මහනුවර අස්ගිරි විජයසුන්දරාරාමයේ
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි සිරිලක රාජ්‍ය තන්ත්‍රය ඒකීයත්වයෙන් සුරක්ෂිතව තහවුරුවීමට
බුදුදහමින් ලැබුණු අපමණ ශක්තිය වසර දෙදහස් ගණනකට අධිකව ලිය වී ඇති
දේශපාලන හා ආගමික වාර්තාවලින් මොනවට ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
රාජ්‍ය නායකයන්ගේ මෙන්ම ජනතාවගේද දෛනික ජීවන කාර්යයන් පිළිබඳ සෑම
අංගයකම සම්බන්ධීකරණයක් වූ ශ්‍රී දළදා වහන්සේ ලක්දිව ආරක්ෂාවට මූලාධාර
වූ අතර ආගම, ශිෂ්ඨාචාරය, අධ්‍යාපනය ආර්ථිකය, භාෂා සාහිත්‍ය ප්‍රධාන
කලාව, දේශපාලනය, නීතිය යන විෂය ධාරා ඔස්සේ කුසලතාවයන්ට මූලික වූ සේක.
ලක්දිව ආගමික සංකේත අතර ශ්‍රී දළදා වහන්සේ ප්‍රධානතම පූජනීය, වන්දනීය,
ගෞරවනීය රාජ්‍ය සංකේතය නිසා ක්‍රි.ව. 4 වන සියවස ලංකාවට වැඩමවා කීර්ති
ශ්‍රී මේඝ වර්ණ රජතුමා අනුරාධපුර ධම්මචක්ක මන්දිරයේ වඩා හිඳුවා පුද
පූජා පැවැත්වීමේ පටන් වර්තමාන ජනාධිපති දක්වා අඛණ්ඩව පුද පුජා
පැවැත්වීම ආශ්චර්ය ජනක වේ. මෙයට ප්‍රධාන කාරණා කීපයකි.
01. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යත්වයෙන් පාලනය වීම
02. දළදා වහන්සේ තැනින් තැනට ගෙනයාමට හැකිවීම
03. ජනතාව හා රජය අතර සම්බන්ධයේ සංකේතයක් වීම
04. දළදා වහන්සේගේ වාසනා මහිමය
05. දැනට සර්වඥ ධාතු අතර ප්‍රත්‍යක්ෂව දක්නට ඇති
දළදා වහන්සේ.
ලංකාවේ ප්‍රාදේශීය පාලකයන් කෙතරම් පාලනය ගෙනගියද රාජ්‍ය බලය තහවුරු
වන්නේ එක් පාලකයෙකුට පමණි. රාජ්‍ය බලය විමධ්‍යගතවීම ලංකාව වැනි රටකට
අයෝග්‍ය බව ප්‍රත්‍යක්ෂවීමට ඉතිහාසයෙන් බොහෝ සිද්ධීන් දැක්විය හැකිය.
නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම ආර්ථික සම්පත් බෙදා ගැනීමටද ප්‍රාදේශීය
පාලකයන් අතර ගැටුම් ඇතිවීමෙන් විශාල විනාශයක්ද විදේශීය ආක්‍රමණයක්ද
අපේක්ෂා කළ හැකි වග දේශපාලන භූ®මිකාවේ අතීතයෙන් පැහැදිලි වේ. මේ නිසා
ඒකීය රාජ්‍ය පාලනයක්ද සන්ධි ක්‍රමයේ සම්පත් බෙදා ගැනීමක්ද සිදුවන්නේ
නම් ධාර්මික ප්‍රබල රාජ්‍ය පාලන ව්‍යවසායක් ක්‍රියාත්මක වන්නේ ය. මෙම
පරමාර්ථය ඉෂ්ට සිද්ධ වී මෙහිලා ශ්‍රී‍්‍ර දළදා වහන්සේ ප්‍රමුඛ වන සේක.
ලාංකීය ජනතාවගේ් ප්‍රසන්න සංවේදිතාවය රඳා පවතින අනුරාධපුර ශ්‍රීමහා
බෝධියත්, රුවන්වැලි සෑයත්, ශ්‍රී‍්‍ර දළදා වහන්සේත් පුණ්‍යානුභාවයෙන්,
රාජකීයත්වයෙන් අසමසම වන්නාහ. මෙයින් ශ්‍රී දළදා වහන්සේ සමයෙන් සමයට
රාජධානියෙන් රාජධානියට රාජ්‍ය බලයෙන් රාජ්‍ය බලය ප්‍රයාණය වූද කිසිම
බලයකින් අභාවයට හානියට නොයාම බුද්ධ බලය ප්‍රත්‍යක්ෂවන ආශ්චර්යමත්
සිද්ධියකි.
