බුදුරදුන් වදාළ ප්‍රතීත්‍ය සමුත්පාදය
ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී
බෝකුන්දර කුසලධම්ම හිමි
බුදුන් වහන්සේ, බෝධි මුලයේදී අවබෝධකොට ගත් ලෝකය පිළිබඳ සත්‍යය
දෙසැටක් මිසදිටු සංකල්ප වලින් පිරී ඉතිරී තිබුණු භාරතීය ජන සමාජයට වචන
මර්ගයෙන් අවබෝධ කරවන්නේ කෙසේද? යන ගැටලුව තථාගතයන් වහන්සේ තුළ ඇති වූ
බව පෙනෙයි.
සතියක් මුළුල්ලේ බෝ රුක මුල වැඩ හිඳිමින් බුදුන් වහන්සේ මෙනෙහි කළේ තමා
ලබාගත් විමුක්තිය ලෝකයාට අවබෝධ කරවීමට තිබෙන බරපතළ දුෂ්කර තාව ගැනයි.
එනම් පරමාර්ථය වචනයෙන් ප්‍රකාශ කිරීමට තිබෙන අසීරුතාවයි.
එනිසා ලෝකචර්යාවෙහි යෙදීමට තිබූ අධිෂ්ඨානය හේතු කොට ගෙන ස්වීය
අභිඥාවෙන් සාක්ෂාත් කොටගත් ධර්මය පුහුදුන් ලෝකයාට දේශනා කිරීම පිණිස
සම්මුතියේ ආධාරයෙන් පරමාර්ථය පිළිබඳ ඉඟියක් කිරීමට උපාය කුසලතාව ආධාර
කොට ගත් සේක. එසේ කිරීමටද එදා භාරතයේ භාවිතා වූ භාෂාවන්හි මේ සඳහා
අවශ්‍ය වචන නොමැති වූයෙන්, අභිනවයෙන් වචන රාශියක් නිර්මාණය කිරීමට
තථාගතයන් වහන්සේට සිදුවිය. එසේ නිර්මාණය කරන ලද වචන අතරින්”
පටිච්චසමුප්පන්න “ යන පදය එක් වචනය කි.
ප්‍රාග් බෞද්ධ භාරතයේ දේව සංකල්ප මත බිහි වූ නිර්මාණ වාදයත් සදාකාලීකව
නොවෙනස් වන ආත්මයක් ඇතැයි යන සංකල්පයෙන් යුත් ආත්මවාදය (ඇත) හා මරණින්
පසු සියල්ල කෙළවර වේය.
යන සංකල්පයෙන් යුත් (නැත) උච්ඡේදවාදයත් අන්තවාදී මත බව සනාථ කළේ
ප්‍රතීත්‍යසමුත්පාදය අනුව විශ්වයේ යථා තත්ත්වය ලෝකයාට අවබෝධ කර දීමෙනි.
මේ අනුව සියලු ධර්ම විවිධ හේතූ®න් නිසා හට ගන්නා බවත්, එම හේතු
ප්‍රත්‍ය නිසාම විපරිණාමයට හා පරිහානියට පත්වන, බවත්, ඉගැන්වූ දහම
ප්‍රතීත්‍ය සමුත්පාදයයි. “ සබ්බේ ධම්ම පටිච්චසමුප්පන්නා” යනාදී වශයෙන්
සියලු ධර්ම හේතුඵල වශයෙන් සම්බන්ධ බැව් දැක්වෙන්නේ එහෙයිනි.
පටිච්ච සමුප්පන්න යන පදයෙන් නිර්දේශ කර ඇත්තේ හේතුවෙන් ඵලයක් ඇතිවන
බවක් නොවේ. එයින් අදහස් වන්නේ ඵලයක් ඇතිවීම (ඉපදීම) හේතූ®න් හෝ
ප්‍රත්‍ය වෙතට යෑමෙන් සිදුවීමයි. ආර්ය සත්‍ය හතරේ අනුපිළිවෙළ ගැන විමසා
බැලීමේදීද මෙම කරුණ සනාථ වේ. හේතූන් ගෙන් ඇතිවන “ ඵලය “ වන්නා වූ දුක්ඛ
සත්‍යය මුලට යොදා දෙවනුවට දුකට හේතු යොදා ඇත්තේ එහෙයිනි.
