- චාර්ල්ස්.එච්.ලෝංග්
පරිවර්තනය – නාරාවිල පැට්රික්
ඉන්දියානු දේවකතා පුරාණය අඛණ්ඩ ප්‍රවාහයකි.
සෘග්වේදයේ නොවැදගත් කොටසක්ව සිටින දෙවිවරු පශ්චාත් වෛදික හා වෙනත්
සාහිත්‍යයන්හි වැදගත් තත්ත්වයට පත්වෙති. ප්‍රජාපතී එවන් කෙනෙකි. ඔහු
විශ්ව ආඥාවේ බල ලත් තීරකයා ලෙස වරුණ වෙනුවට ප්‍රතිස්ථාපනය වෙයි. තමා
විසින්ම උත්තේජනයට පත් ප්‍රජාපතී සිය ඩහදියෙන් හෝ ජීව ධාතුවෙන් විශ්ව
දේව
මණ්ඩලය සජීවත්වයට පත් කරයි. හෙතෙම මෙසේ ස්වාත්ම
පරිත්‍යාගයෙන් ද්‍රව්‍ය නියාමය සංස්ථාපනය කරයි.
සියුස් මෙලෙස දේවකතා
පුරාණ සම්ප්‍රදාය දෙකක පෙනී සිටී. එකක් ඉන්දු යුරෝපීය වෙයි. අනෙක
මධ්‍යධරණීය හෙවත් මිනෝවානු ය. (Minoan)මධ්‍යධරණීය සම්ප්‍රදායේ
අන්තරීක්‍ෂ දෙවියකු වන ඔහු ඉන්දු
යුරෝපීය සම්ප්‍රදාය ආක්‍රමණය කරයි. ඔහු විශ්ව දේව සමූහයාගේ නායකයා ලෙස
අන්තරීක්‍ෂයට සීමා නොවී වෙනත්
ස්වරූපයන්ගෙන් සංකේතවත් වෙයි.ඔහුගේ ආවාහ හා කෙළි ලොල් හැසිරීම් මඟින්
දේශීය දෙවිවරු ඉන්දු යුරෝපීය විශ්ව දේව සමූහයට
ස්වීකරණය කරනු ලබත්.
ක්‍රිපූ. දෙවැනි සහස්‍රකය පමණේ දී සාමාන්‍යයෙන් ආර්ය හෝ ඉන්දු යුරෝපීය
ලෙස හඳුන්වනු ලැබූ ජන කණ්ඩායමක්, කළු මුහුදට උතුරු දිග පෙදෙසේ සිය මුල්
මව්බිම් වලින් මහා පරිමාණ පර්යටන පෙළක් ඇරඹූහ. අන්තිමට ඔවුහු,
යුරෝපයෙන් ඉතා වැඩි කොටසක් උතුරු ආසන්න පෙරදිග හා ඉන්දියානු අර්ධද්වීපය
ද සිය අණසකට නතු කළහ. ඔවුහු මේ කාර්යාවලියේ දී එක්කෝ ස්වදේශීය ජනතාව හා
ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය වූහ. නැතහොත් එය විනාශ කර දැමූහ.
ඉන්දු දේවකතා පුරාණය පිළිබඳ අධ්‍යයනය, ඉන්දු යුරෝපීය භාෂා පවුල ගැන
දැනුම වර්ධනය වීමේ සෘජු ප්‍රතිඵලයකි. මේ වර්ධනය සිදුවූයේ 18 වැනි ශතකයේ
පසු භාගයත්, 19 වැනි සියවසේ මුල් භාගයත් තුළ, සංස්කෘත භාෂාවේ සිට නූතන
යුරෝපීය භාෂා අධ්‍යයනයට කැපවීමේ හේතුවෙනි. මෙහි මූලි ලක්‍ෂණය වූයේ සාර
උද්ධාරක තුලනාත්මක අධ්‍යයනයයි. එනම් නන්විධ හර පද්ධති විමර්ශනය කර
සසඳමින් කරන අධ්‍යයනයකි. මෙහිලා අත්‍යන්තයෙන් වැදගත් වන පුද්ගලයා වූයේ
මැක්ස් මුලර් ය. සාමාන්‍යයෙන් මෙය 20 වැනි ශතකයේ මුල හරියේ දී හෑල්ලුවට
ලක් කැරුණක් විය. එහෙත් ඉන් මඳ කලකට පසු ජෝර්ජ් දුමෙසිල් සහ ඔහුගේ
අනුගාමිකයන්ගේ කෘති බිහිවීමත් සමඟ, නැවතත් ඉන්දු යුරෝපීය පුරාණ දේවකතාව
ගම්භීර විදග්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයක තත්ත්වය ලබා ඇත.
