|
|
සේරුවිල මංගල මහා
විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ:
බුදුන් වහන්සේගේ ලලාට
ධාතූන් වහන්සේ නිදන් කර සාදන ලද සේරුවිල මංගල
මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ
ඡායාරූපයෙන් දැක්වෙයි. මෙම විහාරස්ථානය
ඉදිකරවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 205 - 161 රජ
කළ කාවන්තිස්ස රජතුමන් විසිනි. ශත වර්ෂ හත
අටක් වල් බිහි වී තිබුණු මෙම පුණ්‍ය භූ®මිය සහ
පස්ගොඩැල්ලක් බවට පත්ව තිබූ මෙම චෛත්‍යය
ප්‍රතිසංස්කරණය කරන ලද්දේ රාජ්‍ය වර්ෂ 1921 දී
මෙහි පැමිණි අඹගස්ආරේ සුමංගල නා හිමිපාණන්
විසිනි. චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්
කරන ලද්දේ 1930 වසරේදී ය. ඡායාරූපය-
ජනක වෙත්තසිංහ |
|
|
අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය
කැලණි ගඟ දොගොඩ තලා යනවිට ප්‍රදේශයේ ජනතාව ජීවිත ආරක්ෂාව පතා එක් උස්
බිමක් වෙතට ගොස් තම දිවි රැකගත් බවත්, දිවි බේරා ගැනීමට ගොඩවුණු එම
බිමේ සිට ඔවුන් ගඟ තරණය කිරීමට පවුරු බැඳි බවත් අතීත පුරා වෘත්තයක
කියැවේ. පවුරු බැඳි තැන පසුව ‘පොරේ’ නමින් ප්‍රචලිත විය. අතුරුගිරිය
‘පෝරේ’ ගමට නම සැදුණේ එලෙස බවට එක් මතයක් තිබේ.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග
3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය. |
|
|
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
පුර අටවක |
නොවැම්බර් 6 |
|
|
|
|
|