‘දාර්ශනික චින්තන ධාරා - බුදු දහම’ ගැන
මත දැක්වීමක්
එම්.ඒ. කරුණාරත්න
විමර්ශන බුද්ධිය මෙහෙයවා දියුණු දර්ශනයක් ගොඩනගා ගැන්මට නම් මුලින්ම
තමා කළයුත්තේ පවත්නා (දුර්) මත සැකය භාජනය කිරීම යැයි ඉගැන්වීමක් තිබේ.
සොක්‍රටිස් ආදී දාර්ශනිකයින් මෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලාම
සූත්‍රයේත් මේ ඉගැන්වීම් දක්නා ලද අතර අද දක්වාත් එය පවතී. එහෙත්
බුදුදහම තුළ, කර්කශ සැක පහළ කරන සංශයවාදීන්ගේ (
Skeptics ) මත වලට වඩා
සමාජයට යහපත් හිතකර පැහැදිලි වෙනසක් තිබේ.
මෙම සැකය මුල්කරගත් දර්ශනය ඉදිරිපත් කළ ඇතැම් සංශයවාදී දාර්ශනිකයන්ගේ
ප්‍රයත්නය අවසන් වූයේ ‘මම නොදන්නා බව පමණක් දනිමි’ යනුවෙනි. එහෙත්
පුද්ගලයා සමාජ ජීවියකු බැවින් උදාර මිනිස්කම රැකගැනීමේ හා වැඩිදියුණු
කර ගැනීමේ කාර්යභාරය, සදාචාරය අගය කරන්නන්ට පැහැර හැරිය නොහැකි ය.
සංශයවාදයේ වැඩි දියුණු ප්‍රභේදයක් වූ පශ්චාත් නූතනවාදීන්ගේ
විසංයෝජනයෙන් ( Deconstruction ) පසු සිදුවිය යුතු සංයෝජනය (නිර්මාණය)
ගැන එකඟතාවයක් නැතිව එය අවුල් ජාලයකින් අවසන් වී ඇත.
එහෙත් බුදුදහම ඊට වෙනස් වන්නේ පෞද්ගලික හා සමාජයීය දියුණුව උදෙසා ලොවටම
පිළිගත හැකි මනෝ විද්‍යාත්මක හරයක් ඇති ආචාර ධර්ම පද්ධතියක්
ප්‍රායෝගිකවද ස්ථාපිත කිරීමට හැකි වූ නිසා ය. සංශයවාදී පශ්චාත්
නූතනවාදී අවුල් හා බුදුදහමේ වෙනස ඇත්තේ ඒ ආකාරයෙනි. පවත්නා මත සැක
කිරීම චින්තන නිදහස උදෙසා අනුමත කළ හැකි වුව ද එමගින් නොදැනුවත්වම
සදාචාරය බිඳ දැමීමේ දරුණු අනර්ථය වැළැක්විය යුතුව තිබේ. දැනටමත්
අපරාධයට හුරු පුරුදු වී ඇති පාතාල කල්ලියේ ලාභයට හා පහසුවටද ඊනියා
දාර්ශනිකයන්ගේ් වාසිය ලැබේ. සමාජයේ එම පහත් කණ්ඩායමට පමණක් නොව
(අවිද්‍යාවෙන්) උසස් යැයි පිළිගනු ලැබූ ජන නායකයින්ට පවා එවැනි
දාර්ශනිකයන්ගෙන් දිරි ගැන්වීමක් ලැබේ. දෙවන මහ ලෝක සංග්‍රාමය බිහිකළ
මරු විකල් හිට්ලර් ද එවැන්නෙකි.
මහචාර්ය ඒ.ඩී.පී. කලංසූරියගේ ඤාණ විභාගය ද (
Epistemology ) එවැනිම
දෙයකි. ඔහුගේ් ‘දර්ශනික චින්තන ධාරා - බුදු දහම’ පොත පුරාම බෞද්ධ
භක්තිය පිරිහෙන ආකාරයේ විභාගයක් දක්නට ලැබේ. ඔහුගේ විමසුමට අනුව ‘නිවන’
හේතුඵලවාදය ආදිය ඔහුට පමණක් පිළිගත නොහැකි හිස් ප්‍රලාපයෝ වෙති (44
පිටුව)
බුදුදහමේ කරුණු ගැන විනිශ්චයක් දීමට ඔහු බුදුරජාණන් වහන්සේ තරම්
අධිචිත්ත තත්ත්වයක් ලබා නැත. එබැවින් ඔහුගේ අනුමානකාරී නිගමන හිස්
ප්‍රලාප සේ ඉවත දැමීමට අපට සිදුවෙයි. එම පොතෙහි 38 පිටුව ආදියෙහි
මහාචාර්ය කේ.එන්. ජයතිලක ආදීන් පැවසූ දේ ද වැරැදි බව පැවසීමට උත්සාහ
දරා ඇත. 99% කටත් වඩා වූ ‘සාමාන්‍ය’ ලෝක ජනතාවට බුදුදහම ඉගැන්වීමෙන් ලද
හැකි ප්‍රතිඵල වල සම්භාවිතාවයේ ඇති විශිෂ්ටත්වය ගැන ඔහුගේ වැඩි අවධානය
නොලැබීම එම දර්ශනයේ එක් වැරැද්දකි. මහා ප්‍රාඥයින් ගණයේ ඉතා ටික
දෙනෙකුට ලද හැකි දුර්වල නිවන පිළිබඳ සම්භාවිතාව ගැන පමණක් වැඩි අවධානය
යොමු කර ඇත. මේ ක්‍රමය බුදුදහමේ අගය පහත හෙළීමට ඔහු මාධ්‍යය කරගනී. එය
කැත බාල උපායකි.
ඉතා වැඩි ජනතාවගේ් ප්‍රයෝජනය සඳහා වූ බුදු දහමේ චිත්ත ධර්ම විද්‍යාව
නිවන් අරමුණට අමතරව, මෙලොව උසස් සමාජ ජීවිතය හා පුද්ගලයාගේ් සතුට හා
දියුණුව අරභයා තර්කානුකූ®ලව ඉදිරිපත් කරන ලද්දකි. ආචාර්ය වල්පොල රාහුල
හිමියන් ලියා ‘බුදුන් වදාළ දේ’ ධර්ම නමැති පොතෙහි ඒ බව මැනවින්
පැහැදිලි කර ඇත. 8 වැනි පරිච්ඡේදය බලන්න. “සතුට පරම ධනයයි” යන පදනම මත
මෙලොව සතුට ලැබීමට අදාළ ස්ව - විනය හා ස්ව - ශක්තිය පිළිබඳ කරුණු
අවිවාදාත්මක ය ප්‍රශංසනීය ය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පරමාදර්ශී බවක් වරෙක ඔහු දකින අතරම,
‘පරමාදර්ශී’ දේ ‘හිස් ප්‍රලාපයෝ වෙත්’ යැයි තවත් විටෙක ප්‍රකාශ කර ඇත.
2006 දිනමිණ වෙසක් කලාපය 42 පිටුව බලන්න. එසේ නම් නිදසුනක් වශයෙන්
මෙතෙක් අපට ‘පරමාදර්ශී’ වූ රෝම ලන්දේසි නීති පද්ධතියෙහි ඇති
‘පරමාදර්ශී’ බව හිස් ප්‍රලාප සේ ඉවත දැමිය හැකි ද? යහපත උදෙසා වූ
‘පරමාදර්ශී’ දේවල සාපේක්ෂ වටිනාකම් ඇති බව සාදාචාරය අගයන අයගේ
වැටහීමයි. ඔහුගේ් එවැනි ප්‍රකාශ වලින් හෙළිදරව් වන්නේ ඔහුගේ චින්තනයේ
ඇති අවුල් සහගත බවයි. එවැනි විද්‍යාත්මක හේතුª නිසාම ලෝක ප්‍රසිද්ධ
විද්වතුන් විසින් බුදුදහම අනික් ආගම් ද පරයා අගය කර ඇත. පසුගිය
සහශ්‍රකයේ ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා සේ සැලකෙන මහාචාර්ය අයින්ස්ටයින්
එවැනි එක් අයෙකි. විද්‍යා අනාවැකි ආදිය ගැන ලොව විශිෂ්ඨයකු වූ ආතර් සී
ක්ලාක් විසින් පවසා ඇත්තේ බුදුදහම ඉදිරි දශක කීපය තුළ බැබළෙන බවත්
අනික් ප්‍රධාන ආගම් වල පැවැත්ම දුබල වී යන බවත් ය. එසේම ලෝක ප්‍රසිද්ධ
දාර්ශනිකයකු වූ බර්ටන්ඩ් රසල් ද ආගම් අතර බුදු දහම පමණක් අගය කර ඇත.
ඔවුන් අතර කලංසූරිය මහතා වැනි අය හිරු අභියස කදෝපැණියකු තරම්වත්
නොවටින්නේම ය.
