[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ආකල්පමය වෙනසකට සිත සදමු

 ‘න පරෝ පරං නිකුබ්භේත’ කිසිම අවස්ථාවක තවත් කෙනෙක් රවටන්න එපා. කෙනෙක් රැවටීම කරන්නේ අකුසල මූල සිතකිනි. ද්වේෂ සිතකිනි. ද්වේෂ මූලික සිතකින් ඇතිවන හැඟීමක් ලෙස අනුන් රැවටීම පෙන්වා දිය හැකි ය. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කර තිබෙන්නේ ‘න වණ්ණ රූපෙන නරො සුජානො, න විස්සසෙ ඉත්ථර දස්ස නෙන’ යනුවෙනි. කවදාවත් කිසිම කෙනෙක් හොඳයි හෝ නරකයි හෝ කියා තීරණය කරන්න, නිගමන දෙන්න හදිසි වෙන්න එපා. අපට ජීවිතයේ බොහෝ වෙලාවට වරදින තැනක් වන්නේ අපි පුද්ගලයන් ගැන නිගමන කරන්න හදිසි වීමයි. පිටතින් බලා කිසිදු පුද්ගලයෙක් පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමට අපට හැකියාවක් නැත. සමහර විටෙක අපට හොඳට සිනා සී’ කතා කර හිතවත්කම් පෙන්වන පුද්ගලයා එසේ හිතවත්කම් පෙන්වන්නේ කුමන අරමුණකින් ද යන්න අපි දන්නේ නැත. එම පුද්ගලයාගේ අවශ්‍යතා, ඕනෑ එපාකම් ඉෂ්ට වූ පසු ඔහුගේ සැබෑ ස්වභාවය ලෝකෙට පෙනෙන්න පටන් ගනී. ‘මිනිසුන් සමහර වෙලාවට ඔවුන්ගේ නියම වර්ණය මොකක්ද කියලා පෙන්වයි. එවිට ඒ වර්ණය හඳුනා ගන්නවා හැර කවුරුවත් පින්තාරු කරන්න උත්සාහ කරන්න එපා.” යැයි ප්‍රකට කියමනක් තිබේ. අප කළ යුත්තේ අපේ පැත්තෙන් කොතරම් නිවැරැදි වුවත්, අවංක වුවත්, හොඳ වුවත් අනෙක් අය හොඳ හෝ නරක හෝ ලෙස නිගමනය නොකිරීමයි.

 


අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]