බව ගමන දිගු කරන බැඳීම

බව ගමන දිගු කරන බැඳීම

“ගසක මුල නොසිඳී, ඉතා ශක්තිමත් ව පවතී ද, එම ගස කපා දැමුව ද නැවත නැවතත් දලුලා වැඩේ. සිත තුළ මුල් බැසගත් තණ්හාව ද එලෙස ය. මුලිනුපුටා නොදැමුවොත්, මේ සසර දුක නැවත නැවතත් හටගනී. තණ්හාව පවතින තෙක් ම අපට මෙම තණ්හාව නිසා ශෝකය, බය, ඊර්ෂ්‍යාව ඇති වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට නම් තෘෂ්ණාව දුරු කර ගත යුතු වේ. වර්තමාන සමාජයේ බොහෝ ගැටලු තණ්හාව නිසා ඇතිව තිබෙන බව දක්නට ලැබේ. ඇතැමුන් ගෙවල් දොරවල් හදන්නේ, ඇඳුම් පැළඳුම් ගන්නේ, යාන වාහන ගන්නේ තම අවශ්‍යතාව මත නොවේ. තව කෙනකු ඉක්මවා යෑමටයි. ලද දෙයින් සතුටු නොවී මිනිසා දුකට පත්ව සිටී. කෙනකුට කෙතරම් ධනය රැස් කළ ද ප්‍රමාණවත් නොවේ. මේ තුළ තිබෙන්නේ බැ¼දීම හා ලෝභකමයි. තෘෂ්ණාව නැති කර ගැනීමට නම් දන්දීම, බණ භාවනා කිරීම , ධර්මයෙහි හැසිරීම අපගේ ජීවිතවලට හුරු පුරුදු කර ගත යුතුයි.

සසර දුක් ඇති කරන මූල බීජය තණ්හාවයි. වර්තමාන සමාජයේ නොයෙක් යුදමය තත්ත්වයන් හටගෙන තිබෙන්නේ ද බල තණ්හාව නිසයි. මේ තුළින් වටිනා මිනිස් ජීවිත දේපළ විනාශයට පත්වෙයි. ඒ අනුව තෘෂ්ණාව සමාජයේ නොයෙක් ව්‍යවසනකාරී තත්ත්වයන් ඇති කරන බව පැහැදිලියි. තණ්හාව, ක්‍රෝධය, වෛරය දුරු කර මෛත්‍රිය, කරුණාව හුරු පුරුදු කළ යුතුයි. ඒ අනුව යහපත් ධර්මානුකූල රටක් සමාජයක් බිහි කර ගැනීමට හැකි වේ.

බුදුරජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝදා දේශනා කළ දම්සක් පැවැතුම් සූත්‍රය මඟින් තණ්හාව දුරුකර ගත යුතු මඟ දේශනා කර තිබේ. ඒ උතුම් දේශනා අපගේ ජීවිතයට ළඟා කර ගනිමින් යහපත් සමාජයක්, රටක් බිහිකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]