[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහසක් කුල දරුවන් පැවිදි කිරීමේ ආරම්භක පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ මළුවේ දී

දහසක් කුල දරුවන් පැවිදි කිරීමේ ආරම්භක පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ මළුවේ දී

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සංවිධානයෙන් දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහා පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් මස 24 වැනි දා රාත්‍රියේ අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වෙන අතර 25 වැනි දා අලුයම තුන් නිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ව සියලු පිරිවෙන් කෘත්‍යාධිකාරි නාහිමිවරුන්, පරිවේනාධිපති නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට සංවිධාන කර ඇත.

ශාසනික, ජාතික, ආගමික පුනරුදයක් උදා කරලීම සඳහා මෙම උතුම් අවස්ථාව යොදාගෙන ඇත. ඒ සඳහා සියලු ම පිරිවෙන් කෘත්‍යාධිකාරි හිමිවරුන්, පරිවේණාධිපති හිමිවරුන් ඇතුළත් ව පරිවේණාචාර්ය හිමිවරුන් ගුරු භවතුන් ඒ සඳහා කුල දරුවන් සෑම පිරිවෙන් ආයතනයකින් ම සූදානම් කර මෙම උතුම් අවස්ථාවට යොමු කරන ලෙසත්, එම පැවිදි වන සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය සඳහා මාසික ශිෂ්‍යත්වයක් දෙන අතර, පැවිදි වීමට අවශ්‍ය සියලු සිවුරු පිරිකර ද පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ලබා දීමට සියල්ල සූදානම් කර ඇත.

මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා රට, ජාතිය, ආගම, භාෂා ශාස්ත්‍රය සුරකිමින් සුපිළිපන් සඟරුවනක් ලොවට දායාද කරන්නට මෙම උතුම් පින්කමට දායක වීමට එක් වන ලෙසත්, ඒ සඳහා සුදුසු කුල දරුවන් යොමු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]