බොහෝ සෙයින් සමාන විෂය දෙකක් සැසඳීමේ ප්‍රයත්නයේදී වෙනස්කම් ද දකින
මුත්, අපගේ ව්‍යායාමය වියයුත්වන්නේ් ඒවායින් හරවත් දේ පමණක් තෝරා ගැනීම
ය. ඊට හේතු වෛද්‍ය විද්‍යාවෙන්ද ලබාගත හැකිය.
වෛද්‍ය විද්‍යාව යනු විවිධ රටවල විවිධාකාරයෙන් වර්ධනය වී වෙනත් රටවලට
පැතිරී තහවුරු වී ඇති විවිධ මාදිලියේ දැනුම් සම්භාරයකි. ඇලෝපති
ආයුර්වේද ආදී වශයෙන් ක්‍රම 16 ක් අප රටේ ද පවතී. එක් ක්‍රමයක් අනෙක්
ක්‍රමයේ හරවත් දේ උකහා ගන්නා බවද අපි දනිමු. බැවින් වෙනසට වඩා සමානකම්
වල ප්‍රයෝජනකම් ඇත . එසේ වූ විට කලංසූරිය මහතා පවසන්නේ මොනවා ගැන ද?
ඔහුගේ නොදැනීම විදහාපාන තව කරුණක් නම් මනෝ විද්‍යාව නියම විද්‍යාත්මක
එකකැයි දැක්වීමට තැත් කිරීම ය. (හේතුව වී ඇත්තේ බුදු දහම සංසන්දනාත්මකව
එසේ නොවන බව පැවසීමට විය හැකි ය) නිදසුනක්, අජටාකාශ ගගනගාමී යාන්ත්‍රික
විද්‍යාව 99.99% ක නිරවද්‍යතාව ලබා ගනී. එවැනි විද්‍යා හා සම තත්ත්වයට
මනෝ විද්‍යාව ඔසවා තැබිය නොහැකිය. එය අර්ධ විද්‍යාවක් පමණකි. එසේ කීමට
හේතුව නම් අදිසි මනස තුළින් දක්නට ලැබෙන පුද්ගල වෙනස්කම් අනුව සිදු
කෙරෙන ප්‍රතිකාර හා එහි ප්‍රතිඵල ද විවිධ වන නිසා ය. එබැවින් අහවල් දෙය
‘විද්‍යාත්මක ‘ යැයි පැවසීමට පෙර භාෂාමය නුවණ (
Linguist Philosophy)
අදාළ වේ. සමහරු ඒවා හදාරා තිබුණත් අවස්ථාවේ ප්‍රයෝජනය සඳහා ඒවා පැහැර
හරිති.
එක් ප්‍රධාන විෂයයක් තුළ අනු විෂයයන් වෙනස්ව තිබිය දී එය තවත් එකක් සමඟ
සම්පූර්ණයෙන් සමාන කළ නොහැකි බව අපට කියා දීමට සුළු හෝ මහ ඇදුරෙක්
අවශ්‍ය නැත. නිදර්ශන කීපයක් ගෙන පැහැදිලි කර දීම වටී. I. මුලින්ම
ප්‍රොයිඩ් හඳුන්වාදුන් මනෝ විශ්ලේෂණ ක්‍රමය බුදු දහමේ විදර්ශනා නුවණ හා
යෝනිසෝ මනසිකාරයෙන් දැක්ම දියුණු කර ගැනීමට සමාන ය. II ජේ.බී.
වොටිසන් හා පාවිලෝ ගවේෂණය කළ ‘චර්යා වාදය’ (Behaviorism) බුදු දහම
දක්වන පරිදිම පරිසරයද අනුව පුද්ගලයා හැඩ ගැසෙන හා හැඩගැස්විය හැකි බව
පැහැදිලි කරයි. III ඉතා නවීන මාදිලියක් වූ ස්ව නිර්මාණශීලී මනෝ
විද්‍යාව (PCP = Personal Construct Psychology) බුදු
දහමේ ඉගැන්වෙන පරිදි තමා, තමාගේ දෙවියා හෝ බ්‍රහ්මයා සේ සැලකීමට දුන්
උපදෙස් සමාන වන්නේ දේව වාදයට (Determinism) එරෙහි බැවිනි. පශ්චාත්
නූතනයන්ට ද එය වැදගත් ය. IV ඉහිල් කිරීම සමඟ ස්වයං යෝජනා (relaxation
with bio –feed –back) බටහිර මනෝ විද්‍යාවේ නවීනයන් උනන්දුව දක්වන
දෙයකි. එය ඉන්දීය දර්ශනයක් වූ බුදුදමෙන් ද උගත් එකකි. එහෙයින් වැඩි
වටිනාකමක් (සාපේක්‍ෂ වශයෙන්) සමානකම් තුළ දැක්ම නුවණට හුරු ය. මේවා ගැන
මහ ඇඳුරුතුමා නොදන්නා සේ ය.
