පින - කුසල දැනගන්න
අභිධර්මය නැතිව බෑ
බෝකුන්දර කුසලධම්ම හිමියන්ට පිළිතුරක්
ගුරුළුබැද්ද,
කළුගල
ආරණ්‍යවාසී,
බොරලැස්ගමුවේ සුනාග හිමි
පින හා කුසල යනු කිමෙකැයි විවාද සහගත ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “ න භික්ඛවෙ ධම්මවාදී කෙනචි ලොකස්මිං
විවදති” යනුවෙනි.
මහණෙනි, ධර්මවාදියා ලෝකයේ කිසිවකු හා විවාද නොකරයි’ යනු එහි තේරුම ය.
යම් දිනෙක පින - කුසල ප‍්‍රශ්නයට “ බුදුසරණ “ මගින් මුල පෑදූ
හිමිතුමන්ම, එය දැන් අවසනැ’යි ලිපියක් සැපයු පසුවත්, ඊට හරස් වෙමින්
ප‍්‍රස්තුත කරුණු අන් අතකට හරවා යන ගමනක් දැන් දැකිය හැකිය.
මෙයින් කලකට පෙර පත්තර සඟරා පිටු අතර වේගයෙන් දිවූ මගේ පෑන මුළුමනින්ම
නිහඬ වූයේ මගේ පැවිදිවීමත් සමගම ය.
“ මින් පසු මම කිසිදු පත්තර සඟරා ආදියට කිසිත් නො ලියමියි ගත් අදිටන මේ
දක්වාම හොඳීන් රැකිණි. මගේ ඒ අදිටන බිඳින්නට සිදුවූයේ, ධර්ම විරෝධී
දුර්මතයක් යළි යළි මතුවනු දැක හටගත් කම්පාවෙනි. ඒ අන් කිසිවක් නොව,
අභිධර්ම පිටකය දැක හටගත් කම්පාවෙනි. ඒ අන් කිසිවක් නොව, අභිධර්ම පිටකය
සර්වඥ භාෂිතයක් නොවේයැයි පුන පුනා පැවසීමය. තෙවළායෙන් අභිධර්ම පිටකය
බැහරලීම බුදුගොස් හිමියන් සැලකුවේ , ජිනචක‍්‍රයට පහර දීමක් ලෙසය.
තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයේ හෘදය වස්තුව හැටියට සැලකෙන අභිධර්ම පිටකය
බැහැරලීම ශාසන පරිහාණියේ පෙර ලකුණු හඟවන්නකි. ඒ බව දැක දැක නිහඬව
සිටීම අප වැන්නන්ට තරම් නොවේ යැයි සිතුණු බැවින් මේ වචන කීපය ලියා
එවන්නට සිත් විය .
පින් - කුසල් ප‍්‍රශ්නය ඔස්සේ දිගු ගමනක් ගොස් එය හරිහැටි නොවිසඳා
අභිධර්මය බුදු දහමට අයත් එකක් නොවේ යැයි කීමේ තේරුම කුමක් ද? අභිධර්මය
නොදන්නාකම මිස ඒ අනෙකක් නොවේ.
අභිධර්ම පිටකය බැහැරලමින් අර්ථ කථාවටත්, එහි ඇදුරු උතුමන්ටත් ප‍්‍රහාර
එල්ල කරන්නේ, කුමක් බලාපොරොත්තුවෙන් ද?
දෙදහස් හතේ නිකිණි පෝදා “ බුදුසරණ” පත‍්‍රයේ පළ වූ “ පින - කුසල
අභිධර්මයෙන් විසඳිය නොහැකිය” යන අධර්ම මතය සහිත ලිපියත්, එහිම වූ තවත්
විසඳුම් ලිපි දෙකකුත් අපට කියවන්නට ලැබිණි.
මා මෙයින් අසන්නේ පින - කුසල ප‍්‍රශ්නය අභිධර්මයෙන් විසඳන්න බැරි නම්
කුමන ධර්මයකින් විසඳන්නද යන්න ය. අභිධර්මයෙන් විනා වෙන මොනම
ධර්මයකින්වත් මේ බරපතල පැනය විසඳිය නොහැකි බව මම තරයේ පවසා සිටිමි.
සූත‍්‍ර පිටකයෙන්ම මේ ප‍්‍රශ්නයට පිළිතුරු දිය හැකි යැයි මේ ඇත්තන්
සිතනවා විය හැකි ය. එය කිසිදා නොකළ හැක්කකි.
පින - කුසල , පව - අකුසල යන වදන් සැහැල්ලු කොට නොසැලකිය යුතු ය. යමෙක්
පින - කුසල හෝ පව - අකුසල හෝ තථාගත දේශනයට අනුව හඳුනයි නම් හෙතෙම
නොසලකා හැරිය යුත්තෙක් නොවේ.
බුදුසරණ පත‍්‍රය මගින් මේ සංවාදය ඇරැඹෙන්නට වසර කීපයකට පෙර එක් උගත්
හිමිනමන් මේ පින - කුසල ගැන අතිදීර්ඝ ලිපියක් ශාස්තී‍්‍රය සංග‍්‍රහයකට
සපයා තිබෙනු අපට දැකිය හැකි විය.
එතුමෝ ඒ ලිපිය ලිවීම සඳහා බලවත් පරිශ‍්‍රමයක් ගෙන ඇති අතර, සූත‍්‍ර
ධර්ම හැට දෙකකට වඩා ප‍්‍රයෝජනයට ගෙන ඇත. එහෙත් උන් වහන්සේට පවා මේ වදන්
දෙකේ ඇති අර්ථ සාම්‍යය ගැන පැහැදිලි වැටහීමක් නොවුණ වන පැහැදිලි ය. එම
ලිපියෙන් පවා අවසාන නිගමනය වූයේ පින සහ කුසලය යනු දෙඅරුතක් සපයන වදන්
දෙකක් යන අදහස බඳු එකකි.
මෙතෙක් “ බුදුසරණ පත‍්‍රයෙහි පළ වූ ලිපි පෙළෙහි මෙන්ම ඉහත කී ලිපියේද
බලවත් දුර්වලකම වන්නේ පින නම් මේ යැයි කුසලය නම් මේ යැයි ධර්මානුගත
පැහැදිලි විග‍්‍රහයක් නොවීමය. එබඳු අර්ථ විවරණයක යෙදෙන්නට අභිධර්මය
පිළිබඳ මනා දැනුම් ඇතියකුට මිස අනෙකකුට නොහැකි බව මම හොඳින් දනිමි.
මෙතෙක් ලිපි සැපයූ විද්වතුන් ගෙන් යමෙක් ඒ පිළිබඳ අභිධර්මගත අර්ථ
විග‍්‍රහයක් කළේ නම්, එය පාඨක සඳහා ප‍්‍රමාණවත් වී නම්, මේ ප‍්‍රශ්නය
මෙතරම් දුරට නො යනු ඇත.
ධර්ම ඤාණයත් ලේඛන කුසලතාවත් ඇති පරහිතකාමී සාධු ජනයකුට මේ ප‍්‍රශ්නයට
පිරිපුන් පිළිතුරක් සැපයිය හැකිය. එමගින් දෙගොඩක අතරමං වී සිටින
පාඨකයිනට පින් කුසල ගැටළුව නිරාකරණය කර ගැනීමට ඉඩ සැලසිය හැකිය. එහෙත්
මෙතෙක් එය ඉටු නොවීම හානියකි.
වසරකට ආසන්න කාලයක් මුලුල්ලේ මේ ගැන ලියැවුන ලිපි සියල්ලෙන්ම
ධර්මානුකූල නිවරැදි පිළිතුර ඇත්තේ ලිපි දෙකක පමණි. අන් ඒවා අනන්මනන්ය.
නිවැරදි පිළිතුර සඳහන් ලිපි දෙකෙන් වුව, මදක් හෝ අභිධර්මය නොහැදෑරූ
කෙනෙකුට ප‍්‍රස්තුත ගැටළුව නිරාකරණය කරගත නොහැකිය.
ධර්මයට අදාළ ප‍්‍රශ්නයක් නගා ඊට ප‍්‍රමාණවත් පිළිතුරක් ඉදිරිපත් නොවුව
හොත් එය පාඨකයාට බරපතළ අසාධාරණයක් වනු ඇත. ඒ අසාධාරණය “ බුදුසරණ “
පාඨකයිනට සිදුවී ඇත්තේය.
මේ සාසනායත්ත ධර්ම අර්බුදයෙහිලා මවිසින් කළ යුත්තේ කිමෙක්දැයි මම මඳක්
සිතුවෙමි.
තරමක පිළිතුරක් ලියා “ බුදුසරණයට “ යවනවාද ? නැතහොත් ප‍්‍රමාණවත් ධර්ම
ග‍්‍රන්ථයක් වශයෙන් සපයා ශාසන අනුග‍්‍රහය කරනවාද යනුවෙනි.
මේ බරපතල ප‍්‍රශ්නයට ලුහුඬින් පිළිතුරක් සැපයීම වනාහි පරමාණුවක් උපැස්
යුවළකින් බලන්නට සැලැස්වීම වැනිය. මහා බඩගිනි ඇතෙකුට කැකිරි ගෙඩියක්
දීම වැන්නකි. බඩගිනි ඇතුට නාඹ කිතුලක්ම දෙමියි සිතූ මම විස්තෘත ධර්ම
ග‍්‍රන්ථයකට මුල පිරුවෙමි. ඉහත කී අභිධර්ම විරෝධී ලිපිය කියවන්නට
ලැබුවේය එය ලියා ගෙන යන අතරතුර ය.