දුමෙසිල්ට අනුව, ඉන්දු යුරෝපීය පුරාණ දේව කතාවේ සහ එහි නන්විධ උපකුලක
සතු පුරාණ දේවකතාවේ විකාශනය, නොයෙක් ජාතීන්ගේ සමාජ ව්‍යුහය පිළිබිඹු
කරමින්, දිව්‍ය අධිකාරී බලයක තෛ‍්‍රපාර්ශ්වික බෙදීමකට පක්ෂව, පුරාතන
අන්තරීක්ෂ ඒකේශ්වර දෙවියකු ප්‍රතික්‍ෂේප කිරීම විදහා දක්වයි. මේ බෙදීමට
මායාත්මක නීතිමය ක්‍රියාවලියක්, යුද සෙබළ ක්‍රියාවලියක් සහ සශ්‍රීකත්වය
හා නිෂ්පාදනය පිළිබඳ නොයෙක් ක්‍රියාවලි ද ඇතුළත් වෙයි.
මෙයින් කැරෙන්නේ උපරිමාධිපති දිව්‍ය ත්‍රිමූර්තියක් හා එයට යටත් විශ්ව
දේව සමූහයකින් සංවිධිත අපේක්‍ෂාව වෙත මෙහෙයවීමකි. කෙසේ වෙතත් නන්විධ
සංකුලතා වලින් පෙනෙන්නේ ඒවායි අත්‍යන්තයෙන් වැදගත් ක්‍රියාවලිය වන
මායාත්මක නීතිමය ක්‍රියාවලිය දෙවිවරුන් දෙදෙනකු අතර බෙදීයෑමට ඇති
ප්‍රවණතාවයි. මේ දෙවිවරුන් දෙදෙනාගෙන් එකකුගේ ක්‍රියාවලිය මානව සංහතියේ
ඉරණමට බිය උපදවන්නේ ද, උදාසීන ද වෙයි. අනෙක සුවිශේෂ වශයෙන්, මානව
ජීවිතය හා සමාජයේ අසාමාන්‍ය පටිපාටියට අනුකූල ය.
දෙවැනි වැදගත් ක්‍රියාවලිය වන්නේ ඉහත සඳහන් යුද සෙබළ ක්‍රියාවලියේ
දෙයාකාර අර්ථ සාධකත්වය යි. ඔහු සෙබලකු වශයෙන් විශ්වයේ හා සමාජයේ
නිරාපදාව රකිනු පිණිස සටනේ දී ජයග්‍රාහී විය යුතු ය. එහෙත් ඔහුගේ
විජයග්‍රහණයේ දී, ඔහුගේ කෝපය, මානව සංහතියේ සශ්‍රීකත්වයට තර්ජනයක්
වන්නට තරම් බරපතල විය හැකි ය. මෙහිදී පුද පූජා හා යාගය මගින් සෙබල
දෙවියාගේ බලය විනයානුකූල කළමනා ය. ඉන්දු යුරෝපීය ජාතීන්ගේ පුරාණ දේවකතා
පිළිබඳ විග්‍රහය පුරා, ඉහත දැක්වුණු තේමා මත ඒවායේ විවිධත්වය ප්‍රකාශයට
පත් වෙයි.
ඉන්දියානු දේවකතා පුරාණය
සාක්කියක් වශයෙන්, ඉන්දු යුරෝපීය දේවකතා පුරාණයේ ආදිතම විකාශනය
විපුලත්වයෙන් දකින්නට ලැබෙන්නේ සෘග්වේදයේ ය. ඇතැම් විට එය සම්පාදනය කරන
ලද්දේ ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රකයේ අග හරියේ දී උතුරු ඉන්දියාව පුරා
පැතිර ගිය ආර්යයන් විසිනි. එවක ප්‍රධාන දෙවියා වූයේ වරුණ ය. ඔහු
නායකත්වය දරමින්, විශ්වාකෘතිය වෙනස් කරමින් ඥානයට හා ගුප්ත භාවයට
පරමාධිපතිව සිටියේ ය. ඔහු සමග නිතර හාදකම් පැවැත්වූයේ මිත්‍ර හෙවත්
හිරු දෙවියා ය. හිරු දෙවියා නීතිය හා ගිවිසුම් සංස්ථාපනය කර, සමාජ යහපත
සහතික කරමින් මානව සංහතියට උපකාරකයාව සිටියේ ය. කෙසේ වෙතත් සෘග්වේදයේ
අත්‍යන්තයෙන් වැදගත් දෙවියා වූයේ රණපති ඉන්ද්‍රය. මේ තිදෙනා තමන් තරම්
බලවත් නොවන, ගණනින් බහුල දේවගණයා සමඟ ආදිත්‍ය යන නම දරා සිටියහ. එනම්
උහු සියල්ලෝ අසීමයෙහ් ව්‍යප්ත අදිති දෙවඟනගේ දරුවෝ ය. සමහර විට මේ
දෙවඟන ආදිනම මහීමාතාවකි. ආදිත්‍යයනට එරෙහි වූවෝ දානවයෝ ය. එනම් දානු
හෙවත් දුෂ්ටයාගේ දරුවෝ ය. ඔහු බෙහෙවින් වැදගත් වන්නේ බලවත් මකර රාජයා
වූ වෘත්‍ර වන නිසා ය. නොයෙක් සටන්, හිරිහැර හා ගිවිසුම් වලින් පසු
ආදිත්‍යයන්ගේ විජයග්‍රාහී වීරයා වන ඉන්ද්‍ර සිය වජ්‍රායුධයෙන් වෘත්‍රයා
ඝාතනය කරයි. මෙලෙස ඉන්ද්‍ර, විශ්ව ජලකඳ නිදහස් කර මුදා හැර, මැවීම පහසු
වන්නට සලසමින් වරුණ හා මිත්‍රට එහිලා වගකීම පවරයි.
