ගෝලීය මූල්‍ය අර්බුදය
වත්මන් ලෝක ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍රවෙමින් පවතී. ලෝක
ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කැර ඇති පරිදි ලෝක
ජනගහනයෙන් කෝටි සියයක් මේ නිසා දැනටමත් අන්ත දිළින්දන් බවට පත්
වී අවසන් ය. ඇතැම් ආර්ථික විශේෂඥයන් ගේ මතය අනුව, ඉතිහාසයේ
දරුණු ම ආර්ථික පරිහානිය ලෙස සැලැකෙන 1929 – 1935 අතර කාලයේ
පැවැති තත්ත්වයට වඩා මෙය දරුණු වීමට පුළුවන. 1929 ඔක්තෝබරයේ දී
ඇමරිකාවේ නිව්යෝක් කොටස් වෙළෙඳපළ කඩා වැටීම නිසා බැංකු,
කර්මාන්තශාලා, ආකර කර්මාන්තය ඇතුළු බොහෝ ව්‍යාපාරික සමාගම්
බංකොලොත් බවට පත් විය. අනතුරු ව එම ආර්ථික පරිහානිය සමස්ත ලෝකය
වෙත ම පැතිරිණ. ලොව පුරා කෝටි දෙකහමාරකට අධික කම්කරුවන්ට
රැකියා අහිමි විය. එම ආර්ථික පරිහානිය නිසා ඇමරිකාවේ කපු වගාව
ඔවුන් විසින් ම විනාශ කැර තිබේ. කැනඩාව තම තිරිඟු අස්වැන්නෙන්
කොටසක් ගිනි තබා විනාශ කළේ ය. බ්‍රසීලයට සිය කෝපි අස්වැන්න
මුහුදට වීසි කිරීමට සිදු ව තිබිණ. ලෝකය නැවතත් ගමන් කැරෙමින්
සිටින්නේ එම පරිහානිය දෙසට ය.
ගෝලීයකරණය යන ගාම්භීර වචනය තුළ සඟවන ලද භාණ්ඩ, සේවා හා
ප්‍රාග්ධනය නිදහසේ ගලායන විවෘත ආර්ථික ක්‍රමය මත සමස්ත
මිනිස්වර්ගයා ගේ දියුණු ව රඳා ඇතැයි බටහිර ආර්ථික විශේෂඥයන්
විසින් අපට උගන්වනු ලැබී ය. එ සේ ඉගැන්වීමෙන් නො නැවතී එය
සියලු රාජතාන්ත්‍රික ක්‍රියා මඟින් අප මත පැටවීමට උත්සාහ ගත්තේ
ය. එම ඊනියා විවෘත ආර්ථිකය මඟින් ලබා ගත් ප්‍රගතිය කුමක් ද?
නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ යැයි හඳුන්වනු ලැබූ බටහිර
ආර්ථික ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන්
දිළිඳු රටවල රාජ්‍ය අංශය දුර්වල කොට පෞද්ගලික අංශය ශක්තිමත්
කිරීමට බල කැරිණ. ඒ අනුව තුනීලෑලි සංස්ථාව, සිමෙන්ති සංස්ථාව,
පිඟන් සංස්ථාව ආදී රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරා දෙනු ලැබී
ය. ලංගම මරා පෞද්ගලික බස් සේවයේ උපතට මඟ පාදා දීම ද සිදු විය.
මේ විවෘත ආර්ථිකය බලහත්කාරයෙන් අප මත පටවන අවස්ථාව වන විට
එක්තරා ආරක්‍ෂණවාදී ආර්ථික ක්‍රමයක් අපට තිබිණ. එය අන් කිසිවක්
නො ව මිශ්‍ර ආර්ථික ක්‍රමය යි. ධනවාදී රාමුවක් තුළ නිෂ්පාදනය,
බෙදා හැරීම හා හුවමාරුව පිළිබඳ වැඩකටයුතු වලින් විශාල
ප්‍රමාණයක් රජය විසින් මෙහෙයවීම එහි ප්‍රධාන ලක්‍ෂණය වේ. නවසිය
හැත්තෑව දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට
පනහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය අංශයට අයත් වූ බව මෙහි දී
සිහිපත් කළ යුතු ය. ඒ තත්ත්වය 1978 න් පසු වෙනස් විය. ලාභය නො
ව සේවය යන සංකල්පය මත තීරණය වූ රාජ්‍ය ව්‍යාපාරවාදය වෙනුවට
ලාභය මත සේවය තීරණය කැරෙන පෞද්ගලික ව්‍යවසායවාදය අපි වැලැඳ
ගත්තෙමු.
