පිහිට පතයි
බණ්ඩාරගම - රයිගම - අංක 21 ඊ නිවසෙහි පදිංචි 25 වියැති නලින් කුමාර
මහතාගේ වකුගඩු දෙකම නරක් වීම නිසා වකුගඩුවක් බද්ධ කළයුතු බව විශේෂඥ
වෛද්‍ය නිර්දේශය වී ඇත. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු
බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකුගේ අනුග්‍රහය ඊට
අපේක්ෂා කැරෙයි. එම ශල්‍යකර්මය කොළඹ ජාතික රෝහලේ සිදුකරන අතර ලේ
පිරිසුදු කිරීම සඳහා සෑම මසකම රුපියල් 40,000 ක් පමණ වැයවන අතර අදාල
ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන කොළඹ
ජාතික රෝහලේ වෛද්‍යවරු පවසති.
තරුණ මහතාගේ පියා අංශභාග රෝගී තත්ත්වයේ පසුවන හෙයින් ඔහුටද කිසිදු
රැකියාවක් කරගත නොහැක. කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති හෙයින්
වියදම් දැරීමද අසීරු වී ඇත. මෙම තරුණයාගේ ජීවිතය ගොඩ ගැනීම පිණිස
පරිත්‍යාගශීලින්ගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කැරේ. ඒ වෙනුවෙන් බණ්ඩාරගම
මහජන බැංකු ශාඛාවේ අංක 207 350262 - 3 (කපිල කුමාර) දරණ ගිණුමට මුදල්
බැරකරන ලෙස ඉල්ලීමක් කැරේ.
77 3015667, 071 5777290, 077 9919148 යන දුරකථනයන් වෙතින් වැඩිවිස්තර
දැනගත හැකි බවද කියයි. |