[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක පෝ දා 2026-02-09

යහපත් ආකල්ප

මැක්ස්මුලර් නම් පඬිතුමා ජර්මන් ජාතික මහාචාර්යවරයෙකි. එතුමා එක් අවස්ථාවක සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳ මෙසේ ප්‍රකාශ කොට තිබුණි.

“බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ගුණධර්මයන්ගේ ප්‍රතිමූර්තිය යි. පන්සාළිස් වසරක් පුරා තමන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද වචන උන්වහන්සේ ක්‍රියාවට නඟා පෙන්වූහ. මොනම දුබලතාවක් හෝ පහත් හැඟීමක් උන්වහන්සේගෙන් කිසිවිටෙකත් ප්‍රකාශ නොවීය. ලෝකයට ඉතාම පරිපූර්ණ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කළේ ද ඒ අමාමෑණී බුදුපියාණන් වහන්සේ ය.”

සම්බුද්ධ චරිතය පිළිබඳ පළකර තිබූ මේ උදෘතය වර්තමානයේ බහුතරයක් බෞද්ධ ජනතාවට තමන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ පිළිබඳ, උන්වහන්සේගේ මහා ගුණ කඳ පිළිබඳ නැවත ආවර්ජනය කරන්නට, උන්වහන්සේ ගත් මඟ ගන්නට කරන මා හැඟි ප්‍රකාශයකි.

මේ තුන් ලෝකයට අග්‍ර වූ, අසම සම වූ ශාස්තෘවරයාණන් වහන්සේ නමකගේ අනුගාමිකයා යනු ඒ මඟ ම ගත් පුද්ගලයෙක් විය යුතු ය. බෞද්ධකම වචනයට සේ ම ක්‍රියාවට ද සම විය යුතු ය. ක්‍රියාවද එවැනි ය. කළ දේ කියන්නට තරම් ශක්තියක්, ධෛර්යයක් බෞද්ධයාට තිබිය යුතු ය. තමන් නිවැරැදි බව පෙන්විය යුතු ලෝකය ඉදිරියේ පමණක් නොවේ. තමන්ගේ හෘද සාක්ෂිය ඉදිරියේ ද නිවැරැදි පුද්ගලයකු විය යුතු ය.

අප ශාස්තෘවරයාණන් වහන්සේ අපගේ ජීවිතය තුළ පවත්වා ගත යුතු මාහැඟි ආචාර ධර්මයන් දේශනා කොට වදාළහ. ඒ පැවතුම මෙලොව ජීවිතය සේ ම පරලොව ජීවිතයේ ද සුවය සතුට ළඟා කරන්නේ ය. එහෙත් ඒ ආචාර ධර්ම කොතරම් දුරට ප්‍රගුණ කර තිබේද යන්න ගැටලු සහගත වන්නේ ඇතැම් බෞද්ධයන්ගේ හැසිරීම් හා ආකල්ප විමසීමේ දී ය.

අප බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ අනුන්ගේ වැරැදි දකින්නට ය. අනුන් හදන්නට ය. තමන් ගැන සිතන්නට, තමන්ගේ වැරැදි දකින්නට, ඒවා නිවැරැදි කර ගන්නට ගන්නා උත්සාහයක් නැත. තමන් හරි, අනුන් වැරැදි යන මතය යම් පුද්ගලයකුගේ ජීවිතය ආපස්සට, නරකට ඇද දමන්නකි. ඒ තමන් ගැන තමන් දක්වන ඉහළ ආකල්පය තුළ තමන්ගේ වැරැදි නොපෙනීම නිසා ය.

තමන්ගේ සිතිවිලි පිළිබඳ නිරන්තරයෙන් සිහියෙන් සිටින පුද්ගලයාට එහි ඇති වැරැදි නිවැරැදි බව, යහපත් අයහපත් බව ගැන අවබෝධයක් ඇති වේ. ඒ අවබෝධය තුළ අයහපත් සිතිවිලි පරදවා, යහපත් සිතිවිලි උපදවා ගන්නට අප්‍රමාදී විය හැකි ය.

තමන්ගේ කයින්, වචනයෙන් කරන කියන දේ පිළිබඳ නිරතුරු සිහියෙන් සිටින පුද්ගලයාට හැසිරීම් යහපත්ව හසුරුවා ගැනීම අපහසු නොවේ. අවශ්‍ය ඕනෑකම ය. පංචශීල පතිපදාවේ සිට කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී කොට ඇති සම්බුද්ධ දේශිතය තුළ ඉගැන්වෙන ධර්මතා අනුව අපගේ ආකල්ප, ආචාර ධර්ම ගොඩනංවා ගන්නවා නම් මිනිසත් බවට ආර්ථවත් බවක් එක්කර ගත හැකි ය. ඒ සඳහා අප්‍රමාදවීමට කාලයයි මේ.

නවම් අව අටවක

පෙබරවාරි 09 සඳුදා
පූ.භා. 05.03 න් අව අටවක
ලබා 10 අඟහරුවාදා
පූ.භා. 07.29 න් ගෙවේ.
09 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]