නවම් පුර පෝ දිනෙක සිදු වූ
අග සව් තනතුරු ප්‍රදානය
මුළු දිවයිනටම සාම විනිසුරු
පියතිස්ස කුමාරසිංහ
භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන්වහන්සේ ‘ මහණෙනි, සැරියුත් සහ මුගලන්
යන දෙනම ඇසුරු කරන්න. භජනය කරන්න. උන්වහන්සේ සබ්‍රම්සරුන්ට අනුග්‍රහ
දක්වන භික්ෂූහු ය. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ, දරුවන්ට මවක් වැනි ය.
මෞද්ගල්‍යාන තෙමේ උපන් දරුවන් පෝෂණය කරන කිරි මවක් වැනිය’ යනුවෙන්
වදාළහ.
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත. බුදුසසුනේ ඉතිහාසයෙහි වැදගත්
සිදුවීම් රැසක් වූ නිසා අද දිනය අනුස්මරණ දිනයක් වෙයි. අප ශාස්තෘන්
වහන්සේ හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ යන නමිනි. උන්වහන්සේ ධර්ම
රාජ්‍යයක් පාලනය කළ සේක. මේ ධර්ම රාජ්‍යයේ සේනාව භික්ෂූ, භික්ෂුණී
උපාසක සහ උපාසිකා යන චතුරංගනී සේනාවකින් සමන් විත ය. මේ භික්ෂූ සේනාව
රැස්කරවා බුදුරජාණන් වහන්සේ මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ අද වැනි
නවම්පුර පසළොස්වක් පොහෝ දිනක ය. රජගහනුවර වේළුවනාරාමයේ දී රැස් වූ මෙම
භික්ෂූ සේනාව එක්දහස් දෙසිය පනහකින් යුක්ත විය.
මේ අන්දමට රැස්කළ මහා භික්ෂූ සම්මේලනයේදී බුදුරජාණන් වහන්සේ අගසවු
තනතුරු ප්‍රදානය කළ සේක. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් සවු
වශයෙන්ද මුගලන් මහරහතන් වහන්සේ වමත් සවු ලෙසද පත් කළ සේක. එසේම ධර්ම
සේනාධිපති තනතුරට සැරියුත් මහරහතන් වහන්සේ පත් කළහ. මුගලන් මහරහතන්
වහන්සේ ධර්ම පුරෝහිත තනතුර ලැබූහ. බුදුරජාණන් වහන්සේ අගසවු තනතුරු
පිරිනැමීමෙන් සුදුස්සාට සුදුසු තැන දීමේ යහපත් සම්ප්‍රදාය ආරම්භ විය.
නීති මාලාවක්
රටක් රාජ්‍යයක් පාලනය කිරීම සඳහා නීති මාලාවක් අවශ්‍ය වේ.
බුදුරජාණන්වහන්සේ ගේ ධර්ම රාජ්‍යයේ පළමුවැනි නීති මාලාව ලෙස භික්ෂූන්
වහන්සේට උන්වහන්සේ “ධ්වාද ප්‍රාතිමෝක්ෂය’ දේශනා කර වදාළේත් නවම් පුර
පසළොස්වක් පොහෝ දිනක ය.
වසර හතළිස් පහක් මුළුල්ලෙහි ලෝකයාට හිතසුව පිණිස කටයුතු කළ බුදුරජාණන්
වහන්සේ ‘චාපාල චෛත්‍යය’ අසලදී ආයු සංස්කාරය අත්හැර එයින් තුන් මසකට පසු
‘පිරිනිවන් පාන්නමි’ යනුවෙන් තීරණය කර වදාළේ ද නවම්පුර පසළොස්වක පොහෝ
දිනක ය.
බොදු බැතිමතුන්ගේ චරිතය වැඩිදියුණු කර ගැනීම සඳහා අගසවු සැරියුත් සහ
මුගලන් යන මහරහතන් වහන්සේගේ් ජීවන රටාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ තිබේ.
නවම් පුර පසළොස්වක් පොහෝ දිනයෙහි උන්වහන්සේ ගැන සිහිපත් කිරීම ඉතා
වැදගත් කළගුණ සැළකීමකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සැරියුත්
මහරහතන් වහන්සේ මවක් ලෙසත් මුගලන් මහරහතන් වහන්සේ කිරි මවක් ලෙසත්
(උපන් දරුවන් පෝෂණය කරන) සඳහන් කිරීමෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝ ය.
ප්‍රාර්ථනාව
වසර ඒකසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත අනෝමදස්සී නම් බුදුරජාණන්වහන්සේ ලොව පහළ
වූ සේක. මිතු දහම මුල් කරගෙන මේ දෙදෙනා විසින් ඇතිකර ගන්නා ලද පූර්ව
ප්‍රාර්ථනාවක් ගෞතම බුදුරජාණන්වහන්සේගේ කාලයේදී සමෘද්ධ විය. අනෝමදස්සී
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේදී සැරියුත් මහ රහතන් වහන්සේ ‘සරද
මානවක’ යන නමින් ද මුගලන් මහ රහතන් වහන්සේ ‘සිරිවඩ්ඩන’ යන නමින්ද මහා
ධන කුවේරයන් දෙදෙනෙකුට දාව පුතුන් ලෙස උපන්හ. මේ දෙදෙනා අතර, දැඩි මිතු
සෙනෙහසක් ඇති විය. සරද මානවකයාගේ පියා මිය ගිය විට ඔහු පියා සතු මහා
ධනස්කන්ධයට එකම හිමිකරුවා විය. මේ තරම් අධික ධනයක් හිමිකර ගෙන සිටීමෙන්
කිසි ප්‍රයෝජනයක් ඇති නොවන බව කල්පනා කළ සරද මානවකයා එම ධනය දුගී මගී
යාචක ආදීන්ට දන් දී පැවිදිව පංච අභිඥා අෂ්ට සමාපත්ති ලබා ගැනීම සඳහා
සිත දියුණු කළේ ය. ඔහුගේ උත්සාහය කෙරෙහි පැහැදුණු හැත්තෑහත් දහසක්
පිරිවර ද ඔහු සම¼ග පැවිදි විය.
දිනක් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ අග සවු වූ නිසභ සහ අනෝම යන දෙදෙනා
වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහ රහතන් වහන්සේට වැඩ සිටීම සඳහා සරද තවුසා මල්
ආසනයක් සූදානම් කර පූජා කළේය. එපමණක් නොව ඔහු දින හතක් පුරා මල් කූඩයක්
ඔසවා ගෙන සෙවණ දුන්නේය. සත් දිනයෙන් පසු නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි
බුදුරජාණන් වහන්සේ මල් අසුන් පූජා කිරීමේ අනුසස් දේශනා කරන ලෙස
උන්වහන්සේගේ් අගසවු දෙනමට නියම කළහ. එවිට සරද තවුසා හැර සෙසු පිරිස වු
හැත්තෑහතර දහසක් පිරිස රහත් වූහ. අගසවු තනතුර පතා සිටි හෙයින් සරද
තවුසාට රහත්ඵල ලබා ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ඔහු අනෝමදස්සී
බුදුරජාණන් වහන්සේ හමුවේ දී අගසවු තනතුර ප්‍රාර්ථනා කළේ ය.
මය ඇසූ අනෝමදස්සී බුදුරජාණන්වහන්සේ සරද තවුසාගේ එම පැතුම ගෞතම
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉටුවන බවට විවරණ දුන් සේක.
මෙයින් චිත්ත සන්තානය සතුටු කරගත් සරද සවුසා තම මිත්‍ර සිරිවඩ්ඩන තවුසා
අමතක නොකර මේ තොරතුරු දන්වා සිටියේය. ඔහුද බුදුරජාණන් වහන්සේ කරා ගෙන
ගොස් සතියක් පුරා මහ දන් පවත්වමින් දෙවෙනි අගසවු තනතුර ප්‍රාර්ථනා
කළේය. එයටද නියත විවරණ දී වදාළ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ එම පැතුමද
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේදී ඉටු වන මගට විවරණ දී වදාළ සේක.
ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ රජගහනුවර ඉතා ප්‍රසිද්ධ ගම්
දෙකක් විය.