මේ කුසල - පින ගැටලුව විස¼දාගනු රිසි නම්, ති‍්‍රපිටක ධර්ම සාගරයෙහි,
ශක්ති පමණින් බැස විමසා බැලිය යුතු වෙයි. ඒ සඳහා මම මෙහිලා මඳ ඉඟියක්
පමණක් කරමි. එනම්, යම් පැනැතියන් විසින් භවසක නුවණින් බැරිනම්
ඇඳිල්ලෙන් හෝ කරකවා බැලිය යුතු බවය. එහි අර එකින් එක පිරින්සන විට
පොටක් පෑදෙනු ඇත. එතැන් සිට තව ඉදිරියට විමංසනය කරනු මැනවි. එවිට සත්‍ය
පිළිතුර ලැබෙනු ඇත. පොට පාදාගන්නේ අභිධර්මයෙනි. විස්තර සැපයෙන්නේ විනය
සූත‍්‍ර දෙකිනි.
මඟ වරද්දාගෙන යන්නෝ අන්‍යයා ගේ මඟ ද වරද්දති. යමකුට - අති ප‍්‍රසිද්ධ
‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාවේ අර්ථය ගැඹුරින් විග‍්‍රහකොට බලන්නට හැකි
නම්, මේ කුසල පින ප‍්‍රශ්නයට පිළිතුර එහි ද ඇති බව දත මැනවි. යමෙක්
ධර්ම කරුණක් අන් හට පැහැදිලි කළ යුත්තේ තම දැනුම් ප‍්‍රමාණය සලකාගෙනය.
උපකල්පනයෙන් හෙවත් තමන් සලකා ගත් අදහසක් අනුව පිළිතුරු ඉදිරිපත් කිරීම,
අතිශය අනර්ථකරය. මහා කච්චායන තෙරණුවන් ගේ වදනක් මට මෙහිදී සිහිපත්
වෙයි.
“ යමෙකුට විනය සූත‍්‍ර - අභිධර්ම යන ති‍්‍රවිධ පර්යාප්තිය පිළිබඳ
ප‍්‍රමාණවත් දැනුමක් නැද්ද පරිප‍්‍රච්ඡා සංඛ්‍යාත අර්ථ කථා පිළිබඳ ගුරු
ඇසුරින් ලද උගැන්මක් නැද්ද නොඑසේ නම් සෝවාන් ඵලයටත් පැමිණ නැද්ද? ඔහුට
දහම පිළිබඳ කුමක් නම් වැටහෙන්නේ ද? යන්නය. “ බුදුසරණ “ සංවාද ලිපි පෙළ
අතරේ අතරමැදි අදහසක් ඉදිරිපත් කළ කෙනකු ද විය. ඔහු පවසා සිටියේ , පින -
කුසල ගැන වාදයක් අවශ්‍ය නැත. පින් කැමැත්තෙන් පින් කරත්වා කුසල්
කැමැත්තෝ කුසල් කරත්වා වැනි අදහසකි. එය ගැටලුවට විසඳුම නොවේ. පින -
කුසල හඳුනාගන්නට හේතුවන ප‍්‍රමාණවත් විග‍්‍රහයක් මෙතෙක් ප‍්‍රකාශ නොවූ
බැවිනි.
මේ ලෝකයේ විමසුම් නුවණ ඇතියකුට ඇති විය හැකි ප‍්‍රශ්න අතුරින් ප‍්‍රධාන
ප‍්‍රශ්නය වනුයේ පින් නම් කුසල් නම් කිමෙක? පව් නම් අකුසල් නම් කිමෙක
යන ප‍්‍රශ්නයයි. ඒ ප‍්‍රශ්නය සියල්ල දැන දැක වදාළා වූ ශාස්තෘන් වහන්සේ
විසින් මැනවින් විස¼දා වදාරා ඇත. එය අපට තවමත් ප‍්‍රශ්නයක්
වී ඇත්තේ ධර්මයෙහි අකොවිද බව නිසා ය. පින පව හෝ කුසල අකුසල හෝ නොහඳුනන
කිසිවෙකුට සග - අපවග සැප දෙකම ලැබිය නො හැකි ය.
මේ පින - කුසල ප‍්‍රශ්නය අභිධර්යේ පිටිවහල නොලැබ මොනම ලෙසකින්වත්
විස¼දා ගත නොහැකි ය. ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වන තැනැත්තා
කෛරාටික නුවණ ඇත්තකු නම්, තමනුත් රැවටී අනුනුත් රවටන්නට උත්සාහ කිරීම්
ස්වාභාවික ය.
අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේ යැයි දුර්මත ගත් කිසිවකුට සම්මා
දිට්ඨියක් ගැන කතා කළ නො හැකි ය. හැබෑ සම්‍යග් දෘෂ්ටිකයකුª විය හැක්කේ
අභිධර්මාගත සතර පරමාර්ථ ධර්ම හැදෑරීමෙන් පමණකි. දස වස්තු දත් පමණින්
නොවේ. දස වස්තුක සම්දිටුව එකකි. මාර්ග සමපග් දෘෂ්ටිය තව එකකි.
අභිධර්මය නොහදාරා කුසල - පින හෝ සම්දිටු - මිසදිටු ගැන හෝ කතා කරන්නට
ගිය තැනැත්තා කතා කරන සියල්ලම මිථ්‍යා වචන බවට පත්වීම ස්වභාවයකි.
ධර්මවාදියා කිසි විටෙක අන්තග‍්‍රාහිකයෙක් හෝ පක්ෂ ග‍්‍රාහිකයකු නොවේ.
ඔහු නෑ හිත මිතුරුකම් නොබලයි. උස් පහත්කම් නොබලයි. ධර්මයට සලකයි.
මැදිහත් වෙයි.
පින - කුසල ගැන පළ වු ලිපි පෙළෙහිත් තවත් බාහිර ප‍්‍රකාශන කීපයකත් අප
දුටු සාවද්‍ය මත බොහොමයකි. එයින් කිහිප තැනක් අගතියෙන් තොරව මතු කර
දක්වන්නේ නම්,
“පින් සසර දිගු කරයි. - කුසල සසර කෙටි කරයි.”
“පින හා කුසලය දෙකකි.”
“පින කර්මයකි. - කුසලය ධර්මයකි.”
“පින අලුත් දෙයක් නොවේ. - කුසලය අලුත් දෙයකි.”
“හැකි තරම් පින් කොට ජීවිතය සැපවත් කරගෙන - කුසල් රැස් කිරීමෙන්
ලොව්තුරු සුව විඳිනු.”
“චේතනාව කර්මය යැයි කියා ඍජුව දේශනා කර ඇත. පින - කුසලය සම්බන්ධයෙන්
එසේ පවසා නැත.”
“පින – කුසලය දෙකම එකක් යැයි කීමට කෙනකු ඉක්මන් විය හැකි ය.”
මේ ඉහත සඳහන් ප‍්‍රකාශ බුද්ධ දේශනාවට එකඟ නැත. ඒ සියල්ල පින - කුසල
ධර්මානුකූ®ලව වටහා නොගැනීම අඟවන සාධකයෝ ය.
ඒ මත ප‍්‍රකාශ කර ඇති ලේඛක භවතුන්ට මා මේ ලිපියෙන් ආරාධනා කරන්නේ, හැකි
නම් පින - කුසල දෙක ගැන ධර්මානුකූ®ල විග‍්‍රහයක, විභජනයක් කරන ලෙස ය.
එය කළ යුත්තේ පිනේ හා කුසලයේ මූලික ලක්ෂණ හා පරස්පරතා ඇත්නම් ඒවා ද
මුනි මතානුසාරයෙන් මතු කර දක්වමින් බව සැලකිය යුතු ය.
පින - කුසල අභිධර්මයෙන් විසඳිය නොහැකි යැයි පවසන හිමිතුමෝ උගතෙකි.
එහිලා ප‍්‍රශ්නයක් නැත. එහෙත් ඒ උගත්කම මෙබඳු ධර්ම ප‍්‍රශ්නයක්
නිරාකරණය කිරීමට ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලි ය.
බෝකුන්දර කුසලධම්ම ස්වාමීන් වහන්සේ මට දෙඅයුරකින් ම සමීප සම්බන්ධතා ඇති
කෙනෙකි. ඒ ගිහි - පැවිදි දෙපසින්ම ය. ඉතින් මා මෙහි අවසන් වශයෙන් සඳහන්
කරන්නේ අප සහෝදර උගත් බෝකුන්දර කුසලධම්ම ආයුෂ්මතුන් වහන්සේ තමන් කර
ඇත්තේ සාවද්‍ය ප‍්‍රකාශයකැයි පිළිගන්නේ නම් ප‍්‍රකාශයක් කර හෝ නොකර
නිහඬ වන ලෙස ය. ඔබ වහන්සේට තව මාස කීපයක් ඉවසා සිටිය හැකි නම්, ඔබ
වහන්සේගෙන් ඉටු විය යුතු කොටස මම ඔබ වෙනුවෙනුත් සෙසු ධර්මානුලාෂීන්
වෙනුවෙනුත් ඉටු කරන්නට වෙහෙසෙමි. මේ වගට ශාසන ස්ථිතිය පතන, භික්ෂූ
සුනාගයෝ ය. |