කාමයෙහි රූපයෙහි වේදනාවෙහි සැබෑ තතු
දොළොස්බාගේ සාන්තනාග හිමි
සත්වයා නිරන්තරයෙන් දුකට පත්වන්නේ තම සිත තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාදී
ක්ලේශ ධර්ම හේතුකොට ගෙනය. සත්වයා තෘෂ්ණාව හේතුවෙන් භවගාමී වන අතර, කුසල
ධර්ම කරා සිත් සතන් යොමු නොකිරීමෙන් ක්ලේශ ධර්මයන්ගේ වර්ධනය සිදුවේ.
බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව හා එය පදනම් කරගෙන උපදින්නා වූ ක්ලේශ ධර්ම
වලින් මිදීම සදාකාලික සැනසීමට ඉවහල් වන බව දේශනා කොට ඇත. ඒ අනුව
තෘෂ්ණාව හේතුකොටගෙන සත්වයා විඳින්නා වූ අපමණ දුක් සමුදාය පිළිබඳ
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයක් කෙරෙහි අපි අවධානය යොමු
කරමු.
සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායට අයත් මූලපණ්ණාසකයේ හි සීහනාද වග්ගයේ මහා
යඛක්‍ඛන්ධ සූත්‍රයෙන් විස්තර වන්නේ සත්වයා නිරන්තරයෙන් මුහුණ දෙන මහා
දුක් සමුදාය පිළිබඳවයි. එම සූූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ අන්තොටු
පරිබ්‍රාජකයා ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති කරගත් වැරැදි වැටහීමකි. “
දිනක් භික්‍ෂූන් වහන්සේ පිරිසක් පෙරවරු කාලයෙහි පිඬුසිඟා වඩින අතුරතුරේ
දී දිවා විහරණය ස¼ඳහා එම ප්‍රදේශයේම පිහිටි අන්තොටු පරිබ්‍රාජකයාගේ
ආරාමයට වැඩම කළහ. එහිදී අන්තොටු පරිබ්‍රාජකයා එම භික්ෂූන් වහන්සේ
සමීපයට පැමිණ සුහදව කථා කොට පසුව මෙබඳු ප්‍රකාශයක් කළේය.
“ඇවැත්නි භවත් ගෞතමයන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය පනවත් ද අපි ද
කාමයන්ගේ ප්‍රහාණය පනවමු. එමෙන්ම රූපයන්ගේ යම් ප්‍රහාණයන් පනවත් ද අපි
ද රූපයන්ගේ ප්‍රහාණය පනවමු. භවත් ගෞතමයෝ වේදනාවන්ගේ් ප්‍රහාණයක් පනවත්ද
අපිද වේදනාවන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි ,
මේ අනුව භවත් ගෞතමයන්ගේ හා අපගේ ධර්මය අතර වෙනසක් නැති බවත් ඒවා සමාන
දේශනා බවත් අන්තොටු පරිබ්‍රාජකයා භික්‍ෂූන් වහන්සේට ප්‍රකාශ කළේය.
එම කාරණය භික්‍ෂූන් වහන්සේ ඒ අයුරින්ම නොපිළිගෙන, ප්‍රතික්‍ෂේපද නොකොට
බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි එය ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවෙහි බුදුරජාණන්
වහන්සේ භික්‍ෂූන් වහන්සේට මෙසේ දේශනා කළහ .
“ එවං වාදිනො භික්‍ඛවෙ අඤ්ඤතිÀථීයා පරිබ්බාජකා එව මස්සු වචනීයා කො
පනාවුසො කාමානං අස්සාදො ? කො ආදීනවො ? කිං නිස්සරණං ? කො රූපානං
අස්සාදො ? කො ආදීනවො ? කිං නිස්සරණං ? කො වෙදනානං අස්සාදො? කො ආදීනවො ?
කිං නිස්සරණං ....”
මහණෙනි, මෙසේ කියන අන්තොටු පරිබ්‍රාජකයාට මෙසේද කිය යුතුය. ඒ කෙසේද?
