බේරුවල සෝභිත හිමියන්ට ඕස්ටේ‍්‍රලියාවේ සංඝනායක ධූරය
ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් බෞද්ධ
විහාරාධිපති බේරුවල සෝභිත හිමියන් වෙත අමරපුර මහා නිකාය
මගින් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත.
ඒ පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ පුණ්‍යොත්සවය
බේරුවල අභිනවාරාමයේදී නොබෝදා පැවැත්විණි.
ඉතිරිය»
බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ
සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයේ ද දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ හා අසූ
අනුව්‍යඤ්ජනයන්ගෙන් බුද්ධ ශරීරය සමලංකෘත බව සඳහන් කරයි. පාලි
ති‍්‍රපිටකයේ දී දෙතිස් ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක්
සීමා වන බව කියන මුත් සද්ධර්ම පුණ්ඩරීකයේ දී විවරණය වන්නේ බෝසත් අවධියේ
පටන්ම මෙම ලක්‍ෂණ පහළ වන බවයි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන
පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන
සූත‍්‍රය, මජ්ඣිම නිකායේ බ‍්‍රහ්මායු
සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන
කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල්
සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක්
ඉදිරිපත් කරයි.
ඉතිරිය» ධර්ම දේශනාව:
සසර බිය නසන කුසලට පමා නොවෙමු
“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක්
සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්
නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති‍්‍රයෙහි එහි පැමිණ,
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු
කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ
කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත්
වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව
භාෂිතය අනුමත කළ සේක.
ඉතිරිය»
පාපය-අකුසලය දුරලන උපාය මාර්ග
බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර
තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ
සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ
සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන
ඒවා ද විය හැකි ය.
ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත්
පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු
ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ.
එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. ගැලපීම සිදුවන්නේ මූලික
ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති.
ඉතිරිය»
|