බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ඌව අමරපුර නිකායේ කාරක සංඝ සභාව 
						මගින් පසුගියදා මාවුස්සාගොල්ල ශ්‍රී රතනපාලාරාමාධිපති 
						දික්යායේ සෝමානන්ද හිමියන් වෙත එම නිකායේ අනු නායක පදවිය 
						පිරිනමනු ලැබිණි. ඒ නිමිත්තෙන් බදුල්ල හිඳගොඩ ශ්‍රී 
						තපෝධනාරාම සීමාමාලකයේ දී ඌව අමරපුර නිකායේ මහනායක 
						මීරියබැද්දේ උපනන්ද නා හිමියන්, දික්යායේ සෝමානන්ද හිමියන් 
						වෙත ඊට අදාළ අක්තපත්‍රය පිළිගැන්වූ අයුරුයි මේ. 
						පස්සර සමූහ උභයරත්න වනසිංහ  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මියගිය රණවිරුවන්ට පින් අනුමෝදන් 
						කිරීමත් දැනට සටන් බිමේ සිටින රණවිරුවන්ටත්, ජනාධිපතිතුමා, 
						ප්‍රමුඛ රජයටත් ආශිර්වාද කිරීම පිණිස ‘මඟ නැගුම’ ආයතනයේ සහ 
						‘සෙත්සවිය’ ආශිර්වාද පදනමේ සභාපති ජාලිය කුලසේකර මහතා 
						විසින් සංවිධානය කළ මහා දානමය පින්කමක් පඬුවස්නුවර මහජන 
						ක්‍රීඩාංගනයේ ඉදිකළ විශේෂ මණ්ඩපයක් තුළදී පසුගිය දින 
						පැවැත්විණි. යුද බිමේ දී මියගොස් ඇති පඬුවස්නුවර ආසනයේ 
						පදිංචි රණවිරුවන්ගේ, මව්පියන් ඇතුළු පවුලේ ඥාතීන් සියලු 
						දෙනා එම ස්ථානයට කැඳවා ඔවුන් අතින් මහා සංඝරත්නය වෙත 
						අටපිරිකර 125 ක් පූජා කරවීමට ජාලිය කුලසේකර මහතා කටයුතු 
						යොදා තිබීම විශේෂත්වයකි. ජාලිය කුලසේකර මහතා මහා සංඝරත්නය 
						වෙත අටපිරිකර පූජා කරන අයුරු මෙහි දැක්වේ. දුම්මලසූරිය 
						සමූහ වාර්තාකරු, ඒ. දසනායක.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 
						බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද, “සිව් දෙසින් 
						පිණ්ඩපාත චාරිකා” වැඩසටහනේ දී එක් දිසාවකින් භික්‍ෂූන් 
						වහන්සේ පිඬු සිඟා වඩින අයුරු ඡායාරූපයෙන් දැක්වේ. 
						මීගොඩ සමූහ – ඩබ්ලිව්. ඩී. ජයතිස්ස  | 
					 
					 
				
					
						| 
						 
						  
						අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විදුහලේ දූ දරුවෝ වෙසක් සතිය 
						නිමිති කරගෙන ස්වර්ණ පූජා බැති ගී සරණිය නමින් භක්ති ගීත 
						සංදර්ශනයක් පැවැත්වූහ. එම අවස්ථාවට සහභාගී වූ උතුරු මැද 
						පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, 
						විදුහල්පතිනිය ඉනෝකා ධර්මසිරි, අනුරාධපුර මූලස්ථාන පොලිස් 
						පරීක්‍ෂක තුමා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක යන මහත්ම මහත්මීන් 
						සංදර්නය නරඹන අයුරු. 
						ඡායාරූප - චිත්‍රසේන කළුආරච්චි, හිදෝගම, සමූහ.  | 
					 
				 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					 වෙසක් අමාවක පෝය
					   වෙසක් අමාවක 
					පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි. 
					4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය 
					මීළඟ පෝය ජුනි 10 වනදා 
					අඟහරුවාදාය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජූනි 18 | 
								 
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූනි 26 | 
		 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |