රෝම දේව කතා පුරාණය
චාල්ස් එච්. ලෝංග්
පරිවර්තනය -
නාරාවිල පැට්රික්
රෝම දේව කතා පුරාණයට, ගී‍්‍රක ඔලිම්පියානු පටිපාටියට අනුකූල වන්නාක්
බඳු; අනුපිළිවෙළින් පැමිණි විශ්ව දේව සමූහයක් නැත. එය, සාපේක්‍ෂ වශයෙන්
මැනවින් තොරතුරු දක්වා ඇති විශේෂ දෙවිවරුන් පිරිසක්
ඉදිරිපත් කරයි. ඔවුන්ගේ පුරාණ ජීවන තොරතුරු; එනම් ඔවුන්ගේ උපත, මිථ්‍යා
ආචාර, වීර ක්‍රියා හා ඔවුන් එක එකා අතර හෝ
සමූහය අතර හෝ අන්‍යෝන්‍ය
සබඳතා ගැන කිසිවකි සදහන් නොවේ. අනෙක් අතට වසරේ නිශ්චිත වකවානුවකදී හෝ,
පුරවරයේ හෝ අවට පෙදෙසක නිශ්චිත තැනකදී පුදනු ලැබීමට මේ දෙවිවරු සුදුසුව
සිටියහ. ඇතැම් පොදු ව්‍යාපාර හා තැන්හිදී
පූජාවට සුදුසු බලධරයන්ගේ යම් යම් ප්‍රකාශයට පත්වීම් විස්තර කර ඇත.
විශේෂ දෙවිවරු
නගරයකට හෝ අඩවියකට
ගැළපෙන අයුරින් තුමූ ම කළ එළි බසිත්. සමහර විට, ප්‍රාදේශීය වීරයෝ
දෙවියන්ගේ තත්ත්වයට ඔසොවා තබනු ලබත්.
රෝම පුරාණ දේවකතා වලින් ලැබෙන ඓතිහාසික පසුබිම, ඇතැම් කරුණු අතින්
ගී‍්‍රක පසුබිමට සමාන ය. එහිදීත් ඉන්දු යුරෝපීය මූලික ලක්‍ෂණ දේශීය
ජනතාවගේ සංස්කෘතිය මත අධිෂ්ථාපිත ඒවාම ය. පසුකාලීන යුග වලදී ගී‍්‍රක්,
ඉරාන, සිරියා සහ ඉජිප්තියානු සාංස්කෘතික සහ ආගමික අරමුණු රෝම දේවකතා
පුරාණය තුළ කිසියම් කාර්ය භාරයක් ඉටු කළේ ය. කෙසේ වෙතත් පැහැදිලි කළ
හැකි විශේෂ ලක්‍ෂණයක් සහ ස්වභාවයක් රෝම දේවකතා පුරාණයට ඇත. විවිධ ද,
සංකීර්ණ ද, කාව්‍යාත්මක හා විචාරාත්මක ඇගැයීමෙන් පොහොසත් ද වන ගී‍්‍රක
දේවකතා පුරාණය මෙන් නොවූ රෝම ආගම සහ පුරාණ දේවකතා ගද්‍යාත්මක ද,
දූරදර්ශී ද, නෛතික හා සදාචාරාත්මක අරුතින් නිරවද්‍ය ද වෙයි.
රෝම දේවකතා පුරාණයට, ගී‍්‍රක ඔලිම්පියානු පටිපාටියට අනුකූල වන්නාක් බඳු
අනුපිළිවෙළින් පැමිණි විශ්ව දේව සමූහයක් නැත. එය සාපේක්‍ෂ වශයෙන්
මැනවින් තොරතුරු දක්වා ඇති විශේෂ දෙවිවරුන් පිරිසක් ඉදිරිපත් කරයි.
ඔවුන්ගේ පුරාණ ජීවන තොරතුරු ගැන කිසිවක් සඳහන් නොවේ. එනම් ඔවුන්ගේ උපත,
මිථ්‍යා ආචාර, වීරක්‍රියා හා ඔවුන් එක එකා අතර හෝ සමූහය අතර හෝ
අන්‍යෝන්‍ය සබඳතායි. අනෙක් අතට වසරේ නිශ්චිත වකවානුවකදී හෝ, පුරවරයේ හෝ
අවට පෙදෙසක නිශ්චිත තැනක පුදනු ලැබීමට මේ දෙවිවරු සුදුසුව සිටියහ.
