|
|
ත්‍රිකුණාමලයේ ලංකා පටුන
පුදබිම:
ත්‍රිකුණාමලයේ ලංකා පටුන - හේමමාලා සහ
දන්තකුමරු ශ්‍රී දළදා වහන්සේ වැඩමවාගෙන පැමිණි
වරාය පිහිටි ස්ථානය බව කියැවේ. රාජ්‍ය වර්ෂ
පූර්ව දෙවන සියවසෙහි කාවන්තිස්ස රජතුමා විසින්
ලංකා පටුනෙහි සමුද්‍රගිරි විහාරය නමින්
විහාරස්ථානයක් ඉදි කළ බවද කියැවේ. ඡායාරූපයෙන්
දිස්වන්නේ ලංකා පටුන පුදබිම හා එහි මෑතකදී ඉදි
කළ කුඩා චෛත්‍යය යි. |
|
|
අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය
කැලණි ගඟ දොගොඩ තලා යනවිට ප්‍රදේශයේ ජනතාව ජීවිත ආරක්ෂාව පතා එක් උස්
බිමක් වෙතට ගොස් තම දිවි රැකගත් බවත්, දිවි බේරා ගැනීමට ගොඩවුණු එම
බිමේ සිට ඔවුන් ගඟ තරණය කිරීමට පවුරු බැඳි බවත් අතීත පුරා වෘත්තයක
කියැවේ. පවුරු බැඳි තැන පසුව ‘පොරේ’ නමින් ප්‍රචලිත විය. අතුරුගිරිය
‘පෝරේ’ ගමට නම සැදුණේ එලෙස බවට එක් මතයක් තිබේ.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා
බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදා අඟහරුවාදාය. |
|
|
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
|
|
|
|
|
|