ප්‍රාග් - බෞද්ධ කාල සංකල්පය අනුව අතීත, වර්තමාන අනාගත වශයෙන්
කාලත්‍රයක් දැක්වේ. හේතුඵල දහම අනුව විශ්වයේ ක්‍රියාදාමය විග්‍රහ
කිරීමේදී බුදුන් වහන්සේගේ කාල සංකල්පය ලොකු විප්ලවයකට හේතු වූයේ ,
අතීතයට හා අනාගතයට මැදි වු වර්තමානය බැහැර කළ නිසාය. වර්තමානය වෙනුවට
තථාගතයන් වහන්සේ “ ප්‍රත්‍යුත්පන්න” යන වචනයෙන් නුදුරු අතීතය වර්තමාන
යනුවෙන් විස්තර කළ කාලය හා සම්බන්ධ කරති.
පටිච්චසමුප්පන්න යන වචනය නිර්මාණය කිරීමට හේතු වූයේ මේ සඳහාය. බුදුන්
වහන්සේ අකාලික ධර්මතාවක් දේශනා කළේ කාලයේ ගමන ක්‍ෂණයකටවත් නොනවතින
හෙයිනි. කාලයේ ගමන ක්‍ෂණයකටවත් නොනවතින හෙයින්, වර්තමානයක් ද නොමැත.
පටිච්චසමුප්පන්න යන නාම පදය යොදා ගනිමින් හේතු ප්‍රත්‍ය සංඝට්ඨනය අනුව
ක්‍ෂණභංගුර විශ්වයේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන දේශනාවන්ගෙන්
අනාවරණය කොට ඇත. මෙය ප්‍රත්‍යක්‍ෂ කළ ධර්ම අනුව යමින් ඉදිරිපත් කළ
උද්ගාමී ඥාණයක් (අන්වයේ ඤාණ) යැයි විස්තර කර තිබේ’ (ස.නි.2)
ප්‍රත්‍යක්‍ෂය හා එම ප්‍රත්‍යක්‍ෂය අනුව යමින් කළ විස්තරය එනම්
පටිච්චසමුප්පන්න හා පටිච්චසමුප්පාද යන ධර්මතා බෞද්ධ දර්ශනයේ පදනම වූ බව
සනාථ වන්නේ “ යමෙක් ධර්මය දකීද හේ පටිච්චසමුත්පාදය දකී.යමෙක්
පටිච්චසමුත්පාදය දකීද හේ ධර්මය දකී” යන බුදු වදනෙනි.
මෙම හේතුඵල දහම වටහා ගැනීමේ පහසුව පිණිස උදාහරණයක් ඉදිරිපත් කිරීම
වඩාත් සුදුසු යැයි සිතමු.
බීජයකින් අංකුරයක් (පැළෑටියක් ) හට ගැනීමට හේතු කිහිපයක්ම අවශ්‍ය වේ.
ප්‍රථම කොට බීජය පැළ වීමට තරම් සුදුසු තත්ත්වයෙන් තිබිය යුතු එකක් වීම.
එම බීජය පැළවීම සඳහා අවශ්‍ය අනෙක් කාරණා වශයෙන් පස හා පොහොර ජලය
වාතාශ්‍රය හිරුඑළිය හා සුදුසු දේශගුණික තත්ත්වය අනිවාර්යයෙන්ම තිබිය
යුතුයි. මෙම කාරණා වලින් එකක් හෝ නැති වුවහොත් බීජය කෙතරම් හොඳ එකක්
වුවද එම බීජයෙන් පැලෑටියක් හට නොගනු ඇත.
මෙයින් පැහැදිලි වන්නේ ඊට අදාළ හැම කාරණාවකටම අනෙක් දෙය සම්බන්ධව
(අන්‍යෙන්‍ය සම්බන්ධය) තිබිය යුතු බවයි . (සාපේක්‍ෂවීමයි) හැම දෙයක්ම
විචාරයට ලක්කිරීමෙන් පසුව තමුන්ටම සත්‍ය වටහා ගත හැකි බව නොයෙක් සූත්‍ර
ඇසුරින් පෙන්වා ඇත්තේ මෙම හේතු ඵල දහම අනුව විමසා බැලීමට හැකිනිසාය.
ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ගැන විස්තර කිරීමේදී සියල්ල එකට කැටිකොට
සංක්‍ෂිප්ත වශයෙන් ගෙන හැර දක්වා ඇත්තේ මෙසේය.
“ ඉමස්මිං සති ඉදං හොති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං න හොති
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති “
මෙයින්ද අදහස් කරන්නේ කිසියම් සිද්ධියක් තවත් සිද්ධියකට පසුව ඇති වීම
නොවේ. සිද්ධීන් දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධව ඇති වීමයි.
අන්‍යොන්‍ය සම්බන්ධය පදනම් කොටගෙන සිදුවන්නක් බව මෙයින් ඉතාම පැහැදිලි
වෙයි (ම.නි. මහා තණ්හා සංඛය සූත්‍රය)
හිතෙහි ක්‍රියා කාරිත්වය කරණකොට ගෙන ද්වදශාංග ප්‍රතීත්‍ය සමුත්පාදයෙන්
දුක හටගන්නා ආකාරය නිර්දේශ කොට ඇත. මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛය
සූත්‍රයෙන් සන්තානගත දුක හටගන්නා ක්‍රමය හා එය නිරෝධ කරගන්නා ආකාර
දක්වා තිබේ.
දික් සඟියේ මහා නිදාන සූත්‍රයෙන් සන්තානගත දුක හා සමාජගත දුක ඇතිවීමට
හේතු හා දුක නැති කර ගන්නා ආකාරයන් දක්වා තිබේ. සැබෑ බෞද්ධයකු වීමට නම්
අනිවාර්යයෙන්ම මෙම සූත්‍ර දෙක පරිශීලනය කර පටිච්චසමුත්පාද ධර්මය
පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගත යුතුය.
නමුත් එය සූත්‍ර පිටකයේ දැක්වෙන ද්වදශාංගයට පමණක් සීමා කරගත යුතු නොවේ.
බොහෝ විචාරකයෝ පවා ප්‍රතීත්‍යසමුත්පාද විවරණය ද්වදශාංගයට පමණක් සීමා
කරනු ලැබේ.
එසේ හෙයින් ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය වචන දොළහකට සීමා වී තිබේ. ඒ නිසා
පුද්ගලයාගේ එදිනෙදා ජිවිතයට බලපාන ප්‍රශ්න හා අභියෝග පිළිබඳව හේතුඵල
දහම අනුව විසඳුම් ලබා ගැනීමට තරම් නුවණක් බුදුදහමෙන් ලබා නොදීම
මුළුමහත් බෞද්ධ ජන සමාජයේම පරිහානියට හේතු වී තිබේ.
බෞද්ධයා යනුවෙන් අදහස් කරන්නේ බුද්ධිමතායි. බුද්ධිමතා යනු ිවිචාර
බුද්ධි පෙරදැරිව කටයුතු කරන පුද්ගලයායි. එවැනි අයෙකු යම් නිගමනයකට
එළඹෙන්නේ අදාළ ප්‍රස්තුතයට හේතු සොයා බලා සත්‍ය කුමක්දැයි වටහා
ගැනීමෙන් පසුවය.
මේ සැබෑ බෞද්ධ කමයි. මෙතෙක් කල් අප රටේ බෞද්ධ ජනතාවට මෙම අවබෝධය ලබා දී
තිබුණා නම් ශ්‍රී ලංකා පොළව මත නිදහස් නිවහල් ප්‍රතාපවත් ජන සමාජයක්
බිහි කිරීමට තිබිණි. සූත්‍ර පිටකයෙහි සඳහන් වන ද්වදශාංග ප්‍රතීත්‍ය
සමුත්පාදය ඇත නැත යන අන්තද්වයෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව දේශනා කිරීමට
යොදාගත් ධර්මතාවයක් බව කච්චායන ගොත්ත සූත්‍රයෙන් කාටත් අවබෝධ කර ගැනීමට
පුළුවන.
“ කාත්‍යායන භික්‍ෂුවට බුදුන් වහන්සේගෙන් සම්‍යක් දෘෂ්ටිය ගැන දැන
ගැනීමට ඇති වූ අවශ්‍යතාවයක් අනුව දිනක් ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන්
වහන්සේ මුණ ගැසිනි, බුදුන් වහන්සේට නමස්කාර කොට පසෙකින් වාඩි වී මෙසේ
ඇසූහ. ස්වාමීන් වහන්සේ මිනිස්සු සම්‍යග් දෘෂ්ටිය සම්‍යග් දෘෂ්ටිය
යනුවෙන් පවසති. කොතෙක් දුරට සම්‍යග් දෘෂ්ටියක් වන්නේද?
කත්‍යායන මේ ලෝකය ශාස්වත හා උච්ඡේද යන අන්තද්වයට නැඹුරුව පවතී. ඇත්ත
ඇති සැටියෙන් යුතුව ලෝකයේ පැවැත්ව දකින්නා වූ කෙනෙකුට ලෝකයේ නොවෙනස්වන
ස්වභාවයක් ඇතැයි යන (ශාස්වත) සංකල්පය ඇති නොවේ.කත්‍යායන ඇත්ත ඇති
සැටියෙන් ලෝකයේ නැතිවීම දකින්නා වු කෙනෙකුට ( උච්ඡේද ය ගැන) නැතැයි යන
සංකල්පය ඇති නොවේ.
කත්‍යායන, ලෝකය සාමාන්‍යයෙන් ප්‍රයෝගය, තදින් උපාදානය කරගනී. මෙම
ප්‍රායෝගය හා උපාදානය සිතින් අධිෂ්ඨානය කර ගැනීම තදින් එල්බ ගැනීම ඇලී
සිටීමට නො පැමිණේද “ මෙය මාගේ ආත්මය” යයි සිතින් අධිෂ්ඨානය නොකරයි “
උපදින්නා වූ දුක උපදී නිරෝධ වන දුක නිරෝධ වෙයි” යන්න ගැන සැකයක් පහළ
නොකරයි. එවිට ඔහුට අනුන්ගෙන් ලබා නොගත් ඤාණයක් වෙයි. කත්‍යායන මේතාක්
ඔහුට සම්‍යග් දෘෂ්ටිය වෙයි.
“ සියලු දෙය ඇත “ යන්න කාත්‍යායන එක් අන්තයකි. “ සියලුදේ නැත” යන්න
දෙවැනි අන්තය වෙයි. කාත්‍යායන මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ
මැදින් ධර්මය දේශනා කරති.
බුදුරජාණන් වහන්සේගේ එම දේශනාවෙන් ගම්‍ය වන්නේ ලෝකයේ සැබෑ තත්ත්වය
අන්තයක සිට දැකිය නො හැකි බවය.
ද්වදශාංග ප්‍රතීත්‍ය සමුත්පාදය අනුව දුකට හේතු දැක්වීමේ දී අවිද්‍යාව
මුල් කර ඇත්තේ” මම වෙමි” “ මෙය මගේ ආත්මය වෙමි” යන සංකල්පය නිසා
පුද්ගලයා නිරන්තරයෙන්ම දුකට පත්වන ආකාරය අවබෝධ කරවීමටය.
මේ නිසා ද්වදශාංග පටිච්චසමුප්පාද විවරණයේ පළමු අංගය අවිද්‍යාව වශයෙන්
නම් කර ඇතත්, එය තම ජීවිතයේ ආරම්භය ලෙස වටහා ගත යුතු නැත. එය තම
ජීවිතයේදී මුහුණ පාන්නට වන කලහ විවාද දුක් කම්කටොළු වලට මූලික හේතුව බව
තේරුම් ගත යුතුය. කොවට්ටපුත්ත සාති භින්ෂුවටත්, කච්චායන ගොත්ත
භික්‍ෂුවටත් බුදුන්වහන්සේ විසින් සම්‍යග් දෘෂ්ඨිය හඳුන්වා දුන්නේ
ප්‍රථම කොට අවිද්‍යාවෙන් මුදා ගැනීමටය. බුදු සමය අවිද්‍යාව යනුවෙන්
හඳුන්වන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීමටය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස
, විඤ්ඤාණ යන ධාතු කොටස් හයකින් සැදුණු සිරුර “මම” කොට “ මගේ “ කොට ගෙන
මෙම වැරැදි වැටහීමෙන් යුක්තව ජීවත්වීමට තිබෙන බලවත් ආශාව නිසා, තමා තුළ
තිබෙන හිස් බව නැති කර ගැනීමට පසිඳුරන් මගින් මුළු ලොවම අල්ලා ගැනීමට
තැත්කිරීම දුක හට ගැනීමට මූලිත හේතුව බව උගන්වන ධර්මය ද්වදශාංග
ප්‍රතීත්‍යසමුත්පාදයයි.
මහණෙනි, මෙසෙයින් අවිද්‍යා ප්‍රත්‍යය යෙන් සංස්කාරයෝය. සංස්කාර
ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය , විඤ්ඥාණ ප්‍රත්‍යයෙන් නාම රූප, නාම රූප
ප්‍රත්‍යයෙන් ෂඩායතන ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය , ස්පර්ශ
ප්‍රත්‍යයයෙන් වේදනාය ,වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාය , තෘෂ්ණා
ප්‍රත්‍යයයෙන් උපාදානය උපාදාන ප්‍රත්‍යයෙන් භවය භව ප්‍රත්‍යයෙන් ජාතිය
ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ, ශෝක පරිදෙව, දුක්ඛ, දෝමනස්ස උපායාසයෝ ( යන
මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ව පුද්ගල විරහිත) ශුද්ධ දුක්ඛ පුඤ්ජයාගේ
උත්පාදය වෙයි. (ම.නි.1)
මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය දැන ගැනීමට මෙම ද්වදශාංගයෙහි
එක් එක් අංගය පිළිබඳ හොඳ වැටහීමක් තිබිය යුතුය. එසේ නොමැතිව මෙම අංග
දොළහට අයත් වචන දොළහ කටපාඩම් කර ගැනීමෙන් පමණක් පටිච්ච සමුත්පාදය
පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට නුපුළුවන. මෙ වැනි කෙටි ලිපියකින් එම
අංග දොළහ එකින් එක විස්තර දීමද අපහසුය. කෙසේ වෙතත් ඉතා ලුහු¼ඩින්
විස්තරයක් කිරීමට අදහස් කරමු.
අවිද්‍යාව අනුව තමන්ට කැමැති ලෙස ජීවිතය හැඩගසා ගන්නා අයුරු පිළිබිඹු
වන්නේ සංස්කාර මගිනි. “ සංස්කාරයන්ගේ නියම ස්වභාවය තේරුම් නොගැනීමෙන්
තමන්ට කැමැති කුඩා ලෝකයක් මවා ගැනීමට මිනිසා නිරන්තරයෙන්ම අරමුණු සොයනු
ලැබේ. මේ සඳහා සය ආකාරයකටම අරමුණු පෙන්වන්නේ “ විඤ්ඤාණය” මගිනි.
විඤ්ඤාණය ප්‍රත්‍ය කොට ගෙන (මනස හා සිරුර) සන්තානය යනුවෙන් හැඳින්වෙන “
නාම රූප “ නමැති ධර්ම සමූහය හටගනී. මෙම නාම රූප ප්‍රත්‍යකොට ගෙන ඇස,
කන, දිව, නාසය , ශරීරය හා මනස යන ආයතන ප්‍රත්‍ය වීමෙන් ලෝකයේ විවිධ
ධර්ම කෙරෙහි “ ස්පර්ශය “ හටගනී “ ස්පර්ශය “ ප්‍රත්‍ය වීමෙන් සැප, දුක
හා මැදහත් යන අවස්ථා තුනෙන් යුක්ත “වේදනා “ හටගනී. වේදනා ප්‍රත්‍යයෙන්
පස් කම් සැප ලබා ගැනීමේ කැමැත්ත මතු සසර ඉපදීමේ කැමැත්ත සදාකාලීක
මානසික සැපයක් විඳීමේ කැමැත්ත (විභව තණ්හා) නමැති “ තණ්හාව “ හට ගැනේ.
තණ්හාව හේතුවෙන් රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ, යන අරමුණු භුක්ති
විඳීමේ කැමැත්ත හෙවත් “ තදින් අල්ලා ගැනීම නමැති “ උපාදානය “ හටගනී.
උපාදානය ප්‍රත්‍ය කොටගෙන භවය හට ගැනේ. භවය හේතුවෙන් ජාතිය හට ගනී.
ජාතියෙන් පසු නැවතත් ඔහු තුළ අවිද්‍යාවත් ඒ අනුව සංස්කාරත් පහළ වීම
ආරම්භ වෙයි. උප්පත්තියක් ලැබූවෙකුට හිමි ජරා මරණ ශෝඛ පරිදේව දුක්
දොම්නස් නැවතත් හිමිවෙයි.
පටිච්ච සමුප්පාදයට අයත් ද්වදශාංගය විවරණය කර ඇත්තේ මෙ පරිදිය. නමුත්
මෙම ද්වදශාංශය ප්‍රතීත්‍ය සමුත්පාදය අතීත, වර්තමාන, අනාගත වශයෙන්
කාලත්‍රවලට බෙදා දැක්වීම කොතරම් දුරට ධර්මානුකූලදැයි සිතා බැලීම
ප්‍රතීත්‍යසමුත්පාදය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට උපකාර වෙයි.
ද්වදශාංගයට අයත් වචන දොළහ කටපාඩම් කර ගැනීමෙන් පමණක් පටිච්ච සමුප්පාදය
ගැන අවබෝධයක් ඇති කර ගැනීමට නුපුළුවන. පටිච්චසමුප්පාදය ගැන ගැඹුරු
අවබෝධයක් ලබා ගැනීමට පළමුකොට පඤ්ඤස්කන්ධය පඤ්ඤඋපාදානස් කන්ධය හා නාම
රූප ධර්මතාව ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. එම ධර්මතාව ගැන විස්තර
සහිත ලිපියක් “ ප්‍රඥා ශික්ෂණය “ යනුවෙන් 2007 ඔක්තෝබර් මස 25 වැනි දින
(වප් පුර පසළොස්වක) “ බුදුසරණ” පුවත් පතේ අප විසින් පළ කර තිබිණි. එම
ලිපිය කියවීමෙන් අදාල ධර්ම කාරණා ගැන නිසි අවබෝධයක් ඇතිකර ගැනීමට
පුළුවන.
ආර්ය සත්‍ය හතරේ අනුපිළිවෙළ අනුව දුක්ඛ ආර්ය සත්‍ය “ ඵලය “ වශයෙන්ද
පටිච්චසමුප්පාදය “ දුකට හේතු “ වශයෙන් ද්වදශාංගයකින්ද දක්වා තිබේ. ඒ
අනුව දුක හට ගැනීමට හේතු ඉගැන්වීම බුදුදහමේ වැදගත්ම කාර්ය භාරයයි. සිතේ
ඇති වන ගති සියල්ල සිතම මුල් කොට පවතින බැවින්, බුදුන් වහන්සේ ස්වකීය
අභිඥාවෙන් අවබෝධ කොටගත් ධර්මය දේශනා කරන ලද්දේ ද මනෝ විද්‍යාත්මක
වශයෙනි. සම්මා දිට්ඨිය පෙරටුකොට ඇත්තේද සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කිරීම
පිණිසය. බුදුන් වහන්සේ මනෝවිද්‍යාත්මකව දේශනා කර ඇති මෙම ධර්මතාව “
ජාති” යනු උපත බවටත් “ ජරා” යනු මහලු බවටත් , “ මරණය” යනු පණ යෑම බවටත්
කායික අර්ථයෙන් අද විවරණය කරනු ලැබේ. මෙය එක්තරා දුරකට ආත්ම දෘෂ්ටියට
බැස ගැනීමක් යයි සිතන්නට පුළුවන් වන්නේ ධර්මය මනෝවිද්‍යාත්මකව දේශනා කර
ඇති බැවිනි. පටිච්චසමුප්පාදයේ ද්වදශාංගයම ක්‍ෂණයකින් ඇති වී නැති වන
ධර්මතාය. මේ අනුව ජාති ජරා , මරණ නමැති තුන් සිද්ධිය දුක් ලෙස දක්වා
තිබෙන්නේ මමත්වය නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතේ ඇති වන විපරීතයන්
අවසානයේදී මමත්වයෙන් උපාදානය කොට ගත් ස්කන්ධ පංචකයේ බිඳ වැටීම මමත්වය
ආත්ම කොට ගත් පුද්ගලයාට දුකක් බැවිනි. ජාති, ජරා, මරණ යනුවෙන් අවබෝධ
කටයුත්තේ මමත්වය නිසා නිරන්තරයෙන් මනසෙහි නාම - රූප ධර්ම අරභයා හටගන්නා
විපරීතය හා පරිහානිය යි. එසේ නොමැතිව කායික වශයෙන් මව් කුසින් බිහිවීම
මහලු බව හා පණ යෑම නොවේ.