ඇතැම් පොදු ව්‍යාපාර හා තැන්හිදී පූජාවට සුදුසු බලධරයන්ගේ යම් යම්
ප්‍රකාශයට පත්වීම් විස්තර කර ඇත. විශේෂ දෙවිවරු නගරයකට හෝ අඩවියකට
ගැළපෙන අයුරින් තුමූ ම කළ එළි බසිත්. සමහර විට, ප්‍රාදේශීය වීරයෝ
දෙවියන්ගේ තත්ත්වයට ඔසොවා තබනු ලබත්. එවන් ප්‍රාදේශීය දෙවිවරු
‘ඉන්ඩිජටමන්ටා’ නම් වට්ටෝරුවේ නාමාවලි ගත කරනු ලැබූහ. එසේ ම මේ
දෙවිවරුන් පිදීමට සුදුසු පූජා විධි ද නිර්දිෂ්ට විය.
ගී‍්‍රක වීශ්ව දේව සමූහය සහ ඔවුන්ගේ රෝම ප්‍රතිරූපකයන් අතර සෘජු
අනුරූපතාවක් සකසා ගත හැකි ය. එනම්, සියස් - ජුපිටර්, හේරා - ජුනෝ,
පොසීඩන් - නැප්චූන්, ඩිමිටර් - සීරිස්, ඇපලෝ - ඇපලෝ, ආර්ට්මිස් - ඩයනා,
ඇතීනා - මිනර්වා, හෙෆීටස් - වල්කන්, ඇෆ්‍රොඩයිට් – වීනස්, ආරිස් -
මාරිස්, ඩයොනිසස් - බැකස් යනුවෙනි. කෙසේ වෙතත් මේ අනුරූපතාව රෝම දේවකතා
පුරාණයේ මතුපිටින් යන්තමින් ගෑවී යෑමක් පමණි.
ඩුමෙසිල්, ඉන්දු යුරෝපීය දේවකතා පුරාණය පිළිබඳ ඔහුගේ මූලික සිද්ධාන්තය
විෂයයෙහි, ජුපිටර්, මාර්ස් හා කුයිරිනස් රෝම පුරාණ දේවකතාවේ ප්‍රාථමික
ත්‍රිකය (ත්‍රිත්වය) බවට පත් කර ඇත. ඉහත සඳහන් රෝම ජුපිටර්, ගී‍්‍රක
පුරාණ දේවකතාවේ පියා වූ සියස් ය. ඔහු අහසේත් පොළොවේත් ආරක්‍ෂකයා ය. ඒවා
ජුවෙන්ටස් හා ටර්ම්නස් වැනි සුළු දෙවිවරුන් යටතේ තබා ඇත. ත්‍රිකයේ
දෙවැනි තැන නියෝජනය කරන්නා මාර්ස් ය. ඔහු යටතේ බෙලෝනාත්, වැකුනාත්
වෙති. ඔවුන් යටතේ යුද්ධයට සූදානම් වූවෝ රැස්වෙති. කූයිරිනස්, සේබයින්
සම්භවයක් ඇති දෙවියෙකි. සේබයින්හු, ත්‍රිකයේ මුල් දෙදෙනාට එරෙහි
පිරිසක් ලෙස හඳුනා ගනු ලැබූ ජනතාවක් වෙති. පසුව ඔවුහු බලයෙන් මෙල්ල
කරනු ලැබුවාහු ස්විකෘත වූහ. ඩුමෙසිල් එය හඟින්නේ නන්විධ ඉන්දු යුරෝපීය
දේවකතා පුරාණාත්මක පද්ධතීන්ගේ නිර්මාණය තුළ පුනරාවර්තීත මෝස්තරයක් බව
යි. මෙලෙස කූයිරිනස් අස්වැන්නේ හා සශ්‍රීකත්වයේ ආරක්‍ෂකයා වෙයි. එහිදී
ධාන්‍ය මඟින් සහ සෞභාග්‍යය හා සමෘද්ධිය පිළිබඳ වෙනත් ශක්තීන් සමඟ ඔහුගේ
සමවාය නියෝජනය වෙයි. ඇතැම් විට ඔහු සාමකාමී ආරක්‍ෂාවේ සංකේතයක් ලෙස
මාර්ස් සමඟ සහගාමීව සිටී. ඒ එක්කම සාමාන්‍යයෙන් ප්‍රභවය හා නගර ද්වාර
ආරක්‍ෂකයා වන ජේනස් සමඟ ද සහයෝගයෙන් ක්‍රියා කරයි.
