UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝදා පින්කම්

කොම්පෙයාහේන

පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ නිකිණි පෝදා පින්කම මෙසේ ය.

එදින පෙරවරු 6.30 – 7.30 ස්ලි සමාදන් කිරීම, බුද්ධ වන්දනාව, කළුතර සරද හිමි, 8.15 – 9.45 භාවනාව, නිලන්ත බමුණුආරච්චි මහතා, 10 – 11 ධර්ම දේශනය, මාවල්ගම ඤානිස්සර නා හිමි, පස්වරු 11 – 1 බුද්ධ වන්දනාව, පින් අනුමෝදනාව, 1 – 2 ධර්ම දේශනය, වීරකැටියේ සංජය හිමි, 3.15 – 4.15 ධර්ම දේශනය, කහහේන පඤ්ඤානන්ද හිමි, 4.15 – 5.15 ධර්ම දේශනය මහමිතව පඤ්ඤාරතන හිමි, 5.15 – 6.15 බෝධි පූජාව හා සිල් පවාරණය.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය බෝධි පරිශ්‍රයේදී පවත්වනු ලබන නිකිනි පෝදා ආගමික වැඩසටහන මෙසේය. එදින පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පන්නිපිටියේ විජිතනන්ද හිමි, 8 – 9.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11.15 ධර්ම දේශනය නේපාලයේ සෝමරතන හිමි, පස්වරු 1 – 2 ධර්ම දේශනය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 2.15 – 3.15 ධර්ම දේශනය තොටනෙළුවේ පුඤ්ඤාානන්ද හිමි, 3.30 – 5 ධර්ම දේශනය බෝගහවැවේ ඛේමානන්ද හිමි, 5.30 - 7.30 දේශනය ශේන් බ්ලේන් මහතා, 7.45 – 8.45 ධර්මාචාර්ය ගාල්ලේ කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව

සංඝමිත්තා ආරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පුජාවක් නිකිණි පෝදා පවත්වන අතර එදින පෙරවරු 6 - පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.

පෙරවරු 7.30 – 10.30 ගල්කිස්සේ සමාහිත හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද, 10.30 – 11.00 කඩවත නිරන්ජා පි‍්‍රයන්ති උපාසිකාව පවත්වන දේශනයක්ද, 11.00 ට දවල් බුද්ධ පූජාවද පවත්වන අතර පස්වරු 12.30 – 1 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. 1 – 1.45 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහනද, 2 – 5 .00 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා පවත්වන ධර්ම සාකච්ඡාවක්ද 5 – 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ.

6.30 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේ දී නිකිණිපුුර පසළොස්වක පොහෝදා, විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේය.

පෙරවරු

5.45 – 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 6.30 – 7.30 සිල් සමාදන් කරවීම සහ කිරිපිඬු පුජාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 8.30 – 9.30 භාවනා වැඩසටහන මුරපොල පියවංශ හිමි 9.45 – 10.45 ධර්ම දේශනය ඇකිරියේ සමිත හිමි 11 – 11.30 ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි

පස්වරු

1 – 2 සෙත් පිරිත් සජ්ඣායනය සහ බුදු සරණ පත්‍ර ධර්මදානමය පින්කම 2 – 3 විශේෂ දේශනය ධර්ම සාකච්ඡාව කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ඒ. ජී. විජේසිංහ මහතා 3.15 – 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි 4.30 – 5.30 ධර්ම දේශනය පුබුදුසර සුමනතිස්ස හිමි 6.30 – 7.30 විශේෂ අටවිසි බුද්ධ පූජාව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි

සෑම මසකම 2 වන සෙනසුරාදා උදේ 8.00 – 10.30 දක්වා විශේෂ චිත්තාභ්‍යාස පුහුණු භාවනා වැඩසටහනක් කම්මට්ඨානාචාර්ය ඉද්දමල්ගොඩ වජිරඤාාණ හිමියන් විසින් පවත්වනු ලැබේ.

සෝම සදම් සෙවණ

වීර මාවන දෙපානම පන්නිපිටිය සෝම සදම් සෙවණ පැවිදි පුහුණු හා සමාජ සංවර්ධන මධ්‍යස්ථානයේ නිකිණි පෝදින සීල සමාදාන පින්කම කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික භාෂා අධ්‍යයන අංශයේ කථීකාචාර්ය ශාස්ත්‍රපති වළපනේ ඤාණසේන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින පැවැත්වෙන වැඩ සටහන මෙසේ ය. එදින පෙරවරු, 6.30 සීල සමාදානය හා බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත වළපනේ ඥාණසේන හිමි, 8.00 භාවනාව, මෙහෙයවීම, දර්ශනපති ආනන්ද සිල්වා මහතා, 9.30 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත වළපනේ ඥාණසේන හිමි, 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 පිරිත් සජ්ඣායනාව, ආයතනචාර්ය ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 1 ධර්ම සාකච්ඡාව, වළපනේ ඤාණසේන හිමි, 2.30 ගිහි දේශනය, 3.30 ධර්ම දේශනය දියතලාවේ පියදස්සී හිමි, 5.30 අටවිසි බුද්ධ වන්දනාව.


තලවතුගොඩ

කළල්ගොඩ පාරේ භාවනා මධ්‍යස්ථානයේ පසළොස්වක ශීල, භාවනා වැඩසටහන කම්මට්ඨානාචාර්ය නාකන්දල අනෝමදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් නිකිණි පෝදා 6.30 ට අෂ්ඨාංග ශීලය සමාදන් කරවීමෙන් ආරම්භ වේ.

