සුව පහසු
දිවි පෙවෙතකට...
පානදුර
ජාත්‍යන්තර බෞද්ධ
මන්දිරවාසී
වාද්දුවේ සුමංගල හිමි
ගිහි පැවිදි දෙපක්‍ෂයම ආහාර ගැනීමේදී පමණ දැන
වැළඳීමෙන් මෙලොව නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, එසේ නිරෝගීව සිට ශීල,
සමාධි, ප්‍රඥා වැඩීමෙන් මග ඵල කෙළවර නිවන් සුවයට පැමිණීමටද හේතුවනවා
ඇත. ශාසනික ශීල සමාදානයේ ඉහළම
අංකයෙහිලා ගැනෙන්නේ සිවු පිරිසුදු
ශිලයයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය , ආජීව
පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍යය සංනිශි‍්‍රත ශීලය යනු ඒ සතරයි. මේ සතර
උපසපන් පැවිද්දන් විසින්ම රැකිය යුතු ශීලයන් ය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මිද්ධි යදා හොති මහග්ඝ සොව
නිද්දායිතා සම්පරි වත්තසායි
මහ වරාහොව නිවාපපුට්ඨො
පුනප්පුනං ගබ්භමුපෙති මන්ද්‍රෙ”
පින්වත්නි ,
ඉහත ගාථා ධර්මය බුදුරජුන් සැවැත්නුවර දෙවුරම් වෙහෙරදී පසේනදී කොසොල් මහ
රජතුමා උදෙසා දේශනා කරන ලද්දකි. මේ ගාථාව පටන් ගැන්මේම “මිද්ධි”
යනුවෙන් අදහස් වන්නේ සිතෙහි හා කයෙහි අලස බවින් යුතුව වෙසෙන පුද්ගලයා
පිළිබඳවය. “ථීන මිද්ධ “ යන නීවරණ යනුවෙන් දැක්වෙන්නේත් මෙයමය. නීවරණ
වලින් සුගති සැප හා නිවනට බාධා පමුණුවයි. “පුනප්පුනං ගබ්හමුපෙති “ නම්
කා බී වැඩුණු ගම් ඌරෙකු මෙන් නිදන අනුවණයා සසර දුකින් නොමිදී මවුකුස
නැවත නැවතත් උපදින්නේය.
බුදුරදුන් කෙරෙහි මහත් ප්‍රසාදයක් ඇති පසේ නදී කොසොල් මහ රජතුමා දිනක්
දිවා භෝජනයෙන් පසු විවේකයක් නොගෙනම විහාරයට ගියේය. ගොස් නොබෝ වේලාවකින්
ඈත මෑත නැමි නැමි ඈනුම් හරිමින් නිදන්ට වීය. බොහෝ ආහාර වැළදීමෙන් ඇතිවූ
නිදි බර ගතිය මග හැර ගැනීමට නොහැකි වීය. ඒ දුටු බුදුරදුන් මෙසේ වදාළහ:-
බුදුරදුන් :- මදක් නොසැතපී ආයෙහිද?
රජතුමා :- එසේය කෑම ගත් විගසම ආවෙමි
බුදුරදුන් :- පමණ දැන ආහාර වළදන්න. සිරුරට නොයෙක් පීඩා ඇතිවන්නේ බොහෝ
කොට ආහාර වැළඳීමෙනි. පමණට ආහාර ගැනීමෙන් සිරුරට ඔවැනි අමාරු ඇති නොවේ.
සුවපහසු ලැබේ.
මේ නිමිති කොට , යමෙක්, සිතෙහි හා කයෙහි අලස බවින් යුතුවේද, බොහෝ කොට
ආහාර ගන්නේ වේද, අහරින් තර වී මහත්ව නිදන්නේවේද, ඒ අනුවණ තැනැත්තා නැවත
නැවත මවුකුසට පැමිණෙන්නේයැයි වදාළ සේක. ඒ බුද්ධ අවවාදයෙහි පිහිටි මහ
රජතුමා එතැන් පටන් ආහාර ගැනීම අඩුකොට සිරුරට අවශ්‍ය පමණට වළඳා බොහෝ සුව
පහසුවක් ලබා ගත්තේය.
