දණ්ඩගමුව ශ්‍රී සුධර්මාරාම
පුරාණ රාජ මහා විහාරය
ඒ.පී. ගුණරත්න
මාදම්පේ සමූහ
සැතපෙන බුද්ධ ප්‍රතිමාව |
මහනුවර යුගයේ ටැම්පිට විහාරය |
චෛත්‍යය |
පැරැණි විහාර මන්දිරය |
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත්පත්තුවේ කටුගම්පල දකුණු
කෝරළයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයට අයත්
ඓතිහාසික ග්‍රාමවරයකි දණ්ඩගමුව.
මුඛ පරම්පරාගත කථා අනුව අනුරාධපුරය යුගය දක්වා දිව යන ඓතිහාසිකත්වයක්
උසුලන ශ්‍රී සුධර්මාරාම රාජ මහා විහාරස්ථානයේ රහතුන් වහන්සේලා වැඩ සිටි
අතර උන්වහන්සේලාට දන් සැපැයූ ගම “දන්ගමුව“ වී පසු කාලයේ දී “දණ්ඩගමුව“
නමින් භාවිතයට පැමිණ ඇත. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මහනුවර මල්වතු පාර්ශ්වයට අයත් වූවකි මෙම විහාරස්ථානය.
ශ්‍රී සුධර්මාරාම රාජ මහා විහාරයේ පිහිටි භූමිය ඉතා රමණීයය. එක්
පැත්තකින් ගම කෙළවර ය. උතුරු දෙසින් බලන විට ගමේ ආරම්භයයි. විජනවාතානී,
මනුස්සරාහසෙය්‍යකානි, යන ත්‍රිපිටකා ගත වදන් වලට අනුව මෙම පන්සල් භූමිය
ජනතාවගෙන් තොර හිස් භූමි භාගයක් වූ අතර ජනතාවට පහසුවෙන් හා හැකි
භූමියක් ද වන්නේ ය. ඉතා නිදහසේ බණ භාවනා කළ හැකි තැනකි.
පෘතුගීසි හෝ ඕලන්ද සමයේ මෙම භූමිය බලකොටුවක් ලෙසද පැවැති බව කියැවෙයි.
විහාරස්ථානයට උතුරු දෙසින් ගලා යන “දඹගොල්ලා ඔයේ” කොටසක් “කාලතුවක්කු
වල යනුවෙන් අදටත් හැඳින් වේ.
විහාරස්ථානයට නැගෙනහිර උතුර හා බටහිර දෙසින් කුඹුරු යායයි. කඳු ගැටයක්
මත පන්සල පිහිටා ඇත. අපේ වෙහෙර විහාර වල ඓතිහාසිකත්වය ගැන සළකන විට මෙම
විහාරස්ථානයේ ද පුරා වස්තු කිහිපයක්ම වේ.
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ මින්
ප්‍රධාන වෙයි. එය රෝපණය වී ඇති කාල වකවානුව අවිනිශ්චිත ය. විහාරස්ථානයේ
ආරම්භක යුගයේ හෝ ඊට පසු කළ ඉදි වූ පුංචි දාගැබක් මෙහි විය. එය ඇතුළත්
කොට වර්තමාන මහා දාගැබ ඉදිකරන ලදී. කංචුක චේතිය නමින් හැඳින්වෙන මෙය
1980 දශකයේ මුල් භාගයේ සිදු වූවකි.
මීට අමතරව සිරිපතුල පිහිටි විහාර මන්දිරයක් ද තෙමහල් වූ විශාල විහාර
මන්දිරයක් ද මෑත භාගයේ ඉදි වී ඇත. පන්සිය පනස් ජාතක කතා මෙහි සිතුවම්
කොට ඇත. අනුරපුර යුගය දක්වා මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ මුඛ
පරම්පරාගත කතා වල සඳහන් වූවත් ඓතිහාසික සාධක සහිතව කතා කළ හැකි විහාර
මන්දිරයකි ටැම් පිට විහාර මන්දිරය. මෙම විහාර මන්දිරය ඉදි වූ කාල
වකවානුව මහනුවර යුගයයි.
දණ්ඩගමුව ශ්‍රී සුධර්මාරාම රාජ මහා විහාරස්ථානය මූලස්ථාන දෙකකට සම්බන්ධ
වී ඇත. එනම් ගිරිඋල්ල මැද්දේපොල රාජ මහා විහාරය සහ බිංගිරිය දේවගිරි
රාජ මහා විහාරස්ථානයයි.
ශ්‍රී සරණංකර මාහිමි ධර්ම ප්‍රභාව සත්කෝරළය පුරා විහිදෙන්නට බලපෑ
ප්‍රධාන සාධකය උන්වහන්සේගේ ගිහි පැවිදි ගෝල බාලයෝ ය. සිටිනාමළුවේ
ධම්මජෝති හිමි එකී ශිෂ්‍ය භික්‍ෂූන්ගෙන් නමකි.
ඒ අනුව සිටිනාමළුවේ ධම්මජෝති මාහිමි දණ්ඩගමුව රාජ මහා විහාරස්ථානයේ
ප්‍රථම විහාරාධින්පතීන් වහන්සේ ය. එතැන් සිට මේ දක්වා මෙම විහාරස්ථානයේ
වැඩ සිටි විහාරාධිපතීන් වහන්සේලාගේ සංඛ්‍යාව නවයක් වෙති.
එහි පවත්නා සෑම මූර්තියක් මෙන්ම සෑම චිත්‍රයක්ම මහනුවර යුගයට අයත් ඒවා
ය. එම විහාර මන්දිර වල තවත් විශේෂත්වයක් නම් යකඩ භාවිතා කර නැති බවය.
උණ ගස් උණ පතුරු වැනි ද්‍රව්‍ය උපයෝගී කොට ගෙන මැටි ගසා නැං වූ බිත්ති
ය.
මූර්ති සඳහා උණ පතුරුම භාවිතා කර ඇති බව පළුදු වූ තැනකින් පෙනේ. උස්
මට්ටමකින් බුදු පිළිම වහන්සේලා සහ චිත්‍ර මූර්ති පවත්නා අතර පහළ
මට්ටමෙන් මණ්ඩපයක් ඇත. එය “හේවිසි මණ්ඩපය” නොහොත් “බෙර ගේ” නමින්
හැඳින් වේ. විහාර මාලිගාවේ උසින් වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේට ශබ්ද
පූජා පැවැත්වීමට පිණිස බෙරගේ සකස් කොට ඇත. |