තවද “වැරැදී යා නොහැකි ස්වභාවයක් හා කිසි විටෙකත් අසත්‍ය නොවන කියමන්”
බුදු දහමෙහි ගම්‍ය වේ යැයි ඔහු අනුමාන කරයි. ඊට හේතුව වශයෙන් අපට දැකිය
හැකි වන්නේ සත්ත්ව වර්ගයාට පොදුවේ හිමි අවිද්‍යාව එතුමාට ද උරුම වූ බව
ය. ඔහුට පැහැදිලි කර දිය යුතු දේ එමට ඇත.
එකක් නම් බුද්ධි ඵලය අනුව මිනිසුන් ශ්‍රේණි ගත කිරීම් ඇති පරිදි
ප්‍රඥා, මෝහ, විතර්ක... ආදී වශයෙන් මානසිකව ශ්‍රේණි ගත කිරීමක් බුදු
දහමේද ඇත. ධ්ධ් ලෝහ, සත්ව, චිත්ත, බුද්ධ....ආදී විෂය තුළ පූර්ණ විස්තර
විග්‍රහය අචින්ත්‍ය බැව් දක්වා ඇත. II (එබැවින්) “ප්‍රත්‍යක්‍ෂය”
ශ්‍රාවකයාගේ බුද්ධියට අනුව සාපේක්‍ෂ නිසා වැරැදි යෑම් ඇතුළුව වෙනස්වීම්
නිශ්චිත ය. IV බුදු දහම “ තම තම ණැන පමණින් විමසා ගත යුතු “බවද දක්වා
ඇත. V මාගේ මේ ධර්මය ප්‍රවීණයකු විසින් සර්පයකු අල්ලා ගන්නා පරිදිම
අල්ලා නොගතහොත් වැරදි යෑමේ අනිටු විපාක ඇතැයි ද දේශනා කර ඇත. VI
නිදසුනක් වශයෙන්, සැරියුත්, මුගලන් දැග සව්වන් එක් ගාථාවක් අසා
ක්‍ෂණිකව “ප්‍රත්‍යක්‍ෂ” නුවණ සම්පූර්ණ කර ගත් පරිදි සෙසු සියලු ලෝකයාට
වැරැදී යා නොදි නිවන ලැබෙන බවක් කොතැනකදීවත් වදාරා නැත.
ඉහත කී පරිදි ඉතා සුපිරි පැහැදිලි කිරීම් ඇතත් මහා ඇදුරු තුමාට ඒවා
නොවැටහෙන බවක් පෙනේ. එමෙන්ම ඉතා දුර්ලභ ගණයේ දෙයක් වූ නිර්වාණය ගැන ඔහු
සොයන සම්භාවිතා ප්‍රමිතිය ද මායාකාරි (illusory) දෙයකි.
“න” ස්වාභාවික භාෂා විලාසයක් බුදු දහමේ ඇතැයි වූ ඔහුගේ ප්‍රකාශ (50
පිටුව) අවිචාරවත් වන්නේ එම විලාසයේ ප්‍රමිති ගැන පැහැදිලි කර දීමට ඔහුට
අපහසු නිසා ය. එබැවින් එය නිසරු කල්පිතයක් පමණකි. බුදු දහමේ යම්
වෙනස්වීම් වළක්වා ගැනීමට හැකි වන පරිදි කලින් කලට බුද්ධිමත් රහතන්
වහන්සේ අඛණ්ඩව පහළ වූ බැවින් ‘න’ ස්වාභාවිකත්වය ගැන සැකය, ඉතා අල්පේච්ඡ
දෙයකි.