උසස් ගණයේ දෙවිවරුනට පහළ මට්ටමේ සිටින්නාහු නියෝජ්‍ය දෙවිවරු ය. ඔවුනට
පහළින් උප දෙවිවරු සිටිති. රෝම වර්ෂය පුරා මේ උප දෙවිවරුනට පුළුල්
විවිධධත්වයෙන් උත්සව සහ බිලිපූජා කැප කරන ලදී. මොවුහු විශේෂ කටයුතු වලට
අරක් ගත්තෝ ය. ඔවුහු පලතුරු උයන් රැක බලා ගනිති. ඒවා හදා වඩා ගනිති.
ඔවුන් තව දුරටත් දේවකතා වල චරිත වන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් ඔවුන්
පෙනී සිටින්නේ ඔව්ඩ්ගේ ‘ෆාස්ට්’ සහ ‘මෙටමෝෆෝසිස්’ වැනි කෘතින්හි දක්වා
ඇති කටයුතු වල ය. තව දුරටත් වඩාත් විශේෂ වන්නාහු ‘ලාරිස්’ සහ ‘පැනට්ස්’
වැනි දෙවිවරු ය. එක් අතකින් ඔවුහු ගෙවල දෙවියන් ලෙස සැලකිය හැක්කෝ ය.
ඔවුහු ගෙදර දොර උදුන්, අල්මාරි, පෙට්ටගම් සහ කුදු මහත් බඩුමුට්ටු වලට
අරක්ගෙන සිටිති. මේ පියවරේ දී, විශ්වය පිළිබඳ රෝම අත්දැකීම් පමණක් නොව,
එසේම පුරවැසියන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් හෙළි කරන එවන් පටිපාටියකට
දේශීය ලතින් සහ වෙනත් ප්‍රාග් ඉන්දු යුරෝපීය ජාතීන්ගේ දෙවිවරුන්
ස්විකෘත වී ඇත්තේ කෙසේ ද යනුත් පැහැදිලි වෙයි.
මේ සන්දර්භයේ දී රෝමයේ ඉතිහාසයට අදාළ පුරාණ දේවකතාත්මක වීරකාව්‍ය ගැන ද
සඳහන් කළ හැකි ය. මේවාට වර්ජිප්ගේ ‘ඊනිඩ්’ රොමියුලස් හා රීමස් කතා
සමුදාය සහ රෝම රජුනට සම්බන්ධ වීරකාව්‍ය ද ඇතුළත් ය. මේ කථාන්තර, පුරාණ
දේවකතාත්මක අතීතය හා විශිෂ්ට අනාගතයක් පිළිබඳ පැතුම, රෝම වර්තමානයත්
සමග ගළපා, රෝම ඓතිහාසික සම්ප්‍රදායයන් ච්ර්තිමත් පටිපාටියකට සන්ධානගත
කරමින් දේවකතා පුරාණය පුරා, නීතිය හා ස්ථාවරත්වය සඳහා රෝම අවදානයේ
පැහැදිලිකම විවරණය ඉදිරිපත් කරන අතර, එහිලා සාක්‍ෂි ද ශක්තිමත් කරයි.