මෙය තහවුරු කර ගැනිමට සතර ආකාරය උත්පත්ති වලින් ඕපපාතිකව උත්පත්ති
ලබන්නවුන් ගැන ද විමසා බැලීම සුදුසුය. භව පච්චයා ජාති ජාති පච්චයා ජරා
මරණ යන ධර්මතාව සියළු ආකාරයේ උත්පත්ති වලට පොදු වන බව පෙනේ. එසේ නම්
දෙවියන් භූ®තයින් වශයෙන් ඕපපාතිකව උත්පත්ති ලබන්නවුන්ට ඉපදීම දුකක්
වන්නේ කෙසේද? දෙවියන්ට හා භූතයින්ට ලෙඩ දුක් ආදිය වැළදේද ? ඔවුන් මහලු
බවට පත්වේද? මේ ගැන බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කුමන සූත්‍රයකද ? එසේ
නම් ද්වදශාංග පටිච්ච + සමුත්පාදය කායික වශයෙන් ගෙන විවරණය කිරීම
ඕපපාතික උප්පත්ති අනුව ගැලපේදැයි විමසා බැලීම සුදුසුය.
බුදුන් වහන්සේ මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය හා ස්වභාවය හෙළිකරන ලද්දේ
පටිච්චසමුප්පාදය නමැති හේතුඵල දහම මුල්කොට ගෙනය . බුදුදහමේ හදවත
ප්‍රතීත්‍ය සමුත්පදායයි. ලෝකයේ අන් සියලු ආගම් වලින් බුදුදහම වෙනස්
වන්නේද මෙම හේතුඵල දහමේ හේතුවෙනි. ලෝකයේ අන් සියලු ආගම් අභාවයට යතත්
බුදුදහම ලෝකය පවතින තෙක් ඔරොත්තු දෙන්නේ මෙම ප්‍රතීත්‍ය සමුත්පාදය
නමැති දහම , නවීන විද්‍යාව අනුවද තහවුරු වි ඇති බැවිනි.
නවීන විද්‍යාඥයකු වූ ආතර්. සී. ක්ලාක් මහතා විසින් මීට වසර කිහිපයකට
පෙර ලියන ලද “ ඩීන් රේන්ජ් නමැති කෘතියෙහි ද මෙසේ සඳහන්ව තිබේ.
“ 2050 වන විට දෙවියන් පිළිබඳ වූ උගන්වන සියලුම ආගම් අභාවයට පත්වනු ඇත.
බුදු දහම සමග තරඟයට බට අනෙක් ආගම් තුන මේ වන විටත් අසාර්ථකය, දුබලය.
එහෙයින් තවමත් මනුෂ්‍යයන්ගේ සිත් සතන් පුබුදු කළ හැකි නියම බලයක් සහිත
එකම ආගම වන්නේ බුදුදහම පමණකි.
“ඇදහිලි පාදක කොට ගත් අනෙක් ආගම් තවත් පරම්පරා කිහිපයක් පවතිනු ඇත.
කලින් ඔවුන් සතුව තිබුණු බලය දැන් දක්නට නැත. තවමත් බලවත්ව පවතින්නේ
බුදුන් වහන්සේගේ ධර්මය පමණකි. අනෙක් ආගම් වල පිරිහීමක් සමග ඇති වූ හිස්
තැන පුරවන බුදු දහමේ බලය වැඩි විය. ආගමක් නොව දර්ශනයක් වන බුදු දහම
පුරා විද්‍යාඥයින්ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිම වැටෙන කිසිම දේව
වාක්‍යයක් මත නොවැඩුණේය. අනෙක් බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල්
බුදු දහම කෙරෙහි බල නොපැවැත්වනු ඇත” ආතර් සී ක්ලාක්”
ලෝකයත් අප අවටත් තේරුම් ගැනීමට අපට ඤාණය උපකාරීවෙයි. බාහිර ලෝකයේ
උත්තේජක අපගේ ඉන්ද්‍රිය මත ගැටෙන විට ඇතිවන හැඟීම් වලින් මුලා නොවී
ජීවිතය පාලනය කරන අයුරු වටහා ගැනීමට ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය මිස
වෙනත් පිහිටක් අපට නැත. මරණය හා අනන්ත දුක්වේදනා වලින් පිරුණු මිනිස්
ජීවිතය වූ කලී එකිනෙක වෙලී සම්බන්ධ වූ කායික හා මානසික සක්‍රීය හේතු
ප්‍රත්‍යයන්ගේ නො නවතින ප්‍රවර්තනයකි. ප්‍රතීත්‍ය සමුත්පාදය යනු මෙම
ක්‍රියාදාමය මනසින් දැක්මය.
|