UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දන්කොටුව උ / ගෝනාවිල නො 223 දරන නිවසේ පදිංචි වේවැල්දෙණියේ සාගර උපුල් සම්පත් ප්‍රනාන්දු (අවිවාහක වයස අවුරුදු 31) මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බව කොළඹ ඇපලෝ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත.

දැනට ජීවිතය බේරාගැනීම සඳහා තාවකාලික ප්‍රතිකාරයක් ලෙස සතියකට දෙවරක් බැගින් ලේ කාන්දුකරනය කිරීමේ ප්‍රතිකාරය කරමින් සිටී.

වකුගඩු බද්ධ කිරීමේ ශෛල්‍යකර්මය කළ යුතු බවට වෛද්‍යවරයා දන්වා ඇති බැවින් ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇතැයිද කියයි.

ජීවිතය බේරාගැනීම සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක් කෙරේ.

0775480220, 0774438222 දුරකථන අංකය වන අතර ගිණුම් අංකය : 7538052, ලංකා බැංකුව දංකොටුව - 497 වෙත ආධාර කළ හැකිය.

-------------------------------------------------------------------

බෙලිඅත්ත වලස්මුල්ල පාර නො. 119 කේ. එස්. ටී. ඉරෝෂා ප්‍රින්සි මහත්මිය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ශල්‍යකර්මය සඳහා දැනට මහනුවර වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබති. එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් අවශ්‍යය වන බැවින් එම වියදම ඇයට සොයා ගැනීමට අපහසු බව කියයි. එබැවින් ඇයට මුදලින් ආධාරයක් ලබාගැනීම සඳහා දැනට සෙලාන් බැංකුව බෙලිඅත්ත ශාඛාවේ අරඹා ඇති ගිණුම් අංක 0650 - 06503387 - 101 දරන ගිණුමට ආධාර කරන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------------------

මහනුවර රිවෙඩල් පාරේ අංක 156 නිවසේ පදිංචි හිරාන් නියංගොඩ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

නියංගොඩ මහතා සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ මහතාට වකුගඩුවක් ලබාදීමට කැමති පින්වතෙකු සිටී නම් ඉහත ලිපිනයට හෝ 081 2223610 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------------------

රුවන්වැල්ල, කන්නත්තොට, මත්තමගොඩ බෝගල පාරේ පදිංචි ආනන්ද පී. දයාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන ඇපලෝ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත.

41 හැවිරිදි දෙදරු පියෙකු වන මොහුට අවශ්‍ය වන්නේ ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවකි. ඒ මහතාගේ එම ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 0716304743, 036 - 2268683 හෝ 0724571678 දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

මෙම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වෙතැයි වෛද්‍යතුමන් විසින් දැනුම් දී ඇති අතර ඒ සඳහා ද යම් පරිත්‍යාගයක් සිදු කළ හැකි අයෙකු වේ නම් මොහුගේ නමින් ‘රුවන්වැල්ල සෙලාන් බැංකුවේ’ අංක 08000 - 01532482 - 101 දරන ගිණුමට මුදල් පරිත්‍යාග කරන්නැයි ද ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------------------

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන දැනට නුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු සඳහා ඕ ලේ වර්ගය සහිත අයෙකුගේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් හිමිනමකගේ හෝ සිල්මාතාවකගේ හෝ වෙනත් ඕනෑම අයෙකුගේ පිහිට මේ සඳහා අපේක්ෂා කැරේ. සමන් 0777558729 අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]