ගිහි පැවිදි දෙපක්‍ෂයම ආහාර ගැනීමේදී පමණ දැන වැළඳීමෙන් මෙලොව නිරෝගී
ජීවිතයක් ගත කිරීමටත්, එසේ නිරෝගීව සිට ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන් මග
ඵල කෙළවර නිවන් සුවයට පැමිණීමටද හේතුවනවා ඇත.
උපසපන් භික්‍ෂුව විසින් ආරක්‍ෂා කරන සීලයද ගෘහස්ථ දස සීලයද හා සාමණේර
දස සීලයද වශයෙන් සීල කීපයකි. සාමණේර දසශීලය උපසපන් භික්‍ෂුවක ගෙන්ම
ලැබිය යුතුය.
ශාසනික ශීල සමාදානයේ ඉහළම අංකයෙහිලා ගැනෙන්නේ සිවු පිරිසුදු ශිලයයි.
ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය , ආජීව පාරිශුද්ධ ශීලය,
ප්‍රත්‍යය සංනිශි‍්‍රත ශීලය යනු ඒ සතරයි. මේ සතර උපසපන් පැවිද්දන්
විසින්ම රැකිය යුතු ශීලයන්ය. මෙම ශීලයන් අබුද්ධොත්පාද කාලයන්හි නොලැබෙන
බුද්ධ කාලයාටම සීමා වූවකි.
ප්‍රත්‍යය සංනිශි‍්‍රත ශීලය :- දිවි පැවැත්ම සඳහා අවශ්‍ය චීවර,
පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන සතර සිහි කල්පනාවෙන් යුක්තව
පරිභෝජනය කළ යුතුය. සිවුරෙන් ප්‍රයෝජනය ගත යුත්තේ අවුව , වැස්ස , සුළං,
මැසිමදුරු, උවදුරුවලින් ආරක්‍ෂාවීමට හා හිරිඔතප් දෙක රැකෙන ලෙසය. ආහාර
වළදන්නේ ඇඟ මහත්වීමට, ලස්සන වීමට නොව ශරීරය නිරෝගීව තබාගෙන බඹසර
රැකීමටය. භික්‍ෂුව ආහාර පමණක් නොව ගිලන් පස වළඳන්නේද නානා ලෙඩදුක් දුරු
කර ගැනීමට හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම පිණිස යැයි සිතාගෙන
ප්‍රමාණය හා අවස්ථාව සලකා සිහිනුවණින් පරිභෝග කළ යුතුය.
බුදුරදුන් විසින් අනුදැන වදාළ අප්පිච්ඡතාව නම් වූ ආහාර යේ ලද දෙයින්
සතුටුවීම ගිහි පැවිදි දෙපාර්ශ්වයේම යහපත පිණිසම පවතිනවා ඇත. අද මෙරට
ඇතැම් දෙනා අතර දක්නට ලැබෙන දියවැඩියාව නම් රෝගයට හේතුවද පැණිරස හා
පිෂ්ඨ ධාතු අධික ආහාර සීමාවකින් තොරව ගැනීමය.
චතුර් විධ පරිභෝග
1.ථෙය්‍ය පරිභෝගය 2. ඉණපරිභෝගය 3. දායජ්ජ පරිභෝගය 4.සාමි පරිභෝගය
යනුවෙන් සතරකි. ථෙය්‍ය පරිභෝගය නම් සොර සිතින් කෑමයි. ඉණ පරිභෝගය තමා
සිල්වත් වුවද ප්‍රත්‍යවේක්‍ෂා නොකොට වළදන්නේ නම් ඔහුගේ පරිභෝගය ඉණ
පරිභෝගයයි. (ණයට කෑමයි) දානය වළඳනවිට පිඩක් පිඩක් පාසා
ප්‍රත්‍යාවේක්‍ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්‍ෂාව නම් දානය දුන් ගිහියන්ට
පින් සිදුවේවායි සිතීමය. එසේ ප්‍රත්‍යවේක්‍ෂා නොකළේ නම් පෙරවරු ,
පස්වරු, පෙරයම හෝ ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතුය. එසේ ප්‍රත්‍යාවේක්‍ෂා
නොකරම අරුණ නැග්ගේ නම් ඉණ පරිභෝගයට අසුවේ.
