍රෝ නැට්‍රෙම් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත
කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විරෝධය නිල
වශයෙන් පළ කැර ඇත.
නෝර්වේ රජය මෙ සේ දෙමළ බෙදුම්වාදීන්ට පක්‍ෂපාතී ව ක්‍රියා කළ ද
ශ්‍රී ලංකා සාම ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා ගේ භූමිකාව ඉටු
කැරේ. නෝර්වේ රජයේ මේ හැසිරීම අප කෙ සේ තේරුම් ගත යුතු ද? එය
යම් ප්‍රමාණයකට තේරුම් ගැනීම සඳහා මලිත් ජයතිලක විසින් රචනා කළ
‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව හා ඉන්දියාව‘ නමැති කෘතිය
උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“නොබෙල් සාම ත්‍යාගය පිරිනමන රට වශයෙන් ද නෝර්වේ ලබා ඇති
ජාත්‍යන්තර කීර්තිය ඔවුන් ගේ ලෝක ව්‍යාප්ත සාම ව්‍යාපාර කෙරෙහි
තවත් රුකුලක් වී ඇති අතර තුන්වන ලෝකයේ ගැටුම්වලට මැදිවී සිටින
පාර්ශ්වයන් ද අවශ්‍ය මැදිහත්කාර ප්‍රයත්නයන් සඳහා නෝර්වේ
සම්බන්ධ කැර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වයි. තව ද නෝර්වේ රජය
එහි ක්‍රිස්තියානි පල්ලියේ අනුශාසනා පරිදි කටයුතු කැරෙන නිසා ම
ලතින් ඇමරිකාවේ හා ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවල ගැටුම්වලට මැදි
වී ඇති ක්‍රිස්තියානි පදනමක් සහිත ගරිල්ලා කණ්ඩායම් හා රජයන් ද
නෝර්වේ මැදිහත්කාර ප්‍රයත්නයනට වඩා කැමැත්තක් දක්වයි. ලතින්
ඇමරිකාවේ දීර්ඝතම සිවිල් යුද්ධය වූ ගෝතමාලාවේ යුද තත්ත්වය
විසඳීම සඳහා නෝර්වේ මැදිහත්කාර ප්‍රයත්නය සමත් වූ අතර ගෝතමාලා
රජය හා එහි ගරිල්ලෝ 1990 මුල් භාගයේ දී සාම ගිවිසුමකට එළඹුනාහ.
එහි දී ඊට පෙර නෝර්වේ පල්ලියේ ආධාර මත ක්‍රියාත්මක වූ
‘නෝර්වීජියන් චර්ච් ඒඩ්’ සංවිධානය ගෝතමාලාව තුළ ක්‍රියාත්මක
කැර තිබූ සංවර්ධන වැඩසටහන් ගණනාවක් නිසා ද ඒ රටේ බහුතර
ක්‍රිස්තියානි ජනතාව නෝර්වේ සාම ප්‍රයත්නය කෙරෙහි සුබවාදී ලෙස
ප්‍රතිචාර දක්වීම එම සාම ප්‍රයත්නය සාර්ථක වීමට බලපෑ තවත්
හේතුවක් විය. ඒ ආකාරයෙන් ම තවත් මධ්‍යම ඇමරිකානු රටක් වන එල්
සැල්වදෝරයේ යුද වැදී සිටි පාර්ශ්වයන් අතර මැදිහත් කරුවකු
වශයෙන් ද කටයුතු කළේ නෝර්වේ රාජ්‍යය යි. 1996 දී මධ්‍යම
අපි‍්‍රකානු රාජ්‍යයක් වූ මාලි රටෙහි සිවිල් යුද තත්ත්වය අවසන්
කිරීමට ද, අනූව දශකයේ අග භාගයේ ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර
යුද්ධය සමථයකට පත් කිරීමට ද නෝර්වේ මූලිකත්වය ගෙන කටයුතු කළේ
ය.”
“නෝර්වේ රජයත් එහි පල්ලියට අනුබද්ධිත විවිධ ආයතනත් ඒකාබද්ධ ව
තුන් වන ලෝකයේ විවිධ රටවල තම ආධාර මත ක්‍රියාවට නඟන ලද සංවර්ධන
වැඩසටහන් ජාලයක් ඇත. විශේෂයෙන් ම ඒ ඒ රටවල ප්‍රබල සමාජ ප්‍රශ්න
හඳුනාගෙන එම සමාජ ප්‍රශ්නවලට විසඳුම් සැපයීම මූලික තේමාව කැර
ගනිමින් මෙම බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එහෙත් නෝර්වේ
ආධාර මත සිදු කැරෙන එම බොහෝ සංවර්ධන වැඩසටහන් ක්‍රිස්තියානි
මුහුණුවරක් ගෙන ඇතැයි ක්‍රිස්තියානි බහුතරය නො වන සමාජවලින්
නිතර මැසිවිලි නැඟෙයි. හැටේ දශකයේ මැද භාගයේ දී ආරම්භ කළ
සීනෝර් වැඩසටහන නෝර්වේ ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැඟුණු
එක් සංවර්ධන වැඩසටහනකි. නෝර්වේ ආණ්ඩු ක්‍රමය ම¼ගින් ම එමරට
ක්‍රිස්තියානි රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කැර ඇති නිසාත්,
එම රටේ ධීවර කර්මාන්තය ඉතා දියුණු මට්ටමකින් ක්‍රියාත්මක වන
නිසාත් ඔවුන් සීනෝර් වැඩසටහන ආරම්භයේ දී ම යාපනය අර්ධද්වීපයේ
දෙමළ ක්‍රිස්තියානි බහුතරය වෙසෙන ධීවර ගම්මාන ආශි‍්‍රත ව
ක්‍රියාවේ යෙදවීය. එම ගම්මාන ආශි‍්‍රත දෙමළ ජනතාව ගේ ජීවන
ක්‍රමයේ ආකල්පමය හා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කැරවීම ඉලක්ක කැර
ගනිමින් එම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වූ අතර තෝරාගත්
ධීවරයන් විශාල පිරිසක් වැඩිදුර පුහුණුව සඳහා නෝර්වේ බලා ගිය හ.
එ ලෙස ගිය යාපනයේ ධීවරයන්ගෙන් බොහෝ දෙනකු නැවත ශ්‍රී ලංකාව නො
පැමිණි අතර ඔවුන් එහි ධීවර කර්මාන්තයේ යෙදෙන ස්ථිර
පදිංචිකරුවන් බවට පත් ව ඇත.”
මේ අනුව නෝර්වේ භූමිකාව මෙන් ම එහි ආගමික දේශපාලනය අප පාඨකයන්ට
වැටහෙනු ඇතැයි සිතමු. |