නෝර්ස් (ජර්මානු සහ ස්කැන්ඩිනේවියානු) දේවකතා පුරාණය
ක්‍රි.පූ. 1000 න් පසු, ගණනින් ඉතා වැඩි සංස්කෘති විසින් එක්තරා ආකාරයක
ඉන්දු යුරෝපීය බසක් වහරන ලදී. ක්‍රිපූ. 01 වැනි සහස්‍රකයේ මැද හරියේ
සිට දකුණු ස්කැන්ඩිනේවියාවේ සහ උතුරු ජර්මනියෙත් ජ්ර්මානු ගෝත්‍ර ජීවත්
වූහ. ඔවුන්ගේ පර්යටනය සහ ව්‍යාප්තිය ක්‍රිපූ. 02 වැනි සියවසේ සිට
ඉදිරියට ඉතිහාසයේ වාර්තා වී ඇත. ස්කැන්ඩිනේවියානු හා ජර්මානු දේවකතා
පුරාණයට පොදු සම්භවයක් හා ව්‍යුහයක් ඇත. එබැවින් ඒ දෙක ම එකට ගෙන කතා
කරනු ලැබේ.
රෝමක ජුලියස් සීසර් හා ටැසිටස් කරන ලද නිරීක්ෂණ හැර, ජර්මානු දේවකතා
පුරාණය විෂයයෙහි සියලු මූලාශ්‍ර පශ්චාත් හා ක්‍රිස්තියානි ඒවා ය.
සම්ප්‍රදායයන්ගේ ප්‍රධාන කොටස ස්නෝරි ස්ටර්ලුෂන්ගේ (1179 - 1241)
‘ප්‍රෝස් එඩා’ කෘතියේ අඩංගු ය. අයිස්ලන්ත ජාතික ඉතිහාසඥයකු වන ඔහු,
පැරණි නෝර්ස් ආගමේ දේවකතා පුරාණාත්මක හා ආගමික මූලාශ්‍ර පිළිබඳ
බෙහෙවින් නිවැරදි සම්පාදකයකු, සංස්කාරකයකු හා විවරණකරුවකු ද වෙති යි
තීරණය කර ඇත.
මැවීම පිළිබඳ පුරාණ දේවකතාව සවිස්තරව ඉදිරිපත් කර ඇත්තේ ස්නෝරි විසින්
පමණකි. ඔහු විසින් කලින් තිබුණාට වඩා තරමක් පැහැදිලි ආකෘතියෙන්
ඉදිරිපත් කරමින් මූලාශ්‍ර කීපයක් සකසා ඇත. ආරම්භයේදී ම මහා
ශුන්‍යත්වයක් විය. පොළොව සැකසෙන්නට කලින් තිබුණේ මළ ලෝකයකි. මේ මළ
ලෝකයේ මහා ළිඳක් (උල්පතක්) තිබිණ. මේ උල්පතින් ගංඟා 11 ක් නික්මුණේ ය.
මළ ලෝකය හෙවත් නිෆ්ල්හයිම්ට දකුණු දෙසින් දැඩි උණුසුම් ලෝකයක් එනම්,
මුස්පෙල් විය. එය සුතෘ (කළු) නම් යෝධයා විසින් අරක් ගන්නා ලදී.
නිෆ්ල්හයිම්හි ගංගා මිදී ඇත. මේ මිදුණු ගංගා වල තිබුණේ ශුන්‍යත්වය යි.
කෙසේ වෙතත් මුස්පෙල් හෙවත් තාප ලෝකයෙන් නිකුත් අග්නිජාලා, ගංගා මත පතිත
විය. එකල්හි ගංගා දිය වන්නට පටන් ගත්තේ ය. ඒ දිය වැගිරීමෙන් ‘ය්මීර්’
නම් යෝධයා මූර්තිමත් විය. ඔහුගෙන් වැගුරුණු ඩහදියෙන් අනෙක් යෝධයන්
එනම්, ස්ත්‍රීන් ද, පුරුෂයන් නිර්මාණය විය.
තවත් පිටපතක් වෙනත් හැටියකින් තතු දක්වයි. ඒ අනුව යටකී පරිදි වැගුරුණු
දිය බිඳු වලින් ආදි කාල්පිත ‘අවුදුම්බ්ලා’ නම් ගවදෙන මූර්තිමත් වූවා ය.