මේවා ඇවැත්දෙසා ගැනීමෙන් පිරිසුදු වන බැවින් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
දේශනා ශුද්ධියයි කියනු ලැබේ. පචිති ආදිය ඇවැත් දෙසීමෙන්ද, සංඝාදිසේස සඝ
මැද දෙසා පරිවාස , මානත්, අබ්හාන ගැනීමෙන් පිරිසුදු වෙනවා ඇත.
පාරාජිකාව කවරකිනුදු පිරිසුදු නොවේ.
ධාතු කාමතා යනු දෙනු කැමැත්තය. බොහෝ සැදැහැවත් දායකයෝ භික්‍ෂූන්ට
පෙරැත්ත කරමින් ආහාරපාන පිළිගන්වත් මුලදී එය ප්‍රතික්‍ෂේප කරන භික්‍ෂුව
පසුව නොදැනුවත්වම ඊට පහළ වේ.
සද්ධාතිස්ස රජු කල සත් හැවිරිදි හෙරණ නමක් වීය. දිනක් රජතුමා උක් සකුරු
ගැල් සියයක් අනුරාධපුර මහා විහාරයට යවා රජුද මහාවිහාරයට ගියේය. රජතුමා
මේ දානය මහණුන්ට පාත්‍රය පුරවා දෙවයි නියම කළේය. තවද කිසියම් මහණෙකු
යම් සුළු ප්‍රමාණයක් පිළිගතහොත් ඒ බව තමාට දැන්විය යුතු බවද ඇමතීන්ට
නියම කළේය. එහි පැමිණි තෙරණමක් තමා සමග පැමිණි කුඩා සාමණේරවරයාගෙන්
උක්සකුරු ඕනෑදැයි අසා “අනවශ්‍යයි” කීය. ඉන් පසු තෙරණුවෝ තමා විඩාවට
පත්ව ඇති හෙයින් බුළු ගෙඩියක් පමණ ප්‍රමාණය සෑහේයැයි කී පසු කුඩානම උක්
සකුරු බෙදන තැනට පාත්‍රය ගෙන ගියේය. ගිහියන් පාත්‍රය පුරා උක් සකුරු
ප්‍රතික්‍ෂේප කළේය. සාමණේර නම කියනුයේ උපාසකවරුනි, මාගේ උපාධ්‍යායන්
වහන්සේට උවමනා ඉතා ස්වල්පයක් පමණියැයි පැවසීය. මුවින් නොහැරෙයි. මේ උක්
සකුරු ගෙන ගොස් හෙට හෝ අනුභව කරමියි නොසිතයි. අහෝ බුදු සසුන මහත්
ආශ්චර්ය යැ”යි වඩ වඩාත් ප්‍රසන්න වුයේ තවත් ගැල් දෙසිය පණහක් ගෙනවුත්
සංඝයාට බෙදා දීමට නියම කළේය.
භික්‍ෂුව ආහාර අවශ්‍ය ප්‍රමාණයට මිස දෙන තරමට පිළිගත යුතු නොවේ.
දායකයාගේ අදහස විශාල ප්‍රමාණයක් පිළිගැන්වීමට වුවත් පිළිගත යුත්තේ
ස්වල්පයකි. මෙසේ පමණ දැන පිළිගැනීම අප්පිච්ඡිතා පටිපදාවයි. ඒ
ප්‍රතිපදාව පුරන්න වුන්ට නූපන් ලාභ උපදී. මහජන ප්‍රසාදය ඇතිවේ. හෙතෙම
මහජනයාට ඇසක් වැනිය. ඔබ සැමට තෙරුවන් සරණයි.
|