බුද්ධිමය දේපළ
මිනිසා විසින් නිපද වූ වටිනා ම දෙය කුමක්දැයි පොදු පිළිගැනීමක්
නොමැති බව ඇත්ත ය. එහෙත් මිනිස් ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම නිපැයුම
ලෙස භාෂාව හැඳින්වීම අසාධාරණ යැයි නො සිතමු. මිනිස් ශ‍්‍රමය හා
බුද්ධිය ලැබූ ඉහළ ම ජයග‍්‍රහණය වන භාෂාව නොමැති ව මිනිසාට
සාමූහික පැවැත්මක් තිබිය හැකි ද?
කෙ සේ වුව ද, භාෂා භාවිතය අනුව ජාතියක දියුණුව මැන බැලීමට
උත්සාහ දැරීම අභියෝගාත්මක ප‍්‍රයත්නයකි. ඒ සඳහා සාර්ථක ක‍්‍රම
වේදයක් ද නොමැත. එහෙත් ඇතැම් සමාජයීය හැසිරීම් අපට මෙහි දී මඟ
පෙන්වන බව කිව යුතු නැත. එ බඳු එක් අවස්ථාවක් සෑම වසරක ම
සැප්තැම්බර් මාසයේ දී - එනම් සාහිත්‍ය මාසයේ දී- ශ‍්‍රී
ලාංකිකයන්ට උදා වේ.
පසුගිය 8 වන දා සිට 16 වන දා දක්වා කොළඹ බණ්ඩාරනායක
සම්මන්ත‍්‍රණ ශාලාවෙහි පැවැති නව වන අන්තර්ජාතික පොත්
ප‍්‍රදර්ශනය අප සමාජය කියැවීමට ලැබුණු කදිම අවස්ථාවකි. මෙ වර
ඊට සහභාගි වූ ලක්ෂ හතකට අධික ජනකාය මෙන් ම එළිදුටු නිර්මාණ
කෙරෙහි ද අවධානය යොමු කළ විට භාෂා භාවිතයේ ශ‍්‍රී ලාංකික
ප‍්‍රගතිය අපට හඳුනා ගැනීමට පුළුවන.
මෙහි දී කරුණු දෙකක් වෙත අවධානය යොමු විය යුතු යැයි සිතමු.
පළමු කරුණ නම්, අප ගේ සාහිත්‍ය කෘතිවල නිර්මාණාත්මක ගුණය යි.
දෙවැන්න, මේ නිර්මාණ සමාජයීය ගුණයක් බවට පත් කැර ගැනීම යි.
මෙහි පළමු වැන්න සඳහා ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින් ගේ සංගමය
සංවිධානය කළ වසරේ හොඳ ම නවකතාවට පිදෙන ස්වර්ණ පුස්තක සම්මානය
උදාහරණ වශයෙන් ගත හැකි ය. මෙ වර ස්වර්ණ පුස්තක සම්මානය පිදීම
සඳහා සුදුසු නවකතාවක් නො තිබූ බැවින් එහි අවසන් වටයට නිර්දේශ
වූ කෘති පහට ම මුදල් ත්‍යාගය සමසේ බෙදා දෙන ලදී.
දෙ වන කරුණ නම් මේ නිර්මාණ සමාජයීය ගුණයක් බවට පත් කැර ගැනීමේ
කි‍්‍රයාවලිය යි.
ඉහළ සාක්ෂරතාව සහිත අප සමාජය ලබා ඇති ශික්ෂණය කෙ බඳු ද? රටේ
උත්තරීතර ම ආයතනය වන පාර්ලිමේන්තුවේ විනය පිරිහීම,
විශ්වවිද්‍යාලයීය ප‍්‍රචණ්ඩත්වය, ගුරු සේවයේ හා වෛද්‍යවරුන් ගේ
වෘත්තීය අරගල ආදිය මඟින් අප සමාජයේ ශාස්ත‍්‍ර ඥාන ප‍්‍රගතිය
මැන ගත හැකිය.
එ සේ නම්, සාහිත්‍ය උත්සව හා සාක්ෂරතාව පිළිබඳ දත්ත යහපත්
සමාජයීය අස්වැන්නක් බවට පත් වී නොමැත. මෙහි දී කි‍්‍රෂ්ණමූර්ති
ගේ අදහසක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“පුද්ගලයා කෙ බඳු ද? සමාජය ද එ බඳු ය. පුද්ගලයා තව කෙනකු සමග
ඇති කැර ගන්නා සබඳතාව ම සමාජ ආකෘතිය වන්නේ ය. පුද්ගලයා නො ඉවසන
සුළු නම්, ක‍්‍රෑර නම්, තරගකාරී නම්, අපට නැණවත් සමාජයක් බිහි
කළ නො හැකි ය. සමාජය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයා ගේ ම
පුළුල් වීමකි. අප ගේ ම ඉදිරියට නෙරා යෑමකි. සමාජය යනු කුමක් ද?
සමාජය යැයි කියන්නේ අපේ සබඳතා වලට යි. සමාජය යනු අපෙන් වෙන් වූ
දෙයක් නො වේ. එ බැවින් සමාජ ආකෘතිය වෙනස් කැරෙන්නට යෑම පවතින
සමාජය ම සුළු වෙනස්කම් සහිත ව තව දුරටත් පවත්වා ගෙන යෑම යි.
වර්තමාන සමාජය හොඳට ම කුණු වූ එකකි. එය තවත් දුෂණය වෙමින්
සැහැසි වෙමින් පවතී. එහි හැම විට ම අසහනය, ගැටුම් සහ වේදනා
පිරී තිබේ. අපේ ම කොටසක් වන මේ සමාජය තුළ මූලික වෙනසක් ඇති
කැරෙන්නට නම්, පළමුවෙන් ම අප තුළ අප ගැන ම අවබෝධයක් තිබිය යුතු
ය.”
සාක්ෂරතාව හෝ නිර්මාණ සාහිත්‍යය වැනි අංග සමාජ ප‍්‍රගමනයය
උදෙසා යොදා ගත හැක්කේ කෙ සේ ද යන්න පිළිබ¼ඳ ඉඳියක් කි‍්‍රෂ්ණ
මූර්ති මේ ප‍්‍රකාශයෙන් අපට සපයා තිබේ. මූලික ම අවශ්‍යතාව
වන්නේ පළමුවෙන් ම අප තුළ අප ගැන ම අවබෝධයක් ඇති කැර ගැනීම යි.
ඊට අවශ්‍ය මඟ පෙන්වීම සහිත බුදු දහම ඉවත ලා බුද්ධිමය දේපළ ගැන
කතා කළ නො හැකි ය. |