ය්මීර් යෝධයා වැඩුණේ් ඇගේ කිරි බීමෙනි. එසේ ම අවුදුම්බ්ලා මිදුණු ලුණු
කුට්ටි ලෙව කෑවා ය. එයින් ආදිතම මිනිසාගේ ආකෘතිය සැකසිණ. ඒ මිනිසා
‘බුරී’ නම්. බූරිට පුතෙක් වෙයි. ඔහු ‘බෝර්’ නම්. බෝර් ‘බොල්තෝර්’ නම්
යෝධයාගේ දුව වන ‘බෙස්ත්ලා’ ආවාහ කර ගනී. මේ දෙදෙනාගේ එකතුවේ ප්‍රතිඵලය
‘ඔදින්’ ‘විලි’ සහ ‘වේ’ යන දෙවිවරු ය. ඔදින් සහ ඔහුගේ සහෝදරයෝ ය්මීර්
මරා ඔහුගේ සිරුරින් ලෝකය නිර්මාණය කරති.
දෙවියෝ ගසක කඳක් දෙකක් වාග් කෞශල්‍යය, ශ්වසනය, ශ්‍රවණය, දෘෂ්ටිය ආදි
ගුණ වලින් සරසති. මේ කඳන් මානව වංශයන්ගේ මූලාකෘති ය. මිනිසා අස්කෘ
හෙවත් ‘ඈෂ් ට්‍රි’ ය. ගැහැනිය එම්බ්ලා හෙවත් ‘ක්‍රිපර්’ ය. ඉක්බිති
දෙවිවරු ‘අස්ගාර්ඩ්’ නම් වූ දෙව්විමන ගොඩනඟති. ස්නෝරි වෙනත් සංස්කරණ
පිටපත්හි ලෝක කේන්ද්‍රයේ පැන නඟින ‘යග්ද්‍රසිල්’ නම් මහා වෘක්ෂයක් ගැන
සඳහන් කරයි. එය මිනිසාගේ ඉරණම විසඳන වෘක්ෂය යි. ගස යට ඉරණමට බලපාන ළිඳ
හෙවත් උල්පත වෙයි. එය ආකෘතියෙන් ස්ත්‍රිත්වය මූර්තිමත් කරයි. එහිදී
මිනිස් ජීවිතයේ ඉරණම හෙවත් ගමන් මඟ තීන්දු කරනු ලැබේ. ඇතැම් පිටපතක
සඳහන් පරිදි යග්ද්‍රසිල් වෘක්ෂය වටා දේව සභාව රැස් වෙති. මේ ගස රඳා
පවතින්නේ් මුල් තුනකිනි. ඉන් එක් මුලක් පාතාලයට විහිදෙයි. තවත් එකක්
හිම යෝධයන්ගේ ලෝකයට දිවෙයි. තුන්වැන්න මානව ජීවීන්ගේ ලෝකයට ගමන් කරයි.
සමස්ත ලෝකයේ ශුභ සාධනය යග්ද්‍රසිල් නම් වූ මේ ආදී කාල්පික වෘක්ෂය පදනම්
කොට පවතී.
නෝර්ස් දෙවිවරු කුලක දෙකකට බෙදනු ලැබ සිටිති. එනම් අයිසීර් සහ වනීර් ය.
අයිසිර් කුලකයේ බෙහෙවින් වැදගත් වන්නෝ ඔදින්, තෝර් සහ ඇතැම් විට ට්යර්
ද වෙති. වනිර් කුලකයෙන් ඔවුන්ගේ් ප්‍රතිවාදින් වන්නාහු න්ජෝර්ඩ් ෆේ‍්‍ර
සහ ෆේ‍්‍රයා ද වෙති. වනිර් කුලකය ධනය, සශ්‍රීකත්වය සහ දරුපල ද සංකේතවත්
කරයි. මේවා පොළොව සහ මුහුද සමඟ සහයෝගයෙන් ක්‍රියාකරයි. ඒ මුහුදත්,
පොළොවත් සෞභාග්‍යයේ මූලාශ්‍ර සංකේතවත් කරන හෙයිනි. අයිසීර් අනෙක්
වටිනාකම් සංකේතවත් කරයි. ඔදින් ඉන්ද්‍රජාලිකයෙකි. ඔහු දෙවියන් අතර
නායකයා ය. වීරයන්ගේ අනුශාසකයා ය. තෝර් කුළුගෙඩියට අධිපති දෙවියා ය.
අහස් ගිගුරුමට අධිපති පාරිසරික දෙවියාත්, වැඩ කිරීමේදී නායකත්වය ගෙන
මෙහෙයවන්නාත් ඔහු ය. නෝර්ස් දේවකතා පුරාණාත්මක දේව මණ්ඩල බොහොමයක, මේ
මණ්ඩල දෙකෙහි දෙවිවරු සාමුහික ව්‍යාපාරයන්හි සාමයෙන් හා සහයෝගයෙන්
කටයුතු කරමින් කල් ගෙවති. කෙසේ වෙතත් වැදගත් සංස්කරණ කීපයක් ඈත අතීතයක
අයිසීර් සහ වනිර් අතර සිදුවුණු බිහිසුණු සටහනක් වාර්තා කරයි.
ඇතැම් වියතුන් අයිසීර් සහ වනීර් දෙව් කුලක අතර ඇති වූ මේ සටන, ජර්මානු
ජාතීන් දේශීය සංස්කෘති සමග ඇති කරගත් ඓතිහාසික ගැටුමක පිළිබිඹුවක් ලෙස
අර්ථකථනය කර ඇත. කෙසේ වෙතත් ජේර්ජ් ඩුමෙසිල් සහ ජාන් ද විරීස් දෙදෙනා,
දෙවියන් අතර සංග්‍රාමය හා ෂ;භ්දනය ඉන්දු යුරෝපීය දේවකතා පුරාණයේ ඒකීය
ව්‍යුහයේ අංගයක් ලෙස දකිති. කෙසේ වෙතත් දෙවියන් පිළිබඳ සුපුරුදු
ත්‍රිත්වයේ මෙහි ක්‍රියාකාරිත්වය මෙලෙස දැක්විය හැකි ය. ඔදින් සහ තෝර්
ඉන්ද්‍රජාලික නීති දායකයාගේ කාර්ය පද්ධතිය බෙදා රදන්නෝ ය. ට්යර්
යුද්ධාධිපති දෙවියා ය. වනිර් සශ්‍රීකත්වය ප්‍රදානය කරයි. මේ වනීර්
දේවගණය පරදවනු ලැබ පසුව උත්තරීතර දේවසභා මණ්ඩලයට අන්තර් ග්‍රහණය කරනු
ලැබුවෝ ය.
නෝර්ස් දේව මණ්ඩල තුළ ගැටුම පටන් ගැනෙන්නේ, ඔවුන් අතර බලවත්තමයන් වන
ඔදින් සහ තෝර්, වනීර්ට දේවත්වයේ පූර්ණ තත්ත්වය හෝ අයිතිය දීම
ප්‍රතික්ෂේප කිරීමෙනි. මෙහිදී වනිර්, ගුල්වයිග් නම් ගැහැණියක අයිසීර්
වෙත යවමින් කන්නලවු කරවා අල්ලසට පොළඹවා ගනි. ගුල්වයිග් යන්නෙහි තේරුම
රන් මත්පැන් හෝ රන්මත (රනින් මත්වීම) යනු යි. මෙයින් සටනක් ඇරඹෙයි.
දෙපිරිස ම සටනින් හෙම්බත් වෙති. අන්තිමට දෙපසේ සාමාජිකයන් හුවමාරු කර
ගනිති. වනීර් කුලකය, න්ජෝර්ඩ් සහ ඔහුගේ පුතා ෆ්‍රේ යවති. අයිසිර්
කුලකය, මිමීර් සහ හොයිනිර් යවති. සාමය උත්සවාකාරයෙන් සැමරේ. සියලු
දෙවිවරු එක්රැස්ව පාත්‍රයකට කෙළ ගසති. එයින් ක්වසීර් නම් යෝධයෙක්
මැවෙයි. ඔහු දෙවියන් අතර සාමයේත්, සහජීවනයේත් සංකේතය යි. ඉක්බිති
ක්වසිර් බිලි පූජාවකට ලක් කෙරේ. එහිදී ඔහුගේ් ලෙසින්, දෙවියන් සඳහා
වඩාත් ශක්තිමත් බීමක් සාදනු ලැබේ. මෙසේ ක්වාසිර් දෙවියන් මත් කරවන්නා
වූත්, කවියන්ගේ සිත් තුළ උද්යෝගය ජනිත කරවන්නා වූත් බීමක් බවට පත්
වෙයි.