මහමෙවුනාව අමාවතුර අසපුවේ ළමා භාවනා වැඩසටහන

“සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා” ළමා සීල භාවනා වැඩසටහන පුන් පෝ දින මාළඹේ පිට්ටුගල යසෝදරා මහා විද්‍යාලයේ දී උදේ 8 සිට සවස 4 දක්වා පැවැත්වේ. වයස අවු. 7 සිට 15 දක්වා දරු දැරියන්ට එයට සහභාගී විය හැකි ය.

මහමෙවුනා අමාවතුර අසපුව

මාළඹේ පිට්ටුගල මහමෙවුනා අමාවතුර භාවනා අසපුවේ පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු, 6 – 7 උපෝසථ සීලය, ධර්මානුශාසනාව, සම්බුද්ධ පූජාව, 8 – 9.30 ධර්ම දේශනාව, 9.30 – 10 භාවනාව, 10 – 10 .30 ධර්ම සාකච්ඡාව, 10.30 – 11 භාවනාව සහ සම්බුද්ධ පූජාව, 12.30 – 1 සූත්‍ර සජ්ඣායනාව, 1 – 2.30 ධර්ම දේශනාව, 2.30 – 3 භාවනාව, 3 – 3.30 ධර්ම සාකච්ඡාව 3.30 – 4.30 වේදල්ල දේශනාව, 4.30 – 5 භාවනාව, 5 – 6 සත්බුදු වන්දනාව.

යමුනා සදහම් ආරාමය

කොළඹ 06, මායා මාවතේ ශ්‍රී යමුනා සදහම් ආරාමයේ දී නිකිණි පෝදා රාත්‍රී 7 ට කෝට්ටේ කල්‍යාණ ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියෝ ධර්ම දේශනා කරති.

මාතර බෝධිය

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සංවිධානය කරන සීල සමාදාන වැඩසටහන නිකිනි පුර පසළොස්වක පෝය දින ඓතිහාසික මාතර බෝධි රාජයාණන් අභියස දී පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 7.00 අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීම සහ වන්දනා කිරීම දෙනගම පඤ්ඤාලෝක හිමි,

8 – 9 ධර්ම දේශනාව පනම්වෙල රාහුල නාහිමි 9 – 10 භාවනා වැඩසටහන පනම්වෙල රාහුල හිමි, 10.45 – 11.30 බුද්ධ පූජා වැඩසටහන මාතර කිතුලේවෙල ජය මහ විහාරවාසී සෙවණගල අමිත හිමි, පස්වරු 1 – 2 බුදුගුණ වන්දනා වැඩසටහන ද, 2 – 3 පිරිත් සජ්ඣායනයද 3.15 – 4.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පූජ්‍යපාද හත්තොටුවේ ඉන්දරතන හිමි 4.30 – 5 ධර්ම සාකච්ඡාව ඇහැලපේ යතිරතන හිමි සහ හත්තොටුවේ ඉන්දරතන හිමියන් මෙහෙයවනු ලැබේ.

5.30 – 6 සිල් පවාරණය හා සිල් අලුත් කිරීම දෙනගම පඤ්ඤාාලෝක හිමි.

කොටුවැල්ල

නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් මෙම 16 දා උදේ 10 සිට සවස 7 දක්වා පන්නල කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරය

දෙල්ගොඩ සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ නිකිණි පුන් පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති බලගල සාගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා දායක සභාව මෙහෙයවීමෙන් පැවැත්වේ. එදින පෙරවරු 6.00 ට සීල සමාදාන පින්කම ආරම්භ කැරේ. දවස පුරා භාවනා ධර්ම සාකච්ඡා ඇතුළු පින්කම් රැසක් සිදු කැරේ.

විශේෂ ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත පයාගල නන්ද හිමියන් විසින් පස්වරු 3 – 4 දක්වා පැවැත්වෙන අතර එහි ප්‍රධාන දායකත්වය සියඹලාපෙවත්ත සමෘද්ධි බැංකු සංගමය දරනු ලැබේ.

පස්වරු 7.00 ට විශේෂ අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව පැවැත්වේ.

ලියනගේමුල්ල

මුකලංගමුව ලියනගේමුල්ල සුවිසුද්ධාරාමයේදී නිකිනි පුර පෝදා ශීල භාවනා හා බුද්ධ පූජා වැඩ සටහන් හා ධර්ම දේශනාවක් ද පැවැත්වේ.

විහාරාධිපති මීගමුව හලාවත දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුකලංගමුවේ ඥාණින්දතිස්ස හිමියන්ගේ අනුශාසන පරිදි මෙම පින්කම් මාලාව පැවැත්වේ.

හොරේතුඩුව ගංගාරාමය

හොරේතුඩුව ගංගාරාමයේදී නිකිනි පෝදා දවස පුරා පින්කම් මාලාවක් වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන රජයටත්, රණවිරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් එම උත්සව පූජාවන් සිදු කැරේ.

එදින පෙරවරු 6 සීල සමාදානය ද 8 දහම් දෙසුම කොටුගොඩ ජෝතිරතන නාහිමි 9 අරලියගහ මන්දිරයේ සිට විකාශය වන රූපවාහිනී දම් දෙසුම 10 භාවනා වැඩ සටහන මහියංගනයේ විශාකා සිල් මාතාව පස්වරු 1 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව 4.30 දහම් දෙසුම කතළුවේ රතනසීහ නාහිමි 6.30 සිල් රෙදි ප්‍රදානය එම පින්කමේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]