|
|
බුද්ධත්වයෙන් නව වසකට
පසු බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ
මහියංගණය පුද බිමෙහි පිහිටි
ඓතිහාසික මහියංගණ චෛත්‍යරාජයාණන් වහන්සේ
ඡායාරූපයෙන් දැක්වේ. බුදුරදුන්ගේ ශ්‍රීවස්ථ
ධාතූන් වහන්සේ ද, කේශ ධාතූන් වහන්සේ ද ඇතුළු
සර්වඥ ධාතූන් වහන්සේ රැසක් මෙහි නිදන් කර ඇත.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ, ප්‍රතිසංස්කරණයට
ලක් වූ මහියංගණ චෛත්‍යරාජයා යි.
ඡායාරූපය - දෙමෝදර ආර්. එම් සෝමරත්න |
|
|
හේනකඩුව ශ්‍රී සුදර්ශනාරාම
පුරාණ විහාරය
කොළඹ කතරගම ප්‍රධාන බස් මාර්ගයේ තංගල්ල නගරය පසු කොට කිලෝමීටරයක් පමණ
කතරගම දෙසට ගමන් ගන්නා විට තංගලු වෙල්යාය ආරම්භයේ හේනකඩුව ශ්‍රී
සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටා තිබේ. කතරගම දෙවියන් දෙවිනුවර සිට
කතරගමට ගිය ගමනේ ඓතිහාසික වැදගත් කම් රාශියකට සම්බන්ධකමක් ඇති හේනකඩුව
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පිහිටි භූමියේ හේනක් තිබී ඇත.
මෙහි තිබූ පැලේ මදක් විවේකී සුවයෙන් කල් ගෙවා කතරගම දෙවියන් නික්ම ගොස්
ඇත. හේනේ පැලේ දෙවියන්ගේ කඩුව අමතක වී යාමෙන් හේනකඩුව යන නම ලැබී ඇති
බව ජනප්‍රවාදයේ කියැවේ. ශ්‍රී ස්කන්ධ කුමාර දිව්‍යරාජ භවන පිහිටි මෙම
ස්ථානයේ විහාරයක් කරවා ඇත.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
පෙබරවාරි 20 වන දා
බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය. |
|
|
පසෙලාස්වක |
පෙබරවාර 20 |
අව
අටවක |
පෙබරවාර 29 |
අමාවක |
මාර්තු 07 |
පුර අටවක |
මාර්තු 14 |
|
|
|
|
|