වසර දහ නවයක් සපිරෙන
ජාතික නාමල් උයන
කලආරච්චියාගම සුමනරතන හිමි
ජාතික නාමල් උයන සහිත රෝස තිරිවානා නිධිය හඳුන්වා දී 28 වන දා වසර 19ක්
සම්පුර්ණ විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
‘ඇත්තටම මේ වනාන්තරය රැක ගන්න මම විඳපු දුක දන්නේ මම විතරයි.
මම මගේ ජීවිතයේ වටිනාම කාලය මේ විදිහට මේ මහා වනයටම කැප කිරීමේ
ප්‍රතිඵල අද අත්වෙලා තිබෙනවා දුටු විට මට දැනෙන්නේ පුදුම සතුටක්. ’’
වසර 19ක් පමණ තම දිවි පරදුවට තබා ආරක්‍ෂා කර ගත් ජාතික නාමල් උයන දෙස
බලමින් වනවාසී රාහුල හිමියෝ එලෙස පවසමින් මහත් පී‍්‍රතියක් භුක්ති
විඳිති.
අනුරාධපුර රජ දවස දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමය දක්වා දිවෙන
ඉතිහාසයක් ඇති නාමල් උයන සහ රෝස තිරිවානා කඳුවැටිය අද ජගත් ප්‍රජාවගේම
අවධානය යොමු වු සුවිශේෂී ස්ථානයක් බවට පත් වී ඇත්තෙ වනවාසී රාහුල
හිමියන්ගේ පූර්ණ කැපවීම නිසාය.
උන් වහන්සේ මුල් කාලයේ දී හරිහැටි කුසට අහරක්වත් නැතිව අනන්ත දුක්
විඳිමින් ගසක් උඩ පැළක් හදාගෙන ජීවිතය ගත කළේ මෙම මහා වනාන්තරය රැක
ගැනීමට ය. නා ගස් ගොන්න අතරේ පැවති මොරගස මුල් යුගයේ දී රාහුල හිමිගේ
වාසස්ථානය විය. මොරගහ උඩ අටවාගත් කුඩා පැළ සිය නිවහන කර ගත් උන්වහන්සේ
වනාන්තරය ආරක්‍ෂා කර ගනිමින් එම ඓතිහාසික භූමිය රටට හඳුන්වා දීමට ඉමහත්
වෙහෙසක් ගත්හ.
මේ ජාතික නාමල් උයන රටට හඳුන්වා දෙන්න මේ රටේ ජනමාධ්‍ය මට දුන් සහය
කියා නිම කරන්න බැහැ. මේ වගේ ජාතික මෙහෙවරක යෙදුණු ඒ සියලුම ජනමාධ්‍ය
ආයතනවලට මම උදේ සවස පින් දෙනවා.
මෙම ජාතික නාමල් උයන ආශි‍්‍රත ප්‍රදේශයේ රජ සමයේ දී “ මිනිස් අභය
භූමියක්” ලෙස නම් කර තිබූ බව එහි ඇති එක් ටැම් සෙල් ලිපිය සාක්‍ෂි
දරයි.
තුන්වන සහ සතරවන දප්පුල සහ 4 වන කාශ්‍යප රජු සමයේ දීත් මෙම නාමල් උයන
තුළ විහාරයක් ඇතුළු භාවනා මධ්‍යස්ථානයක් පැවති බවට දැනට හමු වී ඇති
නටබුන් වලින් සනාථ වේ.
වසර මිලියන 500ක් පමණ ඉතිහාසයකින් සමන්විත කඳුවැටි 7කින් සමන්විත දකුණු
ආසියාවේ පිහිටා ඇති විශාලතම රෝස තිරිවාන කඳු වැටිය ද තම දිවි හිමියෙන්
රැක ගැනීමට රාහුල හිමියන් කරන කැපවීම විශේෂිතය.
සඳකඩ පහන, ස්ථුපය, බෝධිඝරය, සීමා මාලකය ආදී නටබුන් රැසක් නාමල් උයන තුළ
දක්නට ලැබේ.
එසේම පහන් තිර අටක් දැකිය හැකි ගලින් නිර්මාණය කර ඇති පහන විශ්මය ජනකය.
“ මම මුල් කාලයේ දී නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන්නා. සමහරු මට
විරුද්ධව නොයෙකුත් ව්‍යාපාර ගෙන ගියා, නමුත් ඒ කිසිම දෙයකින් මම සැලුනේ
නැහැ.
මම මැරුවත් මේ වනාන්තරය ආරක්‍ෂා කර ගන්න කැප වෙනවා කියලා අධිෂ්ඨානය ඇති
කරගෙන ඒ හැම අභියෝගයකටම මම මුහුණ දුන්නා. එදා මට එල්ල කළ ඒ ගල් වර්ෂා
මම පිළි ගත්තේ මල් වර්ෂා හැටියටයි. අද එය යථාර්ථයක් බවට පත් වෙලා
තියෙනවා.”
වනවාසී රාහුල හිමියෝ සිය ගමන් මගේ දී හමු වු අභියෝග පිළිබඳව අදහස්
දැක්වූයේ එලෙසිනි.
“ මම නිතරම හිතන්නේ දෙවියන් කියන්නේ සොබා දහම කියලයි. මම එය අත් දැකලා
තියෙනවා. සොබා දහම විනාශ නොකර ආරක්‍ෂා කර ගන්නාව නම් සොබා දහම අපව
නිතරම ආරක්‍ෂා කර ගන්නවා.
මේ වනාන්තරයේ නිතරම රාත්‍රී කාලයට අලි ගැවසෙනවා. මගේ කුටිය අසලටත් සමහර
වෙලාවට ඇවිත් යනවා. ඒත් මට හිරිහැරයක් නැහැ. කවදාවත් එහෙම හිරිහැරයක්
වෙන්නත් බැහැ. ඒකයි මම කියන්නේ දෙවියන් කියන්නේ සොබා දහම කියලා.
සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වු ජාතික නාමල් උයන ආරක්‍ෂා කර ගැනීමට
දිවි කැප කර සිටින රාහුල හිමියෝ සොබා දහම පිළිබඳ දරන්නේ එවැනි අදහසකි.
අක්කර 2000 කින් සමන්විත ජාතික නාමල් උයන 2005 අප්‍රේල් 6 වැනි දා අති
විශේෂ ගැසට් පත්‍රයක් මඟින් සංරක්‍ෂිත වනාන්තරයක් බවට රජය ප්‍රකාශයට
පත් කරන ලදී. මට වුවමනා වුනේ මගෙන් පසුවත් මේ වනාන්තරය ආරක්‍ෂා කර ගෙන
යාමට වැඩ පිළිවෙළක් සකස් කිරීමටයි.
දැන් ඒ කාර්ය ඉටුවෙලා තියෙනවා. මේ වනය සංරක්‍ෂිත වනයක් කළා.
ඒ වගේ ජාතික නාමල් උයන භාරයක් ඇති කළා. දැන් නම් මට මේ කැලෑව ඇතුලේ
මළත් කමක් නැහැ.”
ජාතික නාමල් උයන අද වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රාහුල හිමියෝ එසේ
පවසති.
ජාතික නාමල් උයන සහ රෝස තිරිවානා කඳුවැටිය ආරක්‍ෂාකර ගනිමින් සහ එය
ජාතියට හඳුන්වා දෙමින් රාහුල හිමියන් කළ සේවය අගය කරමින් 2004 වසරේ “
ජනාධිපති පරිසර සම්මානය “ සඳහා වනවාසී රාහුල හිමියන් තෝරා ගැනීම උන්
වහන්සේගේ සේවාව ලද තවත් සුවිශේෂි ජයග්‍රහණයකි.
තව ද, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි
නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ
නියමයෙන් දඹුල්ල නගරයේ පර්චස් අටක භූමි ප්‍රමාණයක් ලබා දී
එහි ජාතික නාමල් උයන අන්තර් ජාතික ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ගොඩනැගීම
සඳහා මහ දඹුල්ල සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම
තුළින් පැහැදිලි වන්නේ රාජ්‍ය අනුග්‍රහය මෙම පරිසර ව්‍යාපෘතිය සඳහා
නොමඳව, නොඅඩුව ලැබෙන බවයි. එයද , ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී
රාහුල හිමියන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් බව මෙහි දී සඳහන් කළ හැක.
වනවාසි රාහුල හිමියන් 53 වෙනි වියට පා තබන මේ මොහොතේ උන් වහන්සේට අපි
නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරමු.
|