අමරපුර සිරිසුමන (දඩළු) මහා නිකායේ
උපසම්පදා විනය කර්මය
අමරපුර සිරිසුමන (දඩළු) මහා නිකාය මගින් වර්ෂ දෙකකට වරක් පවත්වන
උපසම්පදා විනය කර්මය 2008 ජූලි මස 12 දින අනුරාධපුර ගුවන් තොටුපල ශ්‍රී
විමලධර්මදූත මධ්‍යස්ථානයේදී මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ ප්‍රධානත්වයෙන් “සිරිසුමන” උපෝෂථාගාරයේදී පැවැත්වේ.
උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ අයදුම්පත් ආචාර්යන්
වහන්සේලා මගින් නිසි සේ සම්පූර්ණ කොට සාමණේර සහතිකයේ පිටපතක්ද සමග 2008
මැයි 31 දින පෙර මහා ලේඛකාධිකාරි සහ අධිකරණ නායක තිලකසිරි නාහිමි ශ්‍රී
සුදර්ශනාරාම මහා විහාරය, බූස්ස යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන්
එවීමට කටයුතු යෙදිය යුතුවේ.
උපසම්පදාපේක්ෂක පරික්ෂණයට අදාල නිර්දේශ පත්‍ර හා ඉල්ලුම්පත්‍ර
මහාලේඛකාධිකාරි අධිකරණ නාහිමියන්ගෙන් ලබාගත හැකි බවත් මහා ලේඛකාධිකාරි
පණ්ඩිත රජ්ගම තිලකසිරි නා හිමියෝ නිවේදනය කරති. |