මේ ආර්ථික අර්බුදය සඳහා නිෂ්පාදනය දුර්වලවීම, අස්වැන්න විනාශ
වීම හෝ සේවා අඩපණවීම නො ව ලාභය අඩුවීම හා අකාර්යක්‍ෂම පරිපාලනය
බලපා තිබේ. ඇමරිකාවේ ප්‍රධාන ම ගැටලුව වී ඇත්තේ සමාගම්වල
ප්‍රධාන විධායක නිලධාරීන් අධික වරප්‍රසාද භුක්ති විඳීම ය.
බැරැක් ඔබාමා පරිපාලනය ඊට එරෙහි ව විශාල රාජ්‍ය මැදිහත් වීමක්
සිදුකැර තිබේ.
අප මේ සියලු කරුණු සඳහන් කිරීමෙන් අදහස් කැරෙනුයේ ආර්ථික
විද්‍යාව ඉගැන්වීම නො වන බව කිව යුතු ය. ශ්‍රී ලංකාව 1956 සිට
අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය බුදු දහමේ එන මැදුම් පිළිවෙත
මත පදනම් වූ සමාජ අවශ්‍යතාවන්ට අනුකූල යැයි පෙන්වාදීම අප ගේ
අරමුණ ය. මෙය, අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා
විසින් 1957 දෙසැම්බර් 4 වන දා නවදිල්ලියේ දී කළ දෙසුමක දී මෙ
සේ සඳහන් කැර තිබිණ.
“මධ්‍යම ප්‍රතිපදාවක්, සහජීවනයක් පිළිබඳ අප ගේ න්‍යාය ඇත්ත
වශයෙන් ම පැන නඟින්නේ මේ මතයෙනුයි. (මා සඳහන් කළ අන්දමට අපේ නව
සමාජ ගොඩනැංවීමේ දී අපට ම ආවේණික වූ අතීත සම්ප්‍රදායනුන්, අපේ
රටවැසියන් ගේ උත්කෘෂ්ට සහජ සාමාර්ථයන් අමතක නො කැර) මේ
අවස්ථාවේ දී නව ලෝකයක් පසුබිම් කැරගෙන වැඩවසම් සමාජයක සිට
ස්වාධීන සමාජයකට පරිවර්තනය වීමේ කාර්යය ඉටුකිරීමට අපට
සිදුවෙනවා. මේ බලවතුන් ගේ කණ්ඩායමට එකතු වන්නට අප සූදානම්
නැහැ. අපට අවශ්‍ය වෙනවා නිදහසේ ඉන්න, අප ගැන සොයා බලන්න. අපේ
නව සමාජය ගොඩනැඟීමේ දී අපට ඉතා ම හොඳින් ගැළපෙන විදිහට
පෙරදිගින් හෝ අපරදිගින් හෝ වේවා කොමියුනිස්ට් වාදයෙන් හෝ
ධනවාදයෙන් වේවා අපට ප්‍රයෝජනවත් වන අපට හිතකරවන දේ ලබා ගැනීමට
අපට අවශ්‍ය වෙනවා. මගේ රටත්, වෙනත් රටවල් ගණනාවකුත් දැනට
අනුගමනය කැරෙන මැදිහත් බවත් සහජීවනයත් පිළිබඳ න්‍යායයන් පිටුපස
ඇති දර්ශනය ඒකයි.’
වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ යම් ප්‍රමාණයකට හෝ
ආරක්‍ෂාවීමට අපට හැකි වී ඇත්තේ බටහිර පරිභෝජනවාදී සමාජයක් බවට
පත්කිරීමට උත්සාහ දැරූ බලවේග යම් ප්‍රමාණයකට හෝ පරාජය කිරීම
නිසා ය. |