කිත්සිරි මෙවන් රජතුමන් දවස බමුණු වෙසින් ලක්දිවට සැපත් වූ හේමමාලා
කුමරිය හා දන්ත කුමරු දෙදෙන ලක්ෂ සංඛ්‍යාත මහල් දෙමහල්, තෙමහල්
ප්‍රාසාදවලින් සමලංකෘත වූ චතුරංගනී සේනාවෙන්, දසලක්ෂ සංඛ්‍යාත ජනී
ජනයාගෙන් සිල්වත් ගුණවත්, නැණවත් ආර්ය ගුණයෙන් ප්‍රභාමත් මහා
සංඝරත්නයෙන් ශ්‍රීවන්තභාවය පිරී ඉතිරී පැතිරී යන අනුරාධපුර රාජධානියට
ශ්‍රී දළදා වහන්සේ වැඩමවා දේවානම්පියතිස්ස රජතුමන් විසින් කරන ලද
ධම්මචක්ක මන්දිරයේ වඩා හිඳුවා ඉමහත් පූජනීය විලාසයෙන් වන්දනාමාන
කිරීමත් යළි වසරක් පාසා අභයගිරි විහාරයට වැඩමවා ජනතාවට ප්‍රදර්ශන
කිරීමත් මුළු සිරිලංකාවටම ආරක්ෂාවක් ශාන්තියක් විය.
එදවස පටන් සෑම රජකෙනෙක්ම දළදා පූජාවත් ජය ශ්‍රී මහා බෝධි පූජාවත්
අඛණ්ඩව සිදු කළද විදේශීය ආක්‍රමණ නිසා දළදා වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ
විවිධ ප්‍රශ්නද ඇතිවිය.
ධාර්මික රාජ්‍ය පාලනයේ ප්‍රධාන සංකේතය වශයෙන් අසහාය පුජ්‍යත්වයෙන්,
ජනමන රංජන ශ්‍රීවන්ත භාවයෙන් ආකර්ෂණීයත්වයෙන් උදාර වූ ශ්‍රී දළදා
වහන්සේට පූජා පැවැත්වීමෙන් හා සුරක්ෂිත සංරක්ෂණයෙන් රජතුමාට රාජ්‍ය
පාලනය පහසුවන්නේ ය. අර්ථාන්විත නාමයකින් ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වාර්තා
තැබූ ධාතුසේන රජතුමා අළුත් දළදා මැදුරක් කරවා රන්මල් රිදීමල් පූජා
පවත්වා දළදා වහන්සේට දිවිතෙක් පුදා කුසල් දහම් කර සුගතිගාමී වූහ.
මහලු විජයබා මහපැරකුම්බා යන ශ්‍රේෂ්ඨ නරපතියන් කළ දළදා පූජාවන් පිළිබඳ
තොරතුරු මහාවංශ පූජාවලිය, ආදී ඓතිහාසික ග්‍රන්ථවල දක්නට ඇත.
පොළොන්නරු පුරවරයේ රාජ්‍ය පාලනය තිරසර වීමටද දළදා පුද පෙරහර මහෝපකාරී
විය. කීර්ති නිශ්ශංකමල්ල රජතුමා දළඳා මළුවෙහි ශෛලමය දළඳා මන්දිරය කරවා
අවට වටදාගෙය කරවා ශිලාලේඛන පිහිටුවා දළඳා තේවාභාරකාරයන් යෙදවා අසහාය
ලෙස පුද පුජා පවත්වා දානාදී පන්දහම් කළහ.
දඹදෙනි රාජධානිය නිර්මාණය කළ විජයබාහු රජතුමා සම්බුදු සසුන නගා
සිටුවන්නේ අරාජිකව පවතින පොළොන්නරුවෙන් දළඳා පාත්‍රා වැඩමවාගෙන අවුත්
බෙලිගල සිසාරා පවුරුපදනම් වාසලින් සුරක්ෂිත කොට පර්වත මුදුනෙහි අසමාන
වූ දළදා ගෙයක් කරවා එහි විසිතුරු පුවරතම දන්තධාතු ආරක්ෂාවෙහි නියුක්ත
වූ ස්ථවිර ගණයාට සංඝරාම පිළිගන්වා අප්‍රමාණ පූජා පිංකම් සිදු කළහ.
කෝට්ටේ රාජධානිය ශ්‍රී විභූතියෙන් අභිමානවත් කළ 6 වැනි මහා
පරාක්‍රමබාහු රජතුමා ද දළදා වහන්සේ වෙනුවෙන් සියලු කාර්යන් ඉෂ්ට සිද්ධ
කළහ. පළවෙනි විමලධර්ම සූර්ය රජතුමා සෙංකඩගල පුරවරය ලංකාවේ ප්‍රධාන
රාජධානිය වශයෙන් දියුණුකොට ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සියලු කාර්යයන්
ඉෂ්ට සිද්ධ කළහ. සෙනරත් රජ, දෙවන රාජසිංහාදී රජවරුද අසහාය දළදා පූජා
පැවැත්වූහ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙන්ම වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්
වහන්සේ ද එක්වන්ව දළඳා පුද පුජා පෙරහර පැවැත් වීමෙහි නිරතවූහ. මල්වතු
අස්ගිරි උභය මහා විහාරයන්හි ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේලා මෙන්ම
රාජකීය උතුමන් හා ජනතාවද විදේශීය රාජ්‍යයන්ද සිරිත් විරිත් වශයෙන්ද,
මහා පුණ්‍ය කර්ම වශයෙන්ද, ලෝකයේ පවත්නා උරුමයක්, මෙන්ම ශ්‍රේෂ්ඨතම පූජා
වස්තු වශයෙන්ද වන්දනා මානන, ගෞරව, උපහාර පූජා පැවැත් වීමෙන් රැස්කරන
කුසල් අපමණ විය. |