UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය

කැලණි ගඟ දොගොඩ තලා යනවිට ප්‍රදේශයේ ජනතාව ජීවිත ආරක්ෂාව පතා එක් උස් බිමක් වෙතට ගොස් තම දිවි රැකගත් බවත්, දිවි බේරා ගැනීමට ගොඩවුණු එම බිමේ සිට ඔවුන් ගඟ තරණය කිරීමට පවුරු බැඳි බවත් අතීත පුරා වෘත්තයක කියැවේ. පවුරු බැඳි තැන පසුව ‘පොරේ’ නමින් ප්‍රචලිත විය. අතුරුගිරිය ‘පෝරේ’ ගමට නම සැදුණේ එලෙස බවට එක් මතයක් තිබේ.

අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය පිහිටා ඇත්තේ අතුරුගිරිය බොරැල්ල ප්‍රධාන මාර්ගයේ සැතැපුම් 1/4ක් පමණ පැමිණෙන විට ප්‍රධාන මාර්ගය ආසන්නයේ ය.

පරිසරය, විශේෂත්වයකට පත්කළ මඳක් උස් බිමක් දැක මෙය තම වාසයට සුදුසු යැයි තීරණය කළ එක් භික්ෂූන් වහන්සේ නමක් ඒ බිමේ මද කලක් වැඩ වාසය කළහ. මෙතනට උන්වහන්සේ පැමිණියේ රාජවර්ෂ 1815 දී ය.

විහාරාධිපති
රුක්මලේ ධම්මකිත්ති නාහිමි

එය විහාරස්ථානයේ සමාරම්භය සනිටුහන් කරන සිද්ධිය ලෙස සැළකිය හැක.

එහෙත් ඊටත් බොහෝ ඈතට දිවෙන අතීතයකට මෙම පුද බිම උරුමකම් කියන බව හැඟේ. පුරාණයේ සිට මෙම බිමේ බෝධීන්වහන්සේ නමක් රෝපණය කර තිබී එම බෝධීන් වහන්සේ වෙත ගොස් ප්‍රදේශයේ සැදැහැති දනන් වැඳුම් පිදුම් කර ඇති බව කියැවේ. ලිඛිත සඳහනක් නැතත් මෙම පුද බිමට දිගු ඉතිහාසයක් ඇති බවට එම කරුණ සාධකයක් ලෙස ගත හැක.

ප්‍රධාන මාර්ගය ආසන්නයේ මදක් උස් ගොඩැල්ලක මුදුන් තලයේ දිස්වෙන චෛත්‍යය පුරාණ ශ්‍රී‍්‍ර මහා විහාරය හඳුනා ගැනීමේ ප්‍රථම සදහම් ලකුණ සලකුණු කරයි.

එම දසුන නෙත සිත සනසවන්නට සමත් වේ. විහාර බිමට පිවිසීමේදී ප්‍රථමයෙන් හමුවන්නේ් පහත මාලයේ ඇති දෙමහල් සංඝාවාස යි. එතැනින් ඉහලට නැග ගිය පසු ඉහත සඳහන් කළ ස්තූ®පයද ඒ අසන්නයේ ඇති විහාර මන්දිරයද දැක ගත හැක. චෛත්‍ය- ය සාදවා ඇත්තේ 1970 වසරේදී මාගම්මන ශීලාලංකාර නායක හාමුදුරුවන්ගේ් යුගයේදී ය.

මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලකුණ ලෙස සටහන් කළ හැකි වන විහාර මන්දිරය ගොඩනංවා ඇත්තේ වර්ෂ 1930 දී පමණ මාගම්මන ශීල විමල නා හිමියන්ගේ යුගයේදී නුවර ලංකාතිලක විහාරයේ ඇති සැලැස්මට අනුවය. ඉදිරිපස දිස්වෙන කළු ගලින් හොඳින් ඔපමට්ටම් කර සාදා ඇති ගල් කණු විහාර මන්දිරයට ගාම්භීර මෙන්ම පෞරාණික ස්වරූපයක්ද එක්කර තිබේ.


පැරැණි බෝධීන් වහන්සේ


 චෛත්‍ය හා බුදු මැදුරේ දසුනක්
විහාර මන්දිරයේ නව සිතුවමක්

එම ගල්කණු සාදා ඇත්තේ ඉන්දියාවෙන් මෙහි ආ ගල්වඩු නිර්මාණ ශිල්පීන් විසිනි. පිවිසුම් දොරටුවෙහි උළුවස්ස පවා පැරැණි විහාර ලක්ෂණයන්ට අනුගාමීව කළු ගලෙන් සාදා ඇත.

