UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටිවැල්ලේ ශ්‍රී ජයවර්ධනාරාමය


ඓතිහාසික ශෛලමය චෛත්‍යය

වසර 300 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගිංතොට පිටිවැල්ලේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානය ගාලු දිසාවේ සුප්‍රකට පුද බිමකි.

දකුණු පළාතේ වෙනත් විහාරස්ථානයක දැකිය නොහැකි ගලින් නිමවන ලද ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේ මෙහි ඉපැරණි බව විදහා දක්වයි. කුඩා පරිවාර චෛත්‍ය කිහිපයකින් යුත් තවත් චෛත්‍යයක් ද මෙම විහාරයේ ඇත. දෙමහල් ධර්ම මන්දිරය, සංඝාවාසය, බෝධිය, ඉපැරණි දේවාලය, පැරණි සෙල්ලිපි, පෝය, සීමා මාලකයද ජයවර්ධනාරාමයේ පෞඪත්වය විදහා දක්වයි.


තංගල්ලේ අනුරුද්ධ හිමි


පරිවාර චෛත්‍ය

මුල්ම විහාරාධිපතීන් වහන්සේ පටුවත ශ්‍රී ධර්මාරාම හිමියන් ය. ජයවර්ධනාරාමයේ මෑත යුගයේ වැඩසිටි ශ්‍රී කල්‍යාණවංශ නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත් වී වදාළ ගිංතොට අනෝමදස්සී නාහිමිපාණන්ගෙන් අනතුරුව අද ශාස්ත්‍රවේදී තංගල්ලේ අනුරුද්ධ හිමියෝ ජයවර්ධනාරාමාධිපති පදවිය දරති.

ශ්‍රී අමරසිරි දහම් පාසැල ඇතුළු ආගමික හා සමාජීය සංවිධාන කිහිපයක්ම මෙම විහාරස්ථානය මුල් කොට බිහි වී ඇත්තේ තංගල්ලේ අනුරුද්ධ හිමියන්ගේ ඉමහත් කැපවීම නිසා ය. පුරාවිද්‍යා අධිකාරය මගින් විහාරස්ථානයේ විවිධ ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා ලබා දෙන සහාය උන්වහන්සේ අගය කරති.

ජයවර්ධනාරාමයේ පිහිටි “ශෛලමය චෛත්‍ය රාජයාණන්” දැක වැඳ පුදා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් ද මෙහි පැමිණෙති. අසල පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ රණවිරුවන් විහාරස්ථානයේ සියලුම කටයුතුවලදී ලබාදෙන සහායද අනුරුද්ධ හිමියො ් අගය කරති.

 

 


දෙමහල් ධර්ම ශාලාව

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]