| 
			 වප් පෝදා විශේෂ 
			'කවි සංකල්පනා' විශේෂාංගය
			 
			සුදු පාට බිත්ති
			සවණක් රැස් බිත්ති වළලුවල 
			පැහැර උරාගෙන තුටු සිතින 
			සුදුපාට බිත්තිය - විහාරේ 
			නිරාමිස සුව විදිනා.... 
			 
			සිවු බඹ ලොවක අසිරිය 
			මවා සන්සුන් පින් සිතක 
			මදාරා පරසතු මල් සුවඳ 
			ඉසින සුදු හුණෙන් පිරිබඩ 
			වෙහෙර ගේ සුදු පාට බිත්තිය 
			 
			ලුම්බිණි උපවර්තන සල් වනේ 
			බුදු සුවඳ , බුදුඑළිය 
			සඳ එළිය - නේරන්ජනා රෑ අහස 
			මල් කර්ම ලිය කර්ම බැහැර කළ 
			සිල් ගත්තු බිත්තිය 
			 
			‘පිං පිණිස’ වෙළෙඳ සිටුවරුන් හට 
			නිවන් බිම ඉඩකඩම් වෙන් නොකොට 
			පඬුපාට කුඹලු මැටි බොරදමන 
			වැහි වතුර , දිය සෙවෙල, පලාපෙති 
			පමණකට වග කියන 
			සුදු පාට බිත්තිය - විහාරේ 
			නිරාමිස සුව විඳින 
			අසංක රුවන් සාගර 
			  
			එතෙර කළ මැනව සමිඳුනි
			කඳුළු දªළ මඩුලු බැඳ ගෙන 
			ගං ඉවුරට අපි ආවා 
			පේ වන රඟ දනුවෝ කො ද? 
			පේ නොවීම අපි ආවා 
			මෙ කොමළ ගං අංගනාව 
			කළ මැන නේරංජනාව 
			අප ද එතෙර කළ මැන  
			ලොව්තුරා සමිඳුනේ 
			 
			උදේ හවා අපි නගුලේ 
			ඒ ඇදයෙන් බෑ මිදෙන්ට 
			අනාගතේ මොර දෙන කොට 
			අමතක වෙයි මල් පුදන්ට 
			අපට නොමැත රජ යසිසුරු 
			කවුරු දෙති ද කන්ථකවරු 
			අප ද එතෙර කළ මැන 
			ලොව්තුරා සමිඳුනේ 
			 
			රාහුලයන් ඉපැදුණූ බැමි 
			තවමත් බැරිවුණි කඩන්ට 
			ගං ඉවුරට අපි ආවේ 
			එතෙරට වැඳ ගෙදර යන්ට 
			ගඟ ළඟ අප නිවනු රිසිව 
			නිවුම ද ගෙන වඩිනු මැනව 
			අප ද එතෙර කළ මැන 
			ලොව්තුරා සමිදුනේ 
			තරිඳු ශ්‍රී ලොකුගමගේ 
			  
			පහන් වැට
			නිසසල ය රෑ අහස 
			නිහඬ ම ය මහ පොළොව 
			වැලි අතුට වැලි මළුව 
			සඳ දියෙහි පෙඟී යන 
			 
			මහඟු ගන අඳුරු තිර වලා 
			ඉරා සුන් කර දමා 
			පිබිද ඒ පෙති විදා 
			පහන් හැඟුමන් 
			සහන් එළියෙන් අඳුර පලවන 
			පහන් වැටක් 
			ආශිර් දුලිප් මාධසේකර 
			බත්තරමුල්ල 
			හැඬී ද ඔබ
			ශාන්තය මුහුණ සුදු හැඳි 
			මළ සිරුරෙහි දෑත එක් කළ 
			දිලෙයි දෙපස තෙල් පහන් 
			යන්තම් සැලෙන සිළින් 
			 
			ළඟ මිනිය සිටියි බිරිඳ 
			අවුරුදු පනසක් වයස සිහින් තල එලළු 
			පිටිපසින් ඈ විසි පස් හැවිරිදි 
			දුවය මඳක් තර පැහැපත් 
			සාලෙ දොර අසල සිටියි 
			විසි දෙකක් වයස පුත් 
			 
			අඹු දරු දැරි එකකුට හෝ 
			නැත මතක මළහු විඳි දුක් 
			දිවියක් මුළුල්ලේ ඔවුන් රැකුමට 
			හඬත් ඔවුහු විටින් විට සොවින් මෙන් 
			නෑයන් මිතුරන් ආ කල 
			 
			හැඬී ද ඔබ ළඟ නෑයකු මළ කල 
			කිම ඔබ හැඬුයේ, බලන්න සොයා ඔබ සිත 
			 
			සෙවණැලි කාව්‍ය සංග්‍රහයෙනි 
			ජී.බී. සේනානායක 
			ජීවිතය 
			අප එතෙර වුණත් නොවුණත් 
			මේ දියේ ගිලී මිය ඇදුණත් 
			ගඟ ගලා යාවි කිසිවක් 
			සිදු නොවුණු සේ ම හෙටටත් 
			 
			තොටුපොළින් තොටුපොළට යා යුතු 
			නවාතැන් බෝ ගණනෙකි 
			සැණින් හැරදා යා යුතු 
			 
			සදාකාලික නවාතැන් නැති 
			ජීවිතය දිගු ගමනෙකි 
			බොහෝ දුර යන ගඟ වැනි 
			නිලූෂිකා නේරංජනා ජයසූරිය 
			  
			පහන් සිළු
			පහන් සිළු බෝ මළුව වට 
			මද සුළඟ හා සංවාදයක 
			 
			සුදෝ සුදු සාධු නාදය 
			සුළඟ මුසුවන බණ මඩුව 
			පහන් සිළු අඩක් 
			සුළඟ හා අමනාපෙයන 
			 
			ජව සුළඟ  
			පහන් සිළු සොරා ගෙන 
			අවසාන සිළුව 
			පොරබදයි සුළඟ හා එකලාව 
			 
			හිස් බෝ මළුව 
			උරාගත් සඳ වතුර 
			නිවුණු සිළුවේ සුදු දුම 
			වියැකෙයි මැදි ව සුළඟට 
			පාලිත ගනේවත්ත 
			  
			මහමෙව්නාවේ දී ...
			රාගී මිහිතලේ සනහනා 
			සඳු ගේ් කැල්මේ එතිලා 
			මහමෙව්නාවේ තුරුළේ 
			ශීල සමාධි සුවදේ 
			 
			නිවනේ සලකුණු පානා 
			පිළිමේ මහිමය හමුවේ 
			දිවියේ දාහේ වියැකී 
			රාගාදී චින්තා ගිලිහෙනා 
			 
			පවනේ කැටි ව ගලා ඒ 
			මුමුණ කියනා ගාථා 
			නිවනේ ද්වාරේ හැර ලූ 
			සම්බෝධි රාජා නාමෙනා 
			දේවින්ද්රා සර්ධාපාලි 
			 |