ඇතුළත ඇති සමාධී බුද්ධ ප්‍රතිමා වහන්සේ ද මනා අංග ලක්ෂණයන්ගෙන් පිරිපුන්වූ ඉතා අලංකාර නිර්මාණයකි. විහාර මන්දිරයේ වට බිත්ති ආසන්නයේ පැරැණි මූර්ති කාලයත් සමඟ අභාවයට පත්වෙමින් තිබෙන නිසා දැන් ඒවා ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතී. එසේම වට බිත්ති මත සිතුවම් ද අලුතෙන් නිර්මාණය කෙරේ. එම සිතුවම් පැරැණි සම්ප්‍රදායික කලාවද මුහුකරලමින් නව ආරකට සැකසේ.

මෙම නවකම් සිදුවන්නේ චිත්‍ර හා මූර්ති ශිල්පයකු වන තංගල්ලේ ඒ.ජී.ජී. ඉමල් කුමාර නම් තරුණයාගේ නිර්මාශීලී දෑතිනි. ඔහු ඒ සඳහා නිපුණත්වය ලබා ඇත්තේ් ජනකලා කේන්ද්‍රයේ චිත්‍ර හා මූර්ති ශිල්පි පාඨමාලාව හැදෑරීමෙනි.

මෙම සිතුවම් සඳහා වතුරෙන් දිය කරන සායම් වර්ග උපයෝගී කර ගැනීම විශේෂයක් බව ඔහු පවසයි. ලක්බිම ප්‍රකට සුවිශේෂි නිර්මාණ ශිල්පයකු වූ සොයිලියස් මෙන්දිස් ගේ නිර්මාණ ශෛලියේ සේයාවක් මෙම තරුණ ශිල්පියාගේ නිර්මාණයන්හි දැක ගැනීමට ලැබෙතත් ස්වීය අනන්‍යතා ලක්ෂණ බොහොමයක් මේ නව නිර්මාණයන්ට මුහු වී තිබේ. මුදුන් තලයේ සිට තවත් පහත් තලයක , බෝධින්වහන්සේ රෝපිත ස්ථානය දැක ගැනීමට ලැබේ. මෙම පිහිටීම ස්වභාවික පරිසරයට නැවුම් බවක් එක්කරලන ස්වාභාවයක් ඇති කරව යි.

මෙසේ තල කීපයක් පුරා විහිදී ඇති විහාර භූමිය අක්කර 1 1/2 ක පමණ භූමියක් පුරා ව්‍යාප්තව ඇත.

ප්‍රදේශයේ කීර්ති ප්‍රසංශාව දිනාගත් වසර 50කටවත් වඩා පැරැණි දහම් පාසලෙහි වත්මනෙහි සිසු දරු දැරියෝ පන්සියයක් පමණ සදහම් අධ්‍යාපනය ලබති. කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමාගිී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජමහා විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයෙහි වර්තමාන විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ් කෝට්ටේ ශ්‍රී‍්‍ර කල්යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ව්‍යක්ත පටිපාදක කොළඹ නව කොරළයේ හා නව තොටමුණේ් උප ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය, කඩුවෙල නැගෙනහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මංගල ධර්මකීර්ති ශ්‍රී රුක්මලේ ධම්මකිත්ති නායක ස්ථවිරයාණන් වහන්සේ ය.

ගමත් පංසලත් අතර පැවතිය යුතු අන්‍යෝන්‍යය සම්බන්ධය තව තවත් සවිමත් ලෙස ගොඩනංවා ගැනීමට වර්තමාන විහාරාධිපති ධම්මකිත්ති නාහිමියෝ සමත් වී සිටිති.

උන්වහන්සේ ප්‍රදේශයේ ශාසනික සමාජ සේවාවන්හි අනුශාසකත්වය දරමින් සැබෑ භික්ෂූන් වහන්සේගෙන් ශාසනයට සමාජයට සැලසිය යුතු සත් කාර්යය උදෙසා නායකත්වය දෙමින් කටයුතු කරති.

මෙම විහාරස්ථානයේ තවත් භික්ෂූන් වහන්සේ දහනම දෙනෙක් පමණ වැඩ වසති. පොරේ, අතුරුගිරිය, තල්දිහාවල, මයිලගම, බොරළුගොඩ වැනි අවට ගොදුරු ගම් හි දායකත්වයෙන් සකලාංගයන්ගෙන්ම පිරිපුන් බොදු සිතට සැබෑ ලෙසම බුද්ධාලම්භන පී‍්‍රතිය, සැදැහැති සුවය ප්‍රදානය කිරීම උදෙසාත් ශාසනිස, සමාජ ප්‍රගමනය උදෙසාත් පොරේ පුරාණ ශ්‍රී මහා විහාරයෙන් ඉටුවන කාර්ය ඉමහත් ය.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]