[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ප්‍රථම වරට පිළියන්දල නගරයට වෙසක් කලාපයක්

“ප්‍රඥාවෙන් ලොව දකිමු” තේමාව යටතේ 2570 වැනි සම්බුද්ධ ජයන්ති සැමරුමට සමගාමී ව කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, කැස්බෑව නගර සභාව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එකතුවෙන් විශේෂ වෙසක් කලාපයක් සංවිධාන කර ඇත. මෙය ශ්‍රී සම්බුද්ධාභි වන්දනා 2026 ලෙසින් නම් කිරීමට කටයුතු යොදා ඇත. මේ වෙසක් කලාපය මැයි මස 30 වැනි දා ආරම්භ වී දින පහක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, පසුගිය දිනෙක ඒ පිළිබඳ ව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මේ පිළිබඳ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී ගොම්බද්දල දමිත හිමියන් මෙසේ අදහස් දැක්වීය. “මෙවර කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, කැස්බෑව නගර සභාව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක් කරගෙන විශේෂ වෙසක් කලාපයක් සම්පාදනය කර තිබෙනවා. “ශ්‍රී සම්බුද්ධාභි වන්දනා 2026” නමින් මේ වෙසක් කලාපය නම් කර තිබෙනවා. මැයි මස 30 වැනි දිනට ජාතික වෙසක් උත්සව සැමරුම රට පුරා සිදු කරනවා. ඊට සමගාමී ව පිළියන්ද සහ කැස්බෑව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආගමික වැඩසටහනක් වගේම සංස්කෘතික උත්සවයක් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වැඩසටහනේ මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ කැස්බෑව නගර සභාවේ නගරාධිපති චාමර මද්දුමගේ මහතා විසින්. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරියත්, ශාසනාරක්ෂක මණ්ඩලයත් මූලික සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සඳහා මහා සංඝරත්නය වගේම ප්‍රදේශයේ ව්‍යාපාරික සහ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරන ආයතන ප්‍රධානීන් සම්බන්ධ වෙනවා.


බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]