ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අමාවක පෝ දා 2026 මාර්තු 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනුරාධපුර යුගයේ දී ඉදි කළ සේරුවිල විල්ගම්වෙහෙර රාජමහා විහාරය ඉපැරැණි බෞද්ධ ආරාම සංකීර්ණයකි. මෙරට සොළොස්මස්ථාන අතරින් එකක් වන සේරුවිල විල්ගම්වෙහෙර රාජමහා විහාරය බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි. ඉතිහාසයේ සඳහන් වන පරිදි විල්ගම්වෙහෙර රාජමහා විහාරය ඉදිකළේ දුටුගැමුණු මහරජතුමාගේ පියා ලෙස සැලකෙන කාවන්තිස්ස රජු විසිනි. කාවන්තිස්ස රජුගේ සොයුරා වූ චූලතිස්ස කුමරු දඩයමේ ගිය අවස්ථාවක දී මේ ස්ථානය සොයා ගෙන ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ. පසුව මේ ස්ථානයේ සම්බුද්ධ ධාතූන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යයක් ඉදිකිරීමට රජතුමාට දැනුම් දී ඇත. ඒ අනුව බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කර මේ විහාරය ඉදි කළ බව පුරාවෘත්ත සඳහන් කරයි. මෙහි පැරැණි චෛත්‍යයක්, ශිලා ලේඛන සහ විහාර ගොඩනැඟිලි ආදිය දැක ගත හැකි ය. පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලී යන පැරැණි මුලාශ්‍රවලට අනුව සේරු නම් විල කෙළවර ගිරිඅභය නම් ප්‍රාදේශීය රජෙක් ගෞතම බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ නිධන් කරවා ස්තූපයක් කරවූ බව සඳහන් ය. එම සෑය යනු වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හඳුන්වන මේ ස්තූපය විය හැකි බව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ මත අනුව සේරුවිල විල් කෙළවර සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර සෑදූ එම ස්ථූපය විල්ගම්වෙහෙර මහා සෑය ලෙස හඳුන්වා දිය හැකිය.
මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ. 18 බදාදා සිල්
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]