කාමයන්ගේ ආස්වාදය කවරක්ද? කාමයන්ගේ ආදීනව කවරක්ද? නිස්සරණ හෙවත්
ප්‍රහාණය කිරීම කවරක්ද? ඒ අයුරින්ම රූපයන්ගේ හා වේදනාවන්ගේ ආශ්වාදය
ආදීනව හා ප්‍රහාණය කිරීම කවරක්ද? යන්න පිළිබඳ විමසිය යුතුය. සැබැවින්ම
අන්තොටු පරිබ්‍රාජකයා මේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මහත් වෙහෙසට
පත්වනවා මිසක් එය ඔහුට විෂය නොවේ.
දෙවියන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වු මාරයන් සහිත වූ මිනිසුන් සහිත වූ
මේ තුන් ලෝකයේ කිසිම සත්වයෙකුට විෂය නොවේ.
එය විෂය වන්නේ බුදුකෙනකුට හා බුද්ධ ශ්‍රාවකයන්ට පමණක් බව බුදුරජාණන්
වහන්සේ ඒ අවස්ථාවේදී භික්‍ෂූන් වහන්සේට දේශනා කළහ. ඉන් අනතුරුව
බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ, රූපයන්ගේ, වේදනාවන්ගේ ආශ්වාදය, ආදීනව
නිස්සරණ කවරක්ද? යන්න පිළිබඳ පිළිවෙලින් දේශනා කළහ.
“කොච භික්ඛවෙ කාමානං අස්සාදො? පඤ්චිමෙ භික්ඛවෙ කාම ගුණ කතමෙ පඤ්චචක්‍ඛු
මිඤෙඤය්‍යා රූපා ඉට්ඨා කනතා මනාපා පියරූපා කාමුපභංහිතා රජනීයා සොත
විඤ්ඤෙය්‍යා සද්දා ...”
මහණෙනි , කාමයන්ගේ ආශ්වාදය කවරේද? ඒ ස¼ඳහා කාම ගුණ පහකි. ඇසින් දකින්නා
වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නාවූ පි‍්‍රය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ
රූපයෝය. එමෙන්ම කනින් අසන්නා වු ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නාවූ පි‍්‍රය
වූ රාගය ඉපදීමට කරුණු වූ ශබ්දයෝය.
මෙසේ නාසයෙන් ගඳ සුවඳ ආදි තෘෂ්ණාදී ක්ලේශ ධර්ම පඤ්චකාම ගුණයන්ගෙන් ලබන
ආශ්වාදයයි. දිනෙන් දින පංඤච්න්ද්‍රියන්ට ගෝචර වන අරමුණූ කරා සත්වයා
පෙළඹෙන අතර ඉන් කුමන මොහොතක වත් සෑහීමකට පත් නොවේ.
එම නිසා නිවැරැදි මාවතක් කරා නිවැරැදි දැකීමක් ඇතිව ගමන් කරන්නට
පුද්ගලයාට නොහැකි වන්නේ පඤ්චකාම ගුණ ආශ්වාද කිරීමෙනි. ඉන් අනතුරුව
බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව පිළිබඳ දේශනා කළහ.
යමක් ආශ්වාදයක් කෙරේනම් එහි ආදීනවයද ලැබේ. එහෙයින් පඤ්්චකාම ගුණ ආශ්වාද
කරන්නා එතුළින් ආදීනව ලබන අයුරු විමසා බලමු.
“ මහණෙනි’ කාමයන්ගේ ආදීනව කවරේද? මේ ලෝකයෙහි යම් කුල පුත්‍රයෙක්
කිසියම් ශිල්පයකින් හෝ කිසියම් රැකියාවක් කරමින් ජීවිකාව ගෙනයෑමට
අප්‍රමාණ දුක් විඳිති. වෙළඳාමෙන් හෝ රාජසේවා කිරීමෙන් හෝ ගවපාලනයෙන් හෝ
වෙනයම් ඕනෑම රැකියාවක් සඳහා උදේ හවා වෙහෙසී කටයුතු කළ යුතුය.