කෙසේ වෙතත් ඉන්දියානු දේවකතා පුරාණය අඛණ්ඩ ප්‍රවාහයකි. සෘග්වේදයේ
නොවැදගත් කොටසක්ව සිටින දෙවිවරු පශ්චාත් වෛදික හා වෙනත් සාහිත්‍යයන්හි
වැදගත් තත්ත්වයට පත්වෙති. ප්‍රජාපතී එවන් කෙනෙකි. ඔහු විශ්ව ආඥාවේ බල
ලත් තීරකයා ලෙස වරුණ වෙනුවට ප්‍රතිස්ථාපනය වෙයි. තමා විසින්ම උත්තේජනයට
පත් ප්‍රජාපතී සිය ඩහදියෙන් හෝ ජීව ධාතුවෙන් විශ්ව දේවස හා මණ්ඩලය
සජීවත්වයට පත් කරයි.
හෙතෙම මෙසේ ස්වාත්ම පරිත්‍යාගයෙන් ද්‍රව්‍ය නියාමය සංස්ථාපනය කරයි.
එනම් පූජක පැළැන්තියේ පුද පූජා හා යාගය මගින් කර්ම මාර්ගය චිරත්ථායි
කිරීම යි.
පුද පූජා හා යාග කාරියේ දී ඇදුණු තවත් වැදගත් දෙවිවරු දෙදෙනෙක් නම්,
අග්නි සහ සෝම යි. අග්නි ගින්නට අධිපති දෙවියා ය, ප්‍රදීපන කාරකයා ය,
යාග වාහක නියෝජිතයා ය. ඉන්දු යුරෝපීය ආගමේ ආදිතම අංගයන්ගෙන් එකක් වූ
අග්නි වන්දනාව ඉරාන ආගමේ හා දේවකතා පුරාණයේ වැදගත් තැනක් ගෙන තිබිණ.
සෝම දෙවියා හා දෙවියන්ගේ පානයක් වූ සෝම යන සංකල්ප දෙක ම එකක් අනෙකින්
වෙන් කර හඳුනා ගත නොහැකි තරමට අනන්‍ය වී ඇත. සෝම, වෘත්‍ර මකරා පදරවන්නට
ඉන්ද්‍රට ශක්තිය ලබා දෙයි. දෙවියකු හා පානයක් යන දෙපසින් ම සෝම
ශක්තියත්, අන්තර් දර්ශනයත්, අමරණීයත්වයත් පවරා දෙයි. එසේ ම පූජකයා හා
දිව්‍යත්වය අතර ඒකාත්මික චිත්තාකෘතියක් සැලසුම් කරයි.
පසුතර හින්දු දහමේ තවත් ත්‍රිකයක් හමු වෙයි. එනම් මවන්නා වන බ්‍රහ්ම,
රකින්නා වන විෂ්ණු සහ නසන්නා වන ශිව යි. වෙසෙසින් ම සිය භූමිකාව මැවීම
හෙයින් බ්‍රහ්මගේ කාර්යය අවසාන ය. දැන් ඔහු පුරාණ දේවකතාව තුළ සිටින්නේ
පර්යන්තවය. විෂ්ණුත්, ශිවත් තව දුරටත් වැදගත්ව සිටිති. ආදිතර යුගයක
විෂ්ණු සුළු දෙවියෙකි. ඔහු ප්‍රාථමික වශයෙන් ඔහුගේ අවතාර හෝ පුනරාත්ම
භාවය ලෙස පුදන ලදී. එනම්, රාමායණය හා මහා භාරතය යන වීර කාව්‍යයන් හි
ප්‍රධාන චරිත ලෙස රාම හා තාක්‍ෂණ හැටියට ය.
මේ මහා වීරකාව්‍ය දෙකේදීම සමාජයේ සහ සාමාන්‍යයෙන් ලෝකයේ ආඥාව හෙවත්
නියමය කඩවීමට පිළියම් යොදනු වස් විෂ්ණු මිනිස් වෙස් ගනී.එසේ කරමින්
විෂ්ණුගේ කාරිය වන්නේ දිව්‍යත්වය කෙරෙහි මානව සංහතියේ අසාමාන්‍ය
ඥාතිත්වය පුනස්ථාපනය කිරීම යි. ඒ හේතුවෙන් විෂ්ණු මනුෂ්‍යත්වයේ
සදාධරණීය විමුක්තිදායකයා ලෙස පුදනු හා දකිනු ලබන්නේ ය.
