[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිර්වාණාවබෝධයට අෂ්ට මහා පුරුෂ විතර්ක

අනුරුද්ධ කුමරා පැවිදිව, මුල් වස්කාලය තුළ ම දහසක් ලෝකයන් බැලිය හැකි දිවැස් නුවණ ලබා ගැනීමට සමතෙක් විය. මෙසේ දිවැස් නුවණ ලැබ ගත් අනුරුද්ධ හිමියෝ දිනක් සැරියුත් මාහිමියන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස, මා මිනිසැස ඉක්මවා දහසක් ලෝක බැලිය හැකි දිවැස් නුවණ ලබා ඇත. මා සිහියෙන් යුතුව, දැඩි සේ වීර්යය කරන නමුත් මගේ සිත ආශ්‍රව ධර්ම (.කෙලෙස්) වලින් මිදෙන්නේ නැතැ’යි කීහ. එවිට ශාරිපුත්‍ර මාහිමියන් වහන්සේ “ඇවත් අනුරුද්ධය මම මිනිසැ’ස ඉක්මවා දිවැසින් දහසක් ලෝකයන් බලමි” යන මේ ඔබගේ හැඟීම මාන සහගත වූවකි. “මා විසින් වීර්ය පටන් ගන්නා ලදී. සිහිය පිහිටුවා ගන්නා ලදී. මගේ සිත සමාහිත විය” යන මේ ඔබගේ හැඟුම උද්ධච්ච සහගත ය. “මෙසේ තිබියදීත් මගේ සිත කෙලෙසුන්ගෙන් නොමිදේ ය” යන ඔබගේ හැඟුම කුක්කුච්චසහගත ය. අනුරුද්ධය, එය නො මැනවි. අනුරුද්ධය ඔබ මේ තුන අමතක කොට අමෘත ධාතුයෙහි සිහිය පිහිටුවා ගතමනා යැයි අවවාද කොට කමටහන් දුන් සේක. එසේ කමටහන් ගත් අනුරුද්ධ මාහිමියෝ චේති ජනපදයෙහි පාචීනවංස නම් මුව වනයට වැඩම කොට එහි අඩමසක් සක්මනින්ම කල්ගෙවා ක්ලාන්ත වූයෙන් එක් උණ පඳුරක් යට විවේකී ව හුන්සේක්” මේ නව ලොවුතුරු දහම ලබාගන්නට නම් අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස” යනාදි වශයෙන් මහා පුරුෂ විතර්ක හතක් සිහි කරමින් හුන් සේක. මෙසේ මහා පුරුෂ විතර්ක හතක් සිහිකරමින් අට වැනි මහා පුරුෂ විතර්කයෙහි සිත නො වැටෙමින් හුන් අනුරුද්ධ මාහිමියන් වහන්සේ දුටු භාග්‍යවතුන් වහන්සේ සග්ග ජනපදයෙහි භේසකලා වන මිගදායයෙන් අතුරුදන්ව අනුරුද්ධ මාහිමියන් වහන්සේ ඉදිරියෙහි පහළ වූ සේක. පහළ වැ මේ අටවැනි මහා පුරුෂ විතර්කයත් සිහියට ගන්නැයි අටවැන්න දේශනා කළ සේක. අෂ්ට මහා පුරුෂ විතර්ක යන මෙහි මහා පුරුෂයෝ නම් සතරමඟ සතර ඵල නිවන යන නව ලොව්තුරු දහම් සිය සතන්හි උපදවා ගන්නට සැදී පැහැදී වෙසෙන උතුමෝ ය. ඒ මහා පුරුෂයන්ගේ සිතිවිලි මහා පුරුෂ විතර්ක නමි. ඒවා අටෙකි.


නවම් අව අටවක

පෙබරවාරි 09 සඳුදා
පූ.භා. 05.03 න් අව අටවක
ලබා 10 අඟහරුවාදා
පූ.භා. 07.29 න් ගෙවේ.
09 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]