ශීතයෙන් හා උෂ්ණයෙන් පෙළෙන්නට සිදුවේ. මැසි මදුරු හා නොයෙක් සා
පිපාසාවන්ගෙන්ද පීඩා විඳිති. මේ සෑම දුකක්ම පීඩාවක්ම විඳින්නට
සිදුවන්නේ කාමය මූලික අරමුණ කොටගත් බැවිනි.
එමෙන්ම තමන් කොපමණ උත්සහවත්ව වෙහෙසී වෙළෙඳාම් රැකියා කළ ද ඇතැම් වෙලාවට
කොපමණ වෙහෙසව කටයුතු කළ ද බොහෝ අයගෙන් ඇණුම් බැණුම් අහන්නට සිදුවේ.
මහණෙනි ඇතැම් වෙලාවට උත්සාහවත්ව කටයුතු කළ ද තමන් බලාපොරොත්තු වූ ලාභය
ලැබුණත් එය විය පැහැදම් නොකර ආරක්‍ෂා කිරීමට කටයුතු කරනු ලබයි.
එම වස්තුව කොපමණ ආරක්‍ෂා කළද රජයට බදු වශයෙන් මුදල් පවරා ගනු ලබයි.
ඇතැම් වෙලාවට සොරු පැහැර ගනිති. එසේත් නොමැතිනම් ගං වතුර හෝ ගින්නකට
විනාශ විය හැකිය. මෙසේ උපයාගත් වස්තුව ආරක්‍ෂා කිරීමට වෙහෙසිය යුතුය.
යම් හෙයකින් එම වස්තුව තමන්ට ආරක්‍ෂා කරගත නොහැකි වුවහොත් අප්‍රමාණ
දුකකට වේදනාවකට පත්වන්නට සිදුවේ.
එමෙන්ම මහණෙනි කාමය අරමුණු කොටගෙන රජවරුන් රජවරුන් හා වාද විවාද කල
කෝලාහල කර ගනිති. පාලකයෝ පාලකයන් සමග වාද විවාද කල කෝලාහල කරගනිති.
පියාද අඹුදරුවන් සමඟ වාද විවාද කල කෝලාහල කරගනිති.
සහෝදරයෝද සහෝදර සහෝදරියන් හා වාද විවාද කල කෝලාහල කර ගනිති. එමෙන්ම
ඥාතීන් සමගද මේ අයුරින් වාද විවාද කල කෝලාහල කරගනිමින් ඔවුනොවුන්ට පහර
දෙති. ඒ හේතුකොටගෙන මරණයට ද දුකට ද පැමිණේ.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රයෙන් කාමයන්ගේ ආදීනව
පෙන්වා දී ඇත. මහණෙනි, කාමය මූල කාරණය කොටගෙන තවත් බොහෝ දුක් රැසකට
මිනිසා මුහුණපායි. අන් අයගේ වස්තු සැප සම්පත් දැක ඒවා තමන්ට ලබා ගැනීමට
ඒ වස්තූන් කෙරෙහි ඊර්ෂ්‍යා ඇති කර ගනියි.
එමෙන්ම ඔහු විනාශයට පත් කර හෝ එම වස්තු සම්පත් ලබා ගැනීමට උත්සුක වෙයි.
එමෙන්ම කම් සැප සම්පත් විඳීමට බොරු කියති. සොරකම් කරති. කේලාම් කියති.
පර අඹුවන් කරා යති. මෙසේ කාමය මූලකාරණය කොටගෙන මනුෂ්‍ය ගුණ ධර්ම අමතක
වෙයි. යහපත අයහපත පිළිබඳ නිවැරැදි වැටහීමකින් තොරවෙයි. මෙසේ කයින්,
වචනයෙන් හා සිතින් අප්‍රමාණ දුසිරිත් ක්‍රියා සිදු කරති. මෙය කාමයන්ගේ
ආදීනව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
මතු සම්බන්ධයි
මජ්ඣිම නිකාය
මූලපණ්ණාසකයේ
මහා දුක්ඛක්‍ඛන්ධ සූත්‍රය
ඇසුරෙනි |