අනෙක් අතින් ශිව ද්විත්ව චරිතයකි. එක් අතකින් ඔහු තනිකඩයකු ලෙස තවුස්
පිළිවෙත් මගින් තත්ත්වාවබෝධය පිණිස යත්න දරයි. තවත් අතකින් නොයෙක්
හැටියට අනතුරුදායක දෙවියෙකි. ඔහු විනාශ කරන්නෙකි. එහෙත් ඒ එක්ක ම තපස
මගින් විධිමත් සමාජය සහ එහි ක්‍රියාමාර්ග ප්‍රතික්‍ෂේප කිරීම නියෝජනය
කරයි. ගුප්ත හික්මීම් ක්‍රමයක් මඟින් ලෞකිකත්වයෙන් විමුක්තිය ලැබීමට
යත්න දරයි.
ආදිතම ඉරාන ආගම, ඉන්දියානු දේවකතා පුරාණය ඒ හැටියෙන් ම අඳුනා ගෙන ආර්ය
උරුමයේ කොටස් කරුවෙක් විය. ක්‍රිපූ. 14 වැනි ශතකයේ පසු අඩෙහි සිට
මිතේනියානු මූලාශ්‍ර, සමාජයේ නිෂ්පාදන කාර්යාවලිය නියෝජනය කරන කිඹුල්
දෙවිවරුන් වන නාසත්‍ය ද්විත්වය සේම වරුණ, මිත්‍ර සහ ඉන්ද්‍ර ද ලේඛන ගත
කරයි. ආකිමිනිඩ් රජ පෙළපත් සමයේ (ක්‍රිපූ. 549 – 330 ) දේවත්‍රිකය වූයේ
අහුර මස්ඩා, මිත්‍ර සහ අනහිතා නම් දෙවඟන යි. අහුර මස්ඩා පසු කල්හි
සොරොස්ත්‍රියානු දහමේ කේන්ද්‍රිය දෙවියා විය. සොරොස්ත්‍රියානු දහමේ
නොවැදගත් තැනක් දරන මිත්‍ර පසුව වෛකල්පිත මිත්‍ර ඇදහිල්ලේ කේන්ද්‍රිය
සංකල්පය විය.
ගී‍්‍රක දේවකතා පුරාණය
ගී‍්‍රක දේවකතා පුරාණය, එකමුතුවක් හෝ අනුරුපතාවක් ප්‍රකට නොකරයි.
ගී‍්‍රක පුරාණ දේවකතා හෝ දේවකතා පුරාණය සමඟ බැඳී ප්‍රතිරූපයන්ගේ
පෙළගැස්ම සිදුවීමෙහිලා සාධක කීපයක් කෙරෙහි ගැළපීමේ හිදැසක් බලපායි.
පළමු වැනිව, ගී‍්‍රක පුරාණ දේවකතාවන්ගෙන් අදට අවශිෂ්ටව පවත්නාහු,
ක්‍රිපූ. දෙවැනි සහස්‍රකයේ සිට ක්‍රිස්තු යුගයේ ආරම්භය දක්වා වූ සමය
ආවරණය කරන්නෝ ය. මේ පුරාණ දේවකතා සහ ඒවායේ අවශිෂ්ට බොහෝ කරුණු අතින්
ප්‍රාදේශීය ප්‍රජාවන් අතර රැඳී පැවති දේවකතා පුරාණ චක්‍රයන්ගෙන් අවශේෂ
යි. එහෙත් බොහෝ විට මෙතෙක්, සමස්ත දේවකතා චක්‍රය පිළිබඳ වැටහීමක් ලැබී
නැත. දෙවැනිව, ගී‍්‍රක දේවකතා පුරාණ සමස්තයට, නන්විධ සංස්කෘති හා
ඉතිහාසයෙන් දේවකතා පුරාණාත්මක මූලිකාංග ඇතුළු වී තිබේ. උදාහරණයක් ලෙස
සීයස් වැනි දෙවිවරුන් තුළ, ඉන්දු යුරෝපීය සංස්කෘතික මූලිකාංග නියෝජනය
වී තිබේ. කෙසේ ද යත්, ඩිම්ටර්, ඇෆ්‍රොඩයිට්රී සහ තවත් අය වැනි
ප්‍රතිරූප මඟින්, මධ්‍යධරණී මිනෝවන් – මයිසීනියන් ව්‍යුහ සංකේතවත්
කරන්නාක් මෙනි.