තවද, මහා ප්‍රාඥයකු වූ සිද්ධාර්ථ චරිතය, බුද්ධ චරිතයෙන් කපා වෙන්
කිරීමත් ඔහුගේ අගති චින්තනය ප්‍රදර්ශනය කරන්නා වූ සාවද්‍ය දෙයකි. එම
බෝසත් චරිතය, නියම බුද්ධාංකුරයක් වීම නිසාම (කලංසූරිය වැනි) සාමාන්‍ය
ජනතාවට කිසිදා සිතා ගත නොහැකි අති දුෂ්කර ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය පෑමට
හැකි වී ඇති බැව් පෙන්වා දිය යුතු ය. එනම් අන්තඞපුරයක් සහිත ලොව ඇති
සියලු භෞතික සම්පත් වලට උරුම රාජකීය (දිව්‍ය) සැප විහරණ හා රුවැති, අද
රැති බිරිඳ ද හැර දමා කළ මහා අභිනිෂ්ක්‍රමනය විරාගි (පූර්ව) සර්වඥ
ගණයේම ලක්‍ෂණයක් බව ඔහුට නොවැටහේ ද?
නිවන් දැක්ම වූ කලි, ඊට අදාළ ක්‍රමවේදයට නොපිවිස හුදෙක් අනුමාන
(Inductive Logic) මගින් විමසා බැලිය හැකි දෙයක් නොවේ. එහෙත්
කලංසූරිය (අසාර්ථකව) කරන්නේ ද එම ව්‍යායාමයයි. එය නිදසුනකින් පැහැදිලි
කළ හැකි ය.
දැනට ඉන්දියාවේ සිටින ඇතැම් දියුණු යෝගීන්ගේ අධිමානසික ශක්තීන් ( හද
ගැස්ම නැවැත්වීම ආදිය) පිරික්සා බැලීමට ඉතා නිපුණ බ්‍රිතාන්‍ය වෛද්‍ය
කණ්ඩායමකට අවශ්‍ය විය. ඉතා නවීන උපකරණ වලට ඔවුන්ගේ විශිෂ්ට අසාමාන්‍ය
හැකියා පැහැදිලි විය. එහෙත් එම වෛද්‍ය කණ්ඩායමේ කිසිවකුටත්, යෝගීන් ලද
දක්‍ෂතා ගැන “ප්‍රායෝගික” අවබෝධයක් පෞද්ගලිකව ලද නොහැකි විය.
ඉන්දියාවේ සිටි සුප්‍රසිද්ධ දාර්ශනික යෝගී ක්‍රිෂ්ණමූර්ති, ස්වාමි
විවේකානන්ද හා ෙඖරව බින්දු වැනි අයට නම් මෝක්‍ෂය නිවන ගැන සෑහෙන
අවබෝධයක් තිබිණි. එසේ නොමැති අය බුදු දහමේ එම වැදගත් අන්තර්ගතය තුළ
හිස් බවක් දැකීම හා එය ප්‍රචාරය කිරීම සාපරාධී වන්නේ, එයින් දැනටමත්
ආගම් ගරහන, අපරාධයට බර අයට එය නිතැනින් උසි ගැන්වීමක් වන නිසා ය.
එවැනි අදූරදර්ශී දිරි ගැන්වීම් ගැරහිය යුතු ය. එක් විෂයයක් ගැන පමණක්
තරමක් උගත්කමක් ලැබුවද වෙනත් (වෙනස්) විෂයයක් ගැන අනුමාන කරන කරුණු
හාස්‍ය ජනක ය. ඔහුගේ උපාමවකින් කිවහොත් එය ලීටරයකින් මැනිය හැකි දේ
බැරෝ මීටරයකින් මැනීමට තැත් කරන්නාක් මෙනි. (196 පිටුව) ලොව කීර්ති
ප්‍රශංසා දිනූ මහා ප්‍රාඥ විද්‍යාඥයකු වූ මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින්
විසින්ද බුදුරදුන් මෙන්ම මහ ඇඳුරන් ඇතුළු, මිනිසාට අවිද්‍යාව
(Ignorance) සදාතනික උරුමයක් බව පවසා ඇත. කලංසූරිය ගුරු කොට ගන්නා
දාර්ශනික සුප්‍රසිද්ධ විටිගන්ස්ටින් මෙන්ම බුදුන් වහන්සේ ද නොදන්නා දේ
ගැන නිහඬ වීමට උපදෙස් දී ඇත. කලංසූරිය විසින් ද අමතක පාඩම් නැවත
සිහිපත් කර ගත යුතු ය.
ලෞකිකත්වයට හා අගතියට බර අයට ලබා ගත හැකි අධි මානසිකත්වයක් නැත. මෙවැනි
අය පුහු නුවණකින් හෝ පගාවට කරන ප්‍රකාශ, අනික් ආගම් පතුරුවන අයට නම්
වාසි දායක ය. එම ප්‍රයත්නය වැළැක්වීමට බෞද්ධ සමාජයේ අනික් අයගේ උත්සාහය
ද බලාපොරොත්තු වෙමි. |