වැදගත් දේවකතා පුරාණත්මක ආඛ්‍යානයක්, බෝල්ඩර් සහ ලොකි යන දෙවිවරුන්
දෙදෙනා ගැන තොරතුරු කියයි. බෝල්ඩර්, ඔදින්ගේ පුතුන්ගෙන් එකෙකි. ඔහු
බුද්ධිය, ශ්‍රද්ධාව හා ඥානයේ සජීවි සාරය ලෙස පෙනී සිටී. ඔහු
‘ග්ලිට්නිර්’ නම් දෙව්ලොව තුළ ශාලාවක ධර්මාධිකරණය පවත්වයි. දෙවිවරුත්,
මහජනයාත් නීතිය පිළිබඳ අර්බුද සමථයකට පත් කර ගනු පිණිස ඔහු වෙත එත්.
ඔහුගේ තීන්දු සාධාරණ ය, සාමය ගෙන දෙන සුලුය. ලොකි අයිසිර් දෙව් කුලකය
විසින් දරුකමට හදා ගනු ලැබූ යෝධයෙකි. ඔහු සහ ඔදින් මිත්‍රත්වය සඳහා
දිවුරුම් දී ඇත.
ජීවිතයට තර්ජනයක් වන සිහිනයකින් බෝල්ඩර්ගේ සිත පෙළෙයි. ඔහු එය අයිසිර්ට
හෙළි කරයි. එවිට බෝල්ඩර්ගේ මව වන ෆි‍්‍රග්, ගින්න, ජලය, සියලු ලෝහ,
කුරුල්ලන්, වන මෘගයන්, පොළෝපස්, ගල් ආදියෙන් බෝල්ඩර්ට කරදරයක් නොවන බවට
වරයක් ලබා ගනී. ඉන්පසු අයිසීර් කුලකයේ දෙවිවරු, බෝල්ඩර් තමන් මැද
සිටුවා, ඔහුට ගල්, මුල් හා උල් වලින් පහර දෙමින් සතුටු වන්නට පටන්
ගනිත්. එහෙත් ඔහු වර බලයෙන් කිසිත් හිංසනයකට ගොදුරු නොවෙයි. ලොකි මේ
මවිතකර සිදුවීම දකී. ඔහු ගැහැනියක සේ වෙස් වළාගෙන ෆි‍්‍රග් වෙත ගොස්
බෝල්ඩර්ට කිසිත් හිරිහැරයක් නොවන්නට හේතුව අසයි. එවිට ෆි‍්‍රග් වරය ගැන
කියයි. ඒ එක්ක ම තමාට වරයට ඇතුළු කර ගත නොහැකි වූ ‘මිස්ට්ලෙටෝ’ නම්
පිළිලයක් ගැන කියයි. ඒ හණික ලොකි පිළිලය සොයා ගෙන අයිසිර් දෙව් කුලයක
වෙත අවුත්, බෝල්ඩර්ගේ අන්ධ සොහොයුරා වූ හොඩර්ට දෙයි. ඉක්බිති මේ
අපුර්ව ක්‍රීඩාවට හවුල් වීමට පහසු වන සේ ඉලක්කය ගන්නට උදවු කිරීමට තෙමේ
ම කැමැත්ත පළ කරයි. මෙයින් හොඩර්ගේ පිළල පහරින් බෝල්ඩර් මැරී වැටෙයි. ඒ
අතර වරද කරුවාගෙන් පළි ගන්නට අයිසිර් දෙව් කුලයකට වුවමනා වෙයි. එසේ
වුවත් ධර්මාධිකරණයේ පාරිශුද්ධිය හේතුවින් එලෙස නොකළ හැකි වෙයි.