ඒ ගම් දෙක ප්‍රසිද්ධ වූයේ එම ගම්හි ජීවත් වූ ප්‍රසිද්ධ පවුල් දෙකක්
නිසා ය. මේ පවුල් දෙකෙහි ප්‍රධාන පුතුන් දෙදෙනා උපතිස්ස සහ කෝලිත යන
නම් වලින් ප්‍රසිද්ධ විය. එකල රජගහනවුර වසරක් පාසා පැවැත්වූ උත්සවයක්
විය. මේ උත්සවය ‘ගිරග්ග සමජ්ජ’ යන නමින් ප්‍රසිද්ධ විය. නුවරවාසීහු
නොයෙක් වර්ගයේ රසවත් ආහාර පාන රැගෙන පර්වත මුදුනකට හෝ පර්වත
සෙවණැල්ලකට වී කා බී නටා වයා ගයා දෙවියන්ට ස්තෝත්‍ර කියමින් සතුටු වූහ.
දිනක් මේ දෙදෙනා ද මෙම උත්සවයක් නරඹමින් සිටියදී රාගාදි කෙළෙස් වලට
හේතුවන මෙවැනි උත්සව නැරඹීමෙන් ලෞකික සතුට මිස ඉන් බැහැර කිසි
ප්‍රයෝජනයක් අත්නොවන බව තේරුම් ගත්හ.
විමුක්තිය
මෙවැනි තාවකාලික විනෝදකාමි ජීවිතය අත්හැර විමුක්ති මාර්ගය සොයා ගතහොත්
මැනවැයි ඔවුහු තේරුම් ගත්හ.
විමුක්ති මාර්ගය සොයා යෑමට තීරණය කළ මේ දෙදෙනා පළමුවෙන් එය සොයා ගත්
තැනැත්තා අනෙක් අයටත් ඒ බව කිව යුතුයැයි කතිකාවක් ඇතිකරගෙන මාර්ග
දෙකකින් පිටව ගියහ.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ දම්සක්පැවතුම් සූත්‍රය පවත්වා පස්වග
මහරදුන්ට නිවන්මඟ පහදා දී ඊට පසු යසකුල පුත්‍රයා සහ ඔහුගේ සගයින්
පනස්හතර දෙනාද සසුන්ගත කරවා පළමුව රහත්ඵල ලාභි වූ හැට නම බොහෝ දෙනාගේ
හිතසුව පිණිස ධර්ම චාරිකාවෙහි යෙදවූවේ මේ සමයේදීය.
දිනක් නිවන් සොයා ගිය උපතිස්ස පිරිවැජියාට සංවර වූ ගති පැවතුම් ඇති
පැවැදි උතුමකු දැක ගැනීමට හැකිවිය. ඒ පස්වග මහරදුන් ගේ අන්තිමයා වූ
අස්සජී හිමිපාණන් වහන්සේ ය.
උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයන් පැහැපති බවක් නිසා ඒකාන්ත වශයෙන්ම
උන්වහන්සේ නිවනට ම¼ග සොයාගත් උතුමකු විය යුතු යැයි සිතූ උපතිස්ස මෙසේ
ඇසුවේය. ඔබ වහන්සේගේ් ඉන්ද්‍රියයන් සංවරය. වර්ණය. පැහැපත්ය. සතුටින්
වාසය කරන බව පෙනී යයි. ඔබ වහන්සේ නිවන් සොයා ගත් උතුමෙක්ද? කවරකුගේ
ධර්මය අනුගමනය කරත්ද? ඔබ වහන්සේගේ ශාස්තෘවරයා කවරෙක්ද? ඔබ වහන්සේගේ
ගුරුවරයා උගන්වන දහම කුමක්ද? ශිෂ්‍යයන් හික්මවන්නේ කවර ධර්මයකින්ද?
මෙයට පිළිතුරු දුන් අස්සජී හිමිපාණන් වහන්සේ ‘මිත්‍රය මම ගෞතම
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු වෙමි. මම උන්වහන්සේගේ ධර්මයට රුචි
කරමි. මම එම ධර්ම මාර්ගයට පිළිපන් අයකු වෙමි. මම මෑතකදී සසුන්ගත වූ
අයෙකු වෙමි. උන්වහන්සේ ගේ විමුක්ති මාර්ගය ඔබ ඔපමණ කියනවා නම් කෙටියෙන්
මෙහෙම කියන්නම්.