ගැටලුව වඩාත් අවුල් කරන සාධකයක් නම්, ගී‍්‍රක කවියන්, ශෝකාන්ත නාට්‍ය
කරුවන් සහ දාර්ශනිකයන් බොහෝ අතුරු පුවත් හා දේවකතා පුරාණ චක්‍රයන්ගේ
නන්විධ සම්ප්‍රදාය යොදා ගනිමින් දෙවියන් පිළිබඳ තමන්ගේ ම සාහිත්‍ය හා
නාට්‍ය සහ දාර්ශනික විවරණය ඉදිරිපත් කිරීම යි. හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩ්සි
කාව්‍යයන්හි ද, යළිත් හෙසියඩ්ගේ ‘තියොගනි’ සහ ‘වක්ස් ඇන්ඩ් ඩේස්’
කෘතීන්හි ද දෙවියෝ නිරූපණය කැරෙති. සොෆොක්ලීස්, ඊස්කිලස්, යුරිපිඩීස්
ආදී හැම කෙනෙක් ම සිය නාට්‍ය වලදී පුරාණ දේවකතා වලට විවරණ ඉදිරිපත්
කරති. ප්‍රාග් සොක්‍රටික, ප්ලේටොනික සහ ඇරිස්ටෝටලික දාර්ශනික
විවරණයන්හි, මේ විවරණ හා ප්‍රතිවිවරණ සම්ප්‍රදාය ඉදිරියට යයි.
හෙරඩෝටස්ට අනුව හෝමර් ද, හෙසියඩ් ද දෙවියන් පිළිබඳ විස්තර ඉදිරිපත්
කළහ. ඔවුහු සමෘද්ධිමත් හා සංකීර්ණ, ඓතිහාසික හා දේවකතා පුරාණාත්මක
යටගියාවකින්, ගී‍්‍රක දේවකතා පුරාණය තේරුම් ගැනීම සඳහා නියත බව දක්වන
තේමා සහ ප්‍රවණතා ඇද දැක්වූහ. දෙවියන් පිළිබඳ හෝමර්ගේ අංග ලක්‍ෂණ
නිරූපණය සංකේතාත්මක වන්නේ යම් සේද, ඒ අනුව හෙසියඩ් දෙවියන්ගේ යථා
ස්වභාවය උපකල්පනය කරයි. කෙසේ වෙතත්, කවර අවස්ථාවකදී වත්, දෙවියෝ
සර්වත්‍ර අර්ථවත් බවක් හිමි කර නොගනිත්. දේවකතා පුරාණාත්මක හා ඓතිහාසික
සම්ප්‍රදාය යොදා ගැනීමේ දී කවියෝ ඒ දෙකෙහිදී ම, ඔවුන්ගේ කථනාකෘතියේ
එකමුතු බව තුළට නන්විධ සම්ප්‍රදාය නිරතුරු මුසු කර ගන්නට නැඹුරු වෙති.
ඔලිම්පියානු දේව සමූහය අතර ප්‍රධාන 12 දෙනා වන්නාහු සියස්, හෝරා,
ඇතීනා, හර්මිස්, ඇෆේරාඩයිට්, හෙෆීස්ටස්, ඇරිස්, ඇපලො,් අර්තේම්ස්,
පොසීඩන්, ඩිමිටර්, ඩයොනිසස් ආදීහු ය. ගී‍්‍රක දේවකතා පුරාණයේ
වැඩිතමයෙන් ඉස්මතු දෙවියා සියස් ය. ඔහු පැහැදිලිව ම ඉන්දු යුරෝපීය
සම්භවයක් ඇත්තෙකි. ඔහු අන්තරීක්‍ෂ දෙවියෙකි. අහසත්, අහස් දර්ශනයත්
විසින් සංකේතවත් කරනු ලැබේ. ඔහු අකුණ පහර ය. විදුලියට අධිපති දෙවියා ය.
වර්ෂාධිපති දෙවියා ද වෙයි. ඔහු පාලක පීතෘ ය, පරමාධිපති ය, මෙහෙයවන්නා
ය. ඉලියඩ් කාව්‍යයෙහි සියස්, ක්‍රෝනස්ගේ පුතා ලෙස සඳහනි. එහෙත්
ක්‍රෝනස්ට ඊට වැඩි තැනක් දී නැත. සියස් නිතර ම දෙවියන්ගේ පියා ලෙස
දක්වනු ලැබේ. ඔහු නිතර නොයෙක් දෙව් මෙහෙසියන් සමඟ සබඳකම් පවත්වනු ලැබේ.
එලියුසිස්හිදී ඔහුගේ මෙහෙසිය ඩිමිටර් ය, තිබ්ස්හිදී සෙම්ලිය,
ආර්ගෝස්හිදී හෝරා ය.
මේ හැම දෙව් මෙහෙසියක් ම මහ පොළොවට සහ සශ්‍රීකත්වයට සංකේතයකි. හෝමර්ගේ
කාව්‍යයන්හිදී සියස් ඔලිම්පස් කඳු මුදුනේ සිහසුන් මත සිට පාලන කටයුතු
මෙහෙයවන දෙවියා ය. එහිදී සියස්ගේ දේවසභාව ඔහුට පාලනයේ ලා උපකාර වෙයි. ඒ
අතර හෝරා, ඇපලෝ, අර්තේම්ස්, පොසීඩන්, ඇතීනා ආදීහු වෙති. මේ එක එක
දෙවියාට හෝ දෙවඟනට ඔලිම්පස් කඳු මත තමන්ගේ ම නිවහනක් වෙයි. මේ නිවහන්
මාලිගය සහ එහි පවුරු නිමවා ඇත්තේ හෙෆීටස් විසිනි. සියස් ගැන හෙසියඩ්ගේ
‘තියොගනී’ කියන්නේ වෙනත් කතන්දරයකි. එය දෙවියන්ගේ උපත පිළිබඳ පරම්පරා
තොරතුරක් ඉදිරිපත් කරයි. ඒ අනුව මුල් ම දෙවියා යුරේනස් ය. ඔහු ‘ගයියා’
හෙවත් මහී දෙවඟන සමඟ අඹුසැමිකම් පවත්වයි. මේ සහවාසයෙන් ටයිටන්ස්ලාකත්,
සයික්ලොප්ස්ලාක් උපදිති. මොවුන්ගෙන් ඉතා ම වැදගත් වන්නේ ටයිටානු
ක්‍රෝනස් ය. ක්‍රෝනස් ඔහුගේ සොහොයුරිය වන රී
(Rhea) ආවාහ කර ගනී. ඒ අතර
ක්‍රෝනස්ට අනාවැකියක් අසන්නට ලැබෙයි. එනම් ඔහුගේ දරුවන්ගෙන් එකකු
විසින් ඔහු පරදවනු ලබන බවයි. එබැවින් දරුවන් උපන් හණික ඔහු ඔවුන් ගිල
දමයි. රී මෙයින් කනස්සල්ලට පත්වෙයි. ඇය යළි ගැබ් ගත් කළ ක්‍රීට් දූපතට
යන ලෙස ඇගේ දෙමාපියෝ ඇයට උපදෙස් දෙති. ඕ එසේ කරයි.
ක්‍රීටයේ දී ඇයට සියස් ලැබෙයි. මව දරුවා හදා ගන්නා මෙහෙකාරිය බවට
පත්වෙයි. ඕ පියාගෙන් දරුවා බේරා ගන්නට උපායක් සොයයි. ඉක්බිති ගලක් රෙදි
කඩකින් ඔතන මව ඒ ක්‍රෝනස්ගේ අලුත උපන් පුතා බව කියමින් ඔහුට
පිළිගන්වයි. එය ද ගිල දමන ක්‍රෝනස් හණික වමාරයි. මේ අතර ඔහු විසින්
කලින් ගිල දමන ලද හෝරා, පොසීඩන්, හේඩ්ස් ඇතුළු සියලු දරුවෝ වැමෑරෙති.
එහිදී සඳහන් වන තවත් වැදගත් කරුණක් ඇත. සියස්ගේ ඇරැක්ම සහතික වන්නේ
කුරේටස් නම් දෙව් ගණයක් මහ හඬක් නඟමින් දරුවා වට කර ගෙන නැටීමෙනි. ඒ
හේතුවෙන් දරුවාගේ හැඬුම් ක්‍රෝනස්ට නෑසෙයි. සියස්ගේ උපත සමඟ බැඳී ඇති
මේ පුවත ට්;තානික්(Chthonic) ආගමේ ආභාසයෙන් ලැබුණක් විය හැකි ය. එය
ගී‍්‍රසියේ මධ්‍යධරණී මිලේච්ඡ සම්ප්‍රදායට නෑකම් කියන්නකි.
සියුස් මෙලෙස දේවකතා පුරාණාත්මක සම්ප්‍රදාය දෙකක පෙනී සිටී. එකක් ඉන්දු
යුරෝපීය වෙයි. අනෙක මධ්‍යධරණීය හෙවත් මිනෝවානු ය. (Minoan)මධ්‍යධරණීය
සම්ප්‍රදායේ අන්තරීක්‍ෂ දෙවියකු වන ඔහු ඉන්දු යුරෝපීය සම්ප්‍රදාය
ආක්‍රමණය කරයි. ඔහු විශ්ව දේව සමූහයාගේ නායකයා ලෙස අන්තරීක්‍ෂයට සීමා
නොවී වෙනත් ස්වරූපයන්ගෙන් සංකේතවත් වෙයි. ඔහුගේ ආවාහ හා කෙළි ලොල්
හැසිරීම් මඟින් දේශීය දෙවිවරු ඉන්දු යුරෝපීය විශ්ව දේව සමූහයට ස්වීකරණය
කරනු ලබත්. ටයිටානුවන් (Tilans) පෘථිවියේ ආදිතම දෙවිවරුන්ව සිටියා විය
හැකි ය. හෙසියඩ්ගේ තියොගනී (Theogony) පුරාණ දේවකතා සම්ප්‍රදාය දෙකක්
මුසු කර තනි ආඛ්‍යානයකට එක්තැන් කරයි.