බෝල්ඩර් රණවිරුවකු නොවන හෙයින් සටනකදී නොමිය ගියෙන් ඝාතනය කරනු ලැබූ
වීරයන්ගේ දෙව් විමන වූ ‘වල්හල්ලා’ වෙත නොයයි. එහෙත් මළවුන්ගේ ලෝකයේ
පාලකයා ලෙස එහි දිව්‍ය බල මණ්ඩලය වෙත යයි. මේ අතර ඔහු ඉන් මුදා හරින
ලෙස ඔදින් ඉල්ලා සිටී. එවිට, ඉදින් ජීවත් වන්නා වූ ද, මළා වූ ද සියලු
දෙනා බෝල්ඩර් වෙනුවෙන් වලපිත් නම්, ඔහුට යළිත් අයිසිර් දෙව් කුලකය වෙත
එන්නට හැකි වෙති යි මළවුන්ගේ ලෝකයෙන් ප්‍රතිචාර ලැබෙයි. එසේ නොවෙතොත්
ඔහුට මෘත්‍යු ලෝකයේ ම රැඳෙන්නට සිදු වෙයි. ඉක්බිති අයිසීර්, බෝල්ඩර්
වෙනුවෙන් හඬා වැලපෙන ලෙස සමස්ත සොබාදහමටත් මානව වර්ගයාටත්, දෙවියනට සහ
වන මෘගයනටත් අණ කරමින් ලොව පුරා පණිවිඩකරුවන් යවයි. මෙහිදී තොක් ලෙස
වෙස් වළා සිටි ලොකි හැර අන් සියල්ලෝ බෝල්ඩර් වෙනුවෙන් වැලපෙති. තොක්
වැලපීම ප්‍රතික්ෂේප කරමින් බෝල්ඩර්ට මෘත්‍යු ලෝක බල මණ්ඩලයේම සිටින ලෙස
බල කරයි.
අන්තිමට අයිසීර්, ලොකි අල්ලා ගනී. ඔහුගේ දුෂ්ට උපක්‍රම ක්‍රියාත්මක
කිරීමෙන් වළක්වනු පිණිස ඔහු යදමින් බැඳ දැමෙයි. කෙසේ වෙතත්
අනාවැකියකින් කියවෙන්නේ යම් දිනක ඔහු යදම් බිඳ දමනා බව යි. මෙය, සියලු
නපුර, දුෂ්ටයන් සහ යෝධයන්, රැග්නරොක් නම් දෙවියන්ගේ සැඳෑ අඳුර සමයේ මහ
සටනේදී ඔවුනට පහර දෙසු පිණිස මුදා හැරීමට සංඥාවක් බව යි. ඔදින්,
ෆොන්රිර් විසින් කා දමනු ලැබේ. එහෙත් ඔහු ඔදින්ගේ පුතකු වන විදර්
විසින් මරා දැමෙයි. එවිට දෙවියන් හා දුෂ්ට බලවේග අතර බියකරු සටන් පැතිර
යයි. මේ සටන් පැතිරෙන්නේ ආදි කාල්පිත දෙවියා වන හයිම්ඩෝල් සහ ලොකි මුණ
නොගැසෙන තෙක් ය. අන්තිමට ඒ දෙදෙනා මුහුණට මුහුණ හමු වෙති. ඉක්බිති
එකෙකා විසින් අනෙකා මරා ගැනෙති. එවිට ලෝකය ගින්නෙන් දැවී යයි. මුළු
විශ්වය යළිත් සාගරයේ ගිලී යයි. මේ විනාශය පසු පස පුනරුත්පත්තියක් එයි.
එනම් පෘථිවිය මහා සාගරයෙන් යළිත් මතුවෙයි. එය ගස් වැලින් පිරී ගොසිනි.
නිල්වනින් බබළයි. මළ අයිසිර්ගේ පුත්තු යළිත් අස්ගාර්ඩ් වෙත පැමිණ සිය
පියවරුන් කළ පරිදි පාලනය කරති.
|