විශ්ව ගම්මානයේ අනාථයෝ
වර්තමාන ලෝකය විශ්ව ගම්මානයක් ලෙස හැඳින්වීමට සන්නිවේදන
විශේෂඥයෝ පෙළඹී සිටිති. එහෙත් එය සන්නිවේදන තාක්ෂණයේ දියුණු ව
පිළිබඳ සහතිකයක් මිස මිනිසා ගේ යහපත් සමාජයීය හැසිරීම හෙළි
කැරෙන ප්‍රකාශයක් නො වේ.
මේ ඊනියා විශ්ව ගම්මානයේ වෙසෙන ‘ ගැමියන්’ ගේ තත්ත්වය කෙ බඳු
දැයි වටහා ගැනීමට නම් අන්තර්ජාතික දේශපාලනය හැදෑරිය යුතු ය.
මෙහි දී ද එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය වඩා
වැදගත් යැයි සිතමු. පසු ගිය 22 වන දා ස්විට්සර්ලන්තයේ ජිනීවා
නුවර පැවැති එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ‘මානව හිමිකම්
කවුන්සිලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම වෙත මෙහි
දී අවධානය යොමු කැරේ. එම ඡන්ද විමසීම හා ප්‍රතිඵල පිළිබඳ ව
විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පළ කළ අදහස් අප ගේ මාතෘකාවට
වැදගත් වනු ඇත. විදේශ ඇමැතිවරයා විසින් සති අන්ත පුවත්පතකට කළ
ප්‍රකාශයක් මෙ සේ ය.
“ ආසියානු කලාපය සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම්
කවුන්සිලයේ ඇත්තේ ආසන හතරක් පමණ යි. ඒ ආසන හතර සඳහා රටවල් හයක්
තරග කළා. බහරේනය, ජපානය, පාකිස්ථානය , දකුණු කොරියාව , ටිමෝරය
හා ශ්‍රී ලංකාව තමයි ඒ රටවල් . වැඩි ඡන්ද ලබාගත් බහරේනය ,
ජපානය , දකුණු කොරියාව හා පාකිස්ථානය යන රටවල් මේ සඳහා තේරී
පත් වුණා.
“ ලංකාවට ඡන්ද එකසිය එකක් ලැබෙන විට නැගෙනහිර ටිමෝරය ලැබුවේ
ඡන්ද අනූ දෙකක් පමණ යි. පාකිස්ථානය ලැබුවේ ඡන්ද එකසිය දාහතර යි
.
රටවල් 101 ක් ශ්‍රී ලංකාව පිළිබඳ ව විශ්වාසය තබා අපට ඡන්දය ලබා
දුන්නා. එක්සත් ජාතීන් ගේ සංවිධානයේ රටවල් 192 න් 101 ක් ම අප
කෙරෙහි විශ්වාසය තැබීම යහපත් තත්ත්වයක්. පාකිස්තානය , බහරේනය
වැනි රටවල් ඉස්ලාමීය රටවල්. ඔවුන් ඉස්ලාමීය රටවල් නිසා ලොව
පුරා ඉස්ලාම් රටවල සහය ඔවුන්ට හිමිවෙනවා. එක්සත් ජාතීන් ගේ
සංවිධානය තුළ ඉස්ලාම් රටවල් පනස් දෙකක් ඉන්නවා. පාකිස්තානය
මානව හිමිකම් කවුන්සලයේ ඡන්ද විමසීමට ඉදිරිපත් වූයේ ඉස්ලාම්
රටවල ඡන්ද පනස් දෙකක් අතෙහි තබා ගෙන යි. .”
“ආසියාවෙන් සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දිහා බැලුවොත් ජපානය
ලෝකයේ ප්‍රබල ආර්ථික බලවතෙක් . දකුණු කොරියාව ද එ වැනි
ශක්තිමත් රටක්. ඒ නිසා ඔවුන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා.
බටහිර රටවලින් එක්සත් රාජාධානියට පවා ලැබී තිබුණේ ඡන්ද එකිය
විස්සක් පමණ යි. ප්‍රංශය ලබාගත්තේ ඡන්ද එකසිය විසිතුනක් පමණ
යි.”
මේ ඊනියා විශ්ව ගම්මානය ආගම අනුව බෙදී ඇති අයුරු විදේශ
ඇමැතිවරයා ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි කැරේ. අතීතයේ දී අප රටේ
ද ගම්වල දක්නට ලැබුණු වැඩවසම්වාදී ඇතැම් අයහපත් ලක්‍ෂණ මේ
දියුණු විශ්ව ගම්මානයේ ද පවතින බව පැහැදිලි කරුණකි.
මේ තත්ත්වය යටතේ යහපත් විශ්ව ගම්මානයක් නිර්මාණය කළ හැකි ද?
තමා අදහන ආගම, ශරීර වර්ණය හෝ භාෂාව ආදී බෙදීම් අනුව නො ව පොදු
යහපත සලකා තීරණ ගන්නා මිනිසුන් නිර්මාණය කිරීම මේ අයහපත්
තත්ත්වයෙන් මිදීමේ එක ම මඟ ය. බුදු දහම මත පදනම් වූ අශෝක
ධර්මයෙහි සඳහන් මවුපියන්ට හා වැඩිහිටියන්ට කීකරු වීම ,
වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, මිතුරන්ට, ඇසුරු කරන්නන්ට හා
නෑයන්ට දන් දීම , දාසයන්, වැඩකරුවන්, වෘද්ධයන් කෙරෙහි මනා
හැසිරීම , ප්‍රාණීන් නො මැරීම හා දයාව දැක්වීම , ඇත්ත කතා
කිරීම , වැය අඩු කිරීම , උතුම් දහම් ගුණ රැකීම ආදිය සැබෑ විශ්ව
ගම්මානයක් නිර්මාණය කිරීමට ඇති එක ම මඟ යැයි සිතමු.
එම් මානව ගුණාංග ආරක්‍ෂා කැරේ නම්, මානම හිමිකම් පිළිබඳ බටහිර
ප්‍රමිති සහතිකය අවශ්‍ය නො වනු ඇත. |