හේරා (Hera= hady )ඉන්දු යුරෝපීය ආක්‍රමණයනට පෙර ගී‍්‍රසියේ දේශීය
වැසියන්ගේ ප්‍රධානතම දෙවඟනයි. ඕ මාතෘ මූලික හා බහු පුරුෂ සේවන
සංස්කෘතියක් සංකේතවත් කරයි.ප්‍රධානතම දෙවඟන ලෙස හෝරා වාර්ෂිකව ශුද්ධ වූ
විවාහයක් මඟින් වල්ලභයකු තෝරා ගනී. එය මවිත කර දෙයක් නොව, වසන්ත සමයේ
සම්ප්‍රාප්තිය සහ සශ්‍රීකත්වය පිළිබඳ අභිචාරාත්මක නියෝගයකි. ඉන්දු
යුරෝපීයයන්ගේ අන්තරීක්‍ෂ දෙවියා වන සියස් ආර්ගෝස්හිදී හේරා ආවාහ කර
ගනී. මේ විවාහය ඒක පතිපත්නී, පීතා ප්‍රාවේණික විවාහය හා ඥාතීත්වය සඳහා
මූලික පූර්වාදර්ශයක් බවට පත් වෙයි. හෙසියඩ්ගේ අදහස වන්නේ හේරා, සියස්ගේ
සොහොයුරිය වන බවයි. ක්‍රෝනස් විසින් වමාරනු ලැබූ කල්හි ඕ සියස් විසින්
සරණ පාවා ගනු ලැබුවා ය.
මූලික වශයෙන් පොසීඩන් ඉන්දු යුරෝපීය දෙවියකු වන අතර සියස්ගේ වැඩිමහලු
සොහොයුරා ය. ඔහු හෙණ පහර නිපදවන්නා ලෙස නිතර සඳහන් කැරෙයි. එහෙත් ඊටත්
වැඩියෙන් ඔහු ගැන කියවෙන්නේ වල් අසකු වන බවයි. හෝමර්ගේ කාලයේ දී ඔහු
පොළොව සොලවන්නා ලෙස හැඳින්විණ. එසේ නම් කරන්නට ඇත්තේ අසුගේ කුර ගැටෙන
හඬ නිසා විය හැකි ය.
නොයෙක් කථාන්තර වල වෙළඹ වෙස් ගත් දෙවඟනන් සමඟ පැවති පොසීඩන්ගේ සබඳකම්
ගැන සඳහන් වෙයි. ආර්කේඩියාවේ දී පොසීඩන් වෙළඹ වෙස් ගත් ඩිමිටර් පසු පස
එළවයි. පර්සිෆෝන් ද, අරියන් නමැති අශ්වයා ද ඔවුන්ගේ සමවායෙන් උපන්නෝ ය.
මුහුදු දෙවඟන වූ ඇම්ෆිට්රයිට් සමඟ සංගත වීමෙන් පොසීඩන් සමුද්‍ර දෙවියා
බවට පත් වෙයි. ඩයොනිසස් ඉන්දු යුරෝපීය දෙවියෙක් නොවේ. ඇතැම් විට
සම්භවයෙන් ට්ම්ජියන් වූ මේ දෙවියාත්, ඔහු ඇදහිල්ලත්, මැසිඩෝනියාවට ගොස්
එයින් තෙසලි වෙතත්, ඉක්බිති බයෝෂියාවටත් පිවිසුණේ ය. ඔහුගේ උපත ගැන
කියවෙද්දී, ඔහුගේ මව සෙමිලි බවත්, සියස්ට දාවූ බවත් සඳහන් වෙයි.
සියස්ගේ බිරිඳ වූ හේරාට ඔහුගේ එකී මිථ්‍යචාරය දැන ගන්නට ලැබෙයි.
ඩයොනිසස්ගේ උපත ළං වන විට වෙස් වළා ගත් හේරා, සෙමිලිගේ සාත්තු සේවිකාව
බවට පත් වෙයි. ඉක්බිති දෙවියකු වශයෙන් සියස්ගේ පූර්ණ අනන්‍යත්වය තමාට
හෙළි කරන්නට ඉල්ලා සිටින ලෙස හේරා, සෙමිලිට කියයි. සෙමිලිගේ ඉල්ලීමට
අනුව සියස් හෙණ පහර හා විදුලිය මඟින් සිය පූර්ණ අනන්‍යත්වයෙන් පෙනී
සිටී. ඒ හණික සෙමිලි මරණයට පත් වෙයි. එහෙත් සියස් සෙමිලිගේ පණ
සැඟෙවෙන්නට පෙර හණික ඇගේ ගැබින් ඩයොනිසස් ඇද ගෙන, සිය කළවය පළා දරුවා
එතුළ රඳවා ගනී. අනතුරුව නව මසකින් සියස්ගේ කළවයෙන් ඩයොනිසස් උපදී,
එබැවින් ඩයොනිසස් යන්නෙහි අරුත දෙවරක් උපන්නා යනුයි. එනම්, සෙමිලිගේ
ගැබින් හා සියස්ගේ කළවයෙනි.
ඩයොනිසස්ගේ ඉදිරිපත් වීම හැම අතින් ම සම්මත ව්‍යවහාරයට තර්ජනයක් වන
කිසියම් සාහසික ක්‍රියා මාර්ගයක් සමඟ බැඳුණක් සේ පෙනෙයි. මිලේච්ඡ ගුප්ත
ඇදහිල්ලක කේන්ද්‍රය ලෙස ඔහු සමාජ ජීවිතයේ සියලු සීමා බන්ධන සිඳ දමන්නට
නැඹුරු වෙයි. යුරිපිඩිස් සිය ‘ද බැකස්’ නම් නාට්‍යයෙහි ඩයොනිසස්
ඇදහිල්ල විස්තර කරයි. ඩයොනිසස්, බ්රෝම්යස් හෙවත් ‘මහ හඬින් කෑගසන’ යන
අරුත් නඟන ‘බොයිස්ටරස්’ හෝ බැකස් යනුවෙන් ද හැඳින්වෙයි. මේ ඇදහිල්ලේ
අරමුණ වන්නේ පරමානන්දය ලබා ගැනීමයි. එනම්, මමත්වයෙන් හෝ ප්‍රභර්ෂයෙන්
විමුක්ති වීමේ අත්දැකීම යි. ඩයොනිසියානු ගුප්ත ඇදහිල්ලේ හදවත වන්නේ
බැතිමතා දෙවියන් සමඟ අනන්‍යත්වයට පැමිණීමයි. මේ අදහිල්ලේ බහුතර
අනුගාමික කොටස කාන්තාවෝ ය. මේ බැතිමත්තු පරමානන්දයෙන් උන්මත්තක භාවයට
යන්නෝ ය. ඩායොනිසස් පූජකයා වස්දඬුව වයන කළ වියරු වැටෙන බැතිමතුන්,
සිවුපාවුන් ඉරා දමති යි කියනු ලැබේ.
ඇපොලෝ, ඩයොනිසස්ට වෙනස් මුහුණුවරකින් පෙනී සිටී. ඩයොනිසස් සිය
බැතිමතුන් නිසරු, මිලේච්ඡ වත් පිළිවෙත් වළට යොමු කරන අතර, ඇපොලෝ
මැදහත් පැවතුම් ඇති දෙවියෙක් වෙයි. ඔහු ආගමේ නෛතික හා ව්‍යවස්ථානුකූල
අරුත නියෝජනය කරයි. ඇපලෝ නීතියට අරක්ගත් අග්‍රගණ්‍ය දෙවියා ය. ප්ලේටෝ
විසින් ඔහු නීතියේ ප්‍රභව මූලය ලෙස විස්තර කර ඇත. නීති දායකයා ලෙස සිය
භූමිකාවේ දී ඇපලෝ පුරවරයේ නීති වලට සහ දෙවියන්ගේ පරමාදර්ශයටත් අදාළව
සිටී. කෙසේ වෙතත් ඇපලෝගේ චරිතයේ තවත් පැත්තක් ඇත. ඩයොනිසස් සේ ම ඔහු ද,
ඩෙල්ෆියේ අනාවැකි කියන්නෙකි. ඔහුගේ බැතිමත්තු එහිදී උද්යෝගිමත්ව සහ
ප්‍රහර්ෂාත්මකව භූතාවේෂ වූහ.
ඩබ්ලිව්. කේ.සී. ගුත්රි සිය ‘ද ගී‍්‍රක්ස් ඇන්ඩ් දෙයා ;ගීඩ්ස්’ කෘතියේ
ඇපලෝ, සයිබීරියාවේ සම්භවික බවට යෝජනා කරයි. ඔහු කියන්නේ ඇපලෝ ඇදහිල්ලට
සම්බන්ධ ප්‍රහර්ෂාත්මක බලය, ඩෙල්ෆියේ ඩයොනිසියානු ඇදහිල්ලට වඩා,
සයිබීරියාවේ ගෝත්‍රික භූත විද්‍යාවෙන් ව්‍යුත්පන්න බවයි. සාමාන්‍යයෙන්
සුලබ ප්‍රහර්ෂාත්මක මූලිකාංග හේතුවෙන් ඇපොලෝ ඇදහිල්ල පැහැදිලි ලෙස ම
ඩයොනිසස් ඇදහිල්ලේ ඔලිම්පියානු නොවන ආගමික අත්දැකීම මත මැදහත් බලපෑමක්
ඇති කළේ ය.
චිත්‍රය - සරත් නන්ද කුමාර
|