මරණීය අමාපැන්
භාරතයේ හින්දු දේව පුරාණයෙහි දැක්වෙන පරිදි දුර්වාසස් නමැති
සෘෂිවරයා ගේ ශාපයක් නිසා දුබල වූ ඉන්ද්‍ර, අසුරයනට එරෙහි වකළ
සටනේ දී පරාජයට පත් ව සුරසේනා පිරිවරා විෂ්ණු දෙවියන් වෙත ගොස්
පිහිට අයැද තිබේ. එ විට විෂ්ණු දෙවියන් ගේ උපදෙස වූයේ අමරණීය
වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුª බව ය. විෂ්ණු
දෙවියන් ගේ් උපදෙස් අනුව සුරයන් හා අසුරයන් එක් වී මන්දාර
පර්වතය මත්ථන දණ්ඩක් ලෙස ගෙන කිරි මුහුද කළඹා අමෘත නමැති
අමරණීය පානය ලබා ගත්තේ ය. එ සේ ලොවට බිහි වූයේ යැයි සැලැකෙන
අමෘත හෙවත් සූරාව අතීත හින්දුවරුන් සිය ආගමික පූජාවන් සඳහා
යොදා ගත් බව ද පැවැසේ.
එහෙත්, ශ්‍රී ලාංකිකයන් සුරා පානයට ඇබ්බැහි වූයේ ඉන්දු - ලංකා
සබඳතා නිසා නො වේ. එය සිදු වූ ආකාරය අවබෝධ කැර ගැනීම පිණිස
කුමාරි ජයවර්ධන විසින් ලියූ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ නමැති
කෘතියේ ඇතුළත් මේ ඡේදය ප්‍රමාණවත් යැයි සිතමු.
‘අනිවාර්ය සේවය අවලංගු කරනු ලැබීමෙන් පසු රජයේ වැඩවල යෙදුණු
කම්කරුවන්ට මුදලින් පඩි ගෙවීම කරන කොට ගෙන තැබෑරුම්වලට ගොස්
මත්පැන් බීම නිසැක ව ම වැඩි වන්නට ඇත. ඇත්ත වශයෙන් එ සේ සිදු
වීමේ පුළුවන්කම ගැන සිතා බැලූ ජෝර්ජ් ටර්නර් 1832 ඔක්තෝබර්
මාසයේ දී අරක්කු තැබෑරුම් මාස තුනක කාලච්ඡේද සඳහා බදු දිය යුතු
යැයි යෝජනා කළේ ය. ඊට හේතු වශයෙන් ඔහු දැක්වූයේ ‘කම්කරුවන් කරන
වැඩට පඩි ගෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අරක්කු බීම කෙ තරම් දුරට
වැඩි වී දැයි ප්‍රායෝගික වශයෙන් සොයා දැන ගැනීමට සමපේක්ෂකයින්ට
ඉඩ ප්‍රස්තා සැපයීමේ අවශ්‍යතාවයි’.
අධිරාජ්‍යවාදීන් විසින් ඉතා සැලැසුම් සහගත ව මෙ සේ මත්ලෝලියකු
බවට පත් කළ ශ්‍රී ලාංකිකයා එයින් මුදවා ගැනීමට අනගාරික ධර්මපාල
තුමා (1864 - 1933) විශාල ප්‍රයත්නයක් දැරීය. එහෙත්, එතුමා ගේ
අමද්‍යප ව්‍යාපාරයට සම්පූර්ණයෙන් ජය හිමි නො වූ බව අපි දනිමු.
මෙ රට අමද්‍යප ව්‍යාපාරය ලද පරාජයෙහි ප්‍රතිඵල කෙ තරම් භයානක
දැයි වැලිවේරිය හීන්පන්විල ප්‍රදේශයෙන් පසුගිය 25 වන දා වාර්තා
වූ විෂ මත්පැන් පානය කිරීමේ සිද්ධියෙන් පැහැදිලි කැරේ. දහ හතර
දෙනකුට පමණ ජීවිත අහිමි වූ විෂ මත්පැන් පානය කිරීමේ සිද්ධියක්
පසුගිය වසරේ දී මාතර කැකුණදුර ප්‍රදේශයෙන් වාර්තා වූ බවද අපට
මතක ය.
මේ තීරුව ලියන මොහොත වන විට වැලිවේරියේ විෂ මත්පැන් සිද්ධියෙන්
මිය ගිය සංඛ්‍යාව දහනවයකි. හැට දෙදෙනකු රෝහල් ගත කළ මේ
සිද්ධියට ගොදුරු වූ කාන්තාවන් ගණන දෙදෙනෙකි. මේ පිළිබඳ ව
පරීක්ෂා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ
කොමිසමක් ද පත් කැර තිබේ.
වැලිවේරිය විෂ මත්පැන් සිද්ධිය වාර්තා වූයේ මධ්‍යසාර හා
දුම්කොළ භාවිතය සීමා කිරීම සඳහා වන නව නීති මෙයට දෙවසරකට පෙර
(2006 දී) හඳුන්වා දී තිබෙන අතර ය. එම නීතිය යටතේ මත්පැන් හා
දුම්වැටි නිෂ්පාදනය, අලෙවිය හා ප්‍රචාරණය සම්බන්ධයෙන් සීමා
පවතී. ඒ අනුව මත්පැන් හා දුම්වැටි පිළිබඳ ප්‍රචාරණය
සම්පූර්ණයෙන් තහනම් ය. අලුතෙන් හඳුන්වා දුන් නීතිය යටතේ,
දුම්පානය සඳහා අවසර ඇති ආපනශාලා ආදියේ හැර පොදු ස්ථානයක
දුම්පානය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එ සේ නීතියට පටහැනි ව
දුම්පානය කළහොත් රුපියල් හාරදහසක දඩයක් නියම කළ හැකි ය. එ සේ
වුව ද එම දඬුවම් පමණක් ප්‍රමාණවත් වී නැත. පන්සලට අයිති දේ
පොලීසියට පැවරීම සාර්ථක පිළියමක් නො වන බව අපි බොහෝ විට පෙන්වා
දී ඇත්තෙමු.
දඩ ගැසීම හා සිත හැදීම යනුවෙන් 2006.10.06 වන දින අප ලියූ කතු
වැකියෙන් කොටසක් යළි උපුටා දැක්වීම මැනවැයි සිතේ.
‘මිනිසා විසින් මිනිසා ගේ පරිභෝජනය සඳහා කැරෙන ඇතැම් නිෂ්පාදන
මඟින් මිනිස් සමාජයට සිදුවන හානිය අති විශාල ය. මිනිසාට සිදුවන
එ බඳු හානි වළක්වා ගැනීම සඳහා, විශේෂ සංවිධාන ආදිය මෙන් ම නීති
රීති හා සංස්කෘතික බාධක ද හඳුන්වා දී තිබේ. එ සේ වුව ද ඒවා
පරිභෝජනය පිණිස ඇති නැඹුරුව සම්පූර්ණයෙන් අහෝසි වන බවක් නො
පෙනේ. මිනිස් සිරුරට අහිතකර නිෂ්පාදන ලෙස සැලැකෙන මත්පැන් හා
දුම්වැටි ආදිය පරිභෝජනය කෙරෙහි ඇති උමතු නැඹුරුව මෙන් ම ඒවාට
එරෙහි ව මතුවන මානව හිතවාදී සටන්කාමිත්වය ද ප්‍රකාශ කැරෙනුයේ
මිනිසා ගේ සහජ ගති ලක්ෂණ යැයි සිතමු’.
‘මිනිස් සංහතියට ම අවේණික එ බඳු දුබලතා සමඟ සටන් කළ හැක්කේ කෙ
සේ ද? දඬුවම මඟින් එල්ල කැරෙන පීඩනය හා තැති ගැන්ම නිසා අනාගත
මිනිසා ගේ ගමන් මඟ වෙනස් වනු ඇත් ද?’ |