|
|
මාතලේ අලුවිහාරයේ
පිවිසුම් වාහල්කඩ - දෙවනපෑතිස් රාජ්‍ය
සමයට අයත් (ක්‍රි.පූ. 250 – 210) මාතලේ
අලුවිහාරය ලොව වඩාත් ප්‍රචලිත වන්නේ, සිවුවැනි
ධර්ම සංගායනාව නිසා ය.
වළගම්බා රාජ්‍ය සමයේ දී (ක්‍රි.පූර්ව 89)
කුන්තගත්තතිස්ස හිමියන් ප්‍රමුඛ 500 ක්
මහරහතන් වහන්සේ විසින් අටුවා සහිත ත්‍රිපිටකය
රන්පත්,
තඹපත් හා තල්පත් හි ග්‍රන්ථාරූඪ කිරීමේ
ඓතිහාසික කාර්යය සිදු කළේ, මාතලේ අලුවිහාරයේ
දී ය. අද පසු පිටුව සැරසෙන්නේ
මාතලේ අලුවිහාරයේ පිවිසුම් මකර තොරණ අබියස
දර්ශනයකිනි. ඡායාරූපය -ජායාරූපය - ජනක
වෙත්තසිංහ |
|
|
විඩාබර සිත් පහන් කරන දෙමටගොඩ වේළුවනාරාමය
සියලු සැදැහැති දනන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විහාරස්ථානයක් ලෙස කොළඹ,
දෙමටගොඩ වේළුවනාරාමය හැඳින්වීමට පුළුවන. අවිවේකී වටාපිටාවක වෙසෙන
ජනතාවගේ සිත් සතන් වලට නිරාමිස සුවය ගෙන දෙන බව වේළුවනාරාමයට යන කාට
වූවද හොඳින් දැනේ.
ඉතිරිය»
|
|
බක්පුර
පසළොස්වක
බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා
බදාදා අපර භාග 09.14 ට ලබයි.
9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා |
|
|
|
|
|
|