| 
			 කඨින පින්කම් 
			 
			වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමය
			
			 
			වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් 03 
			දා විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි 
			ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහ විහාරස්ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම් 
			වල ආධාරයෙන් නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි පැවැත්වීමට ශ්‍රී 
			සංඝමිත්තා කුළඟන සමිතිය විසින් කටයුතු යොදා ඇත. නොවැම්බර් මස 02 වන 
			සිකුරාදා රාතී‍්‍ර 9.30 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයෙන් ඇරැඹීමෙන් 
			අනතුරුව 03 දින අළුයම 4.00 ට විහාර මාවතෙහි එස්. කේ. එම්. නන්දසේන 
			මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර ආරම්භ කැරේ.උදෑසන 6.00 ට කඨින 
			පූජාව සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි හීල සහ දාවල දානය 
			පිරිනැමීමට කටයුතු යොදා ඇත. 
			03 දින රාතී‍්‍ර 7.30 ට ගිලන්පස පූජාව පැවැත්වීමෙන් අනතුරුව රාතී‍්‍ර 
			8.00 කඨිනානිශංෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ බොරැල්ලේ අතුල නාහිමියන් 
			විසිනි. 
			මයුරපාද විහාරස්ථානයේ 
			කඨින පින්කම 10 - 11 දිනවල
			
			 
			දකුණු තලංගම පැලවත්ත මයුරපාද විහාරාධිපති ආචාර්ය වලේබොඩ ගුණසිරි 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම නිමිත්තෙන් ධර්ම දේශනා පින්කම් 
			මාලාවක් පසුගිය 6 වැනිදා ආරම්භ විය. 
			එම ධර්ම දේශනා මාලාවේ ඉදිරි දිනවල 27 වැනිදා පන්නල ඥාණාලෝක හිමි, 28 
			වැනිදා ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, නොවැම්බර් 03 දා රාජකීය 
			පණ්ඩිත මාතලේ ධම්මකුසල නාහිමි, 4 වැනිදා බොරැල්ලේ අතුල නාහිමි යන 
			නාහිමිවරු එම ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය. 
			10 වැනි දින රාත්‍රි 8.30 මහා පිරිත් දේශනයත්, 11 දා අළුයම කඨින චීවරය 
			වැඩමවා පූජා කිරීමත්, දවල් මහනාහිමිවරුන් ප්‍රධාන ශතාධික සංඝගත 
			දක්ෂිණාව පැවැත් වේ. 
			එදින රාත්‍රි 7.30 ට කඨිනානිශංස ධර්ම දේශනය පවත්වනු ලබන්නේ අහංගම 
			මහින්දවංස හිමියන් විසිනි. 
			මරදාන ශ්‍රී මහින්දාරාමයේ පින්කම 
			ඔක්තෝබර් 27 සහ 28
			
			 
			කොළඹ 10, මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම ඔක්තෝබර් 27 සහ 28 යන 
			දිනයන්හි විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි 
			සිදු කැරේ. 27 වෙනි දින සවස 7.00 ට අටවිසි බුද්ධ පූජාවක් ද, රාත්‍රි 
			8.00 ට පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත් වේ. 28 වෙනි දින උදෑසන 4.00 ට 
			කඨින පෙරහර කොළඹ 10, මරදාන ගෝතමී බාලිකා මහා විද්‍යාලයෙන් ආරම්භ වේ. 
			උදෑසන 6.00 ට කඨින වස්ත්‍රය සහිත කල්ප වෘක්ෂය පූජා කිරීමත්, දවල් 
			සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද සිදු කැරේ. 
			සවස 5.00 - 6.00 බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති 
			රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමියන් විසින් කඨිනානිශංස ධර්ම දේශනය 
			පවත්වති. එම මහා පිරිත් පින්කමෙහි ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු 
			ලබන්නේ කොළඹ 10, ගෝතමී බාලිකා විදුහල්පතිනිය සුනේත්‍රා තල්දෙන මහත්මිය 
			සහ ඩී. එල්. තල්දෙන මහතා විසිනි. 
			
			පිළියන්දල ශාන්ති විහාරයේ කඨින පින්කම
			
			 
			පිළියන්දල ශාන්ති විහාරයේ කඨින පින්කම මෙම 26 සහ 27 දෙදින තුළ කොළඹ නව 
			කෝරලයේ සහ නව තොටමුනේ ප්‍රධාන සංඝනායක වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ 
			අනුශාසනා පිරිදි සිදු කැරේ. 
			සර්ව රාත්‍රික පිරිත් දේශනය 26 වනදා රාතී‍්‍ර 9 ට ඇරැඹෙන අතර මහාචාර්ය 
			බෙල්ලන්විල විමලරතන නාහිමියන් සහ මාදුළුවාවේ සෝභිත හිමියෝ අනුශාසනා 
			පවත්වති. 27 දා අළුයම 3 ට කඨින පෙරහර පළාත් සභා මන්තී‍්‍ර නිරෝෂන් 
			පාදුක්ක මහතා ඇතුළු පවුලේ පින්වතුන්ගේ දායකත්වයෙන් සිදු කැරේ. 27 දා 
			අළුයම 6 ට බුද්ධ පූජාව සහිත අසූමහා ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා කිරි 
			ආහාර පූජාවක් පැවැත්වේ. උදෑසන 7 ට කඨින චීවර පූජාව පැවැත්වේ.  
			අනුශාසනාව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් 
			පවත්වනු ලැබේ. සවස 6 ට කඨිනානිසංස දේශනාව ඊතලවැටුණු වැවේ ඤාණතිලක 
			හිමියන් විසින් පවත්වති. දීප ව්‍යාප්ත බුදු පහණ සංවිධානය, විහාර මහා 
			දේවි කුළඟන සමිතිය හා සරණ දහම් පාසල එම පින්කම් මාලාව මෙහෙයවනු ලැබේ.  |