යෙ ධම්මා හේතුප්පභවා
තෙසෙං හේතුං තථාගතො ආහ
තෙසං ච යො නිරෝධෝ
ඒවං වාදී මහාසමණො
යම්කිසි ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයෙන් හටගනිත් නම් එම (පංචස්කන්ධය)
ධර්මයද ඔවුන්ගේ හේතුවද ඔවුන්ගේ නිරෝධයද එයට මාර්ගයද තථාගතයන් වහන්සේ
වදාළහ. බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මය මෙයයි.
මේ ගාථාවේ මුල්පදය ඇසීමෙන් පසු උපතිස්ස සෝවාන් ඵලය ලද්දේය.
මෙයින් චිත්ත සන්තානය සතුටු කරගත් උපතිස්ස අතිශය භක්තියකින් අස්සජී
හිමිපාණන් වහන්සේට තුන්වරක් නමස්කාර කර ඔහුගේ මිත්‍ර වූ කෝලිත හමුවී
පුවත සැලකර සිටීම සඳහා ඔහු සොයා ගියේ ය. සියලු පුවත් සැලකිරීමෙන් පසු
කෝලිත ද බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට සිතා ගත්තේය. කළගුණ සැලකීමක්
වශයෙන් සංජය පිරිවැජියාටද කරුණු කියා ඔහු සතුටු කර ගැනීමට ඔවුහු උත්සාහ
කළ මුත් ඔහු කීවේ ගුරුවරයකු වශයෙන් සිටියදී අතවැසියකු වීමට නොහැකි
බවයි. ඉන්පසු උපතිස්ස සහ කෝලිත ඔවුන්ගේ අනුගාමිකයින් සම¼ග බුදුරජාණන්
වහන්සේ බැහැදැකීමට ගියහ. මේ දෙදෙනා එහි ගියේ බුදුරජාණන් වහන්සේ මහ
රහතන්වහන්සේ එක්දහස් දෙසිය පනහක් රැස්කරවා ඒ මහා සංඝ සභාවේ මුලසුනෙහි
වැඩ සිටි අවස්ථාවේදී ය.
දුරදීම තමන් වහන්සේ හමුවීමට එන උපතිස්ස සහ කෝලිත දෙදෙනා දුටු
බුදුරජාණන් වහන්සේ ‘අර එන්නේ මගේ සසුනෙහි අග්‍රශ්‍රාවක දෙනම’ යැයි වදාළ
සේක. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූහ.
උපතිස්ස ඔහුගේ් මෑණියන් වූ ‘සාරි’ නම් බැමිණිය නිසා සාරිපුත්ත නොහොත්
සැරියුත් යන නමින්ද කෝලිතගේ මෑණියන් වූ මොග්ගලී නම් බැමිණිය නිසා
උන්වහන්සේ මුගලන් යන නමින් ද ප්‍රසිද්ධ වූහ. පැවිදි වී සත්දිනකින්
මුගලන් හිමිපාණන් වහන්සේ කල්ලවාල නම් ගමේදී රහත්ඵල ලැබූහ. පැවිදි වී
පහළොස් දිනකට පසු උන්වහන්සේගේ බෑණා කෙනෙකු වූ ‘දීඝනඛ’ නම් පිරිවැජියා
දේශනා කළ වදාළ ‘පරිග්‍රහ සූත්‍ර’ ධර්ම දේශනාව ඇසූ සැරියුත් හිමිපාණන්
වහන්සේ රහත්ඵල ලැබූහ. පූර්ව පැතුම් අනුව මේ දෙදෙනා ගෞතම බුදුරජාණන්
වහන්සේගේ අගසවු තනතුරු ලදහ.
බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ අගසවු මුගලන් මහරහතන් වහන්සේ ගැනත්
සැරියුත් මහරහතන් වහන්සේ ගැනත් මෙසේ සඳහන් කර ඇත.
මහණෙනි මාගේ ශ්‍රාවකයන් අතර සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රාඥයන් අතර
ප්‍රමුඛ වෙති. සෘද්ධිමතුන් අතර ප්‍රමුඛ වන්නේ මුගලන් මහරහතන් වහන්සේ ය. |