ගැටබරු විහාරයේ
ඇසළ පූජෝත්සවය
කොටපොළ ගැටබරු රජ මහා විහාරස්ථ ඓතිහාසික බටහිර රජ්ජු බණ්ඩාර දේවාල ඇසළ
පූජෝත්සවය මේ මස 22 දා සිට 28 දා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ.
ඉතිරිය»
මහා කරුණාව නොපෙනෙන බුද්ධ ප්‍රතිමාවකින් වැඩක් නැහැ
විහාර මුර්ති ශිල්පී චිත්රමුල්ලගේ රංගබුද්ධ පවසයි
බුද්ධ ලක්ෂණ ආරෝපණය කොට තැනූ පිළිමය බුදු පිළිමයයි. දිව්‍යාවදානයට
අනුව බුදුරදුන් ජීවමානව සිටි අවධියේම බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී ඇත.
එදා සිට අද දක්වා විවිධ මාධ්‍යයන්ගෙන් විවිධාකාර ප්රමාණයන්ට බුද්ධ
ප්‍රතිමා නිර්මාණය වෙයි. නමුත් ඒ සියල්ලන්ගෙන්ම පාහේ විද්‍යමාන වන්නේ
අසීමිත වූ කරුණා ගුණය යි. රළු මාධ්‍යයකට එවැනි කරුණා ගුණය කවන දෑත් ද
ලොවක් වටින්නේය. එවැනි වටිනා දෑතක් වයස 27 ක තරුණයෙකුට හිමිවන්නේ නම්
ඔහු කොතරම් වාසනාවන්තද? ඔහු විසින් නිර්මිත බුද්ධ ප්‍රතිමාවකින්
කියාපානුයේ වයස 60 පසුවූ ප්‍රවීණ ශිල්පියෙකුගේ නිපුණතාවයයි. “ ඔබ ඔය
වයසේදී සැදූ බුදුපිළිමය මෙසේ නම්, වයස 60 දී පමණ ඔබ සාදන බුදු පිළිමය
ගැන මට සිතා ගන්නටවත් බෑ” යනුවෙන් ඔහුට ගංගොඩවිල සෝම හිමියන් වරක් පවසා
ඇත්තේ ඒ නිසාම විය යුතුය. ඒ තරුණ ශිල්පියා රංග බුද්ධය. ඔහු සමඟ කළ
සංවාද සටහනයි මේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මවු පිය ගුණ
යො මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තො න භරති
තං ජඤ්ඤා වසලො ඉති - වසල සූත්‍රය
පින්වත්නි,
මේ ගාථාවේ අර්ථය විමසා බලමු.
යො - යමෙක්
පහසන්තො - බොහෝ ධන ධාන්‍ය ඇත්තේ
ජිණ්ණකං - ජරපත් වූ
ගතයොබ්බනං - යෞවන බව ඉක්ම ගිය
මාතරංවා - මව හෝ
පිතරං වා - පියා හෝ
න භරති - පෝෂණය නොකෙරේද
තං - ඔහු
වසලො ඉති - වසලයෙකැයි
ජඤ්ඤා - දත යුතුය
මේ අනුව යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන්
පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව මේ ගාථාවෙහි
විග්රහ වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් මවුපිය අගය, වටිනාකම
ධර්මානුකූලව විග්රහ කළ තවත් ශාස්තෘවරයෙක් ලෝකයේ ඇත්දැයි අපට සැක
සිතෙනවා. තමන් වහන්සේ දේශනාවෙන් පමණක් නොව තමන් බිහි කළ මහාමායා දෙවඟන
සොයා ගොස් අබිදම් දෙසුම කරමින්ද පියා වු “ශුද්ධෝදන” රජු වෙත පැමිණ දම්
දෙසා සසරින් මුදවමින් ද, කිරි පොවා පෝෂණය කළ “ ප්‍රජාපතී ගෝතමිය වෙත
භික්ෂුණි සමාජය උරුම කොට සසරින් එතෙර කරවමින් ද ආදර්ශයෙන් ම තම වගකීම
ඉටු කොට වදාළහ.
ඉතිරිය»
අන්‍ය ආගම් පිළිබඳ බෞද්ධ ආකල්පය
බුදු සමය පහළ වන සමාජයේ සමයවාද රැසක් පැවති බව පැහැදිලි ය. බුදු සමය
පහළවීම ද එම ආගමික වාතාවරණය බෙහෙවින් උපස්ථම්භක වූ බවට කිසිම සැකයක්
නැත. චිරාගත සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ අදහස් වෛදික සම්ප්රදාය තුළම
ඇති වෙමින් පැවතුණ බවට සාධක ඇත. මුල් වේද ග්‍රන්ථවල එන විමුක්ති
මාර්ගය පිළිබඳ සැක පහළකරමින් ඇතැම් මුනිවරු ප්‍රකාශ කළ අදහස් ආරණ්‍යක
ග්‍රන්ථවල ඉතා පැහැදිලිව දක්නට ලැබේ.
වෛදික විමුක්ති මාර්ගය වන යාඥා වෙනුවට උපනිෂද් යුගයේ ඤාණයට මුල් තැන
ලැබිණි. එම ඤාණය කෙරෙහි විශ්වාසය තැබු සමයවාද රාශියකි. ඉන් එකක් ලෙස
බුදු සමය දැක්විය හැකිය. මෙමගින් පෙනී යන්නේ බුදු සමය හුදකලාව ඇති
වූවක් නොවන බවයි. එය සහෝදර අනික් සමය රාශියක් සමග එකට වැඩුණු ඉගැන්වීම්
ක්රමයකි. අනෙක් සමයයන්ගේ බලපෑම නොමඳව ඒ කෙරෙහි දක්නට ලැබුණු බව අප
විසින් අමතක නොකළ යුතුය.
ඉතිරිය»
|