[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

  ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

 

පත්තර කලාවේ අමරණීය නාමය ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

දේශප්‍රේමියකු වූ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික සහ සමාජමය කටයුතු සිදු කළේ සැබෑ දේශීය සහ ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ පරම අභිලාසයෙනි. මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ අතිශය වැදගත් සේවාවක් සහ බලපෑමක් ඇති කළ පඬිවරයකු වන ඩී. ආර්. විජයවර්ධනයන් පුවත්පත් කර්මාන්තය දියුණු කිරීමට පමණක් නොව, ලාංකේය ජනතාවගේ සිත්සතන්හි ජාතික හැඟීම, දේශප්‍රේමය ඇති කරන්නට පුවත්පත සුවිශේෂී මාධ්‍යයක් කොට ගත්හ. එතුමා ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට කළ සේවාව හේතුවෙන් ‘ලාංකේය පුවත්පත් කලාවේ පිතෘවරයාණන්’ ලෙස ද හැඳීන්වේ. 1886 පෙබරවාරි මස 23 වැනි දා සේදවත්ත නම් ග්‍රාමයේ සේදවත්ත වලව්වේ දී දොන් රිචඩ් විජයවර්ධන ලෙස උපන් මෙතුමාගේ පියා දොන් පිලිප් විජයවර්ධන නම් වූ අතර, මව හෙලේනා විජයවර්ධන නම් වූවා ය. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් (වත්මන් ගල්කිස්ස ශාන්ත තෝමස් නාමය) මූලික අධ්‍යාපනය ලද ඩී. ආර්. විජයවර්ධන තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූයේ අධිනීතිඥයකු වීමේ බලාපොරොත්තුවෙනි. ඉන්දියාවේ අගමැතිවරයකු වූ ශ්‍රී ජවහල්ලාර් නේරු මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් ද ඔහුගේ සමකාලීනයන් වූ අතර, 1912දී එල්. එල්. බී. උපාධිය සහිත ව ඩී. ආර්. විජයවර්ධනයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය. දේශපාලනය පිළිබඳ උද්‍යෝගයක් මෙතුමා තුළ ඇතිවන්නේ ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටි කාලයෙහි ය. දේශපාලනය පිළිබඳ මෙතුමාගේ බුද්ධිය විශාරද විය. එවකට එංගලන්තයෙහි නීතිඥ වෘත්තියෙහි යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයකු වූ එෆ්. එච්. එම්. කෝබට්, විජයවර්ධන මහතාගේ මිත්‍රයෙකි. ඔහුගේ ආශ්‍රය තරුණ විජයවර්ධන දේශපාලන කටයුතු කෙරෙහි නැඹුරු කරවීමට සමත් විය. පුවත්පතක් පටන් ගත යුතු ය යන අදහස මුල්වරට විජයවර්ධනයන්ගේ සිතට ඇතුළු කළ පුද්ගලයා වූයේ ද කෝබට් මහතා ය. මහජන මතය පෙළගැස්වීමට පුවත්පතකට විශේෂ හැකියාවක් පවතින බව කෝබට්ගේ අදහස වූ අතර, විජයවර්ධනයන්ට ද එය දැනෙන්නට විය. ඉන්දියාවේ නේරු තුමන් ද සිය පණිවිඩය මහජනතාවට ගෙන ගියේ ‘අලාහාබාද්’ නිව්ස් පුවත්පතෙනි. මේ හේතු නිසා ම අපේ රටේ නැඟී එන ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රචලිත කිරීමට පුවත්පතක අවශ්‍යතාව විජයවර්ධනයන්ට තදින්ම දැනෙන්නට විය.


නවම් අමාවක

පෙබරවාරි 16 සඳුදා අ.භා. 05.32න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28න් ගෙවේ.
16 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]